සියයට 80 කට ගෙවල් හැදිල්ල එපා වේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.
    එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
    විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
    මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි වාර්තා වේ.
    සමහර නිවාස වලට මූලික පදනම ( foundation) දැමීමෙන් නතර වූ අවස්ථා රට පුරා සුලබවම දක්නට ලැබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

    දැනට වසර කීපයක පෙර පටන් ගත් ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඇරෙන්නට අලුතෙන් ගොඩනැගිලි සදීම ලබන වසරේ ඉතා අල්ප බව පෙනී යයි.

    මේ අතර ගොඩනැගිලි සෑදීමට දායක වෙන මේසන් වරු, පයිප්ප, විදුලි බාස් වරු ලංකාවේ රැකියා නොමැති නිසා රෑකියා සොයා මැද පෙරදිග රටවල් වලට යාම නිසා ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම දැඩි ලෙස අපහසු වන බවද, ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ද පර්ශව අනතුරු අඟවයි.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    හදන එවුන්ට විතරක් නෙමෙයි බං. ගෙවල් කොන්ත්‍රාත් එහෙම කරන අපිටත් එපා වෙලා තියෙන්නේ හරි ගාණක් කියාගන්න බැරිව :growl::growl: මේ කියලා මේ බලද්දි ගණන් වැඩි වෙලා. එක්කෝ බඩු නෑ. :sorry:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Adi 30ks thappa kallak foundation noda thibuna eka uding bandinna 2.75 giya.Wali 22000/=, cement 2700/= Concrete gal 20000/= block gal 100/= Honda geyak hadanna Dan ithin koti 4k 5k wath one minimum.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හදන එවුන්ට විතරක් නෙමෙයි බං. ගෙවල් කොන්ත්‍රාත් එහෙම කරන අපිටත් එපා වෙලා තියෙන්නේ හරි ගාණක් කියාගන්න බැරිව :growl::growl: මේ කියලා මේ බලද්දි ගණන් වැඩි වෙලා. එක්කෝ බඩු නෑ. :sorry:
    බඩු නෑ තමා බං.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මට හිතෙන විදිහට ආයේ අඩු වෙන එකක් නැහැ බඩු. කොහොම හරි ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ ගෙවල් වල වැඩ. මම දන්නා වැලි පස් business කරපු ගොඩක් අය lorry විකුනනවා. ගොඩක් සල්ලි තිබ්බ මිනිස්සු වැටෙන හැටි හිතාගන්න බැහැ
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට හිතෙන විදිහට ආයේ අඩු වෙන එකක් නැහැ බඩු. කොහොම හරි ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ ගෙවල් වල වැඩ. මම දන්නා වැලි පස් business කරපු ගොඩක් අය lorry විකුනනවා. ගොඩක් සල්ලි තිබ්බ මිනිස්සු වැටෙන හැටි හිතාගන්න බැහැ
    මේ පැත්තේ නම් ඔය business කරන් කැරියො වගේ රඟපු එවුන් දැන් අගේට බිමට බැහැල ඉන්නේ අතේ සතේ නැතිව..

    මමත් මේ අවුරුද්දේ ගෙයක් ගන්න බැලුවෙ.. ඉඩම් අරන් ගෙවල් හදන්න යන එක මේ කාලේ කරන්න පුලුවන් මගුලක් නෙවෙයි..
    ------ Post added on Jan 1, 2023 at 6:50 AM
     
    • Like
    Reactions: $onny and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,053
    198,461
    113
    Colombo, Sri Lanka
    මිනිස්සු දැන් අත්‍යාවශ්‍යම දෙකට හැරුණු කොට වෙන දේවල් වලට සල්ලි යොදවන්නේ නැහැ බඩු මිල අහස උසට නැගලා හින්දා. අනික තමයි ගොඩක් බඩු මුට්ටු වෙළඳ පොලේ හොයා ගන්න හරිම අමාරුයි
     

    Similar threads