සියලු උත්සාහවන්තයෝ ජය නොගනී
සියලු උත්සාහවන්තයෝ ජය නොගනී... මොකද්ද ඒකට හේතුව?
උත්සාහවන්තයා ජයගනී” කියන කියමන ඔබ දහස් වරක් අහලා ඇති. නමුත් එම කියමන ඇත්තවශයෙන්ම පූර්ණ සත්‍යයක් නෙවෙයි. එය අර්ධ සත්‍යයක්. නමුත් බොහෝ දෙනෙක් එම පැරැණි කියමන පූර්ණ සත්‍යයක් ලෙස විශ්වාස කරලා නොමඟ යනවා. ඒ වගේ විශිෂ්ට පැරැණි කියමනක් අර්ධ සත්‍යයක් කියලා කියන්නේ කුමන පදනමක ඉඳලද? කෙනෙක් අපෙන් එහෙම සාධාරණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එම ප්‍රශ්නයට පිළිතුර ලිපිය කියවලා අවසාන වෙනකොට ඔබට අනිවාර්යයෙන් ලැබෙයි. ඉතාම සරලව කියනවා නම් “උත්සාහවන්තයා ජයගනී” කියන කියමන තවදුරටත් අලුත් වෙලා වෙනස් වෙන්න ඕන. අන්න ඒ වෙනස කරන්නේ කොහොමද කියන කාරණය ගැන අද ටිකක් හොයලා බලමු.
කිසිම උත්සාහයක් නොගෙන ඉන්න නිකමෙක්ට වඩා කිසියම් පුංචි හෝ උත්සාහයක් ගන්න සෑම උත්සාහවන්තයෙක්ම ඉතා විශිෂ්ටයි. ඒ වගේම ඇත්තටම උත්සාහවන්තයන් ජයගන්නවා තමයි. නමුත් සෑම උත්සාහවන්තයෙක්ම ජයගන්නේ නැහැ. උත්සාහවන්තයන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි සැබෑවටම ජයගන්නේ. එහෙම කිව්වම, මම උත්සාහවන්තයන් අධෛර්යමත් කරනවා කියලා කෙනෙක්ට තරහා යන්න පුළුවන්. ඇත්තටම මටත් අවශ්‍ය උත්සාහවන්තයන් ජයග්‍රහණයට ගෙනයන්න. නමුත් ඇත්තටම සෑම උත්සාහවන්තයෙක්ම ජයග්‍රහණය කරන්නේ නැහැ. ඒක තමයි පිළිගන්න ටිකක් අමාරු තිත්ත ඇත්ත.
එමනිසා සියලු උත්සාහවන්තයෝ ජයනොගන්නත්, සුළු උත්සාහවන්තයන් ප්‍රමාණයක් ජයගන්නත් හේතුව කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුර ඉතාම සරලයි. ඊට ප්‍රධානම හේතුව තමයි, එකම ක්‍රමයට නැවත නැවත උත්සාහ කිරීම. එකම ක්‍රමයට නැවැත නැවැත සිය දහස් වරක් උත්සාහ කළත්, ලැබෙන්නේ එකම ප්‍රතිඵලය කියන කාරණය කවදාවත් අමතක කරන්න එපා. නමුත් බොහෝ උත්සාහවන්තයෝ උත්සාහකරන්නේ එකම ක්‍රමයට. වරක් උසස් පෙළ අසමත් වෙන සිසුවා හෝ සිසුවිය දෙවැනි වර උසස් පෙළට මුහුණ දෙනවිට ටියුෂන් ගුරුවරයා වෙනස් කරලා, පැරැණි ක්‍රමයටම විභාගයට මුහුණ දෙන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට හෝ ඇයට දෙවැනි සැරේත් ලැබෙන්නේ පළමු වාරයේ ලැබුණ අසාර්ථක ප්‍රතිඵලයම තමයි. වරක් ව්‍යාපාරයකින් අසාර්ථක වුණ පුද්ගලයා නැවත වරක් එම ව්‍යාපාරයම කලින් ක්‍රමයටම කළොත් ලැබෙන්නේ පළමු වර ව්‍යාපාරය කිරීමේ දී මුහුණ දුන්න අසාර්ථක අත්දැකීමම තමයි.
තෝමස් අල්වා එඩිසන්ගේ කතාව උත්සාහවන්තයා ජයගනී කියන කියමනට හොඳම උදාහරණය කියලා බොහෝ අය හිතනවා. විදුලි බුබුළ නිපදවන්න කලින් ඔහු 999 වතාවක් උත්සාහ කළ බව එහි සඳහන් වෙනවා. නමුත් ඔහු නැවැත නැවැත උත්සාහ කළේ එකම ක්‍රමයට නෙවෙයි. අන්න එතැනයි ඔහුගේ සාර්ථකත්වය තීරණය වුණ හැරවුම් ලක්ෂ්‍යය. ඇත්තටම තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් වෙනස් විදියට උත්සාහ කළ නිසා තමයි විදුලි බුබුළ නිපදවන්න බැරි ක්‍රම 999ක් හොයාගත්තේ. ඔහු වෙනස් උත්සාහයන් රැසක් ගත්ත බව එයින් මනාව ඔප්පු වෙනවා. තෝමස් අල්වා එඩිසන් සාර්ථක වුණේ ඔහේ ඕනෑවට එපාවට අඛණ්ඩව උත්සාහ කිරීමෙන් නෙවෙයි. ඔහු සෑම උත්සාහයක්ම ගත්තේ වෙනස් ක්‍රමයට. නමුත් අපි කවුරුත් ඒ ගැන සලකා බලන්නේ නැතිව ඔහුගේ උත්සාහගැනීම ගැන පමණක් සලකලා බලලා තෝමස් අල්වා එඩිසන් මහන්සිවෙලා උත්සාහ ගත්ත නිසා ලොව ජයගත් බව පවසනවා.
“එකම දේ දිගින් දිගටම කරලා අසාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තුවීම පාපයක්” වරක් ලෝක ප්‍රකට විද්‍යාඥයකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් ද පැවැසුවා. එම අදහසින් ද ඔහු පවසන්න උත්සාහ කළේ තේරුමක් නැතිව එකම ක්‍රමයකට දිගින් දිගටම කරන උත්සාහයන්ගේ අසාර්ථක බවයි. එමනිසා කොයිතරම් මහන්සි වෙලා උත්සාහගත්තත් හුදු උත්සාහය සාර්ථකත්වයට අවශ්‍ය අංගයක් කියලා එක්වරම අනුමත කරන්න බැහැ. කිසිම කෙනෙක් උත්සාහ නොකර එක්වරම සුපිරි තරුවක් වෙන්නේ නැහැ. නමුත් තමන් ගන්නා සෑම උත්සාහයකදීම කලින් උත්සාහ නොකළ නව ක්‍රමයකට උත්සාහය ගන්න ඕන. නමුත් සමාජයේ උත්සාහගන්න පුද්ගලයන්ගෙන් 98%ක්ම උත්සාහගන්නේ එකම ක්‍රමයකට.
ඔවුන් නව උත්සාහයන් ගනිද්දි, උත්සාහය ගන්න ක්‍රීඩාපිටිය වෙනස් කළත්, සෙල්ලම් කරන ක්‍රමය වෙනස් කරන්නේ නැහැ. පරණ පිට්ටනියේ ඉඳලම වෙනස් විදියට සෙල්ලම් කළොත් ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලබාගන්න පුළුවන්. ඒක නිසා මහන්සි වෙලා උත්සාහ කිරීමත් උත්සාහ කරන තැන වෙනස් කිරීමත් සාර්ථකත්වයට පත්වෙන්න බලපාන මූලික කරුණු කියලා කියන්න බැහැ. සෑම උත්සාහයක්ම සාර්ථක උත්සාහයක් වෙන්නේ උත්සාහ කරන ක්‍රමය වෙනස් කළොත් පමණයි.
එමනිසා “උත්සාහවන්තයෝ ජයගනී” නෙවෙයි “වෙනස් විදියට උත්සාහ කරන්නෝ ජයගනී” කියන මොඩර්න් වදන ඔළුවේ තියාගෙන, ජීවිතය තුළ වෙනස් විදියට උත්සාහගන්න. එවැනි උත්සාහවන්තයෝ ඕනෑම ක්ෂේත්රයක ඉහළටම ගමන් කරනවා. එහෙම නැතිව මහන්සිවෙලා දිගින් දිගටම එකම විදියට උත්සාහගන්න අයට අවසානයේ හිමිවෙන්නේ කාලකණ්ණි පසුතැවීම විතරයි. එහෙනම් ගේම් ප්ලෑන් වෙනස් කරන්න.
කැලුම් වැලිගම | [email protected]
උපුටාගත්තේ mawbima.lk එකෙන්
දැන් මාරු වෙලා පලයන්