සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. මේ
සෑම සංස්කාර ධර්මයක්ම හේතූන්ගෙන්
හටගෙන හේතු නිරුද්ධ වීමෙන් බිඳී යනවා.
එනම් හේතූන් අනිත්‍ය නිසා මේ ලෝක
ධාතුවම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා.
රූපය කර්මය, චිත්තය,ඍතු,අහාර ප්‍රත්‍යන්ගෙන් හටගෙන ක්ෂණයක්
ක්ෂණයක් පසාම හටගෙන නිරුද්ධ වෙලා යනවා. නාම ධර්මතාවයන් රූපයට පෙරම හටගෙන නිරුද්ධ වෙලා යනවා.

🩷
රූපය අහාර ප්‍රත්‍ය කොටයි පවතින්නේ.
හේතූන් අනිත්‍ය බැවින් නිරන්තරයෙන්ම
රූපය පෝෂණය කළ යුතුයි. කර්මය, චිත්තය ඍතු අනුව නිරන්තරයෙන්ම රූපය වෙනස් වෙනවා. හේතු සංයෝගයට අනුකූල වන
පරිදි ක්ෂණයක් ක්ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වන නාම රූප පරම්පරාවක
පැවැත්ම මිස පංචස්කන්ධය තුළ මම කියා
කෙනෙක් පැනවිය නොහැකි ය.

🩷
මේ ලෝක ධාතුව තුළ රූප සංස්කාර විසි
අටක් සහ නාම සංස්කාර පනස් දෙකක්
පවතිනවා. ලෝක ධාතුවේ රූප පරමාර්ථ
ධර්ම තනි,තනිව හට නොගන්නා අතර
ශක්තීන් සහ ක්‍රියාවන්ගෙන් සමන්විත රූප කලාප හෙවත් රූප පුංජ වශයෙන්
පවතිනවා.අෂ්ට කලාප, නවක කලාප වශයෙන් රූප සංස්කාර පුංජ හයක් පවතිනවා.නාම සංස්කාර ධර්මයෝ තනි
තනිව හට නොගන්නා අතර ශක්තීන් සහ ක්‍රියාවන්ගෙන් සමන්විත නාම කලාප
හෙවත් චිත්තෝත්පාද (චිත්ත චෛතසික පුංජ ) අසූ නවයක් වශයෙන් පවතිනවා.
එනම් රූප සංස්කාර පුංජ හයක් සහ
නාම සංස්කාර පුංජ අසූ නවයක් වශයෙන්
පව්තිනවා.

🩷
එනම් ලෝක ධාතුවම රූප සංස්කාර විසි
අටක් සහ නාම සංස්කාර පනස් තුනක්
(සිතක් සමග) වන බැවින් සංස්කාර අසූ එකකි. එබැවින් මුළු ලෝක ධාතුවම
සංස්කාර ධර්මයන් අසූ එකක් අනුව ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකයම අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගෙන්
යුක්ත බැවින් සියලු සංස්කාර ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පසාම හටගෙන
නිරුද්ධ වෙනවා.මේලෝකය අනාත්ම ධර්මතාවයත් යන්න ප්‍රඥාවෙන් අවබෝධ කර ගත යුතුයි.

🩷
මේ මුළු විශ්වයම හේතුඵල නැමැති ධර්ම න්‍යායක් අනුව ක්‍රියාත්මක වෙන අතර මේ
සිද්ධාන්තයට පටහැනිව ක්‍රියාත්මක
කිසිවක් මේ ලෝකය තුළ නැත. සියලු
සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව සංඛත
බව පටිච්ච සමුප්පන බව නිරන්තරයෙන්ම
අවබෝධ කර ගත යුතුයි.

🩷
ඒ භාග්‍යවත් අරිහත්වූ මාගේ තථාගත
සම්මා සම්බුදු රජාණන් වහන්සේට නිරන්තරයෙන්ම නමස්කාර වේවා.
මම ඔබ වහන්සේව සරණ යමි.

🩷

සාධු.! සාධු..!! සාධු...!!! 