සියලූම දේ වෙනස් කළ හැක්කේ ගීක් කෙනෙකුට පම&#349

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
සියලූම දේ වෙනස් කළ හැක්කේ ගීක් කෙනෙකුට පම&#349

සියලූම දේ වෙනස් කළ හැක්කේ ගීක් කෙනෙකුට පමණයි. සර් අයිසැක් නිව්ටන්. ඇල්බට් අයින්ටයින් ගැලීලියෝ ගැලිලි වැනි නම් කියූ නොකියූ ගීක් වරුන් තම ක්‍රියාකරකම් වලින් මුලු ලොවත් වෙනස් කලේ ඉතාමත් ඈත කාලයේදී.. ලොව සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් කළහැකි වූ ඔව්න් ගැන කතා කිරීමට පේලී කීපයකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..

ඒ නිසා වර්ථමාන පරපුර වඩාත් ප්‍රචලිත ක්‍රයාකාරකම් කීපයක් උදාහරණයට ගන්නම්.

1990 : Sabeer Bhatia නමැති ගීක් වරයා තම අදහසට අනුව තමා විසින්ම hotmail නිර්මාණය කරන ලදී

1995 : Internet/www කියන දේ විශ්වාස කළ නොහැකි අමුතුම දෙයක් වුණා.. naukri.com සිද්ධිය මතක් කරගන්න

2000 : Land Phone එක හොදම සන්නිවෙදන තාක්ෂණය වුණා.. Mobile Phone කියන්නේ අමතර දෙයක් විතරයි

2004 : Zuckerberg ලොව වෙනම පැත්තකට ගෙන ගියේ "thefacebook" නමින් codes එකතුවත් ගොඩනගමින්

2007 : Apple සමාගම පළමු Iphone නිකුතුව සැමරීම සදහා කළබලකාරී වෙනමින් සිටියා

2007 - 2012 : ගත වූ වසර කීපය තුල ලොකය වෙනස් කළ හැකි දෙයක් එකතු වූවාද.. ???????????????

අද වන විට ලෝකයේ සියයට 99 ක්ම ඒකාකරි වෙලා. හැමෝම ලේසියෙන් වැඩ කරන්නයි උත්සහ කරන්නේ. තවත් කෙනෙක් නිර්මාණය කරපු මෘදුකාංගයක් හෝ උපකරණයක් භාවිතා කරන්න විතරයි උනන්දු වෙන්නේ. අදාල සමාගමෙන් අලුත් දෙයක් එකතු කරනකන් උඩ බලාගෙන ඉන්නව මිසක් අලුත් දේවල් ගැන හිතාගන්නවත් බෑ.

ලංකකාවෙ තත්වය ගොඩක්ම වෙනස්.. හැමදේම වෙනත් රටවල් වලින් ලැඛෙන නිසාත්.. නීතියෙන් ගැටලු නැති නිසාත් වෙනත් නිර්මාණය හොරකම් කරගෙන භාවිතා කරනවා මිසක් අලුත් දේවල් නිර්මාණයට කවුරුත් යොමු වෙන්නේ නෑ. මම කියන්නේ මෘදුකාංග ගැන විතරක් නෙමෙයි. සෑම ක්ෂේත්‍රයක්ම මෙ වගේ තමයි

ලංකාව ගොඩක් පුංචි රටක්.. ජනගහනයත් අනෙක් එටවලට වඩා ගොඩක් අඩුයි. සාක්ෂරතාවය අතින් උඩින්ම හිටියත් පරිගණක භාවිතා කරන්නේත් පොඩි ප්‍රමාණයක්. නමුත් සතුටට කරුණ නම් මෘදුකාංග මංකොල්ලය අතින් ලොව 6 වැනි ස්ථානයේ සිටීමයි.

sri%2Blanka.jpg


අපිට වඩා ගොඩක් විශාල රටවල් විශාල මිනිසුන් පිරික් ඉන්න රටවල් අභිබවා යන්න තරම් අපි කොයි කරම් නම් දක්ෂද.. අපිට වඩා ගොඩක් විශාල, විශාල මිනිසුන් පිරික් ඉන්න සහෝදර ඉන්දියාව ඉන්නේ 41 වැනි තැන.

ලංකාවෙ අපිටම කියලා දෙයක් තාක්ෂණික ලෝකෙ තියෙනවානම් ඒ සිංහල යුනිකෝඩ් එක විතරයි. ඒකටත් නිතරම වැඩිදියුනු කරමින් ටූල්ස් ආදිය නිර්මාණය කරන්නේ ගූගල් ආයතනයෙන්. ඒ කියන්නේ පිටරට සමාගමකින්..

ඇයි අඩුම තරමෙ අපේ දෙයක්වත් අපිට එකතු වෙලා නිර්මාණය කරගන්න බැරි. ඇයි මෙ තරම් බුද්ධිමතුන් ඉන්න රටෙ අපේ ලාංකීයත්වය තාක්ෂණයත් එක්ක එකතු කරල අපේ කම ලෝකෙට පෙන්නන්න බැරි.

මෙ වන විට මගේ අත්දැකීම් වල හැටියට ලංකාවෙ නව සොයාගැනීම කරන්නේ විශ්වවිද්‍යාල වල විතරයි. ඒකත් කරන්නේ අන්තිම අවුරුද්දේ උපාධිය සදහා ලකුණු අඩුවෙයි කියන බයට මිසක් ලෝකෙට දෙයක් දෙන්න ඔන කියන අරමුණෙන් නෙමෙයි කියලත් අත්දැකීමෙන් දන්න කාරණාවක්. ඒ අරමුණින් වැඩ කරන්නේ බොහෝම සුලු ප්‍රමාන‍යක් වුණත් ඒ අයත් උපාධිය ගන්න කළින් කොහේ හරි රටකින් ඇවිත් ඩොලර් දීල එක්කන් යනවා. (ලංකාවෙ ඉදන් දැනුමින් ප්‍රයෝජන නොගෙන ඉන්නවාට වඩා කොහේ හරි ගිහින් ප්‍රයෝජන ගන්න එක හොදයි) ඒ නිසා අපේ දේ වෙනුවෙන් වැඩ කරන්න කවුරුත් නෑ.

තව ටික දවසක් යනකොට තමන්ගේ කෂේත්‍රය මොකක් වුණත් හැමෝටම ඉන්න වෙන්නේ තාක්ෂනයත් එක්ක. ඒ නිසා දැන් හැමෝම තාක්ෂණයත් එක්ක එකතුයි. අපිට පුලුවන් වෙයි නේද අපේම දේවල් වලින් තාක්ෂණික ලෝකය ජයගන්න.

අපි එක එක්කෙනා තනි තනියම කරනවාට වඩා අපි හැමෝම එකතු වෙලා එකම ලංකාවක් විදියට වැඩ කලොත් අපිට පුලුවන් මෙ හැම දෙයක්ම ජයගන්න. හැමදේම පිටරට වලින් අනුන්ගෙන් එනකන් බලං ඉන්නේ නැතුව අපේ දැනුමින් නිවැරදිව ප්‍රයෝජනය ගන්න අපිට පුලුවන් වෙයි..

ලංකාවෙ අලුත් නිර්මාණ කරන ගීක්වරුන් සහ ආධුනිකයින් එකට හමු වුණොත් අපිට මෙක තවත් ලේසී වෙයි. ඒ හැම දේකටම දැන් කටයුතු සූදානම්. විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් සමග එක් වෙලා අපේම තාක්ෂනයක් නිර්මාණය කරන්නට දැන් කාලය එළබ ඇත.

ගීක් වරුන් වෙනුවෙන් වැඩසටහන් ගණනාවක්ම මෙ වෙනකොට නිර්මාණය වෙමින් පවතී. ඉක්මණින් අපි ඒව ක්‍රියාට නංවමු.

වැඩි විස්තර http://www.geek.lk

 
Last edited: