සියළු ඩීසල් හා පෙට‍්‍රල් වාහන භාවිතයෙන් &#3465

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සියළු ඩීසල් හා පෙට‍්‍රල් වාහන භාවිතයෙන් &#3465

    වසර 2040 වන විට මෙරට සියළුම වාහන ඩීසල් හා පෙට‍්‍රල් භාවිතයෙන් ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය කතාවේදී කියා සිටියේය.

    මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ සදහා උපරිම ලක්‍ෂ 10ක් දක්වා බදු අඩු කරන බවද ඔහු පැවසිය.

    විදුලි ත‍්‍රීරෝද රථ, විදුලි බස් රථ හදුන්වාදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.




    වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif

    හඃ... හඃ......හා......!!.

    ගියවාරෙ කොහොමෙයි...?
    ලෝක පරිසර සමුලුව අමතන ගමන් දුන්නෙ බඩු ඇට්ටි හැලෙන්න අර ඉලෙක්ට්‍රික් කාර් එකට.
    ඕව ඉතින් කෙරෙනකන් හිතන්න අමාරුයි.
    මේකත් ඉතිං තවත් ෆ්‍රී වයි ෆයියක්, වොක්සාවැගාන් එකක්, හොරණ ටයර් එකක්, ගූගල් බැලුන් එකක්, තෙමෙන ජෝඩුවට කාර් එකක් බවට 80%ක්ම ශුවර්.
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    26.gif

    හඃ... හඃ......හා......!!.

    ගියවාරෙ කොහොමෙයි...?
    ලෝක පරිසර සමුලුව අමතන ගමන් දුන්නෙ බඩු ඇට්ටි හැලෙන්න අර ඉලෙක්ට්‍රික් කාර් එකට.
    ඕව ඉතින් කෙරෙනකන් හිතන්න අමාරුයි.
    මේකත් ඉතිං තවත් ෆ්‍රී වයි ෆයියක්, වොක්සාවැගාන් එකක්, හොරණ ටයර් එකක්, ගූගල් බැලුන් එකක්, තෙමෙන ජෝඩුවට කාර් එකක් බවට 80%ක්ම ශුවර්.

    :yes::yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඉලෙක්ට්‍රික් වාහනවලට බදු සහන දෙන එකනම් හොඳයි. නමුත් මට ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි ලංකාවෙ මම දන්නතරමින් තවමත් විදුලිය වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ තාප විදුලියෙන්. ඛණිජ තෙල් දහනය කරලා. ජල විදුලිය සහ අනික් පුනර්ජනනී බලශක්ති ක්‍රමයන් අඩුයි. ඉතින් පුනර්ජනනී බලශක්ති ප්‍රභව වැඩි නොකර ඉලෙක්ට්‍රික් වාහන ප්‍රචලිත කලොත් විදුලිය නිපදවන්න වැඩි වැඩියෙන් බොර තෙල් ආනයනය කරන්න වෙනවා.

    පුනර්ජනනී කියලා මිනි හයිඩ්‍රෝ පිස්සුවෙන් වගේ ව්‍යාප්තකරන එකට මම කොහොමටත් කැමති නැහැ. ඒකෙන් වනාන්තර, මාලු වගේම ලංකාවෙ දියඇලිත් විනාශ වෙලා යනවා. සූර්ය බලය තමා... අපිට හරියන්නේ මට හිතනෙ හැටියට.