සිය දිවි නසා ගැනීම

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තමුන් අඩුම ගානෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ද? කොහොමද මං ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්න එකයි මං ඔතන කියලා තියන එක අතරෙයි තියෙන සම්බන්ධය. නිකන් කාගෙන් හරි උඩින් පල්ලෙන් මොනවා හරි දැනගෙන බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටියොත් හොදයි. ආයුර්වේදෙටත් අගෞරව කරන එකතරා විදියක මානසික රෝගියෙක් තමයි ඔහෙත්.
    මම නෙවෙයි මේ කියල තියෙන්නේ , තමුන්ට බේත් දෙන ප්‍රොපා වගේ dial තමයි.

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3716493/
     
    • Like
    • Wow
    Reactions: jennt and B.Chat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    mama nam menna wage (Kal Ho na Hoo) ahanawa stress unama. ekata attatama oluwa relax wenawa machan.

    Lanakwe news nam balannama epaa, thanikara oluwa kanawa oya derana, Hiru magule nam

    Thawa deyak, salli hoyanna puluwan online monawa hari igena ganna. CSE, Forex, Crypto wagee ekata time eka yanakota godak prashna amathaka wenawaa

    Just 'cause you can't see it, doesn't mean it, isn't there...
    Yeah bro, agreed
    ------ Post added on Jan 23, 2022 at 6:05 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බම්ප්

    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM
    මචං... මට මේ වගේ සීන් එකකට උපදෙස් දෙන්න කිසිම සුදුසුකමක් නෑ...
    හැබැයි ඔයා ඒ වගේ දේකට සුදුසුකම් තියෙන කෙනෙක්ගෙන් උපදෙසක් ගත්තොත්, කෝකටත් හොඳයි කියල හිතෙනව.... මොකද ඔයා කලිනුත් මේ වගේ සීන් ගැන කතාකරල තියෙනව.

    මට එක දෙයක් කියන්න පුලුවන්.
    ඔයා මේ වගේ ප්‍රශ්නයක් අහන්නෙ බුදු දහමට ටිකක් හරි ලැදි කෙනෙක් නිසා වෙන්න ඇතිනෙ...

    ඒ නිසා, ඔයා පොඩ්ඩක් භාවනා පැත්තට යොමුවෙන්න බලන්න. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව වගේ වඩපුවම හිතට සැහැල්ලුවක් දැනෙනව. ඊට අමතරව ධර්මදේශනා අහන්න පුරුදුවෙන්න. පෝයට සිල් ගන්නව වගේ දෙයක් කරන්න.... හිතට සහනයක් දැනෙයි....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මෙහෙමයි සියදිවි හානි කරගන්නේ සතුටකින් නෙවෙයි. හිතේ මොකක් හරි අවුලකින්. එතකොට මැරෙන මොහොතේ හිත සකස් වෙන්නේ නරක සිතුවිල්ලක. ඉතින් හොඳ තැනක ඉපදෙන්න ඉඩක් නැති වෙනවා.

    මටත් ඔහොම මැරෙන්න හිතිලා තියෙනවා සහ තාම වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම මැරෙන එක කිසි තේරුමක් නෑ කියලා හිතෙනවා.අම්මා ගැන හිතලත් හිත හදා ගන්නවා. අනික කර්මය මම විශ්වාස කරනවා.පොඩි බලාපොරොත්තුවක් තියෙනවා සාර්ථක වෙන්න. පොඩි පොඩි හීන තාම දකිනවා. ජීවිතේ අත අරින්නේ නැතුව ඉන්න බලනවා. කාරණා දෙකක් මට කට්ටිය කිව්වා. ඒ දෙක මතක තියා ගන්න වටිනවා.
    1. ප්‍රශ්න නැති කෙනෙක් නෑ.
    2. කවුරුත් සර්ව සම්පුර්ණ නෑ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    බම්ප්

    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM
    mchn immediately psychiatrist doctor knk meet wenna. gedara katahari kiyanna ubata ehema hithenawa kiyla.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බම්ප්

    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM
    බුදු දහමෙන් අහන නිසයි, ප්‍රශ්නයක් තියනවා කියලා කියන නිසයි මේටික කියන්නේ. (බුදු දහමට විරුද්ධ අය මම කියන ඒවා ප්‍රශ්නයක් කර ගැනීමේ අවශ්‍යතාවයක් නෑ හරි? quote කළා කියලා reply කරන්නෙත් නෑ. )

    මම හිතන්නේ නෑ මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට එන ප්‍රශ්න එකකට වත් කිසි කෙනෙක් සියදිවි හානි කර ගන්න ඕනවෙනව කියලා. මොකද සාමාන්යෙන් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් ගොඩක් තියනවා. බුදු දහම අනුව සියදිවි හානි කර ගැනීම ප්‍රශ්න ඉවර වීමක් නෙවේ නැති ප්‍රශ්න මිලියන ගානක් අලුතෙන් නිර්මාණය කර ගැනීමක්. සියදිවි හානි කර ගැනීම කියන්නේ ප්‍රශ්නයකට තියන තකතිරුම ක්‍රියාව. මම ක්‍රියාව කියන්නේ ඒක කිසිම වෙලාවක විසඳුමක් නොවන නිසා.

    බුදු දහම අනුව, අපි මේ ලෝකේ ගත කරන ජීවිතය නිකන් හරියට නිරයේ යන අතරේ නිකන් පොඩි break එකකට ඇවිල්ලා යන තැනක් විතරයි. මොකද සත්වයින් 99.99% කටත් වඩා කරන්නේ අකුසල කර්ම ම විතරයි. මේ නිරය හා සත්වලෝක එක්ක විතරක්ම වගේ යන සංසාර ගමනක් තියෙන්නේ. ඒ කාලය ඇතුලත මනුෂ්‍ය ජිවිතයක් ලබනවා කියන්නේ නිකන් ට්‍රිලියන ගානකටවත් 1 වතාවක් නොවෙන සම්බවිතාවක් තියන දෙයක්. නිකන් එක සමාන වෙන්නේ අහඹු දෙයක් වගේ එකකට. මම මේ කියන්නේ මනුෂ්‍ය ජීවිතය ලැබීම ගැන විතරයි. මනුෂයෙක් වෙලා, බුද්ධ සසනයක් ඉවර වෙන්න කලින් ඉපදිලා, බුදු දහම ඇහෙන්න ලැබිලා, බෞධයෙක් වෙනවා කියන්නේ තනිකරම අහම්බයක් විතරමයි. 99.9999999999999999....>>% ක්ම අහම්බයක්.

    එච්චර අහඹු විදිහට ලැබෙන වටිනාකමක් කියන්න බැරි මේ අවස්ථාව, මේ පොඩි අවුරුදු 70 ක වගේ සුළු කාලයකට විතරක් වලංගු මනුෂ්‍ය ජිවිතයේ, මේ කොහෙවත් යන කෙහෙල්මල් විකාර ප්‍රශ්නයක් නිසා නැති කර ගන්න ද හදන්නේ?

    ඒ තරං අවාසනාවක්, මෝඩ කමක් ලෝකේ වෙන නැතුව ඇති.

    මේ හැම දේම අනිත්‍යයි. නිතර වෙනස් වෙලා යන සුළු කාලයකට විතරක් වලංගු විචල්‍යක්. ඒවා එකක් වත් ස්ථිර නෑ. වෙනස් වෙලා යනවා නැති වෙලා යනවා. ඒ නිසා ඒවා අතැරලා දාන්න. ඕවා ලොකුවට ඔලුවට ගන්න එපා. ඕන තරං විසඳුම් තියනවා. ඔය අනවශ්‍ය විදිහට ප්‍රශ්නයක් කරගෙන තියන දේ පොඩ්ඩකට පැත්තකින් තියලා නිදහස්ව හිතන්න ගත්තොත් ඔයාට විසඳුම් කීපයක් පෙනෙයි.

    විසඳුමක් පෙන්නේ නැත්තන්, ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔය ඕන කෙහෙල්මලක් වෙයන් කියලා ඔයා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය - මේ වටිනාකමක් කියන්න බැරි මනුෂ්‍ය ජීවිතය භාවිතා කරලා ධර්මයේ හැසිරෙන්න. ඔයා ධර්මයේ හැසිරෙන්න ගත්තොත් ඔයාට පෙනෙයි ඇත්ත ප්‍රශ්නය මොකද්ද කියන එකත් ඔයාට දැනට ප්‍රශ්න වෙලා තියන දේවල් හැම දේම කිසිම වැදගම්මක් ඇති දේවල් නොවන් බවත්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    තමුන් අඩුම ගානෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ද? කොහොමද මං ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්න එකයි මං ඔතන කියලා තියන එක අතරෙයි තියෙන සම්බන්ධය. නිකන් කාගෙන් හරි උඩින් පල්ලෙන් මොනවා හරි දැනගෙන බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටියොත් හොදයි. ආයුර්වේදෙටත් අගෞරව කරන එකතරා විදියක මානසික රෝගියෙක් තමයි ඔහෙත්.
    මූ තම්බියෙක් බං පොර කරන්නෙ හෙලවෙදකම චාටර් කරන එක ,මූං කන්ට්‍රැක්ට් අරං කරන්නෙ මේව
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මූ තම්බියෙක් බං පොර කරන්නෙ හෙලවෙදකම චාටර් කරන එක ,මූං කන්ට්‍රැක්ට් අරං කරන්නෙ මේව
    වාද කරලා වැඩක් නෑ සහෝ මේ වගේ මිනිස්සු එක්ක. අපේ ඇගේ ලේ රත්වෙන එක විතරයි අන්තිමේ සිද්ධ වෙන්නේ. තනිකරම troll එකක්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    බම්ප්

    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM

    ජීවිතේ ගැන ආසාවක් නෑ තවදුරටත්. සතුටක් කියලා දෙයක් නෑ. හැමදාම දුකයි, කළකිරීමයි අන්තිමට ඉතුරු වුණේ. අම්මා ගැන හිතලා ජීවත් වෙලා ඉන්නවා.

    ඇත්තටම කියනවනම් මචං දුක් ගොඩක් හංගගෙන පිටට හිනා වෙලා ඉන්නව බන්. :(
    මට depression තිබ්බ කාලෙ මම හැසිරුනේ පහල video එකේ තියෙනවා

    වගේ (රූප පෙනුනේ (භීනෝන්මාදය) නෑ)

    ඉස්සර දෛනිකව ආපු suicidal thoughts දැන් එන්නේ

    මාසයකට සැරයක් වගේ.. ඉස්සරහට නැති වෙලාම යයි.

    මම කොහොමද මේක අඩු කර ගත්තේ...

    01) ඉස්සෙල්ල බෙහෙත් ගන්න ඒකෙන් යම්තාක් දුරකට depression අඩු කරගන්න

    පුලුවන්. (වෙනම thread එකක් )

    02) අනික් දේ depression කියන දේ එකවර හැදෙන්නේ නෑ වගේම

    ඒකවර හොඳ වෙන්නේත් නෑ.. ඒකට හොඳ වෙන්න කාලයක් ලබාදෙන්න..
    (වෙනම thread එකක් )

    03) බෙහෙත් වලින් ප්‍රශ්නය යටපත් කරලා දුන්නත් බෙහෙත් වල බලපෑම අඩු වෙලා

    ඇත්ත ජීවිතයට එද්දි ප්‍රශ්නය තවමත් එතනම තියෙනවනම් ඔයාට ආයෙත් depression

    හැදෙනවා... ඒක හින්දා ප්‍රශ්නය නැති කරන්න ක්‍රම හොයන්න. පුංචි පුංචි දේවල් අඛණ්ඩව

    කරගෙන යන්න ඕන. ඒ ඔක්කොම වගේ දාන්න ගියොත් දිග වැඩි වෙනවා..
    (වෙනම thread එකක් )

    04) ආගම ගැන කතා කලොත් මම atheist කෙනෙක්. මටනම් බෞද්ධයෙක් විදිහට

    හිතන එක ඇත්තටම පීඩනයක්. කල්ප ගනන් අපි දුක් විඳලා තියෙනවද?

    තවත් ඒ වගේ දුක් විඳින්න තියෙනව ද වගේ බහුබූත හිතෙන්න ගද්දි

    තව තවත් depression වැඩි වෙනවා..

    ඒත් සමහර අය ඉන්නවා ආගමානුකූලව ජීවත් වෙලා ලොකු සැහැල්ලුවක් ලබන.

    ඒක හැම ආගමකටම එහෙමයි. මගෙ muslim යාලුවෝ ඉන්නවා ඒගොල්ලන්ට

    කුරානය අහපුවාම ලොකු සැහැල්ලුවක් දැනෙනවලු. ක්‍රිස්තියානි අයටත් එක

    එක විදි තියෙනවා..

    හැම ආගමකම හොඳ දේවල් තියෙනවා.. ඒව පොඩ්ඩ පොඩ්ඩ තමන්ගේ ජීවිතයට
    එකතු කරගන්න..

    (වෙනම thread එකක් )

    05) Beautiful Mind වගේ චිත්‍රපටි තියෙනවා බලන්න. ඒවගෙන් අපිට

    කියල දෙනවා මානසික රෝගයකට බෙහෙත් නැතුව සටන් කරන්නේ

    කොහොමද කියලා..

    (වෙනම thread එකක් )

    06) Motivational videos බලන්න. ගොන් මොරාල් වගේ තිබ්බට

    depression තියෙන කෙනෙකුට ඒක ලොකු උදව්වක් වෙනවා..

    මටනම් jordan peterson ගේ lecturs ගොඩක් උදව් වුනා

    depression සැරටම තිබ්බ කාලෙදි..

    07) Social media sites (Instagram/ whatsapp) වගේ අනිත්

    අයගේ ජීවිත දිහා බලපුවම අපි ගැනම දුක හිතෙන sites වලින්

    තමන්ගේ account delete කරලා දාන්න.. මටනම ලක්ෂපති වගේ ඒවට

    එන අයගේ පොර talk අහද්දිත් එපා වෙනවා. තමන්ට set වෙන දේවල් දන්නේ

    තමන්මනේ... දුක හිතෙන දේවල්වලින් පුලුවන් තරම් ඈත් වෙන්න..

    08) සමහර music videos තියෙනවා ලොකු සැහැල්ලුවක්

    දැනෙන.. තමන්ට ගැලපෙන ඒව අහන්න පටන් ගන්න..

    සමහර අයට asmr එහෙමත් හොඳයිලු මටනම් set නෑ..

    තමන්ට set වෙන එක තමන් හොයා ගන්න..

    09) suicide කරගන්න methods 95% වගේ ඉතාමත්
    වේදනාකාරි. (වෙනම thread එකක් )

    තව ගොඩක් දේවල් තියෙනවා...
    ඒත් type කරන්න වෙලාව නෑ. ඉස්සරහට ගොඩාරියක් ලොකු thread එකක් දාන්නම්..
    මේක දැම්මේ එක්කෙනෙක් හරි පොඩි හරි දෙයක් ඉගෙන ගෙන suicide කරගන්න
    හිතන් ඉන්නවනම් නවත්තයි කියලා..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    සිය දිවි නසා ගැනීම බරපතළ පාපයක්​

    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ කිව්වා වගේ මිනිස් ආත්මයක් ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක්. ඒක දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එසේ මෙලොව උපන් කෙනෙකු තමන්ට තවත් කාලයක් ජීවත්වීමට පුළුවන්කම, හැකියාව, පින තිබියදී ඒ ගැන දෙවරක් නොසිතා දැන් ජීවත් වූවා ඇති යැයි තීරණයකට එළැඹ කිසියම් අයුරකින් ජීවිතය විනාශ කරගැනීම සිය දිවි නසා ගැනීම විදිහට හඳුන්වනවා. බණ පොතේ උගන්වන්නේ සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක් හැටියටයි. එසේම දිවි නසා ගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම මෙන්ම මරණයේ ගුණවැනීමත් බරපතළ පාපයන් හැටියට දැක්වෙනවා.

    ජීවිතය එපා වෙන්නේ ඇයි?

    කෙනෙකුට ජීවිතය එපා වී පණ නසා ගැනීමට විවිධ හේතු බලපානවා. මානසික, කායික, පරිසර හේතු ඒ අතර ‍ප්‍රධානයි. එමිල් දුර්කයිම් කියන සමය සමාජ විද්‍යාඥයා 'ද සුසයිඩ්' නමින් පොතක් ලීවා. ඔහු එහි පැහැදිලිව දක්වනවා මිනිසුන් දිවි නසා ගන්න පෙලඹෙන්නේ ඇයි කියලා. සමහරුන් දිවි නසා ගන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්, පොදු අරමුණු ජය ගැනීම වෙනුවෙන්. ඒ වගේම සාරධර්ම බිඳ වැටීමත් සිය දිවි නසා ගැනීමට හේතුවනවා. සුදුසුස්සාට සුදුසු තැන නැතිවීම, හම්බ කිරීමේ පිළිවෙළක්, නීතියේ සාධාරණත්වයක් නැතිවිට කෙනෙකුට ඒ සමාජය එපා වෙන්න පුළුවන්. දෙවනුව ඔහු තීරණය කරනවා මේ සමාජය් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. පසුව දිවි නසා ගැනීමට පෙලඹෙනවා. කලකිරීම, විසාදය වගේ ම යම් යම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයත් සිය දිවි නසා ගැනීමට පෙලඹෙනවා. අද කාලේ මත්ද්‍රව්‍යයත් මේකට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්.

    ගෝදික හාමුදුරුවොත් සිය දිවි නසා ගත්තා

    සියතින්ම ගෙල සිඳගෙන බවුන් වැඩූ හිමිනමක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වනවා. ඒ ගෝදික හාමුදුරුවෝ. උන්වහන්සේ කොතරම් ධ්‍යාන භාවනා වැඩුවත් සුළු වෙලාවකින් ඒවා පිරිහෙනවා. ඒ කලකිරීමෙන් යුතුව ධාන්‍ය භාවනාවේ යෙදෙන අතර ම සිය දිවි නසා ගත්තා. ඒ අවස්ථාවේ අරමුණ වුණේ වේදනානුපස්සනාව. එය වැඩීම නිසා අවසන් මොහොතේ උන් වහන්සේ රහත් වී පිරිනිවන් පෑවා. වියට්නාමයේ ක්වාන්ඩාක් නම් භික්ෂූන් වහන්සේ සිවුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා. ගව ඝාතනයට එරෙහිව හිමිනමක් දළදා මැදුර ඉදිරිපිට දිවි නසා ගත්තා. හසලක ගාමිණී නම් යුද සෙබළා කොටි ත්‍රස්තයන්ගේ යුද ටැංකියකට පැන්නා. ධර්මානුකූලව විමසා බැලුවොත් පොදු අරමුණු වෙනුවෙන් සිය දිවි නසා ගැනීම වුව පාපයක්. ‍අරමුණ හොඳ වුවත් සිය දිවි නසා ගැනීම හොඳ දෙයක් විදිහට අගය කරන්න බැහැ. ඒත් ඔවුන්ට හොඳ තැන්වල උපදින්න පුළුවන් වෙනවා.

    දිවි නසා ගත්තොත් යළි ඉපදේද?

    සත්ත්වයා සංසාරේ උපදින්නේ තමන් කළා වූ කර්මය අනුවයි. ඇතැමෙක් උපදින්නටත් පළමුව මහ ධනවතෙකු වෙනවා. ඇතැමෙක් දුගී පැලක උපත ලබනවා. උපතින් ධනවත් වුවත් වැඩ කරන පිළිවෙළ අනුව දුගී වන අය මෙන්ම දුප්පත්ව ඉපිද පසුව පොහොසත්වන අයත් සමාජයේ දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් බුදුදහම අනුව යමක් තීරණය වන්නේ චේතනාව අනුවයි. සිය දිවි හානි කරගැනීම හා සම්බන්ධ මරණයකට වුවත් මෙය වෙනසක් වන්නේ නැහැ. සිය දිවි හානි කර ගන්නා අය නැවත උපත ලබන්නේ නැතය යන්න මිථ්‍යාවක්. එවැනි දේ ඇතැම් විට අප සමාජයේ මුල් බැස ගෙන ඇති. එය ධර්මය වැරැදි ලෙස වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකියි.

    වස බී ම‍‍ළොත් උදරාබාධ

    සිය දිවි නසා ගැනීම වරදක් බව අප මුලිනුත් පැවසුවා. එවිට ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් කළ විපාක ලැබෙනවා. නැවතත් උපතක් නැති බවක් ඉන් කියැවෙන්නේ නැහැ. එම අකුසලය නැවත උත්පත්තියක් නොලැබීමට හේතු නොවන අතර ඔවුන් සසරේ නැවත නැවතත් අඩු වයසෙන් මරණයට පත්වන්න තියෙන ඉඩකඩ වැඩියි. එසේම ඒ උත්පත්තිවල යම් විකෘතිතාත් දකින්න පුළුවන්. ගෙල වැලලාගෙන මියගිය අයෙකු නම් බෙල්ලේ යම් ආබාධ තත්ත්වයක් හෝ ඇද වීමක් හෝ ඇතිව යළි උපදින්න පුළුවන්. වස විෂ පානයෙන් මළ අයකුට ඊළඟ භවයේ දී උදරාබාධ ඇති වන්න ඉඩ තිබෙනවා. ආහාර ගැනීමේ අපහසුතා, පෙණහලු ආශ්‍රිත රෝගාබාධ ඇතිවන්න පුළුවන්. ඉහළකින් පැන සිය දිවි හානි කරගත් අයකු නම් උත්පත්තියෙන් ම තුනටියේ ආබාධවලින් යුක්ත විය හැකියි. බෙහෙත් හේත්වලින් සුව කළ නොහැකි අස්ථි ආබාධවලට ලක්විය හැකියි.

    දියේ ගිලී මළත් යළි උපදිනවා

    දියේ ගිලී මියගිය පසු යළි උපතක් නැතැයි සමාජයේ ඇතැමුන් විශ්වාස කරනවා. එහි ඇත්තක් නැහැ.

    පුනරුත්පත්තිය සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ක්ෂණික මරණවලට ලක් වූ වැඩිදෙනාට පෙර ආත්මය කියන්නට තරම් මතක ශක්තියක් තිබුණු බවයි. අහඹු ලෙස මරණයට පත්වූවන් අතර ද මෙය දැකිය හැකි වුණා. පුද්ගලයා කෙලෙස් සියල්ල තමන් විසින්ම දුරු කරන තුරු ඔහුට නැවත නැවත උත්පත්තිය ලැබීමට ඇති හැකියාව වෙනස් කරන්නට කිසිම අයෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. එසේම කළ පින්කම් මිසක් උත්පත්තිය තීරණය වීමට වෙනත් කිසිම හේතුවක් මූලික නොවන බව සිහි තබා ගන්න.

    වටින්නේ කරපු පින්කම්

    යම්කිසි පුද්ගලයකුට උපතක් නොලැබේ නම් බුදු දහම එය යහපත් දෙයක් ලෙස සලකනවා. ඒත් එම තත්ත්වයට පත්වන්න හැකියාව ඇත්තේ මහ රහතුන් වහන්සේට පමණයි. තමා කළ අකුසල විපාක දෙන්න නම් අනිවාර්යයෙන් ම නැවත උපතක් ලබන්න ම වෙනවා. සත්ත්වයා කෙලෙස් ප්‍රහීන කොට නිරූපධිශේෂ නිර්වාණයෙන් පිරිනිවන් පානා තුරු සංසාරයේ කොතනක හෝ උපත ලබනවා. සිය දිවි නසා ගත් අයකුට වුවත් නැවත ඉපිද රහත්වීම දක්වා වූ උත්තරීතර තත්ත්වයට පත්වීමේ හැකියාව ඇති බව ධර්මයේ දැක්වෙනවා.
    නියම උත්තරයක් බන්...පියවි ඇසෙන් ඔබ්බට 1,2,3 පොත් වල තියෙනව ඕකට උදාහරණ එක්කම...සමහරවිට කියවලත් ඇති... :love2: (y)(y)
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    නියම උත්තරයක් බන්...පියවි ඇසෙන් ඔබ්බට 1,2,3 පොත් වල තියෙනව ඕකට උදාහරණ එක්කම...සමහරවිට කියවලත් ඇති... :love2: (y)(y)
    තාත්තා කියවනවා ඔය පොත් ටික. මාත් ගොඩ කාලෙකට කලින් කියෙව්වා.
    බලන්ගොඩ හාමුදුරුවෝ ගැන හොයපු කාලේ තමයි ඔය පොත් ටික කියෙව්වේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තාත්තා කියවනවා ඔය පොත් ටික. මාත් ගොඩ කාලෙකට කලින් කියෙව්වා.
    බලන්ගොඩ හාමුදුරුවෝ ගැන හොයපු කාලේ තමයි ඔය පොත් ටික කියෙව්වේ.
    මම ඒවත් කියවල තියෙනව මචං..ඒ ටිකත් නියමයි.උඹ කැමතියි නං ඔය ටිකත් හොයාගෙන කියවපන්...වැඩි ගානකුත් නෑ ඔය පොත්.ඕකෙ 2 ඇරෙන්න අනිත්ව මම කියවල තියෙනව.දෙවෙනි එක හම්බුන්නෑ.ලංකාවෙ නියම උදාහරණ එක්කම තියෙන පර්යේෂණ පොත් 3ක් ඔය...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම ඒවත් කියවල තියෙනව මචං..ඒ ටිකත් නියමයි.උඹ කැමතියි නං ඔය ටිකත් හොයාගෙන කියවපන්...වැඩි ගානකුත් නෑ ඔය පොත්.ඕකෙ 2 ඇරෙන්න අනිත්ව මම කියවල තියෙනව.දෙවෙනි එක හම්බුන්නෑ.ලංකාවෙ නියම උදාහරණ එක්කම තියෙන පර්යේෂණ පොත් 3ක් ඔය...
    Ow order karanna oni machana. Samahara onima poth out of stock.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මචං... මට මේ වගේ සීන් එකකට උපදෙස් දෙන්න කිසිම සුදුසුකමක් නෑ...
    හැබැයි ඔයා ඒ වගේ දේකට සුදුසුකම් තියෙන කෙනෙක්ගෙන් උපදෙසක් ගත්තොත්, කෝකටත් හොඳයි කියල හිතෙනව.... මොකද ඔයා කලිනුත් මේ වගේ සීන් ගැන කතාකරල තියෙනව.

    මට එක දෙයක් කියන්න පුලුවන්.
    ඔයා මේ වගේ ප්‍රශ්නයක් අහන්නෙ බුදු දහමට ටිකක් හරි ලැදි කෙනෙක් නිසා වෙන්න ඇතිනෙ...

    ඒ නිසා, ඔයා පොඩ්ඩක් භාවනා පැත්තට යොමුවෙන්න බලන්න. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව වගේ වඩපුවම හිතට සැහැල්ලුවක් දැනෙනව. ඊට අමතරව ධර්මදේශනා අහන්න පුරුදුවෙන්න. පෝයට සිල් ගන්නව වගේ දෙයක් කරන්න.... හිතට සහනයක් දැනෙයි....
    මම මානසික රෝගයකට බෙහෙත් ගන්නවා බං. Psychiatrist කෙනෙක් හැම මාසෙකටම මුණ ගැහෙන්න යනව.බෙහෙත් එක්ක මුකුත් කරගන්න බෑ.
    මෙහෙමයි සියදිවි හානි කරගන්නේ සතුටකින් නෙවෙයි. හිතේ මොකක් හරි අවුලකින්. එතකොට මැරෙන මොහොතේ හිත සකස් වෙන්නේ නරක සිතුවිල්ලක. ඉතින් හොඳ තැනක ඉපදෙන්න ඉඩක් නැති වෙනවා.

    මටත් ඔහොම මැරෙන්න හිතිලා තියෙනවා සහ තාම වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම මැරෙන එක කිසි තේරුමක් නෑ කියලා හිතෙනවා.අම්මා ගැන හිතලත් හිත හදා ගන්නවා. අනික කර්මය මම විශ්වාස කරනවා.පොඩි බලාපොරොත්තුවක් තියෙනවා සාර්ථක වෙන්න. පොඩි පොඩි හීන තාම දකිනවා. ජීවිතේ අත අරින්නේ නැතුව ඉන්න බලනවා. කාරණා දෙකක් මට කට්ටිය කිව්වා. ඒ දෙක මතක තියා ගන්න වටිනවා.
    1. ප්‍රශ්න නැති කෙනෙක් නෑ.
    2. කවුරුත් සර්ව සම්පුර්ණ නෑ.
    ඔව් මචං ඒක ඇත්ත
    මට depression තිබ්බ කාලෙ මම හැසිරුනේ පහල video එකේ තියෙනවා

    වගේ (රූප පෙනුනේ (භීනෝන්මාදය) නෑ)

    ඉස්සර දෛනිකව ආපු suicidal thoughts දැන් එන්නේ

    මාසයකට සැරයක් වගේ.. ඉස්සරහට නැති වෙලාම යයි.

    මම කොහොමද මේක අඩු කර ගත්තේ...

    01) ඉස්සෙල්ල බෙහෙත් ගන්න ඒකෙන් යම්තාක් දුරකට depression අඩු කරගන්න

    පුලුවන්. (වෙනම thread එකක් )

    02) අනික් දේ depression කියන දේ එකවර හැදෙන්නේ නෑ වගේම

    ඒකවර හොඳ වෙන්නේත් නෑ.. ඒකට හොඳ වෙන්න කාලයක් ලබාදෙන්න..
    (වෙනම thread එකක් )

    03) බෙහෙත් වලින් ප්‍රශ්නය යටපත් කරලා දුන්නත් බෙහෙත් වල බලපෑම අඩු වෙලා

    ඇත්ත ජීවිතයට එද්දි ප්‍රශ්නය තවමත් එතනම තියෙනවනම් ඔයාට ආයෙත් depression

    හැදෙනවා... ඒක හින්දා ප්‍රශ්නය නැති කරන්න ක්‍රම හොයන්න. පුංචි පුංචි දේවල් අඛණ්ඩව

    කරගෙන යන්න ඕන. ඒ ඔක්කොම වගේ දාන්න ගියොත් දිග වැඩි වෙනවා..
    (වෙනම thread එකක් )

    04) ආගම ගැන කතා කලොත් මම atheist කෙනෙක්. මටනම් බෞද්ධයෙක් විදිහට

    හිතන එක ඇත්තටම පීඩනයක්. කල්ප ගනන් අපි දුක් විඳලා තියෙනවද?

    තවත් ඒ වගේ දුක් විඳින්න තියෙනව ද වගේ බහුබූත හිතෙන්න ගද්දි

    තව තවත් depression වැඩි වෙනවා..

    ඒත් සමහර අය ඉන්නවා ආගමානුකූලව ජීවත් වෙලා ලොකු සැහැල්ලුවක් ලබන.

    ඒක හැම ආගමකටම එහෙමයි. මගෙ muslim යාලුවෝ ඉන්නවා ඒගොල්ලන්ට

    කුරානය අහපුවාම ලොකු සැහැල්ලුවක් දැනෙනවලු. ක්‍රිස්තියානි අයටත් එක

    එක විදි තියෙනවා..

    හැම ආගමකම හොඳ දේවල් තියෙනවා.. ඒව පොඩ්ඩ පොඩ්ඩ තමන්ගේ ජීවිතයට
    එකතු කරගන්න..

    (වෙනම thread එකක් )

    05) Beautiful Mind වගේ චිත්‍රපටි තියෙනවා බලන්න. ඒවගෙන් අපිට

    කියල දෙනවා මානසික රෝගයකට බෙහෙත් නැතුව සටන් කරන්නේ

    කොහොමද කියලා..

    (වෙනම thread එකක් )

    06) Motivational videos බලන්න. ගොන් මොරාල් වගේ තිබ්බට

    depression තියෙන කෙනෙකුට ඒක ලොකු උදව්වක් වෙනවා..

    මටනම් jordan peterson ගේ lecturs ගොඩක් උදව් වුනා

    depression සැරටම තිබ්බ කාලෙදි..

    07) Social media sites (Instagram/ whatsapp) වගේ අනිත්

    අයගේ ජීවිත දිහා බලපුවම අපි ගැනම දුක හිතෙන sites වලින්

    තමන්ගේ account delete කරලා දාන්න.. මටනම ලක්ෂපති වගේ ඒවට

    එන අයගේ පොර talk අහද්දිත් එපා වෙනවා. තමන්ට set වෙන දේවල් දන්නේ

    තමන්මනේ... දුක හිතෙන දේවල්වලින් පුලුවන් තරම් ඈත් වෙන්න..

    08) සමහර music videos තියෙනවා ලොකු සැහැල්ලුවක්

    දැනෙන.. තමන්ට ගැලපෙන ඒව අහන්න පටන් ගන්න..

    සමහර අයට asmr එහෙමත් හොඳයිලු මටනම් set නෑ..

    තමන්ට set වෙන එක තමන් හොයා ගන්න..

    09) suicide කරගන්න methods 95% වගේ ඉතාමත්
    වේදනාකාරි. (වෙනම thread එකක් )

    තව ගොඩක් දේවල් තියෙනවා...
    ඒත් type කරන්න වෙලාව නෑ. ඉස්සරහට ගොඩාරියක් ලොකු thread එකක් දාන්නම්..
    මේක දැම්මේ එක්කෙනෙක් හරි පොඩි හරි දෙයක් ඉගෙන ගෙන suicide කරගන්න
    හිතන් ඉන්නවනම් නවත්තයි කියලා..

    ඔව් ත්‍රෙඩ් එකක් දාන්න මචං.මම වගේ එකෙක්ට හරි වැදගත් වේවි.
     
    • Like
    Reactions: GobbaSira

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සියදිවි නසා ගන්නා කෙනා අනිවා මැරෙන්නේ තමන් ගැන වෛරයෙන්, මොකද සියදිවි හානි කර ගන්නේ තමුන් තුළ කෝපය ඇති වන නිසා සහ, තමුන්ව සියදිවි හානි කර ගන්න තැනට පත් කරපු පුද්ගලයා පිළිබඳවත් වෛරයෙන්( අර tik tok teavher වගේ නම් husband එක්ක)

    මිනිසත් භවය ක් ලැබුවත් අංග විකල, අතපය නොපිහිටීම වෙන්න පුළුවන්. මිනිසත් භවය ක් ලබන්නත් ගොඩක් භාව ගණනක යන්නත් පුළුවන්.