පයිවට් හොස්පිටල් එකක් ඇතුලේ දත් 4ක් ගැලවෙන්ට නෙලපු සිද්දියක්.![]()
ලියපිය මෙතන අපේ කුතුහලේ උස්සන්නෙ නැතුව

පයිවට් හොස්පිටල් එකක් ඇතුලේ දත් 4ක් ගැලවෙන්ට නෙලපු සිද්දියක්.![]()

apiwa baya karanna epa yakoammo mata nam karakola ath ariya wage bang
mama thanujaka ge thread ekai mekai deka read kara.. meka godak hithata wadinawa ...thanujakage eke thiynne details and explain nisa wenna athi eeta wada meka wadune..
...ubala dennatama thanks share karata ... rep added machn
![]()

බොහොම ස්තුතියි මචන් අත්දැකීම් බෙදාගත්තට...+2
දැන් නම් drive කරන්නත් බයයි වගේ![]()

) මාවත් එක්කන් ගිහින් මං පදවපු වාහනේ (වීල් එකක්
) අරන් ගිහින් දැම්ම පොලිසිය ඇතුලට දාල කිව්ව
.....නමුත් එතන හිටිය සාජන් මහත්තයෙක්....අවු 50ක් 55 ක විතර....එයා ටිකක් මාත් එක්ක කතා කරල ෆිට් වෙලා හිටියෙ...මං ඒ සාජන් මහත්තයට කිව්ව අද යන්න වෙන්නෙ නැතිවෙයිද මට කියල..එතකොට එයා මාව ගෙනාපු පොලිස්කාරයට කෝල් එකක් ගත්තා......හොස්පිට්ල් ගිහින් ලෙඩාගෙ තත්වෙ බලල එන්නම් කියල ගියපු එකා ඩියුටි ඕෆ් වෙලා ගෙදරත් ගිහින්
....මං බලන් ඉන්නව ඌ ලෙඩාගෙ තත්වෙ බලල ඇවිත් මට යන්න කියනකන්....
....මගේ ෆෝන් එකයි, මුද්දයි, බෙල්ට් එකයි ගෙදර අයට දෙන අතරෙ ඇහැට ආපු කඳුලු, උගුරෙ හිරවුනු ඉකිය හංගගෙන හැමෝගෙම දිහා බලාගෙන මං කිව්වෙ හෙට උසාවියෙදි ඇප දීල කොහොමහරි මාව එළියට ගන්න කියල
.......පොලිසිය ඇතුලෙ මහ ඝෝෂාව අතරින් මං හුස්ම ගන්නකොට පපුව පිරෙන එකයි, ආපහු හුස්ම හෙලනකොට පපුව ඇකිලෙන එකයි ඒ අතරෙ පපුව ගැහෙන ඩික් ඩික් සද්දෙයි ඔක්කොම මගෙම කන් වලට ඇහෙනව වගේ දැනුන........
.......ඕ.අයි.සී ආවොත් විතරක් කූඩුවට දාන්නම් කිව්ව,,නැත්නම් අවුලක් නෑ පුටුවෙන් ඉඳගෙන ඉන්න කිව්ව......මං සෑහෙන බයෙන් හිටියෙ ඒ දෙන්න ඩියුටි ඕෆ් වෙලා හවස යයි කියල..ඒ උනාට දෙන්නම් නයිට් ශිෆ්ට් එකත් ඉන්නව කියපු නිසා ඇඟට ලේ ටිකක් ඉනුව....ගෙදරින් කෑම එකක් එවල තිබුනත් ඒක කන්න තරම් පිරියක් මට තිබුනෙ නෑ..දවසම හරියට කෑමක් ඇඟට නොවැටුනත් මේ වෙච්ච දේ නිසා ඇඟේ අමාරු යටපත් කරගෙන හිතේ අමාරු ඉහළ ගිහින් තිබුන.....
...කවුරු හරි ඇහුවොත් ඇයි මෙතන කියල මට කියන්න කිව්වෙ මං එතුමගෙ මිත්රයෙක්ගෙ පුතෙක්...රිය අනතුරක් වෙච්ච නිසා උසාවි දානකන් අදට පොලිසියට දැම්ම කියල.....මට මේ මනුස්සය ගැන පුදුම හිතුන....තමන්ගෙ ඥාතියෙක්, මිතුරෙක් වත් නොවී තමන්ගේ රාජකාරියත් අනතුරේ දාගෙන මං ගැන මෙහෙම අනුකම්පා දක්වන එක ගැන පුදුම පැහැදීමක් තිබුනෙ....
......ලී බංකුවක ඉඳගෙන තව පැය හතක් අටක් ඉන්නව තියනව කියල හිතෙද්දි, ගෙදර ඉන්නකොට සැපට නිදාගන්න විදිය මතක්වෙන ගානෙට අමතක කරන්න හිතිවිලිත් එක්ක පොරබදද්දි, හෙට උසාවි දැම්මාම මොනවයින් මොනව වෙයිද කියල හිතෙද්දි, ඇරල තියන ජනේලෙන් පැනල දුවගෙන දුවගෙන ගෙදර ගිහින් ඇඳට පැනල නිදාගෙන මේ සේරම 
..
බෙල්ට් එකකින් හෝ අතින් චටාස් පටාස් ගාල කාට හරි ගහන ගාලගෝට්ටියක් නිසා මාව උඩ ගිහින් ඇහැරුනා....ටිකක් කන්දීගෙන ඉද්දි ඇහුන විදියට අයි පී කෙනෙක් බීල ගෝරි දාගත්තු කොල්ලො දෙන්නෙක්ට අම්බානක නෙලනව ඇහෙනව..ගහන කනේ පාරවල් වලට වඩා සැරයි විදින කුණුහරප...හිටගෙන බඩ වෙනව ඒව ඇහුනාම
.....කොහොම හරි අරන් ආපු කොල්ලො දෙන්නට හොඳට නෙලල ආයෙ අහූවුනෝතින් කරන දේත් කියල දීල පිටත් කරනව ඇහුන....
.....මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර උඹ මොකද මෙතන කියල අහපි අඩි පොලවෙ හප්පල..... ඒ වචන මැදට ඉතින් හර බර කුණුහරප වැලයි
.....මං උත්තර දෙන්න කට අරිනකොටම දෙයියෙක් වගේ අර සාජන් මහත්තය දුවන් ඇවිත් කිව්ව මේ මගේ හිතවත් මහත්තයෙක්ගෙ පුතෙක්...මෙහෙම මෙහෙම දෙයක් වෙලා ඇවිත් ඉන්නෙ කියල....මෙන්න බොලේ එතකොටම අර අයි පී තැන කිව්වෙ නැද්ද අනේ ඉතින් එහෙනම් මෙහෙම තියන එක හරි නෑ නෙ..ස්ටාෆ් එකේ රූම් එකක් බලල ඇඳක්, නෙට් එකක් එහෙම දාල දෙන්න එපැයි කියල...සාජන් මහත්තය කිව්ව නෑ නෑ සර් තව පැය දෙක තුනයිනෙ එළි වෙන්න තියෙන්නෙ..මෙහෙම අවුලක් නෑ කියල..මාත් හිනාවක් දාල ඔළුව වනල ඒක අනුමත කරා....කූඩුවට නොදා මෙහෙම ඉන්න එකත් දාහෙන් සම්පතක් නිසා වැඩි සැප ඕන නෑ කියල හිතල....
....ඒකයි මං මුළින් කතාවෙදි කිව්වෙ පොලිස් කාරයො අතරෙ මහත්තුරුත් ඉන්නව බව දැනුනෙ එදා කියල....
කියල...
.
ප්රධාන කතාව කිව්ව උනාට ඒ අතරින් තිබුනු අතුරු කතා එකක් වත් ලිව්වෙ නැත්තෙ කතාව දිග්ගැස්සෙන නිසා....මේ අතුරුපස වෙලාවයි......
මෙහෙම උතුම් වැදගත් මිනිස්සුත් ඉන්නවා බන්.ඒ උනාට හුගක් ඉන්නේ බල්ලෝ
දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකො මුල් පිටුවෙ පෝස්ට් එකට මේ පිටුවෙ ලින්ක් එක ඔබා ගන්න විදියක්..ඒකෙ එඩිට් කියල තැනක් නෑ....
අරූ හිතන්නෙ බලන්නෙ නැතුවට පාර පැන්නට මචං මට වැරැද්ද වැටෙනව අනතුරක් වලක්වා නොගැනීම කියල...
අනික හැප්පුන එකාට සිහිය එනකන් මට ඇතුලට යන්න වෙනව මං දන්න විදියට


ඇඩ්ඩිං මාමට කියපං...........දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකො මුල් පිටුවෙ පෝස්ට් එකට මේ පිටුවෙ ලින්ක් එක ඔබා ගන්න විදියක්..ඒකෙ එඩිට් කියල තැනක් නෑ....
උබ ඌව hospital දාල, accident වෙලා පාරෙ වැටිල හිටපු කෙනෙක්ව අරන් ආව කිව්වනම් හරිනේ?
අරූට සිහියත් නැති එකේ මොන සාක්ෂි ද?
ලංකාවේ මෝටර්බයික්, ත්රීවීලර් වලට නීතිය බොහොම තදයි. කාර් වලට නීතිය සැහැල්ලුයි, ඉන්ටර්කූලර් ඩිෆෙන්ඩර් වලට නීතිය නැති තරම්. ඔන්න ඔහොමයි රථවාහන පණත.![]()


කවුරු කවුරුත් අසරණ වුන වෙලාවට පිහිටට ඉන්නේ පොඩි මිනිහනේ බන්.. එකනේ උඹට අර බොරු ලෙඩේ වෙලාවෙත් අර ගංජා කුඩු ගහපු සෙට් එක හෙල්ප් එක දුන්නේ..
ඇඩ්ඩිං මාමට කියපං...........
ඌ හදල දෙයි.....


ඇඩෙන සිද්ධිය බං..
Michael Scofield පරාදයි හැබැයි උඹගෙ ප්ලෑන් එක්ක..

