සිරගත වුනෙමි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
apiwa baya karanna epa yako :dull::dull::dull: ammo mata nam karakola ath ariya wage bang:rolleyes::rolleyes::rolleyes::rolleyes: mama thanujaka ge thread ekai mekai deka read kara.. meka godak hithata wadinawa ...thanujakage eke thiynne details and explain nisa wenna athi eeta wada meka wadune.. :yes::yes::yes: ...ubala dennatama thanks share karata ... rep added machn ;)

තැන්ක්ස් මචෝ..තනුජක අයියගෙ ත්‍රෙඩ් එක දැකල මටත් හිතුන මේ අත්දැකීම ලියල දාන්න..ඒකයි ලිව්වෙ....:)

කවුරු හරි මොනා හරි මේකෙන් හිතට දෙයක් ගත්ත නම් මට ඒ ඇති
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බොහොම ස්තුතියි මචන් අත්දැකීම් බෙදාගත්තට... :) +2
දැන් නම් drive කරන්නත් බයයි වගේ :sorry::sorry:


මං හැප්පුනෙ වීල් එකක ගිහින් බං..... දැනටත් මොනම වාහනේකට නැග්ගත් ඒක මතක් වෙනව
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ප්‍රධාන කතාව කිව්ව උනාට ඒ අතරින් තිබුනු අතුරු කතා එකක් වත් ලිව්වෙ නැත්තෙ කතාව දිග්ගැස්සෙන නිසා....මේ අතුරුපස වෙලාවයි......;)

මං මුල් කතාවෙදි කිව්වනෙ පොලිසියෙ ඇතුලෙ සිද්දිය ගැන වෙනම කතාවක් ලියන්න ඕනෙ, පොලිස් කාරයො අතරෙ පොලිස් මහත්තුරුත් ඉන්නව කියල දැනගත්තෙ එදා කියල....මේ ඒ ගැන.....

ඉරිද ඇක්සිඩන්ට් එක වෙලා දවල් වරුවම ලෙඩාව බලන්නයි, පැමිණිලි ලියන්නයි ඒවට මේවට ගිහින් හවස තුන විතර වෙනකොට මගෙ කේස් එක හැන්ඩ්ල් කරපු පොලිස්කාරය ( ඌත් මගෙ වයසෙම කොල්ලෙක්, ඒ උනාට කාකි සූට් එකේ සැර ඇවිදිනකොටත් පෙන්නගෙන ඇවිදින්නෙ පාහරය, ලොකු පොස්ට් එකකුත් නෑ, කොස්තාපල්,,පොලිසියට අලුත බැඳුනු එකෙක්:growl:) මාවත් එක්කන් ගිහින් මං පදවපු වාහනේ (වීල් එකක්;)) අරන් ගිහින් දැම්ම පොලිසිය ඇතුලට දාල කිව්ව
"මං ලෙඩාගෙ තත්වෙ බලල එන්නම්...සිහිය ඇවිත් තිබුනොත් උඹට යන්න පුලුවන්" කියල...

එහෙම කියල මාව ඇතුලෙ පුටුවකින් වාඩි කරවල මූ ගියා....ඒ යන්න කලින් මගෙ නම ගම විස්තර පොතක ලිවුව....

බලං හිටිය හිටිය මූ ආවෙ නෑ....හතර උනා, පහ, හය උනා මූ නෑ...මගේ කියල කවුරුවත් ඒ වෙනකොට එතන හිටියෙත් නෑ:(.....නමුත් එතන හිටිය සාජන් මහත්තයෙක්....අවු 50ක් 55 ක විතර....එයා ටිකක් මාත් එක්ක කතා කරල ෆිට් වෙලා හිටියෙ...මං ඒ සාජන් මහත්තයට කිව්ව අද යන්න වෙන්නෙ නැතිවෙයිද මට කියල..එතකොට එයා මාව ගෙනාපු පොලිස්කාරයට කෝල් එකක් ගත්තා......හොස්පිට්ල් ගිහින් ලෙඩාගෙ තත්වෙ බලල එන්නම් කියල ගියපු එකා ඩියුටි ඕෆ් වෙලා ගෙදරත් ගිහින්:angry:....මං බලන් ඉන්නව ඌ ලෙඩාගෙ තත්වෙ බලල ඇවිත් මට යන්න කියනකන්....

කොහොම හරි හොස්පිට්ල් කතා කරල බලද්දි කිව්වෙත් ලෙඩාට තාම කල්පනාව නෑ..කතා කරන්න බෑ කියල....ඒක උන්ගෙ රඟපෑමක්..මාව ඇතුලට දාල වන්දියක් ඉල්ලන්න....:growl:

ඉතින් කොහොම හරි ගෙදර යන්න හිත හදන් හිටපු මට සිද්ද උනා එදා රෑ පොලිසියෙ කූඩුවෙ ගත කරන්න හිත හදා ගන්න.....එතකොටම ගෙදර කට්ටිය ආව.....නමුත් මට යන්න දෙන්න බෑ කිව්ව ලෙඩාට තාම සැලකිය යුතු සුවයක් නැති නිසා....මට කොහොමත් ලොකු අවුලක් තිබුනෙ නෑ ඒ හිටපු තැන...කූඩුව ඉස්සරහින් පුටුවක් තියල ඉඳගන්න කියල කිව්වෙ මට.....

පොලිසියෙ කෙනෙක් කිව්ව ළඟ තිබුන ෆෝන් එකයි, අතේ තිබුන මුද්දයි, කලිසමේ බෙල්ට් එකයි ගලවල ගෙදර අයට දෙන්න කියල....එතකොට තමයි හිතේ තිබුන හයිය ඔක්කොම දියවෙලා යන්න ගත්තෙ....අවුරුදු ගානකට ගෙදර අයගෙන් වෙන්නවෙලා දුර ඈතකට යන්න හදනකොට දැනෙනව වගේ හැඟීමක් දැනුනෙ......අම්මල අඬනව...අනිත් හැමෝගෙමත් මූනු දෙක වෙලා:sorry:....මගේ ෆෝන් එකයි, මුද්දයි, බෙල්ට් එකයි ගෙදර අයට දෙන අතරෙ ඇහැට ආපු කඳුලු, උගුරෙ හිරවුනු ඉකිය හංගගෙන හැමෝගෙම දිහා බලාගෙන මං කිව්වෙ හෙට උසාවියෙදි ඇප දීල කොහොමහරි මාව එළියට ගන්න කියල:(.......පොලිසිය ඇතුලෙ මහ ඝෝෂාව අතරින් මං හුස්ම ගන්නකොට පපුව පිරෙන එකයි, ආපහු හුස්ම හෙලනකොට පපුව ඇකිලෙන එකයි ඒ අතරෙ පපුව ගැහෙන ඩික් ඩික් සද්දෙයි ඔක්කොම මගෙම කන් වලට ඇහෙනව වගේ දැනුන........:no:

වැඩි වෙලා ගෙදර අයට ඉන්න දුන්නෙ නැති නිසා මං ආයෙම ඉඳගෙන හිටපු පුටුවට බර දුන්න....මං කලින් කියපු සාජන් මහත්තයයි තව පොලිස් කාන්තාවකුයි තමයි එතන හිටියෙ..දෙන්න පුළුවන් වෙලාවට ලඟට ඇවිත් කතා කරල මගෙ හිත හදල යනව:).......ඕ.අයි.සී ආවොත් විතරක් කූඩුවට දාන්නම් කිව්ව,,නැත්නම් අවුලක් නෑ පුටුවෙන් ඉඳගෙන ඉන්න කිව්ව......මං සෑහෙන බයෙන් හිටියෙ ඒ දෙන්න ඩියුටි ඕෆ් වෙලා හවස යයි කියල..ඒ උනාට දෙන්නම් නයිට් ශිෆ්ට් එකත් ඉන්නව කියපු නිසා ඇඟට ලේ ටිකක් ඉනුව....ගෙදරින් කෑම එකක් එවල තිබුනත් ඒක කන්න තරම් පිරියක් මට තිබුනෙ නෑ..දවසම හරියට කෑමක් ඇඟට නොවැටුනත් මේ වෙච්ච දේ නිසා ඇඟේ අමාරු යටපත් කරගෙන හිතේ අමාරු ඉහළ ගිහින් තිබුන.....

හවස හත අට වෙනකොට පොලිසිය ගොඩක් නිස්කලංක උනා..යන එන අය අඩු උනා....අපරාද මර්දන අංශය කියල ලොකු කාමරයක් තිබුන පැත්තකින්..සාජන් මහත්තය කිව්ව කවුරු හරි දැක්කොත් මං කූඩුවට නොදා පුටුවෙ ඉන්ඳවල ඉන්න එක අවුලක් වෙන්න පුළුවන්..ඒ නිසා අපරාද මර්දන අංශෙ තියන බංකුවෙන් වාඩි වෙලා ඉන්න කියල.......එතනට වතුර බෝතලේකුයි, මදුරු කොයිල් එකකුයි ගෙනත් දීපු එතුමා කිව්වෙ ටොයිලට් යන්න හෝ මූන හෝදගන්න අවශ්‍ය නම් ස්ටාෆ් එකේ වොශ් රූම් එකට යන්න...කූඩු වල තියන ඒව අපිරිසිදුයි කියල......වරින් වර ඇවිදින් මාත් එක්ක වචන දෙක තුනක් කතා කරල යන්න එතුමා කාරුණික උනා:)...කවුරු හරි ඇහුවොත් ඇයි මෙතන කියල මට කියන්න කිව්වෙ මං එතුමගෙ මිත්‍රයෙක්ගෙ පුතෙක්...රිය අනතුරක් වෙච්ච නිසා උසාවි දානකන් අදට පොලිසියට දැම්ම කියල.....මට මේ මනුස්සය ගැන පුදුම හිතුන....තමන්ගෙ ඥාතියෙක්, මිතුරෙක් වත් නොවී තමන්ගේ රාජකාරියත් අනතුරේ දාගෙන මං ගැන මෙහෙම අනුකම්පා දක්වන එක ගැන පුදුම පැහැදීමක් තිබුනෙ....

එතන තිබුන දිග ලී බංකුවේ වතුර බොතලෙත් පැත්තකින් තියාගෙන මං බර කල්පනාවකට වැටුනෙ පළමු වතාවට පොලිසියේ රැයක් පහන් කරන්න සූදානමින්.....ඒ බංකුවෙ ඉඳගෙන ඉන්න බෑ පස්ස රිදෙනව පැයක් දෙකක් යනකොට....මදුරුකොයිල් තිබුනට පත්තු කරන්න තරම් උනන්දුවක් හිතේ තිබුනෙ නෑ....මෙච්චර වෙච්ච එකේ මදුරුවෙක් කෑවට මොකෝ......

රෑ වෙන්න වෙන්න පොලිසිය ඇතුලෙ තිබ්බ සද්ද බද්ද අඩු වෙලා සෑහෙන නිහඬ තැනක් බවට ඉබේම පත්වුනා....ඉඳල හිටල ඇහෙන සපත්තු අඩි සද්දයක්, කාගෙ හරි ඈනුම් සද්දයක් ඇරුනාම ලොකු නිහඬතාවයක් මුළු පරිසරේම තිබුනෙ....
කාමරේ ඇරල තියන ජනේලෙන් එළියෙ, කෙලින්ම පේන්නෙ දැල් ගහල තියන පොලිසියෙ වැට මායිම.....ඒ වැටට කොටු වෙලා වැරදි කාරයෙක් විදියට නම් කරල ඉන්න තවත් වැරදිකාරයෙක් නේද මාත් කියන හැඟීම හිතට එනකොට මාරම දුකක් දැනෙන්නෙ:(......ලී බංකුවක ඉඳගෙන තව පැය හතක් අටක් ඉන්නව තියනව කියල හිතෙද්දි, ගෙදර ඉන්නකොට සැපට නිදාගන්න විදිය මතක්වෙන ගානෙට අමතක කරන්න හිතිවිලිත් එක්ක පොරබදද්දි, හෙට උසාවි දැම්මාම මොනවයින් මොනව වෙයිද කියල හිතෙද්දි, ඇරල තියන ජනේලෙන් පැනල දුවගෙන දුවගෙන ගෙදර ගිහින් ඇඳට පැනල නිදාගෙන මේ සේරම
රෑ දැකපු හීනයක් කියල හිතන්න ඇත්නම් කියල හිතුන වාර අනන්තයි:(:(..

ඒත් මං පැනල ගියොත් මට වැටෙන චෝදනා තද වැඩි වෙනව..ඊටත් වඩා තමන්ගෙ රස්සාවත් ඇපේට තියල මනුස්සකම වෙනුවෙන් මාව කූඩුවට නොදා එළියෙ තියන්න තරම් කාරුණික වෙච්ච සාජන් මහත්තයගෙ රස්සාවට තට්ටු වෙනව මං පැනල ගියොත්...ඒ හින්ඳ ඕන මගුලක් උනාදෙන් කියල මං පොඩ්ඩක් බංකුවෙන ඇල උනේ ටිකකට හරි මේ තත්වය අමතක වෙන්න නින්දක් හරි දාන්න හිතාගෙන..

ලාවට ඇස්දෙක පියවීගෙන එද්දින් මට ඇහුනු, මහා සද්දෙට කතා කරන, ගාම්භීර කටහඬකින් කුණුහරුප විදින,:shocked: බෙල්ට් එකකින් හෝ අතින් චටාස් පටාස් ගාල කාට හරි ගහන ගාලගෝට්ටියක් නිසා මාව උඩ ගිහින් ඇහැරුනා....ටිකක් කන්දීගෙන ඉද්දි ඇහුන විදියට අයි පී කෙනෙක් බීල ගෝරි දාගත්තු කොල්ලො දෙන්නෙක්ට අම්බානක නෙලනව ඇහෙනව..ගහන කනේ පාරවල් වලට වඩා සැරයි විදින කුණුහරප...හිටගෙන බඩ වෙනව ඒව ඇහුනාම:lol:.....කොහොම හරි අරන් ආපු කොල්ලො දෙන්නට හොඳට නෙලල ආයෙ අහූවුනෝතින් කරන දේත් කියල දීල පිටත් කරනව ඇහුන....

මෙන්න විනාඩියක් යන්න උනේ නෑ අර සද්දෙට කෑ ගහපු අයි පී තැන මං හිටපු කාමරේ දොර ගාව:shocked:.....මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර උඹ මොකද මෙතන කියල අහපි අඩි පොලවෙ හප්පල..... ඒ වචන මැදට ඉතින් හර බර කුණුහරප වැලයි:lol:.....මං උත්තර දෙන්න කට අරිනකොටම දෙයියෙක් වගේ අර සාජන් මහත්තය දුවන් ඇවිත් කිව්ව මේ මගේ හිතවත් මහත්තයෙක්ගෙ පුතෙක්...මෙහෙම මෙහෙම දෙයක් වෙලා ඇවිත් ඉන්නෙ කියල....මෙන්න බොලේ එතකොටම අර අයි පී තැන කිව්වෙ නැද්ද අනේ ඉතින් එහෙනම් මෙහෙම තියන එක හරි නෑ නෙ..ස්ටාෆ් එකේ රූම් එකක් බලල ඇඳක්, නෙට් එකක් එහෙම දාල දෙන්න එපැයි කියල...සාජන් මහත්තය කිව්ව නෑ නෑ සර් තව පැය දෙක තුනයිනෙ එළි වෙන්න තියෙන්නෙ..මෙහෙම අවුලක් නෑ කියල..මාත් හිනාවක් දාල ඔළුව වනල ඒක අනුමත කරා....කූඩුවට නොදා මෙහෙම ඉන්න එකත් දාහෙන් සම්පතක් නිසා වැඩි සැප ඕන නෑ කියල හිතල....

කොහොම කොහොම හරි පොලිසියෙ ගහපු පළවෙනිම නයිට ලොකුවට අවුලක් නොවී ගෙවිල ගියා..කාරුණික මනුස්සයෙක්ගෙ පිහිටෙන්:yes:....ඒකයි මං මුළින් කතාවෙදි කිව්වෙ පොලිස් කාරයො අතරෙ මහත්තුරුත් ඉන්නව බව දැනුනෙ එදා කියල....

ඒ හැම උදව්වක්ම කරේ මගේ සල්ලි බලේකටවත්, බලපුළුවන්කාරකමකටවත් හිතවත්කමකටවත් නොව ඒ මනුස්සයගෙ තිබුනු මනුස්ස ගුණාංග නිසාමයි....මං එදා උදේ උසාවි යන්න පිටත් එන්න එනකොට ස්තූති කරල, යන්නම් කියල කියනකොට මට කිව්වෙ

"මල්ලිට අද ඇප ලැබෙනව..බය නැතුව ඉන්න.,.ගෙදර යන්න පුළුවන්":) කියල...

ඒ මනුස්සයගෙ තිබුනු මනුස්සකම අර හැප්පුනු එකා ගාව තිබුන නම් ඇත්තටම මට හිරේ නොයා එදා ගෙදර යන්න ලැබෙන්න තිබුනා....:(.

මතක මතක විදියට හිරේ ගිය සතිය ඇතුලත වෙච්ච සිදුවීම් එකින් එක දාන්නම් හිමීට.....
 
  • Sad
  • Like
Reactions: tha123 and HSW

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    ප්‍රධාන කතාව කිව්ව උනාට ඒ අතරින් තිබුනු අතුරු කතා එකක් වත් ලිව්වෙ නැත්තෙ කතාව දිග්ගැස්සෙන නිසා....මේ අතුරුපස වෙලාවයි......;)



    මෙහෙම උතුම් වැදගත් මිනිස්සුත් ඉන්නවා බන්.ඒ උනාට හුගක් ඉන්නේ බල්ලෝ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙම උතුම් වැදගත් මිනිස්සුත් ඉන්නවා බන්.ඒ උනාට හුගක් ඉන්නේ බල්ලෝ

    බහුතරයක වැරදි වැඩ නිසා මනුස්සකම් තියන අල්පයක් දෙනාත් නරක නාමෙ අහන එකයි දුක මචෝ...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකො මුල් පිටුවෙ පෝස්ට් එකට මේ පිටුවෙ ලින්ක් එක ඔබා ගන්න විදියක්..ඒකෙ එඩිට් කියල තැනක් නෑ....
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකො මුල් පිටුවෙ පෝස්ට් එකට මේ පිටුවෙ ලින්ක් එක ඔබා ගන්න විදියක්..ඒකෙ එඩිට් කියල තැනක් නෑ....

    එහෙම කරන්න බෑ මචං.
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    අරූ හිතන්නෙ බලන්නෙ නැතුවට පාර පැන්නට මචං මට වැරැද්ද වැටෙනව අනතුරක් වලක්වා නොගැනීම කියල...

    අනික හැප්පුන එකාට සිහිය එනකන් මට ඇතුලට යන්න වෙනව මං දන්න විදියට


    උබ ඌව hospital දාල, accident වෙලා පාරෙ වැටිල හිටපු කෙනෙක්ව අරන් ආව කිව්වනම් හරිනේ?:oo:
    අරූට සිහියත් නැති එකේ මොන සාක්ෂි ද?
    ලංකාවේ මෝටර්බයික්, ත්‍රීවීලර් වලට නීතිය බොහොම තදයි. කාර් වලට නීතිය සැහැල්ලුයි, ඉන්ටර්කූලර් ඩිෆෙන්ඩර් වලට නීතිය නැති තරම්. ඔන්න ඔහොමයි රථවාහන පණත. :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවුරු කවුරුත් අසරණ වුන වෙලාවට පිහිටට ඉන්නේ පොඩි මිනිහනේ බන්.. එකනේ උඹට අර බොරු ලෙඩේ වෙලාවෙත් අර ගංජා කුඩු ගහපු සෙට් එක හෙල්ප් එක දුන්නේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකො මුල් පිටුවෙ පෝස්ට් එකට මේ පිටුවෙ ලින්ක් එක ඔබා ගන්න විදියක්..ඒකෙ එඩිට් කියල තැනක් නෑ....
    ඇඩ්ඩිං මාමට කියපං...........
    ඌ හදල දෙයි.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ ඌව hospital දාල, accident වෙලා පාරෙ වැටිල හිටපු කෙනෙක්ව අරන් ආව කිව්වනම් හරිනේ?:oo:
    අරූට සිහියත් නැති එකේ මොන සාක්ෂි ද?
    ලංකාවේ මෝටර්බයික්, ත්‍රීවීලර් වලට නීතිය බොහොම තදයි. කාර් වලට නීතිය සැහැල්ලුයි, ඉන්ටර්කූලර් ඩිෆෙන්ඩර් වලට නීතිය නැති තරම්. ඔන්න ඔහොමයි රථවාහන පණත. :D


    මගඇරල යන්න හිත දුන්නෙ නෑ මචෝ..කවුද හිතුවෙ තිරිසන් වැඩක් කරයි කියල උන්....:no:

    නීතිය ගැන නම් කතා කරල වැඩක් නෑ....ශෝචනීයයි.....
    :(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mechara diga thread mama jeewithera kiyawanne na yako, meeka nikan movie ekak wage. tho poth kiyawanawada ammbaneka? nawathanna hithune na kiyawana eka
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවුරු කවුරුත් අසරණ වුන වෙලාවට පිහිටට ඉන්නේ පොඩි මිනිහනේ බන්.. එකනේ උඹට අර බොරු ලෙඩේ වෙලාවෙත් අර ගංජා කුඩු ගහපු සෙට් එක හෙල්ප් එක දුන්නේ..

    සිරාවටම....යන්න කලින් හිතාගෙන හිටියෙ වෘකයෝ වගේ තිරිසන් රැලක් තමයි අතුලෙ ඉන්නෙ කියල...ගියාට පස්සෙ තමයි ඇත්ත වැටහුනේ
    ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇඩෙන සිද්ධිය බං..:(
    Michael Scofield පරාදයි හැබැයි උඹගෙ ප්ලෑන් එක්ක..:lol:



    කවදාවත් හොර බොරු කරල මිනිස්සු රවට්ටල නෑ බං....මලාට එහෙම කරන්නෙත් නෑ.... :no:

    ඒ උනාට තිබුනු බයටයි, ඒ පරිසරේට තිබුනු පිළිකුලටයි ඔටෝම එහෙම කෙරුන කියහංකො..:lol:

    බැරි වෙලාවත් ඒක බොරු කියල මාට්ටු උනා නම් ඉස්සෙල්ලම කන්න වෙන්නෙ ජේලර්ලගෙන්....පස්සෙ හිරකාරයින්ගෙන්..තඩි පොලු අතෙ තියන් ඉන්නෙ....එකක් කෑවෝ සුවර් බිම...

    එකෙක්ට ගැහුව අපි බලං ඉද්දිම දවසක්..ආයෙ මුකුත් නෑ බල්ලොන්ට වගේ ගහන්නෙ..අතින් ගහන්නෙම නෑ..පයින්, පොලු වලින් විතරමයි....ඒ කතාව තව ඉස්සරහට දාන්නම්...
     
    • Like
    Reactions: crazybuddy