සිරසට කිරි පණු ගාය
source
තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි.
එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි.
ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි.
තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ.
ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.
තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය.
ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.
වේසි යනු වෛශ්‍යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්‍ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි.
රනිල් වික්‍රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්‍ය සඳහා නො වේ. එය ජනමාධ්‍යයකින් ප්‍රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්‍රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත.
එය පුන පුනා ප්‍රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය.