මෛත්‍රීගේ මිත්‍ර සංග්‍රහය
උඹලා දැක්කද ගිය ඉරිදා රාවයේ මුල් පිටුවේ තිබුණා ගුවන් විදුලි සංඛ්‍යාත ගසාකෑමේ ජාවාරමක් ගැන....
ගුවන් විදුලි සංඛ්‍යාත කියන්නේ නුතන සන්නිවේදනයේ අනිවාර්ය සම්ප්‍රේෂණ මාධ්‍යය.
රේඩියෝවෙ සිට රූපවාහිනිය හරහා රිමෝටයේ සිට ජංගම දුරකතනය
දක්වා වැඩ ඇත්තේ මේ ගුවන් විදුලි සංඛ්‍යාත හේතුවෙනි
මේවාට ඉංග්‍රීසියෙන් කියන්නෙ ස්පෙක්ට්‍රම් කියාය
සංඛ්‍යාත පරාසය කියන මේවාට කිලෝ හර්ට්ස් සිටි මෙගා හර්ට්ස්
දක්වා මෙන්ම මයික්‍රො වේව් සිට රේඩාර් දක්වා වුද විවිධ බෑන්ඩ් තිබේ.
මේ සංඛ්‍යාත හැට හුටහමාරක් කෙලවරක් නැති ව රටකට හිමි නොවේ
කියන්නේ ඒවා සීමා සහිතය
ආර්ථික විද්‍යාව අනුව එ්වා හිග සම්පතකි
රටක පොදු හිග සම්පත් මහජන දේපල ලෙස සැළකේ.
ඒ නිසා මේ සංඛ්‍යාත අලෙවියේදී විනිවිද පෙනෙන ටෙන්ඩර් ක්‍රමයට
අලෙවි කර ඒවාට උපරිම මිල ලබාගැනීම රජයේ වගකීමකි
හැබැයි පැවති හැම රජයක්ම කළේ මේ සංඛ්‍යාත කුණු කොල්ලෙට තම ඥාති මිත්‍රාදීන්ට තෑගි දීමය.
මහින්ද රාජපක්ෂ සිය පුතුන්ගේ සි එස් එන් නාලිකාවට සංඛ්‍යාත ලබා
දුන්නාසේම ජවිපෙට ද හෙල උරුමයටද එකල සංඛ්‍යාත වලින් සංග්‍රහ කළ බව මතක් කිරීම බයියන්ටනම් හදවත පාරන්නකි
චන්ද්‍රිකා චැනල් නයින් වලටද ජේ ආර් හා ප්‍රේමදාස එම් ටී වී ඇතුලු
නාලිකාවලටද එකල සංග්‍රහ කලේ පොදු දේපලක් වු සංඛ්‍යාත බන්දේසියේ
තබාය.
වැඩි සෙල්ලම් දැම්මොත් සංඛ්‍යාත තහනම් කර චැනල් එක වහන්නත්
පුලුවන් බව පෙන්වමින් මිහින්ද රාජපක්ෂ හිරු එෆ් එම් වසා යු එන් පී
කාරයෙක් වු දුමින්ද සිල්වා තම ඔඩොක්කුවට ගත්තේද මේ සංඛ්‍යාත බල
මහිමය හේතුවෙනි.
සංඛ්‍යාත පරිපාලනය බාර විදුලි සංදේශ නියාමන කොමිසම
ජනාධිපතිවරයාට අයත් අමාත්‍යංශ යටතේ තබාගන්නේද ඒ හරහා කළ
හැකි ජඩකම් වල කෙලවරක් නැති වීම හේතුවෙනි
සංඛ්‍යාත කළමණාකරකරණයේ මේ රූඩිකෘත ස්වභාවය වෙනස් කර
පාරදෘශ්‍ය ක්‍රමයක් හදන්නට වෑයම් කලේ සංඛ්‍යාත කළමණාකරණය බාර ආයතනය වන විදුලි සංදේශ නියාමන කොමිසමේ එවක අධ්‍යක්ෂ ජනරාල්
වු මහාචාර්ය රොහාන් සමරජීව පමණි.
ඉන්පසු අධ්‍යක්ෂ ජනරාල් වරු ගෙදර ගියේ තමන්ගේ නමටද සංඛ්‍යාත
පවරාගනිමිනි.
සංඛ්‍යාත ගැන අලුත්ම කතාව නැවත එම් ටී වී හා සම්බන්ධ වේ.
යහපාලනය සදහා ප්‍රබල මෙහෙයුමක් කළ සිරස නාලිකාවට ජනපති
සිරිසේන විසින් හොර රහසේම සංඛ්‍යාත ගොන්නක් පවරා දුන් බව ඊයේ
රාවය එළිදරව් කළේය.
මෛත්‍රි බලයට ගෙන ඒමට සිරස මහගු කාර්යයක් කලේය.
එහෙත් ගලේ පැහැරූ කල සිරස වුවද, පැතිරෙන්නේ දුගදමය.
රාවය පුවත ඇත්තනම් යහපාලනය වෙනුවෙන් මෛත්‍රීට කඩේ ගිය හැට
දෙලක්ෂයක් කර ඇත්තේ ගොන්කමකි.
ඒ පුවත ඇත්තනම් සිරස කර ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමකි
එහෙමනම් අපි එන පාරත් දෙන්නම්
බැටේ!!!!!
ඉස්සුවා...
Last edited:




