සිරස නොව මොළය පාවිච්චි කරන්න

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
0.jpg
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිරස හා අපි.....







    (මෙම බ්ලොග් සටහන සොරි.කොම් ෆේස් බුක් සමුහය විසින් සකස් කොට පලකල ඉහත පෝස්ටුව වෙනුවෙන් ලියවුන කමෙන්ටුවක් වන අතර ෆේස බුක් තුල මෙය පලකිරීමට තිබු ගැටලුව නිසා මෙලෙස පලකර ඇත. සංවාදයට විවෘතයි.)


    ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය සැලකීමෙදි සිරසාගමනයත් සමග ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය උඩු යටකුරු වී ගිය බව කවුරුත් දන්නා සත්‍ය කරුණකි. ඔවුන් විසින් ආරම්බ කල විවිධාකාර වැඩසටහන් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට වු පරිහානිය සුළු පටුනොවේ. සිරස විසින් ලංකාවට ගෙනා මුල්ම වෛරසය වුයේ මෙගා ටෙලිනාට්‍යයයි. ශාන්ති වැනි ඉන්දිය මෙගා නාට්‍ය වලින් ආරම්බ වු ඒ අදුරු යුගයේ අප තාමත් ගිලී සිටියි.එකල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් උමතුවෙන් මෙන් ඒවායෙහි නිලියන්ට ඇලුම් කරන්නට විය. ප්‍රධාන ජවනිකාව රගපැ නිලිය ලංකාවට (මතකයේ ඇති පරිදි ඇයගේ නම අනුරාධා ශ්‍රී රාම්ය )ගෙන ඒමට සිරස කටයුතු කලෝය.කටුනායක සිට මල් පොකුරු රැගෙන ඇය පිලිගැනීමට සිටි ජනකායක් සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් දිනා පැමිනෙන විට සිටියාදැයි සැකයකි.සත්‍ය වශයෙන්ම සිරස ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයාව තමාගේ ග්‍රහනයට ගත්තේ ඔවුන් මෝඩයාට අන්දලාය.ඉන්දියාවේ හෝ ප්‍රසිද්ධියක් නොමැතිව සිටි එම නිලියට ලංකාව තුල ලබා දුන් එම ප්‍රසිද්ධිය මට තවමත් මතකය.මිනිසුන් නොකා නොබී මෙගා බලන යුගයකට ඇද දැම්මේ සිරස රෑපවාහිනිය බව එකහෙලාම කිව යුතුය.


    ඔවුන්ට සිරසක් තිබුනි එයත් නිකම් සිරසක් නොව කපටි කෛරාටික සිරසකි. අපේ අයට තිබු මෝඩ සිරස ඔවුන්ගේ සිරස විසින් තව තවත් අගාධයට ගෙන ගියා මිස යහපතට යෙදුවේ නැත.සිරසට ආකර්ශනය වු ප්‍රේක්ෂක ජනයා අනිත් නාලිකා දෙස ඇසක් ඇර බැලුවේ නැත. එමනිසා ඔවුන්ද සිරස අනුකරණය කරන්නට විය. ඔවුනුත් ඉන්දියාවෙන් කුනු ගොඩාක් ගෙන සිංහලට හඩ කවා විකාශය කරන්නට විය. දැන් හොද තරගයක් ඇති වී ඇත ප්‍රේක්ෂකයා හොල්මන්ය.සිරසේ එක බලනවද ස්වර්ණවාහියේ එක බලනවද? දෙකම තියෙන්නේ එකම වෙලාවට ඒ රාත්‍රී 8ට ..පවුලේ ,තාත්තා ප්‍රවෘත්ති බැලීමටද දුව සිරසේ නාට්‍ය බැලීමටද මව ස්වර්ණවාහිනියේ නාට්‍ය බැලීමටද තරග කරයි..අන්තිමට තරගය නිමවන්නේ සමහර විටක ගෙදර බඩු එහා ගෙදර මිදුලෙන් පසුදා අහුලා ගැනීමට වන තත්වයක් නිර්මාණය වීය.සිරස පසු කලෙක ලංකාවේ නලු නිලියන් යොදවා ඉන්දියාවෙන් කැමරා උපකරණ ආදිය ගෙන්වා වසුදා වැනි නාට්‍ය කලේය.එවිට අනිත් නාලිකාද එයම අනුගමනය කරමින් ලංකාවේ නලු නිලියන් යොදා මෙගා කිරීමට අවතීර්ණ විය. මෙම නාඩගම තවත් ඉදිරියට ගෙනයමින් රන් දෙපැය (ගොන් දෙපැය) වැනි මෙගා වැලක් ඉදිරිපත් කිරීමට සිරස පසුබට නොවිණි. මෙයද අනුකරණය කල අනික් නාලිකා රාත්‍රී 7 සිට 10 දක්වා එක දිගට මෙගා පෙන්වන්නට පටන් ගති.

    ඇත්ත වශයෙන්ම සිරස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ රසඥ හැකියාව දැන් විනාස කර හමාරය. සිරස විසින් කල විනාශය අනිත් නාලිකා විසින් කරන ලද විනාශය මෙන් තුන් හතර ගුණයකි. අනිත් නාලිකා එම වැරදි මාවතට ඇද දැමුවේද සිරසයි.ඔවුන් එයටද වගකිව යුතුය. මෙහිදි මෙගා ටෙලි නාට්‍ය මම නිදසුනක් ලෙස ගත්තේ සිරස විසින් සිදු කල සියලුම දේවල් සිදු වුයේ මෙගා නාට්‍ය සමාජයේ ප්‍රචලිත කරවු ආකාරයටම නිසයි. ඉන්දියාවෙන් හෝ කෙහෙන් හෝ පිට රටකින් අමු අමුවේ කොපි කරන වැඩසටහන් අපේ රසිකයාට මැජික් ලෙස සිරස ලබා දුනි.සිරස කුමරි වැනි වැඩසටහන් නිසා දෙරණද එවැනි වැඩසටහනක් කළෝය. වීට් මිස් ශ්‍රී ලංකා වු එම වැඩසටහන තුල ශ්‍රි ලාංකික තරුණියගේ නිරුවත කිසිම හිරිකිතයක් නැතුව ලෝකයාටම පෙන්විය.අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන???? පියයුරු එළියට පනින්න දගලන ,තනපුඩු කිටිකිටියේ පිටතට නෙරු බිකිනිය ?? අපේ අවුරුදු කුමරියන් කෙදිනක වත් මෙලෙස ඇද සිටියාද? අපි අසාවෙන් ඔවුන් දෙසා බලා සිටියේ ඔවුන් තුල තිබු සුන්දරත්වය දෙස මිස ඔවුන්ගේ තන පුඩු දෙස නොවන බව කිව යුතුය..ගමේ සිට නගරයට පැමිණෙන මල් කැකුළු තලා පොඩි කර මත්පැන් වීදුරුවට සුපිරි පැලැන්තියේ ඝනිකාවන් බවට පත් කරන මෙවැනි වැඩසටහන් තුලින් අපේ දේ රැකුණේ කෙසේද?? දෙරණට බනිනවාට වඩා සිරිසට බනින එක සාධාරණය..මක් නිසාද මේ වෛරසය ලංකාවට ගෙනාවේ ඔවුන්ය.


    62355_105105686219827_100001611887386_39405_1924987_n.jpg
    නදි වාසලමුදලිආරචිචි

    මීට ටික කලකට ඉහතදී ජාතික පුවත්පතක විශේෂාංග අතිරේකයේ තිබු ලිපියක් මා මතකයට පැමි‍නේ.එහි ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සම්මුඛ සාකච්චා පවත්වන තීරයේ සිරස රුපවාහිනියේ වැඩසටහන් වල පෙනී සිටි නිවේදිකාවක වන නදී වාසලමුදලිආරච්චි සමග සංවාදයක් විය. ඇය ෆැමිලි චොයිස් වැනි වැඩසටහන් වලට දායක වු අතර ඇය ඒ ගැන පවසා සිටියේ සිරසේ වැඩකල කාලය පිලිබද කලකිරීමක් ඇති බවයි.ඇයට එකල එය තේරුම නොගියද පසු කලෙක ඇය සත්‍ය තේරුම් ගෙන තිබුනි. ඇය වැඩිදුරටත් පවසා සිටියේ සිරස විසින් තරුණ තරුණියන් පාට පාට ලොවක අතරමංකර අතහැර දමන බවයි.ඇත්ත වශයෙන් එය සැබැවක් බව මධ්‍යස්ථව බලන ඕනැම පුද්ගයෙකුට වටහා ගත හැක. සිරිස විසින් පෙන්වු ඒ සිහින ලෝකයේ අතරමං වුවෝ සහ අතරමං වෙමින් පවතින්නෝ සමාජයේ සුලභව දැකිය හැක. සිරිස විසින් සමාජයට දුන් හොද ආදර්ශද නැතුවා නොවේ. සුපර් ස්ටාර් වැඩසටහන, ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහන් පිලිබදව මා පෞද්ගලිකව සතුටු වේ. ඒ එම වැඩසටහන් නිසා ඉදිරියට ගිය පිරිසක් සහ දක්ෂතා සපිරි පිරිසක් බිහි වු බැවිනි. සිරස ප්‍රවෘත්ති තුල සිරස විමර්ෂන වැනි වැඩසටහන් ගැනද මා තුල ඇත්තේ සතුටකි. සිරස විසින් කල කී දැ නිසා සමාජයට හොද ආදර්ශ වලට වඩා ලැබුනේ නරක ආදර්ශ බව පැහැදිලිවම කිව යුතුය.ඔවුන් දැන්වත් ඔවුන්ගේ වැරදි තේරුමගෙන යහපත් සමාජයක් බිහි කරළිමෙහිලා ඒ දැවැන්ත කාර්යබාරයට අතගැසිය යුතුව ඇත.නැතහොත් සමාජය අදුරෙන් අදුරටම යනු විනා කිසිදු ආලොකයක් දැකිය නොහැක්කේමය.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams

    උරෙක් avatarදාගෙන ඉන්න අන්කල් තමන් ගොඩනගන රාමුව ඇතුලේ අනිත් මිනිස්සුන්වත් කොටු කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා.
    කාලෙන් කාලෙට ඔය වගේ මැන්ටල් බිහිවෙනවා.ගෑනුන්ට කළු රෙදි අන්දපු නබියත් ඔය වගේ.ඌ තමන්ගේ ගොන් අදහස් දෙය්යෝ
    කිව්වා කියල පොතක ලියල හම්බයෝ ඇන්දුවා වගේ අන්කල් ඉලක්ක කරගන්නේ එළකිරියේ ලොග් වෙන සමවයසේ අන්කල්ලව.
    සිරස ගැන කියනවනම් කව්ද ලංකාවේ රූපවාහිනී බලන්නේ තමන්ගේ හවස් කාලේ රූපවාහිනිය ඉස්සරහ ගෙවා දාන්නේ,
    night club යන්නේ නැති,film බලන්න යන්නේ නැති නැති,internet නැති,කොටින්ම ටෙනිසොන් ගේ ජෝක් එකක්වත් බලන්න යන්න බැරි, බත් මුට්ටිය +TVඑක ජීවිතේ කරගත්ත අසරණ ගෘහණියෝ,
    රැකියාව+TVඑක කරගත්ත අනුන්ට හම්බ කරලා සොච්චමක් අරගෙන ජීවත් වෙන මිනිස්සු
    මේ මිනිස්සුන්ගේ අහිංසක රසවින්දනයටත් කෙලින්න යන්න එපා,එක හරියට
    තලේබාන් කාරයෝ ඇෆ්ගන් ජනතාවගේ එකම විනොදන්ශේ වෙච්ච සරුංගල්
    යවන එක නැවැත්තුව වගේ.​

    umba london api sri lankawe e nisa waka puhugena hitu:lol::lol: