මට හැමතිස්සෙම දැනෙනවා මට අනාගතයේ වැඩ කරගන්න බැරි වෙයි කියලා. ඉස්සරත් මේ ගතිය තිබ්බා.
ඒත් දැන් ඊළඟ අවුරුද්දෙ යුනිවසිටි යන්න ඉන්න නිසා මට හිතෙනව මට මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා.
මානසික රෝගයක් නිසා මෙහෙම වෙන්න පුලුවන්ද?
මම OCD නිසාත් පුදුම දුකක් වින්ඳේ. එක එක ලක්ෂණ තිබ්බට මම දැනන් හිටියේ නෑ එහෙම ලෙඩක් තියෙනව කියල. මගේ පාඩම් කරන්න තියෙන කාලෙන් සෑහෙන වෙලාවක් නාස්ති වුණා ඒක නිසා. පස්සෙ @ST.PIERRE ගෙ ත්‍රෙඩ් එකක් දැකල තමයි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්තෙ.
OCD තිබිලා බෙහෙත් ගත්තට පස්සෙ තමයි හිතුණේ අපරාදෙ කලින් ඉඳල ම බෙහෙත් ගත්තනම් කොච්චර හොඳ ද කියලා. ඒත් ඉතින් දැනං හිටියෙ නෑනෙ එහෙම ලෙඩක් තියෙනව කියල. දැන් ඒ වගේ ලෙඩ තියෙනව කියල දන්නව නිසා හිතෙනව මේකත් ලෙඩක් ද දන්නෑ කියල.
අනාගතයේ වැඩ කරගන්ම බැරි වෙයි කියල හිතෙන නිසා ම මට නිශ්චිත ව තීරණයක් ගන්න බැරි ගතියක් දැනෙනවා.
ඒක ද මේක ද කිය කිය හිත හිත ඉන්නවා අනවශ්‍ය විදියට.එක එක මනස්ගාත හිතෙනවා.
ඩිග්‍රිය ගැන නම්,
අවුරුදු 4ක් කර ගෙන යන්න පුළුවන් වෙයිද? මගදි අත ඇරල දාන එකක් නැද්ද? විභාග රිපීට් වෙයි ද? රිපීට් විභාග පවා රිපීට් වෙයි ද? එතකොට බැච් මිස් වෙයි ද?ඒක නිසා අවුට් වෙද්දි වයස යයි ද? ඒක නිසා ම බඳින්නත් බැරි වෙයි ද?... කියලා.
ඇත්තට ම එච්චර බැරි කමක් නැතුව ඇති. ඒත් අරම හිතෙන නිසා තීරණයක් ගන්න බෑ. ස්ට්‍රෙස්ත් වෙනවා.
මුහුද හත් ගව්වක් තියල අමුඩෙ ගහනව වගේ සීන් එකක් ඉතින් මොනා කරන්න ද මට මනස්ගාත හිතෙනවනේ.
තව මේවත් තියෙනවා සුළු වශයෙන් වගේ...
සමීපතමයන්ට කරදරයක් වෙයිද?
මොකක් හරි දේකදි මම ගැන වැරදියට හිතයි ද?අරක මේක දහසක් දේ හිතෙනව.
මේකෙ ඉන්නවනෙ එක එක මානසික ප්‍රශ්න තිබිල බෙහෙත් ගත්ත/ ගන්න කට්ටිය, ඒ වගේ ම ඩිග්‍රි කරපු/ කරන කට්ටිය. ඒක නිසයි මං මේක දාන්නෙ.
මේකට මම මොකක්ද කරන්න ඕන ඇත්තෙ?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්වනවනම් මේ වගේ මගේ ප්‍රශ්නෙ සංයමයෙන් කියන්න පුළුවන් විදියට වෙලාව දෙන ඩොක්ටර්ස්ල කව්ද ඉන්නෙ.
ස්තූතියි.

Last edited: