සිරිකොත බුදු පිළිමෙටත් හානි
විමල්ගේ පිරිසකුත් ගුටිකාලාසිරිකොත ප්රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි.
තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක්ද වෙතියි දැනගන්නට ඇත.
සිරිකොතට පිවිසෙන සියලුම මාර්ග වසා පොලිස් කැරලි මර්දන බළඇණිද කැඳැවු බව පොලිසිය කියයි.
සියලුම වාහන කිඹුලාවලට හැරවු බවද පොලීසිය සඳහන් කරයි.
සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයට හානි කර ඇතැයද සිරිකොත ආරංචි කියයි.
විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම සිරිකොතින් ඈතට ගොස් සිටින බවත් සිරිකොතට එල්ලවන ප්රහාර වැළැක්වීම සඳහා එජාප පාක්ෂිකයින් පිරිසක් සිරිකොත ඉදිරිපස සිටින බව සිරිකොත පවසයි.



