බටහිර රටවල් වලින් කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න, අතේ පත්තු වන බව පේනවා නම් පැලැස්තර දාලා වහලා සාමාජයට ඒත්තු ගන්වන්න දඟලන තවත් එකෙක්. මගේ වචන ඔබව රිදවනවා නම් සමාවෙන්න. අඩුම තරමින් ඔබට යමක් සිංහලෙන් සඳහන් කරන්නත් අපහසු බව පෙනෙනවා.
ඔබ පවසන්නේ ඔය කියන කාලයේ දි ඒ බුදු හාමුදුරුවන්ගේ දන්ත ධාතූන් වහන්සේ බව නිශ්චිතව හඳුනාගෙන පුළුස්සා විනාශ කළා කියලද?


බලපං අපි වගේ ද උන් ඒ කාලෙදිත් පට්ට දියුණුයි.
අනෙක් කාරණය, බුදු දහම අනුගමනය කරන පිරිස පමණක් නෙවෙයි සමස්ත ආධ්‍යාත්මික සංවර්ධනයක් ලැබූ පුද්ගලයින්ව අවතක්සේරු කරන්න එපා. ඔවුන්ගේ හැකියාවන් ඉතාමත් ප්‍රබලයි. විවේකයක් තිබෙන විට අධ්‍යනය කරලා බලන්න. ඔබට මේ විෂය ගැන එතරම් දැනුමක් නැතිව ඇති. ඉන්දියාවේ සෘෂිවරු ඉන්න බව තවමත් ප්‍රසිද්ධයි. ඔබට ඒ ගැනත් හොයලා බලන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ කියන්නේ අධ්‍යාත්මික ලෝකයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයෙක්. ජීවත් වූ කාලය අතරතුර කිසිදු පුද්ගලයෙක්ට බුදු හාමුදුරුවන්ව ඉක්මවා යන්න බැහැ. ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා ඉතිරි විය යුතු බව සහ ඒවා නිශ්චිත කාලයක් පැවතීමට අධිෂ්ඨාන කළ බව ඉපැරණි ග්රන්ථ වල සඳහන් වෙනවා. ඉතිං කොල්ලෝ මගේ දැනුමට අනුව ඒවා මලාට විනාශ කරන්න බැහැ.
ඔය විස්තරය ලියපු තිරිසනා එක ගලෙන් කුරුල්ලෝ කී දෙනෙක් මරනවා ද මන්දා. නියම රජ කෙනෙක් බව ඔප්පු කරන්න අවශ්‍ය වස්තුවක් විනාශ වී ඇත්නම් සහ නැවත සෑදීමට නොහැකි නම්, ඔබ සිතන්නේ වලංගු උරුමයක් තිබෙන පුද්ගලයින්ට ඉන් මතුවට ලංකාවේ නියම රජවරු වීමට නොහැකි බව ද? සහ බහුතරයක් මහජනතාව තවදුරටත් නොතිබෙන දෙයක් අපේක්ෂා කිරීමට තරම් අඥාණ සහ ඔවුන් රැවටිය යුතු බව ද? ඉහත කාරණය පැවසීමෙන් වත්මන් සමාජයට වන හානිය ගැන ඔබට අවබෝධයක් නැහැ. නිකං තේරුමක් නැති දේවල් කියවන්න එපා.