සිරිපාදය

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    කරදරයකින් තොරව පද්මේ වඳින්න මේ දේවල් හිතට අරගන්න





    සිරිපාදය කියන්නේ ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ ආගම් වලිනුත් තමන්ගේ ආගමට ශ්‍රීපාද කන්දේ ඇති සම්බන්ධය කියන්නට උත්සහ කලත්, තවමත් ලංකාවේ බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙන්නේ මේ ශ්‍රීපාද පත්මය තමයි.



    1. ආරම්භය



    Siripa-Vandana-Karunu-aniwa-01.jpg
    Source – dailynews.lk



    සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා.
    මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.




    ගමන් මාර්ගය

    Siripa-Vandana-Karunu-aniwa-02.jpg
    Source – www.google.lk/maps




    2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම



    Siripa-Vandana-Karunu-aniwa-03.jpg
    Source – news24.com


    ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අය ඕනා තරම් සිටිනවා.
    නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.
    3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා



    Siripa-Vandana-Karunu-aniwa-04.jpg
    Source – dailynews.lk



    • පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි.
    • කෝඩුකාරයින් වර්ග දෙකයි.
    • ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“.
    • කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ.
    • බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි.
    • ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා.
    • ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි.
    • අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි.
    • ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි.
    • වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්
    වඳින්ඩ යන මේ නඩේට
    සුමන සමන් දෙවි පිහිටයි

    වැඳල බහින මේ නඩේට
    සුමන සමන් දෙවි පිහිටයි
    කරුණාවයි – කරුණාවයි

    • වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්.
    • කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්‍රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.









    4. පද්මෙට යනතුරු



    ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නිය පෙදෙසින් යන මාර්ගය.

    පලාබද්දල මාර්ගය
    Siripa-Vandana-Karunu-aniwa-05.jpg
    Source – panoramio.com


    දුරින් වැඩි වුනත් හෙල් ගතිය අඩු නිසා අඩු මහන්සියකින් යන්නට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි දුරින් වැඩි වුනත් නියමම මුල් ගමන් මාර්ගය විදියට සැලකෙන්නේ මේ පලාබද්දල මාර්ගය තමයි.
    මෙහිදී අපිට ප්‍රධාන ස්ථාන කිහිපයක් හමුවෙනවා මේ සියල්ලම වන්දනා කරුවන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන. අපි එකින් එක ඒවා හඳුනා ගමු



    ලිහිණි හෙල අම්බලම


    Siripa-Vandana-Karunu-aniwa-06.jpg
    Source – wikimapia.org


    ලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි.



    ධර්මරාජ ගල

    Siripa-Vandana-Karunu-aniwa-07.jpg
    Source – hikershavensl.wordpress.com


    අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ.



    ගෙත්තම් පාන/ඉඳිකටු පාන

    Siripa-Vandana-Karunu-aniwa-08.jpg
    Source – pinterest.com


    බුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ.
    මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද?



    සීතගඟුල

    Siripa-Vandana-Karunu-aniwa-09.jpg
    Source – panoramio.com


    මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ.



    ඇහැල කණුව

    Siripa-Vandana-Karunu-aniwa-10.jpg
    Source – sirilakasarisara.blogspot.com


    අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්.



    අහස්ගව්ව

    Siripa-Vandana-Karunu-aniwa-13.jpg
    Source – panoramio.com


    මේ ආශ්‍රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා.



    මහගිරිදඹය

    Siripa-Vandana-Karunu-aniwa-12.jpg
    Source – google.com/napsl.com


    අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.



    හැටන් නල්ලතන්නි මාර්ගය

    Siripa-Vandana-Karunu-aniwa-14.jpg
    Source – travelogueslanka.com


    දුරින් අඩු වුනත් පහසුවෙන්ම පද්මය ආසන්නයටම වාහන වලින් ගොසින් කි.මි 6 ක් පමණ ගෙවා පද්මයට ලඟා වන්නට හැකි නිසා මේ පාර වන්දනාකරුවන්ගේ තවත් තෝරාගැනීමක් වෙලා තිබෙනවා.

    5. නොකියූ පැත්ත.



    Siripa-Vandana-Karunu-aniwa-15.jpg
    Source – yzasrilanka.lk


    කොතරම් ආදරයෙන් පේ වෙලා පද්මේ වන්දනා කලත් ගොඩක් අපේ වන්දනාකරුවන් පරිසරයේ පිරිසිදුකම ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය බිම දමා යාම නිසා, බොහෝ කසල තොගයක් වන්දනා කාලය තුලදී සිරිපාදය ගමන් මාර්ග වල එකතු වෙනවා.
    වර්තමානයේදී ආරක්ෂක අංශ සහ ස්වෙච්ඡා සංවිධාන මේවා සුද්ධ කරන්න විවිධ ක්‍රමවේද යෙදුවත් ඇත්තටම ඔබේ දැනුවත්කමත් සැළකිල්ලත් මේ කර්තව්‍ය සාර්ථක කරගන්නට අත්‍යාවශ්‍යයි කියන එක නම් කියන්නම ඕනේ.
    ඒ නිසා කරුණාකරලා, මේ සිරිපා පියුම කරුණාකරන්නට කලින් කරුණාකරලා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.


    උපුටා ගන්නා ලද්දේ

    http://www.aniwa.lk/2017/03/24/1703244-siripa-vandana-karunu/
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    sathiyakata kalin mas malu noka enda kiwata ape un siri pade wadinda yanne kana palenda gahala harak mas uru mas bite 1ta kala ehemane ban. a madiwata horen siri pade kanda pamulata genihinuth gahanawa arakkui ganjai :baffled: oya kiwata math yana gane ohoma thama
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ගිය සතියේ සිරි පාද කරුනා කරා මචන්.... ඊට කලින් මේ Post එක දකින්න තිබුනා නම් සුපිරී !
    කෝඩු කාරයන්ට අනිවා වටිනවා !
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    vadagathma deyak kiyannaa onaa .. siripa karuna karanna yana davas gana
    puluwan tharan long weekends maga hara yanna ..
    davasak nivadu daala hari sathiya davasaka yanava nan thama leeesiyen karunaa karanna puluwan
    hondama velava karunaa karanna raaa 10 ta patan ganna..
    ethakota pahu daa ira naginava uda maluwe indan balanna gaanata 4-5 ta uda maluwata naga ganna puluwan ( karuna karana velava venas vena yana nadee inna ayage shareeka shakthiya hatiyata )
    api nan hamadaama 12 am ta thama hatton paththen karuna karanna ganne .. 5am weddi uda maluwe inna.. ee vagema api yanne week days vala ...
    long week end ekak gihilla ( danne nathiwa .. Monday government niwadu kiyala) apita paya 12 giya uda maluwata yanna ..
    patan gaththen hatton paththen naginna.. indikatu paanen ehaata senaga hellennewath naa .. eeta passe rathnapura paarata giya kaala paren ( sir paada kanda vate kala paara ) rathnapura paarath echcharamai.. maara senagak hitiye ...
    ee hinda karunaa karanna yaddi yana davasa gana salakilimath vena eka vadaa hondai
     
    Last edited:
    • Like
    Reactions: Sataninhell

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Godak Yana Kollo Ganja Suruttu Gagaha yanne...

    sathiyakata kalin mas malu noka enda kiwata ape un siri pade wadinda yanne kana palenda gahala harak mas uru mas bite 1ta kala ehemane ban. a madiwata horen siri pade kanda pamulata genihinuth gahanawa arakkui ganjai :baffled: oya kiwata math yana gane ohoma thama

    වෙන්න ඇති බන්.... ඔක්කොමලා තමා තමන්ගේ ආතල් එකත් ගන්නවනේ බන් ඔතනදි......

    ගිය සතියේ සිරි පාද කරුනා කරා මචන්.... ඊට කලින් මේ Post එක දකින්න තිබුනා නම් සුපිරී !
    කෝඩු කාරයන්ට අනිවා වටිනවා !

    එල එල...අපිත් ලගදීම කරුනා ඕනේ....


    vadagathma deyak kiyannaa onaa .. siripa karuna karanna yana davas gana
    puluwan tharan long weekends maga hara yanna ..
    davasak nivadu daala hari sathiya davasaka yanava nan thama leeesiyen karunaa karanna puluwan
    hondama velava karunaa karanna raaa 10 ta patan ganna..
    ethakota pahu daa ira naginava uda maluwe indan balanna gaanata 4-5 ta uda maluwata naga ganna puluwan ( karuna karana velava venas vena yana nadee inna ayage shareeka shakthiya hatiyata )
    api nan hamadaama 12 am ta thama hatton paththen karuna karanna ganne .. 5am weddi uda maluwe inna.. ee vagema api yanne week days vala ...
    long week end ekak gihilla ( danne nathiwa .. Monday government niwadu kiyala) apita paya 12 giya uda maluwata yanna ..
    patan gaththen hatton paththen naginna.. indikatu paanen ehaata senaga hellennewath naa .. eeta passe rathnapura paarata giya kaala paren ( sir paada kanda vate kala paara ) rathnapura paarath echcharamai.. maara senagak hitiye ...
    ee hinda karunaa karanna yaddi yana davasa gana salakilimath vena eka vadaa hondai

    සැහෙන්න වටිනවා බන්..... ගොඩක් පින්........