සිරිපාදේ...

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    අවාරයේ ශ්‍රීපාදය කරුණා නොකිරීමට හේතු-

    අවාරයේ ශ්‍රීපාද මුළු පරිසරයම තද මීදුමෙන් දැඩි සුළඟින් පිරීයයි. තද සුළඟට ශ්‍රීපාද රක්ෂිතයේ ඇති ගහකොළවල විශාල අතු බිඳවැටී ගස් ඉදිරි වැටී මාර්ග අවහිර වෙයි.
    අවාරයට ශ්‍රීපාදයේ ජලය විදුලිය වෙනත් පහසුකම් නොමැත. ඒවා විසන්ධි කරයි. විදුලිය නැතිව රාත්‍රී ගමන ඉතා අනතුරු දායකය. අවාරයට දැඩි සුළඟ සමග එක දිගට විදුලි කොටමින් අකුණු ගසමින් දින ගණනාවක් මහවැසි ඇද වැටෙයි.

    කුඩා පටු මාර්ගවල ගල් ගැලවී වැටෙයි. අතු කඩා වැටී ගස් වැටී මාර්ග අවහිර වෙයි. ශ්‍රී පාදයට යන මාර්ග අඩි ගණනක් වසාගෙන බොරපාට වැහි වතුර කදන් පහළට ගලයි.
    මාර්ග යටවී ඒවා සොයා ගැනිමට බැරිවෙයි. ගහකොළ අඩු පරිසරයේ අකුණු හා හෙණ තදින් පුපුරයි. වර්ෂා කාලය සමග රක්ෂිතයේ වනසත්තු කෑම සොයා එළියට ඇදෙති. දිවියා නල්ලතන්නිය දක්වා සැරසරයි.
    දහතුන් දෙනෙකුගෙන් යුතු කුරු අලි රංචුවක් අවාරයේ ශ්‍රීපාද පද්මයේ මුදුනට පවා නගිනි. තනිව ඇවිදීම අවදානම්ය. වන්දනා කාලයට මේ අලි රංචුව ඈත කඳු අතර වනාන්තරවලට ඇදීයයි.
    පිපාසය බඩගින්නට ආහාරයක් ගැනීමට කඩපිල් නැත. ඒවා අවාරයට වැසී යයි. අවාරය මිනිස් පුළුටක් දක්නට නැති මීදුම වැස්ස මැද පරිසරයක යන අය අතරමං කරයි. වනය හා ආශ්‍රිත ඇතැම් අත්භූත බලවේග ගැනද ඇතැමුන් පවසා ඇත්තේ බියකරු සිදුවීම් සමගිනි, අවාරය මිනිසුන් විසින් හයමාසයක් අපවිත්‍රකළ මුළු ශ්‍රීපාද අඩවිය දෙවියන් විසින් සෝදා පවිත්‍ර කිරීමක් කරන බව හැඟෙයි.
    :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes::yes::love:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dan ooonema deyak karanna kalin danuwath wela yana eka hodai wage.. issara sinhalayata thibba thana dan naa..

    මේ ඉන්නේ තවත් මෝඩයෙක්.උබලගේ නෙට් එකෙන් මහලොකුවට සිංහල කම නම් තියෙනවා.සක්කිලියෝ වගේ ගිය තැන කාලා රීලා එන්නේ.බලාපිය ඇස් ඇරලා.උබ කියන්නේ මේ හම්බයෝ දාපු කුණු කියලද?ලැජ්ජ වෙයන්.සිංහල කම ගැන මහලොකුවට පුරාජේරු ගහනවා.ඒ උනාට සිරීපාදේ ගිහිල්ලත් කුණු පුරෝලා එනවා.

    asammathaya-17.jpg

    asammathaya-46.jpg

    http://www.bigheartsfoundation.com/සමනල-අඩවිය-සුරකිමු-කසල-සු/
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ඔය මම කිව්වේ.:lol::lol::lol: බයි හුයියෝ එතකොට තොපේ මරාගේ මලයා බැසිල් සිරීපාදේ ඉඩමක් අරාබියේ හම්බයෙක්ට විකුණුවේ.ඒවා කමක් නැද්ද:lol:?

    SD-P-23-12-11-RRT-2.jpg

    මි හරකෝ සිරිපාදේ යන්නේ බයියෝ විතරද? මන් කිව්වේ දැන් ඔතනට වෙලා තියන දේ.. මහින්දගේ කාලේ වැරද්දක් උනානම් ඒක නිවැරදි කරන ඒක නෙමේද යහපාලනේ කරන්න ඕනේ.. මුන් ඇවිල්ල සහජිවනේ කියාගෙන සේරම විනාස කලාම හරිද? :angry:
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    කුරු අලි කියන්නෙ මොක්කුන්ට ද මචං

    නාමමාත්‍රයෙන් හැර කිසිවෙනුත් නොදැකපු සත්ව කොට්ටාශයක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කුරු අලි කියන්නෙ මොක්කුන්ට ද මචං

    kurualiya.jpg

    1452044_356928621118121_228791289_n.jpg

    අලි-මිනිස්‌ ගැටුම උග්‍රව පැවතියද, වසරකට වන අලින් 200 ක්‌ පමණ අකාලයේ මිය ඇදුනද ශ්‍රී ලංකාව අලින්ගෙන් පොහොසත් රටකි. එමෙන්ම අපගේ සංස්‌කෘතියේ අලියාට හිමිවන්නේ වෙනත් වන සතකුට හිමි නොවන ස්‌ථානයකි. එනිසාම අලින් පිළිබඳ කෙතරම් ගැටලු පැවතියද අපට අලියා මහා සාඩම්බරයකි.

    මේ සාඩම්බරයට නොයෙක්‌ වර නොයෙකුත් විශේෂතා ඇතිවුණු අවස්‌ථා බොහෝය. නිදසුනක්‌ ලෛස මේ මෑතක්‌ වන තුරුම ආසියාවේ දිගම දළ සහිත ඇතා දිවි ගෙවූයේ අපේ රටේය. දළ¹ කරඬුව වැඩම කිරීමට තරම් පුණ්‍යවන්ත වූ ඒ ඇත් රජු අන් කවරෙකුත් නොව මිල්ලන්ගොඩ රාජාය. එසේම, ජාතික වස්‌තුවක්‌ සේ ප්‍රකාශයට පත් කෙරුණු දළ¹ මාළිගාවේ රාජා ගැන ද මෙහිදී අපට සිහිපත් වේ. ඔවුන් ගෘහාශ්‍රිතව දිවි ගෙවූ අලින් වන අතර, යාල, කුමන වැනි දකුණු කලාපයේ දිවි ගෙවූ දළ පූට්‌ටුවන් ද අපගේ අලි සම්පතට අභිමානය කැන්දූ ඇත් රජවරුය.

    මෙවන් ඉතිහාසයක්‌ ඇති සිරිලක ඇත් - අලි පරපුරේ කතාන්දරයට තවත් වටිනාකමක්‌ එක්‌කරමින් ලෝකයේ ප්‍රථම සත්‍ය කුරු අලියා සත්ත්ව ලෝකයට හඳුන්වා දීමට ද දැන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදීය. පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රථම වතාවට ප්‍රවීණ වන සත්ත්ව ගවේෂකයකු වන රොහාන් විෙ-සිංහ මහතාගේ පූර්ණ හා මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම අසාමාන්‍ය හස්‌තියා ඉන්පසු ප්‍රවීණ අලි විශේෂඥයන් වන වෛද්‍ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු, නදීක හපුආරච්චි වැනි අයගේ පරීක්‍ෂාවට ද බඳුන් වී දැන් එය විද්‍යාත්මක තහවුරු කර ඇත්තේ විද්‍යා පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

    එනම්, ආසියානු අලින් පිළිබඳ සංගමයේ ප්‍රකාශනයක්‌ වන ගජා සඟරාවේ 38 (2013) 30-32 ඉකුත්දා ප්‍රකාශයට පත් කෙරිණි.

    මෙම කුරු අලියා වයසින් අවුරුදු 20-30 ත් අතර ප්‍රමාණයේ යෑයි සැලකෙන අතර වැඩුණු පිරිමි සතෙකි. උස අඩි 5 ක්‌ පමණ වේ. සාමාන්‍ය පරිදි වැඩුණු සිරුරක්‌ මෙම අලියාගේ උඩු කයෙහි දක්‌නට ඇති අතර පාද ඉතා කෙටි සහ පුළුල්ය. හිස, හොඬය හා හොඬ මූලය (හක්‌ක ප්‍රදේශය) වැඩුණු අලියකුට සමානය.

    මෙම අලියා ප්‍රථමයෙන්ම නිරීක්‍ෂණය කර ඇති රොහාන් විඡේසිංහ මහතා පවසන පරිදි ඔහුට කුරු අලියා මුණගැසී ඇත්තේ උඩවලව වනෝද්‍යානයේ ප්‍රවිශ්ඨ දොරටුවට මඳක්‌ ආසන්නයේ පිහිටා ඇති තේක්‌ක වැව අසල මාර්ගයේදීය.

    "මම උද්‍යානයට ඇතුල් වුණේ පෙරවරු හතට විතර. ඒ යනකොට තේක්‌කවැව ළඟ පාරේ අලින් දෙදෙනකු හිටියා. එක්‌කෙනෙක්‌ ලොකු තරුණ අලියෙක්‌. අනෙකා පැටියෙක්‌ වගේ තමයි දැක්‌කේ. අපි එතැන නතරවෙලා බලාගෙන හිටියා. පොඩි අලියා පාරට ආවා. එහිදී මාත් සමග හිටි වනජීවී මගපෙන්වන්නා සමන් කිව්වා මහත්තයා මේකා නම් වෙනස්‌ අලියෙක්‌ කියල. මම පින්තූරත් ගත්තා. ඇත්තටම උගේ සිරුර ඉහළ කොටස ලොකු අලියකුගේ වගේමයි. කකුල් කොටයි. ඒ වගේම උගෙන් මද වෑහුණා. අනිත් අලියත් එක්‌ක ප්‍රේම ආලිංගනයකුත් තිබුණා. ඒ අනුව අපි තේරුම් ගත්තා මේ කුරු වුණ ලොකු අලියකු බව. ඒ අනුවයි ප්‍රවීණ අලි විශේෂඥ වෛද්‍ය පෘතිවිරාඡ් ප්‍රනාන්දු මහතාට මේ බව දැනුම් දුන්නා" යෑයි රොහාන් විඡේසිංහ මහතා පවසයි.

    ඒ අනුව කුරු අලියා පිළිබඳ ඡායාරූප තොරතුරු ඇතුළත් වාර්තාව මෙවර ගජ විද්‍යාත්මක සඟරාවේ පළකර ඇත්තේ විද්‍යාත්මක හඳුනා ගැනීමක්‌ ලෙසිනි. එය ලෝකයේ ප්‍රථම කුරු අලියා හඳුනා ගැනීමේ වාර්තාව බවට ඒ අනුව පත්වෙයි.අලින් පිළිබඳ ප්‍රකට පර්යේෂක වෛද්‍ය පෘතිවිරාඡ් ප්‍රනාන්දු මහතා මෙය මෙතෙක්‌ හ\qනාගත් ප්‍රථම කුරු අලි වාර්තාව බවට සනාථ කරයි. අදාළ ජර්නලයේ මේ අනුව රොහාන් විඡේසිංහ, නදීක හපුආරච්චි, ඩ්‍රැඩ් ඇබොට්‌, ජෙනිµර් පැස්‌ටෝ රිනි සහ පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් අදාල පර්යේෂණ වාර්තාව පළවී ඇත.

    ජගත් කණහැරආරච්චි
    ඡායාරූප - රොහාන් විඡේසිංහ

    http://www.divaina.com/2013/11/24/feature14.html
     
    • Like
    Reactions: Caps Lock

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕවයෙ ඉන්නෙත් හොර හැත්ත. පින්කැටෙන් සල්ලි ගෙනත් පවුල් නඩත්තු කරන උන් ඉන්නවා.