සිරිපා කරුණා කරනවනම්

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    රෑ තිස්සේ කරුණාකරලා එළිවෙන ජාමේ පහළට කරැණා කරද්දී රෙන්ඩ බර සෙට් වෙනවා නහුතෙට. බලන බලන ටොයිලට් එකේ නො වේකන්සි. එපා වෙනවා බං. හොඳම දේ හොඳට රීලා බඩ නිදහස් කරගෙන උදෙන්ම කරුණා කරන්න පටන් ගන්න එක.
    රෙන්න විතරද ගමන් යන්නෙ. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    ඉර සේවය එන්න පැය බාගේකට විතර කලින් අහස මාරම ලස්සනයි. ඒ පැය බාගයක් විතර ඇතුලත අහසේ පාට shades 10 කින් විතර වෙනස් වෙනවා. මන් එක වෙන කොහේදිවත් දැකලා නෑ.
    ඉර සේවය බලන්න නම් december january වගේ මාසෙක යන්න ඕනේ.
    ♥️♥️♥️
    This place should be closed for public visiting immediately
    Agreed
     
    • Love
    Reactions: Solo Rider

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    සිරිපා කරුණා කරනවනම්, මේ ගැන දැනුවත් වෙන්න⭕⭕⭕

    1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ(16) රාත්‍රි 12°C ක් පමණ කඳු පාමුල උෂ්ණත්වය , ඉහළට යන විට තවත් අඩුවිය හැකියි.
    ඒක නිසා උණුසුම රැකෙන් ඇඳුම් ඇඳන් එන්න. අත් ආවරණ පළඳින්න.
    2. සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.
    3. ඇදුම ,හතිය, අධික රුධිර පීඩනය,දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයන් සැම විටම ඖෂධ රැගෙන එන්න අමතක කරන්න එපා. ඔවුන් දැඩි සීතල තත්ව හමුවේ කරුණා කරන්න එපා.
    4. පාචනය, උදරාබාධ තත්වයන් බහුලයි. පිරිසිදු ආහාර හා ජලය භාවිතා කරන්න හැකි සැමවිටම.
    5. ක්ලාන්ත තත්වයක් ඇතිවූ විට බිම වාඩි වන්න, නැත්නම් දිගා වන්න, සහය ඉල්ලා සිටින්න.ඉවසගෙන දිගටම කරුණා කරන්න එපා.
    6. පඩිපෙළ වලින් වැටී තුවාල සිඳුවීම් බහුල නිසා ඉවසීමෙන් ප්‍රවේසමෙන් අනිත් අයටත් ඉඩදී කරුණාකරන්න .

    ඔබට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහයක් අවශ්‍යනම් අපගේ නල්ලතන්නි පොලීසිය ඉදිරිපිට මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් සිටිනවා...එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි. (සති අන්ත හෝ ප්‍රධාන නිවාඩු දිනවල සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් නෙමිලේ කඳවුරු පවත්වනවා)
    සෑම සිරිපා සමයකම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උත්සන්න වීම නිසා ජීවිත නැතිවෙනවා. මේ දින කීපයට විශාල ජීවිත ප්‍රමාණයක් අප ගලවා ගත්තා..
    එම අවස්ථා අඩු කළ හැක්කෙ ඔබ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදින්නේ පමණි.

    නීරෝගීව කිසිදු පීඩාවකින් තොරව සිරිපා කරුණා කිරීමට ඔබටත් ශක්තිය ලැබේවා !

    උපුටා ගැනීම: වෛද්‍ය කදවුරු ප්‍රධානී
    වෛද්‍ය සජිත් මංජුල මහතාගෙන්
    #Accident1st
    මුල් සතියේ ගියා සීතල ගොඩක් වැඩියි, රාත්‍රි 9°C තිබුනේ. පොඩි අය එක්ක යනවනම් උදේ යන්න. සුළගත් එක්ක සීතල double වෙනවා රාත්‍රියටනම්. 🤕