මේ සිරිපා වන්දනා සමයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය එහි පිහිටුවා ඇති බව සියලු බෞද්ධයන්ගේ පිළිගැනීමයි. එමෙන්ම ක්‍රිස්‌තු භක්‌තිකයන් ඔවුන්ගේ ආගමික නායකයාගේද, ඉස්‌ලාමීය භක්‌තිකයන් මහමත්තුමාගේ ද පැමිණීමෙන් ද සමන්ත කූඨය නොහොත් සමනල කන්ද ඔවුන්ගේ ද පූජනීය ස්‌ථානයක් බවට පත් වූ බව කියති. මගේ ලිපියෙන් මා එළිදරව් කිරීමට බලාපොරොත්තු වන්නේ ක්‍රිස්‌තුස් වහන්සේ හා මහමද්තුමා ලොව පහළ වීමට අවුරුදු දස ලක්‍ෂ ගණනකට පෙර බුදු වූ සියලුම බුදුවරයන් වහන්සේලාද සිරිලකට වැඩම කොට උන්වහන්සේලාගේ පාද ලාංඡන මෙරට පිහිටු වූ බවයි.