සිරියානු අර්බුදය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරියානු අර්බුදය

    සිරියානු අර්බුදය






    සිරියාව කියන්නෙ ඇමරිකාව විසින් ආරම්බ කරපු අරාබි වසන්තයත් එක්ක විනාශ උන වේගයෙන් ලිබියාව වැනි අසමත් රාජ්‍යක් බවට පත්වීමට යන බොහොම දනවත්ව තිබුනු අරාබිකරයේ රටක් .මේකෙ 70% ක් ඉන්නෙ සුන්නි මුස්ලිම්(ISIS , තලේබාන්,අල්කයිඩා,සෞදි ඔක්කොම සුන්නි උන්) . 10%ක් කතෝලික , 2%ක් වගේ ශියා මුස්ලිම්(ඉරාන්).


    යුද්දයේ ආරම්භය

    මෙහි ආරම්බය 2011 දක්වා දිවයන අතර අරගල ඇතිවීමට මූලික හේතුවක් වන්නේ රටතුල පැවතුනු පවුල් පාලනය හා දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝදී පාලනයයි . ඒ කෙසේ වෙතත් මෙමෙ රට බාත් පාලන තන්ත්‍රය(අසාද් පවුලේ පාලන කාලය) තුල ඉතාමත් දියුනු ජීවන තත්වයක් හා අවුරුදු 75ක් තරම් විශාල ආයු අපේක්ශාවක් ඇති රටක් බවට පත්ව තිබිනි .


    තවද ජනපති බශාර් අල් අසාද් රටෙහි ඉතාමත් සිලුතරයක් වන ශියා මුල්සිම් වරයෙක් වන අතර මෙයද බහුතර සුන්නි මුස්ලිම් වරුන් නොඉවසන්නක් විය . අනෙක් අතට ඉරානය සමග බාත් පාලනයේ තිබූ දැඩි මිත්‍රත්වය ඇමෙරිකාව, සවුදිය වගේම ඊශ්‍රායලය විසින් තමන්ට ඇති තවත් එක් ගැටලුවක් ලෙස හදුන්වාදී තිබිනි.


    පාර්ශව කරුවන්



    ටියුනීසියාවෙන් ආරම්භවූ අරාබි වසන්තයත් සමග 2011 දී සිරියාවේ පාසල් දරුවෙක් ලියූ කුඩා වැකියක් නිසා ඇරබි සිරියානු යුදය මේ වනවිට දෙවන ලෝක යුද්දයෙන් පසු වැඩිම පාර්ශව පිරිසක් සම්බන්දවී ඇති ලෝකයේ බිහිසුනුම සිවිල් යුද්දයක් බවට හැදින්විය හැකිය .:baffled::baffled::baffled:

    1. සිරියානු රජයේ හමුදා .
    2. සිරියානු නිදහස් හමුදාව
    3. ISIS
    4. ලෙබනන් හිස්බුල්ලා සංවිදානය
    5. ඉරාකය
    6. ඉරානය
    7. තලේබාන්
    8. ඇමෙරිකාව
    9. ඊශ්‍රායලය
    10. රුසියාව
    11. අල් නුස්රා.
    මේ අනුව මෙම යුද්දයේ සන්කීරණ බව තේරුම් ගතහැකි අතර මේ වනවිට මුලු රටම සුන්බුන් ගොඩක් බවට පත්වී හමාරය .


    සිරියාවේ වැදගත්කම



    සිරියාව තුල සැලකිය යුතු තෙල් සම්පතක් තිබුනද වඩාත් වැදගත් කරුන ලෙස ගත හැක්කේ තෙල් නිපදවන අනෙකුත් ප්‍රබලයන්ගේ තෙල් නල එලීම සිරියාව හරහා සිදු කිරීමයි . යුරෝපා සන්ගමය හා මැද පෙරෙදිග එක්වන එක්වන පාලම සිරියාවයි . තවද රුසියානු නාවික කදවුර සහ රුසියානු ගෑස් නල එලීමේ සැලසුමද ලෝකය තුල සිරියානු භූමියට වැදගත් උපක්‍රමික වැදගත්කමක් ලබාදේ .


    වර්තමාන තත්වය


    රුසියානු සහය ඇතිව බාත් හමුදා වේගයෙන් කැරලිකරුවන් ,ත්‍රස්තවාදීන් පලවා හරිනු ලැබුවත් මේ වනවිට මුලු රටම සුන්බුන් ගොඩක් බවට පත්වී හමාරය . විරැකියාව 70%ක් වන අතර ආයු අපේක්ශාව අවු 54කි . රටේ සියලුම යටිතල පහසුකම් විනාශවී ඇති අතර රජයේ පාලන ප්‍රදේශ වලද විශමාචාර වැඩිවී ඇත . මේ වනවිට ආසන්න වශයෙන් ලක්ශ 5ක් පමන මියගොස් ඇත.
    මිලියන 6ක් පමන සරනාගතයින් ලෙස වෙනත් රට වල ජීවත් වේ .



    මේ සියලුම කාරනා සමග සිරියාව තවත් ලිබියාවක් නොහොත් අසමත් රාජ්‍යක් බවට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙනී යයි .


    ශ්‍රී ලන්කාව දෙසින් බලන කල අප පාලකයන් :lol::lol: මේ අවස්තාවෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගත යුතුය . එනම් යම්කිසි දිනක ජනපති අසාද් රට නැවත් ගොඩ නැගීමට පටන්ගන්නා විට ලාංකික ඉන්ජිනේරුවන් ශ්‍රමිකයන් ඒ සදහා යෙදවීමට සැලසුම් සැකසිය යුතුය . නැතහොත් එහිදීද චීනය පෙරමුන ගනු ඇත.:lol::lol::lol:










     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    එල මචං :cool:

    HarshaLulzSec ව මතක් උනා කියහන්කෝ :sorry::sorry: පොර හිටියා නම් හැමදාම මේක ගැන හොද විස්තර ටිකක් දැම්ම :(