සිරියානු යුද්ධයේ අවි-6

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු යුද්ධයේ අවි-6

    RIiByzh.jpg

    සිරියාව තුල පළමු සිරියානු නොවන ගුවන් ප්‍රහාරය:2013 ජනවාරි 31.ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සිරියානු ගුවන් ආරක්ෂක ජාලය විනිවිද ගොස් ඩැමැස්කස් හි උතුරු ප්‍රදේශයේ හිස්බුල්ලා සංවිධානයට අයත් අවි ප්‍රවාහනය කල රථ පෙළකට පහරදෙන ලදි.

    ISIS විරෝධී මිත්‍ර සන්ධානය සිරියාවට එල්ල කල ප්‍රථම ගුවන් ප්‍රහාරය:2014 සැප්තැම්බර් 23.එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් යැ‍යි සැලකූ දක්ෂ අල්කයිඩා සටන්කරුවන් සහිත කොරාසාන් කණ්ඩායම ඉලක්ක කරගෙන ඇමෙරිකානු ජෙට් යානා ප්‍රහාරයක් එල්ල කරන ලදි.මෙම ප්‍රහාරය සඳහා නෞකාවලින් දියත් කල කෲස් මිසයිලද භාවිතා කරන ලදි.එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ISIS විරෝධී ගුවන් ප්‍රහාර සංග්‍රාමය ඇරඹෙන්නේ ඊට මාසයකට පමණ පෙරය.2014 අගෝස්තු 8 දා එක්සත් ජනපද ගුවන් යානා සින්ජාර් කඳුවැටිය ඉලක්ක කරගෙන බෝම්බ හෙළන ලදි.එහි අරමුණ වූයේ ISIS ත්‍රස්තවාදීන් විසින් යසිඩි නම් ගෝත්‍රික ජනයා සමූල ඝාතනය වීම වැළැක්වීම බව කියවිණි.

    2016 මැයි මාසයේදී එක්සත් ජනපදයේ නායකත්වය යටතේ විරෝධී සන්ධානය බෝම්බ 41,500 වැඩි සංඛ්‍යාවක් හෙළන ලද බව සඳහන් වේ.


    එක්සත් ජනපදය විරෝධී ගුවන් සංග්‍රාමයට භාවිතා කල ගුවන් යානා සහ හෙලිකොප්ටර්

    A-10C “Warthog” සමීප ගුවන් ප්‍රහාරක සහාය සඳහා

    AH-64 Apache හෙලිකොප්ටරය

    B-1B Lancer බෝම්බ හෙළන යානය

    B-52H Stratofortress බෝම්බ හෙළන යානය

    F-15C Eagle ප්‍රහාරක යානය

    F-16C “Viper” ප්‍රහාරක යානය

    F/A-18E Super Hornet ප්‍රහාරක යානය

    F-22A Raptor ප්‍රහාරක යානය

    MQ-1B Predator ප්‍රහාරක ඩ්‍රෝන් යානය

    MQ-9A ප්‍රහාරක ඩ්‍රෝන් යානය

    OV-10 Bronco සැහැල්ලු ප්‍රහාරක/නිරීක්ෂක යානය

    HH6bhpf.png

    ගුවන් ප්‍රහාරයක වියදම කොතරම්ද? එක්සත් ජනපදයේ විරෝධී ගුවන් සංග්‍රාමයේ මිලෙන් අඩුම ප්‍රහාරයේ දළ වියදම ඇ.ඩො. 50,000ක්(එක් ගුවන් යානයක් සඳහා) වන බව අයවැය විශේෂඥ ටොඩ් හැරිසන් විසින් 2014 වර්ෂයේදී වෙබ් අඩවිය සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කරන ලදි.

    බොහොමයක් ගුවන් ප්‍රහාර, ගුවන් යානා කිහිපයක් යොදාගෙන සිදුකරන ලදි.වරක් ෆලූජා නගරයෙන් පලා යමින් සිටි ISIS ත්‍රස්තවාදීන්ගේ රථ පෙළකට පහරදීමට එකිනෙකට වෙනස් ගුවන් යානා 29ක් යොදාගන්නා ලදි.

    එක්සත් ජනපදය විරෝධී සංග්‍රාමයේදී එක් දිනයක් සඳහා ඇ.ඩො. මිලියන 12ක් වැය කල බව සඳහන් වේ.2014 අගෝස්තු සහ 2016 මැයි 31 දක්වා කාලය තුල පෙන්ටගනය ඇ.ඩො. බිලියන 7.71ක් ඒ වෙනුවෙන් වියදම් කර තිබේ.



    රුසියාව සිරියාවේ ගුවන් සංග්‍රාමය වෙනුවෙන් භාවිතා කල ගුවන් යානා සහ හෙලිකොප්ටර්

    Tu-160 Blackjack බෝම්බ හෙළන යානය

    Tu-22M3 බෝම්බ හෙළන යානය

    Tu-95 Bear බෝම්බ හෙළන යානය

    Su-24M බෝම්බ හෙළන යානය

    Su-25 සමීප ගුවන් ප්‍රහාරක සහාය සඳහා භාවිතා කරන ගුවන් යානය

    Su-30SM ප්‍රහාරක යානය

    Su-34 ප්‍රහාරක යානය

    Su-35 ප්‍රහාරක යානය

    Mi-8 සෙවුම් සහ මුදාගැනීමේ හෙලිකොප්ටර් යානය

    Mi-17 ප්‍රවාහන හෙලිකොප්ටර් යානය

    Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය

    Mi-28NE Night Hunter ප්‍රහාරක හෙලිකොප්ටර් යානය

    KA-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය​



    රුසියාව භාවිතා කරන බෝම්බ සහ මිසයිල

    නියාමක නොවන බෝම්බ:OFAB-100 ,OFAB-200 පුද්ගල නාශක බෝම්බ

    bwo1QRv.jpg
    පුපුරා නොගිය OFAB-100 බෝම්බයක් මත හිඳගෙන සිටින ළමයෙක්​

    නියාමක බෝම්බ/මිසයිල: Kh-25 ලේසර් මාර්ගෝපදේශනය සහිත මිසයිල,KAB-500S ග්ලොනාස් චන්ද්‍රිකා මාර්ගෝපදේශන බෝම්බය.මේ දෙවර්ගයම අනෙක් බෝම්බ වලට වඩා ඉතා අඩුවෙන් භාවිතා කරයි.

    GWg6Dxm.jpg
    Kh-25 ලේසර් මාර්ගෝපදේශනය සහිත මිසයිලක්​

    අනෙකුත්:RBK-500-SPBE-D පොකුරු බෝම්බය,ODAB-500PMB ප්‍රදාහක බෝම්බය,BetAB-500 M62 බංකර් නාශක බෝම්බය​

    W1erfzG.jpg
    RBK-500-SPBE-D පොකුරු බෝම්බයක්​

    ගුවන් සංග්‍රාමයේ මුල් මාස 10 තුලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් භූමිය අල්ලා ගැනීම දිගටම සිදුවිය.නමුත් ඉන්පසුව එළඹුණු මාස 8 තුලදී එක්සත් ජනපද හමුදා නිලධාරීන් කීවේ ත්‍රස්තවාදී සංවිධානය එය සතුවූ භූමියෙන් 45%ක් පමණ අහිමි කරගත් බවයි.

    xQC900P.png

    එක්සත් ජනපද වාර්තාවලට අනුව 2014 අගෝස්තු මාසයේ පටන් ඔවුන්ගේ ගුවන් ප්‍රහාරවලින් ISIS ත්‍රස්තවාදීන් 26,000ක් මිය ගොස් තිබේ.නමුත් මෙම සංඛ්‍යා ලේඛන සම්බන්ධව විවේචන එල්ල වේ.2016 ජූනි මාසයේ පෙන්ටගනය ප්‍රකාශ කලේ ISIS සංවිධානය සතුව 19,000-25,000 අතර සටන්කරුවන් ප්‍රමාණයක් සිටින බවයි.



    ගුවන් ප්‍රහාරවලින් මිය සිවිල් වැසියන් සංඛ්‍යාව කොපමණද?

    එක්සත් ජනපද වාර්තාවලට අනුව මිය ගිය සිවිල් වැසියන් ගණන 55කි.ඒ එක්සත් ජනපද මධ්‍යම ආඥා මධ්‍යස්ථානය (2016 ජූලි 28දා) අනුවයි.නමුත් එම සංඛ්‍යාව 1,200ක් තරම් ඉහළ අගයක් විය හැකි යැ‍යි විවේචකයන් පවසයි.

    රුසියාවට අනුව ඔවුන්ගේ ප්‍රහාරවලින් කිසිදු සිවිල් වැසියෙක් මියගොස් නැත.නමුත් 2016 මාර්තු මාසය වන විට මිය ගණන 2000 ක් තරම් වැඩිවිය හැකි යැ‍යි අනෙකුත් පාර්ශ්ව පැවසීය.

    සිරියානු ගුවන් හමුදාවේ ප්‍රහාරවලින් 2015 සැප්තැම්බර් මාසයේ පටන් 19,000කට ආසන්න පිරිසක් මිය ගිය බව කියවේ.

    3kcwfHk.png


    තනි පුද්ගලයන්ට එරෙහි ප්‍රහාර

    2015 ජනවාරි මාසයේ සිට එක්සත් ජනපද හමුදාව බුද්ධි තොරතුරු මත පදනම්ව ඉහළ පෙළේ සාමාජිකයෝ 120කට වැඩි ගණනක් ඝාතනය කල බව 2016 මැයි මාසයේදී මිත්‍ර සන්ධානයේ ප්‍රකාශක කර්නල් ස්ටීව් වොරන් විසින් ප්‍රකාශ කරන ලදි.


    2016 ජූලි 1:බසිම් මුහම්මඩ් අහමඩ් සුල්තාන් අල්-බජරි,ISIS සංවිධානයේ යුද්ධය සම්බන්ධ උප අමාත්‍ය

    2016 මැයි 6:ෂෙකෙර් වහිබ් අල්-ෆහ්ඩාවි අල්-ඩුලයිමි,ISIS සංවිධානයේ ඉරාක අන්බාර් පළාතේ එමීර්වරයා

    2016 අප්‍රේල් 29:නීල් ප්‍රකාශ්,ඕස්ට්‍රේලියාවේ උපන් ISIS සාමාජිකයෙක්,ඉරාකයේ මෝසුල් හිදී මරණයට පත්විය.

    2016 අප්‍රේල් 10:ෆවාස් අල්-හසන්,ISIS සංවිධානයේ අන්තවාදී ෂරියා විනිසුරු

    2016 අප්‍රේල් 5:රිෆයි අහමඩ් ටහා,ඉහළ පෙලේ ඊජිප්තු අල්කයිඩා සාමාජිකයෙක්(සිරියාවේ සටන් කල ) සහ බෙල්ජියානු සටන්කාමියෙක් වන අබු සුලයිමාන් අල් බෙල්ජිකි

    2016 අප්‍රේල් 5:අබු ඔමාර් අල්-මස්‍රි,පළපුරුදු ජිහාඩ් සටන්කාමියෙක් සහ චෙච්නියාවේ එමීර් වූ කට්ටබ්ගේ දකුණු අත මෙන් සිටි අයෙක්

    2016 අප්‍රේල් 3:අබු ෆිරාස් අල් සුරි,ජබාත් අල්-නුස්රා හි ප්‍රකාශක

    2016 මාර්තු 25:අබඩ් අල්-රහමන් මුස්ටාෆා අල්-ක්ඩුලි,ISIS ප්‍රධාන මූල්‍ය සම්පාදක(ඔහුගේ මරණය අවම වශයෙන් සිව් වරක් ඉරාක හමුදාද,දෙවරක් ඇමෙරිකානුවන්ද නිවේදනය කරන ලදි.නමුත් මෙවර ඔහු සැබවින්ම ඝාතනයට ලක් විය.)

    2016 මාර්තු 15:ඊඩන් අල්-එසි,ISIS සංවිධානයේ ඉරාක පොලිස් අණදෙන නිලධාරී

    2016 මාර්තු 3:අමර් අල් අබ්සි,ඇලැපෝ පළාතේ ISIS සංවිධාන එමීර්වරයා

    2015 දෙසැම්බර් 27:ටෂින් අල් හයලි,බාහිර මෙහෙයුම් පහසුකම් සපයන්නා

    2015 දෙසැම්බර් 26:අබ්ඩුල් කඩර් හකිම්,ව්‍යාජ ලේඛන සම්බන්ධ විශේෂඥ,පැරිස් ප්‍රහාරයට වගකිව යුත්තන් හා සම්බන්ධය

    2015 දෙසැම්බර් 24:චරෆේ අල් මෞඩන්,පැරිස් ප්‍රහාරය සැලසුම් කල අබ්ඩෙල් හමිඩ් අබාවුඩ්ට සෘජුවම සම්බන්ධ සිරියානු නායකයා

    2015 දෙසැම්බර් 10:සිෆුල් හකේ සුජන්,බාහිර මෙහෙයුම් සැලසුම්කරුවෙක් සහ එක්සත් රාජධානියේ ඉගෙනුම ලැබූ පරිගණක පද්ධති ඉංජිනේරුවෙක්

    2015 දෙසැම්බර් 7:රවන්ඩ් ඩිල්ෂෙර් ටහේර්,බාහිර මෙහෙයුම් පහසුකම් සපයන්නෙක්

    2015 දෙසැම්බර් 7:කලිල් අහමඩ් අලි අල් වයිස්:කිර්කුක් පළාතේ ISIS එමීර්වරයා

    2015 නොවැම්බර් මුල් සමය:අබු සලෙයි,ISIS මුදල් ඇමති;අබු මර්යම්,අබු රහමන් අල් ටියුනිසි,විධායක නිලධාරී

    2015 නොවැම්බර් 12:මොහම්මඩ් එන්වාසි,ජිහාඩ් ජෝන්

    2015 ඔක්තෝම්බර් 30:ඩෙනිස් කස්පර්ට්,ISIS ත්‍රස්තවාදියෙක් බවට පත් වූ ජර්මන් රැප් ගායකයෙක්

    2015 සැප්තැම්බර් 10:අබු බකර් අල් තුර්ක්මනි:ISIS පාලක එමීර්

    2015අගෝස්තු 24:ජුනයිඩ් හුසෙයින්:බ්‍රිතාන්‍ය ජාතිකයෙක්

    2015 අගෝස්තු 21:රෙයාඩ් කාන්,බ්‍රිතාන්‍ය ජාතිකයෙක්

    2015 අගෝස්තු 18:ෆඩිල් අහම්ඩ් අල් හයලි,නායක අබු බකර් අල් බැග්ඩාඩිගේ දෙවැනියා සහ අබු අබ්ඩුල්ලා,සංවිධානයේ මාධ්‍ය මෙහෙයුම්කරුවෙක්

    2015 ජූනි 16:ටරික් අව්නි අල්-හර්සි,ලිබියානු මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධය

    2015 මැයි 17:අබු සයාෆ්,තෙල් සහ ගෑස් සම්බන්ධ ISIS එමීර්වරයා,ඩෙල්ටා බලකා මෙහෙයුමක් මගින් මරාදැමිණි.බිරිද අල්ලා ගන්නා ලදි.

    2015 මැයි 14:අබු අලා අල්-අෆ්‍රි,ප්‍රධාන පෙළේ උප ප්‍රධානියෙක් සහ අක්‍රම් කිර්බාෂ්,ප්‍රධාන පෙළේ ISIS ආරක්ෂකයෙක්

    2015 මැයි 13:අක්‍රම් කිර්බාෂ්,ඉහළම ISIS විනිසුරුවෙක්

    2015 ජනවාරි 14:හසන් සයිඩ් අල්-ජබොරි

    2014 නොවැම්බර්:රඩ්වන් ටලිබ්,අල් බැග්ඩාඩිගේ මෝසූල් එමීර්

    2014 නොවැම්බර් 7:අවුෆ් අබ්ඩුල් රහමන් ඉලෙෆ්‍රි

    2014 සැප්තැම්බර් 23:අබු යුසෙෆ් අල්-ටුර්කි,අල් නුස්රා පෙරමුණේ ප්‍රධානියා​


    ඉහත දක්වා තිබෙන්නේ මරාදමන ලද ඉහළ පෙළේ ISIS සාමාජිකයන්ගෙන් කොටසකි




    Source:defenseone.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: somalal and waca

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    bump
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මේකත් ලංකාවෙ තිබිච්ච යුද්ධෙ වගේ නේද? සිරියානු සහ රුසියා හමුදා ප්‍රහාර වලින් සිවිල් වැසියො මැරෙනව හෝ ගාල ඇමරිකා ඊශ්‍රායල් පාර්ශවයෙන් කරන ඒවයි සිවිල් වැසියන්ට හානි එන්නෙම නෑ වගේ. සිරියානුු හමුදාවත් සෑහෙන ප්‍රගතියක් අරන් තියෙනව මෑත කාලයේ
     
    • Like
    Reactions: HarshaLulzSec