සිරියානු යුද්ධයේ ඊශ්‍රායල සාධකය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු යුද්ධයේ ඊශ්‍රායල සාධකය

    yZHtJ1s.jpg

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්හායු පසුගිය බදාදා දිනයේ රුසියාවේ සෝචි නගරයට පැමිණියේ ජනපති විලැඩ්මීර් පුටීන් හමුවීමටයි.හමුවේ අරමුණ යැ‍යි සඳහන් වූයේ සිරියානු අර්බුදය සම්බන්ධව සාකච්ඡා කිරීමයි.සිරියාව තුල ෂියා මුස්ලිම් පාර්ශ්වයේ බලපෑම ක්‍රමයෙන් වර්ධනය වීම හමුවේ ඊශ්‍රායලය කලබලයට පත්ව තිබේ.තම රාජ්‍යය ආසන්නයේ තවත් ලෙබනනයක් නිර්මාණය වනවා දැකීම යුදෙව්වන්ගේ බලාපොරොත්තුව නොවේ.සිරියාව තවත් ලෙබනනයක් බවට පත් කිරීමට ඉරානය කටයුතු කරමින් සිටින බවට ඊශ්‍රායල අගමැතිවරයා චෝදනා කරයි.

    සමහර විශේෂඥයින්ට අනුව පැය තුනක් තිස්සේ පැවැත්වූ නායක දෙපල අතර කතාබහ සඳහා මාතෘකාව වූයේ ඉරානය සහ සිරියාව බවයි.පසුගිය මාස 16 තුල බෙන්ජමින් නෙතන්යාහු රුසියාවට පැමිණි හතරවන වතාව මෙයයි.

    නෙතන්යාහු ඊටත් වඩා ගැඹුරු කරුණක් සම්බන්ධව සාකච්ඡා කරනු ඇතැයි සැලකේ.මීට වසර දෙක හමාරකට පෙර නිව්ජර්සි තෙල් සමාගමක් වන ජෙනියි ජෙනර්ජිහි ඊශ්‍රායලයේ සහෝදර සමාගමක් ගෝලාන් උස්බිම්වලදී විශාල බොර තෙල් නිධියක් සොයාගෙන තිබේ.එම කාලයේ පටන් ගෝලාන් උස්බිම්වල ඊශ්‍රායල ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කලහොත්,නීතිවිරෝධීව අත්පත් කරගත් ගෝලාන් උස්බිම් ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගන්න යැ‍යි නෙතන්යාහු ජනපති ඔබාමාගෙන් ඉල්ලා සිටිබව වාර්තා වේ.

    කෙසේවෙතත් මෙම රාජ්‍ය නායක හමුව සිදුවන්නේ සිරියාව තුල මෙන්ම ඉරාකය තුලත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ බලය දැඩි ලෙස දුර්වල වෙමින් යන සමයකයි.හෝම්ස්-පැල්මයිරා මාර්ගයේ උතුරු ප්‍රදේශයේ ප්‍රදේශ දෙකකට කොටුව සිටින ISIS ත්‍රස්තවාදීන්ට දැන් එම භූමියද අහිමි වෙමින් තිබේ.ඒ අතරතුර රුසියාව සහ ඇමෙරිකාව ,සිරියානු අර්බුදය සම්බන්ධව අවසන් නිරාකරණ ගිවිසුම ඇති කර ගැනීමට කතිකා අරඹා තිබේ.

    සිරියාවේ අවසන් නිරාකරණය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන ෂියා හමුදාවල බලය සැලකිය යුතු අයුරින් සිරියාව තුල වර්ධනය කරන අතර එය ටෙල් අවිව් රජයේ නොකැමැත්තට හේතු වී තිබේ.ඔවුන් දැන් උත්සාහ කරන්නේ ඉරානයට බලපෑම් කිරීමට හැකි රුසියාව සමග ගනුදෙනුවකට පැමිණ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමටයි.එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොංග්‍රසය කෙරෙහි තිබෙන ඊශ්‍රායල බලපෑම යොදාගෙන රුසියාවට පනවා තිබෙන ප්‍රධාන ආර්ථික සම්බාධක ඉවත් කරගන්නා ලෙස මෙම හමුවේදී අගමැති නෙතන්යාහු පුටීන්ට යෝජනා කර තිබේ.එවැනි යෝජනාවකින් ඔවුන් බලාපොරොත්තු වන්නේ සිරියාව සම්බන්ධව අවසන් තීන්දුව ගන්නා ගිවිසුමකදී ඊට සහභාගී වීමයි.සිරියාව තුල තම ඇලුම්කම් ආරක්ෂා කර ගැනීමට එය මෙවලමක් ලෙස පාවිච්චි කරන්නට හැකිවේවි යැ‍යි ඊශ්‍රායලය සිතා සිටියි.

    aBz5jQI.jpg

    නමුත් දැනට වාර්තා වන පරිදි පහත අරමුණු පුටීන් සමග හමුවේදී ඉෂ්ඨ කරගැනීමට නෙතන්යාහු අසමත්ව තිබෙන බව සඳහන් වේ.

    1.මොස්කව් රජය සිරියාව තුල පෙරනොවූ විරූ තරම් ශක්තිමත් ස්ථාවරයක දැන් පසුවේ.එවැනි අවස්ථාවක සිරියාව සම්බන්ධව තීන්දුවක් ගැනීම සඳහා තවත් පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමට රුසියාව අකැමැතිවීම පුදුමයක් නොවේ.

    2.ඉරානය කලාපය තුල වැදගත් මිත්‍රයෙක් ලෙස රුසියාව දකියි.

    3. සිරියානු යුද්ධය තුල ඉරාන භූමිකාව සම්බන්ධව රුසියානු දැක්ම හැඩගස්වා ගැනීමට පුටීන් සූදානම් යැ‍යි යැ‍යි අප කල්පනා කලහොත් ඊශ්‍රායලයේ ඉල්ලීමට මොස්කව් රජය කන්දේ යැයි සිතිය නොහැකිය.එසේ කලහොත් රුසියාව අපහසුතාවලට පත්වේවි.




    ඉරානයට සිරියාව තුල හමුදා කඳවුරු තහනම්

    ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලයිබර්මන්,අගෝස්තු මස 24 දා බලශක්තිය සහ පරිසරය සම්බන්ධව ඊශ්‍රායල ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ සිරියාව තුල ඉරාන බලය වර්ධන වීම ඊශ්‍රාලය නොඉවසන බවයි.

    "ඉරානය එහි විප්ලවකාරී හමුදාව යොදාගෙන සිරියාව තුල ඉරාන ගුවන් හමුදා සහ නාවික හමුදා කදවුරු ගොඩනැගීමට උත්සාහ කරයි.ඔවුන් දහස් ගණන් ෂියා කුලී හමුදාවන් ,ලෙබනනයේ නිෂ්පාදනය කරන නියතාර්ථ අවි සිරියාවට ගෙන්වා තිබේ." -ලයිබර්මන්

    qaVQpTP.jpg
    ඇවිග්ඩෝර් ලයිබර්මන්​

    ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන පරිදි සිරියාව තුල ඉරානයේ බලය වර්ධනය වන බව සැබෑ මුත් ඔවුන් සිරියාව තුල කිසිදු නාවික හමුදා හෝ ගුවන් හමුදා කඳවුරක් ඉදිකර නැත.නමුත් බොහෝ විශේෂඥයින් කියන්නේ සිරියාවේ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව ඉරාන ගුවන් හමුදා සතු බවයි.කෙසේවෙතත් ඉරානය සතුව මෙහෙයුම්වලට සහාය දිය හැකි කුඩා ප්‍රමාණයේ කඳවුරු ගණනාවක් සිරියාව පුරා පිහිටුවා තිබේ.

    මෙම ව්‍යාජ හේතුව යොදාගෙන ඔවුන්ට ඉදිරියේදී සිරියාවේ දකුණු ප්‍රදේශයට හමුදාමය මැදිහත් වීමක් සිදු කිරීමටත්,සිරියානු රජයේ හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කරන්නටත් පුලුවනි.ලයිබර්මන්ගේ ප්‍රකාශය දින දෙකක් තුල සිදුකල දෙවන අනතුරු ඇඟවීමයි.අගෝස්තු 23දා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන්ට අනතුරු අගවමින් කියා සිටියේ සිරියාව තුල වර්ධනය වන ඉරාන බලය මැඩලීමටත්,තම ඇලුම්කම් ආරක්ෂා කිරීමටත් ඊශ්‍රායල සුදානම් බවත්ය.

    නෙතන්යාහු තවදුරටත් ප්‍රකාශ කලේ ඉරානය යේමනය සහ ලෙබනනයේ විශාල කොටසක් පාලනය කරන බවයි.එසේම ඔවුන් ඉරාකය සහ සිරියාව තුල සිය බලය තහවුරු කරගන්නට කටයුතු කරමින් සිටින බවත් ඔහු කීය.ඉරානය නොමැතිව සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාගැනීමේ හොඳ අවස්ථාවක් තිබේ යැ‍යිද නෙතන්යාහු පවසා තිබේ.

    ඔහුගේ ප්‍රකාශයේ සඳහන් හාස්‍යජනක කොටස වන්නේ 'ඊශ්‍රායලය සිරියාවේ ත්‍රස්තවාදීන් සමග සටන් වදිමින් සිටියි' යන්නයි.

    යුදෙව්වන්ගේ ප්‍රකාශ කෙසේවෙතත්,මැදපෙරදිග රාජ්‍යයන් අස්ථාවර කරමින් තමන්ගේ පදයට නටන පාලකයන් බලයට ගෙන ඒමට දැරූ උත්සහයන් වලදී සිදුව තිබෙන්නේ ඉරානය එම රටවල සිය බලය තහවුරු කර ගැනීමයි.ඊශ්‍රායලය සිරියාවේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන්නේ කොහේද දැයි නෙතන්යාහු සඳහන් කර නැතත්,ගෝලාන් උස්බිම් අවට බලය සිරියානු රජයේ හමුදාවට අත්වීමට ඉඩ නොදී සිටීමට යුදෙව් ගුවන් හමුදාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කල බව නම් ලෝකය දනියි.

    iDrlM3q.jpg
    සිරියාවේ ඩීර් එසෝර් නගරයේ දර්ශනයක්​

    මෙතරම් කාලයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියාවේ බලය අල්ලාගෙන සිටිමුත් ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත්තේ ඊශ්‍රායලය නම් නොවේ.රුසියාව සහ ඉරානයට නොවන්නට සිරියාවේ ඉරණම කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් වලට අනුව විසදෙන්නට තිබිණි.ISIS ත්‍රස්තවාදීන්ගේ අවසානය ක්‍රමයෙන් ළං වෙමින් තිබෙන මොහොතේ ඊශ්‍රායලට නින්දෙන් ඇහැරුණු අයෙක් මෙන් හැසිරෙන්නේ ඇයි?මේ තරම් කාලයකට සිරියාවේ අල්කයිදා ශාඛාව වන හයාට් ටරිර් අල් ෂාම් හෝ ගෝලාන් උස්බිම්වල දේශසීමාවේ විශාල ප්‍රදේශයක් අල්ලාගෙන සිටින ISIS සංවිධානයට අනුබද්ධ ජයිෂ් කාලිඩ් බින් වලිඩ් ත්‍රස්තවාදී කණ්ඩායමෙන් හෝ ඊශ්‍රාලයට තර්ජනයක් එල්ල වී නැත.

    සිරියානු අරාබි හමුදාව සහ අෂාඩ් ට පක්ෂපාතී අනෙකුත් කණ්ඩායම් සටන්කාමීන් සහ ISIS ත්‍රස්තවාදීන් සතු භූමිය දිගින් දිගටම මුදා ගැනීම හමුවේ ඩැමැස්කස් රජයට එරෙහිව ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම ඉහල යමින් තිබේ.

    ඉරානයේ වැදගත් මිත්‍රයෙක් වන වර්තමාන සිරියානු රජය සිරියාවේ සෑම බිම් අගලකම බලය යළි අත්පත් කරගැනීම බලා සිටීම ඊශ්‍රාලයට අසීරු කරුණක් වනු ඇත.



    Source:southfront.org

    -HarshaLulzSec-