සිරියාවේ නොසැලෙන නායකත්වය

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සිරියාවේ නොසැලෙන නායකත්වය

    සිරියාවේ නොසැලෙන නායකත්වය

    මේ වනවිට ලොව පවතින වැඩිම හානිදායක සිවිල් යුද්ධය පවතින්නේ සිරියාවේ ය. සිරියානු රජයේ හමුදාව මෙන් ම අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, තුර්කිය යන රටවල නිල හමුදා ද, ලෙබනනයේ හිස්බුල්ලා මිලීෂියාව ද එහි සන්නද්ධ ව සටන් වැද සිටිති.

    image_78ed4bb72e.jpg


    එක් අතෙකින් බලන කල මෙය එක යුද්ධයක් නොවේ, යුද්ධ ගණනාවකි.මිහිපිට අපායක් බඳු ඒ සිරියාවේ සිරියාව නැති වුවද යෙහෙන් වැජඹෙණ් බෂාර් අල් අසාද් ගැන මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.

    අක්ෂි වෛද්‍ය බෂාර් අල්-අසාද් 2000 වසරේ සිරියාවේ ජනාධිපතිධුරයට පත් වන්නේ සිය පියා වූ ජනධිපති හෆෙස් අල්-අසාද් අවෑමෙනි. අල් අසාද් බලයට පත් වූ එදා සිට මේ දක්වා ම සිරියානුවන්ට යුද්ධය මිස වෙන කිසිදු සෙතක් සිදුවී නැත. 1965 සැප්තැම්බර් 11 වැනිදා උපත ලැබූ බෂාර් හෆීස් අල් අසාද් සිරියාවේ 19 වැනි සහ වත්මන් ජනාධිපතිවරයාය.

    මොහු 1971 සිට 2000 වසර දක්වා සිරියාව පාලනය කළ හෆීස් අල් අසාද් ගේ පුත්‍රයා විය. 2000 වසරේ ජූලි මස 17 වැනිදා ජනාධිපති ධුරයට පත් වූ බෂාර් අල් අසාද් අරාබි සමාජවාදී බාත් පක්ෂයේ ලේකම්වරයා මෙන්ම සිරියානු ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන්නා විය. තිදරු පියෙකු වන මොහු ඩැමැස්කස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන අතර, 1988 සිට සිරියානු යුද හමුදාවේ වෛද්‍යවරයෙකු ලෙසද සේවය කර තිබේ. ඉන් වසර 04කට පසු අසාද් සිය පශ්චාත් උපාධිය සඳහා ලන්ඩනයේ බටහිර අක්ෂි රෝහලේ පුහුණුව ලබා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස එහි සේවය කරමින් සිටියේය.

    වර්ෂ 1994දී ඔහුගේ වැඩිමහල් සොහොයුරු බසීර් රිය අනතුරකින් මියයෑම නිසා පියා අසාද්ව නැවත සිරියාවට කැඳවීය. ඒ අනුව 1998දී නැවත සිරියාවට පැමිණි අසාද් සිරියානු ආරක්ෂක ඇකඩමියට ඇතුළත්ව වැඩිදුර පුහුණුව ලැබීය. 2000 වසරේ ජූලි 10 වැනිදා අසාද් සිය පියාගේ අභාවයෙන් අනතුරුව හිස් වූ ජනාධිපති ධුරය සඳහා පැවැති මැතිවරණයේදී ජනාධිපති ධුරයට පත්වන්නේ සියයට 99.7 ක ජනතා මනාපයකිනි. 2007 වසරේ පවත්වන ලද මැතිවරණයෙන් සියයට 97.6 ක ඡන්ද ප්‍රතිශතයකින් දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වන අසාද් නැවත තුන්වැනි වරටත් 2011 වසරේදී සියයට 88.7 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිරියාවේ ජනාධිපති පුටුව දැරීමට සමත් වූ අතර, ඔහුගේ ධුර කාලය කල් පිරීමට නියමිතව තිබෙන්නේ 2021 වර්ෂයේදීය.

    image_3635558a62.jpg



    සෑම අතකින්ම ඇවිලුණු ගින්නක් බඳු සිරියානු අර්බුද මතුවන්නේ සිරියානු රජය හා විපක්ෂය අතරත් එම විපක්ෂයේ පිරිස් අතරත් ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන්ය. එමෙන්ම මෙය ලිබියාව සහ ඊජිප්තුව ගිනි තැබූ ඇමෙරිකානු ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන අරාබි වසන්තයේ එක් ප්‍රතිඵලයක් යැයි ඇතැම් මධ්‍යස්ථ දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටිති. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වූයේ අද දක්වාත් ජීවිත ලක්ෂ ගණනක් බිලිගනිමින් ඇවිලෙන සිරියානු සිවිල් යුද්ධයයි.
    2011 මාර්තු 15 වැනිදා ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට අද වනවිට අවුරුදු 07ක් ගතව ඇතත් තවමත් යුද ගිනි ඇවිලීමක් මිසක් නිවීමක් දක්නට නැත. සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයට අනුව 2018 මාර්තු මාසය වනවිට පමණක් දළ වශයෙන් ජීවිත හානි හාරලක්ෂ අනූඅටදහස් පන්සිය අනූතුනකට මෙම සිවිල් යුද්ධය හේතු වී ඇති අතර, මිලියන 7.6ක පිරිසක් සරණාගතභාවයට පත් කිරීමටද සමත්ව තිබේ. මේ සරණාගතයන්ගේ සංක්‍රමණයන්ද පසුගිය කාලයේ මහත් ආන්දෝලනයන්ට තුඩුදුන් අතර, ඇතැම් රටවල සංක්‍රමණික නීති පද්ධති පවා වෙනස් වීමට මෙය හේතු විය.

    අරාබි වසන්තය පැමිණීමට පෙර සිරියාවේ අභ්යතන්තර අර්බුද කිහිපයක්ම දක්නට ලැබිණි. විරැකියාව සහ උද්ධමනය අධික ලෙස ඉහළ යෑම, දේශපාලනික අර්බුද මේ අතරින් කැපී පෙනෙන ගැටලු විය. අරාබි රටවල පාලකයන් බොහෝ දෙනෙකුගේ පාලනයේ ඇති දූෂිත බව, ඒකාධිපතිත්වය, පවුල් පාලනය නිරාවරණය කළ නිසා මෙම අරාබි වසන්තය දිගු කාලයක් තිස්සේ සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කැකෑරෙන ආශාවකින් සහ වුවමනාවකින් සිටි ක්‍රියාකාරීන්ට ඒ වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ලබාදීමට සමත් විය.

    image_828efee9f8.jpg


    එහි ආරම්භය ලෙස සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව 2011 වසරේ මාර්තු මස සාමකාමී විරෝධතා රැලියක් පැවැත්විණි. එහිදී අසාද්ට විරුද්ධව සටන් පාඨ බිත්තියක සිතුවම් කරමින් සිටි බාලවයස්කරුවන් 15 දෙනෙක් සිරියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්විය. එම බාලවයස්කරුවන් අතර සිටි 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවේ සිටියදී ලබාදුන් අධික වදහිංසා නිසා මියයෑම ජනතා විරෝධය ස්ථීර කිරීමට හේතු විය. කැරලි මර්දනයේදී අසාද් පාලනය දැඩි දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙම විරෝධය තවත් උග්‍ර වීමට බලපෑවේය.

    මෙම සිවිල් යුද්ධය සඳහා බලපෑමක් ඇති කිරීමට ආගමික හේතුවක්ද තිබේ. එනම් සිරියාව පාලනය කරන අසාද් සහ ආරක්ෂක අංශ ෂියා මුස්ලිම්වරුන් වුවත් රටේ බහුතරය නියෝජනය කරන්නේ සුන්නි මුස්ලිම් ජාතිකයන්ය. එම නිසා සුළුතරයක් වූ ෂියාවරුන්ගේ පාලනයක් යටතේ සිටීමට සුන්නිවරුන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව සුන්නි මුස්ලිම්වරුන්ගේ සහායද අසාද් පාලනයට විරුද්ධ අරගලයට හිමි විය.

    නමුත් මේ කිසිදු අරගලයකට එක් මධ්‍යගත නායකත්වයක් හෝ නිශ්චිත පොදු අරමුණක් නොවූ නිසා සටන් සහ අරගලවල විශාල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙමින් සමස්ත සිරියානු අර්බුදයම අච්චාරුවක් බවට පත්විය. සිරියානු සිවිල් යුද්ධය තවත් භයානක දිශාවකට යොමු වූයේ කොහේවත් සිටි අයි.එස්. ත්‍රස්තයන් සිරියානු භූමියට ඇතුළු වී 2014 වනවිට සිරියානු රජයටත් වඩා ප්‍රබල වෙමින් සිරියානු භූමියෙන් සියයට 60 ක ප්‍රමාණයක් පාලනය කිරීමටත් සිරියාවේ තෙල් නිධිවලින් බහුතර ප්‍රමාණයක් අත්පත් කරගැනීමටත් සමත් වීමයි. කෙසේ වෙතත් හාස්‍යයට කරුණ වන්නේ මෙතෙක් කාලයක් ගහ මරාගත් ප්‍රධාන පිල් දෙක වූ අසාද් පිල සහ අසාද් විරෝධී පිල යන පාර්ශ්ව දෙකම එක්වී අයි.එස්. ත්‍රස්තවාදීන්ට පහරදීම සහ අයි.එස්. බලය හීන වූ පසු එම පිල් දෙක නැවත සුපුරුදු ලෙස යුද වැදීමයි.

    image_0f29d7566e.jpeg


    සිරියානු අර්බුදයට සුවිශේෂත්වයක් ලැබී තිබෙන්නේ මෙම අන්තර්ජාතික මැදිහත්වීම නිසාවෙනි. එදා සිට මේ දක්වාමත් මෙම යුද්ධය තුළ දක්නට ලැබෙන අන්තර්ජාතික මැදිහත්වීම් බොහෝය.

    නිල වශයෙන් රුසියාව 2015 වසරේ සිට බෂාර් අල් අසාද් වෙත සිය සහයෝගය පළකරන ලදී. ඊට අමතරව ෂියා මුස්ලිම් හිතවාදී රටවල් වන ඉරාකය, ඉරානයට අමතරව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ද අසාද් වෙත සිය සහයෝගය දැක්වීය. අසාද් විරෝධී පිල වෙත එදා සිටම ඇමෙරිකාවේ ආශිර්වාදය තිබූ අතර, හිටපු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කිහිප අවස්ථාවකම සිරියාවට රසායනික අවි චෝදනා එල්ල කරමින් මීට ජාත්‍යාන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කළේය.

    අරාබි රටවල පැතිරගිය නැගීසිටීම් කුණාටුව 2011 මාර්තු 15 දින සිරියාවට ද ඇතුළු විණි. මහා බලවත් ලිබියාවේ ගඩාෆි පවා ඊට හසු ව දිවි දන් දුන් නමුත් අල්-අසාද් අදත් යෙහෙන් වැජඹෙයි.

    සටහන
    තිළිණි ද සිල්වා
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,382
    113
    අසාද් - ලෝකේ ප්‍රබලම රටවල් දෙක වෙන ඇමරිකාව සහ රුසියාවේ පීඩනය මැද්දේ නොසැලී තමන්ගේ රට පාලනය කරන නායකයෙක් . නියම දේශපාලන පෞර්ශය්ත්වයක් තියෙන නායකයෙක් .

    අපේ රටේ ඉන්න මහා ලොකු පෞර්ශය්ත්වයක් තියෙනවයි කියන කෙසෙල් බඩ නායකොයෝන්ට වඩා ගව් ගානක් දුරින් තියන්න්න පුළුවන් දේශපාලන පෞර්ශය්ත්වයක් මෙයට තියෙනවා
    මෙයාගේ youtube documentaries බලන්න leadership ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම වයිස් ඩොකියුමන්ටරි1ක් බැලුවා ඉරාකේ.. ඒත් එහෙමයි.. ඉරාක යුද්ධේ ඉවර වෙලා ටික දවසකින් එකම සිටි1 මේන් ඉස්ට්‍රීට්1න් දෙපැත්තේ උන් යුද්ධේ.. අඩෝ උන් බෝම්බ ගහගන්නවා, ඉස්නයිපර් වලින් රැකල ඉදල තියනවා.. මේ පාර දෙපැත්තේ ඉන උන් ටික.. පිස්සු හම්බයෝ.. :lol::lol:
     
    Last edited: