සිරියාවේ මොකද වෙන්නේ-16

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-16

    1UFp9Jh.jpg

    ඩීර් එසෝර් නගරය ආසන්නයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයකට ලක්වූ රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව් මරණයට පත්වූ බව සැප්තැම්බර් මස 24දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන ලදි.ජෙනරල්වරයා මිය ගියේ ප්‍රහාරයට ගොදුරු වීම නිසා සිදුවූ බරපතල තුවාල හේතුවෙන්ය.ඔහු ප්‍රහාරයට ලක් වූයේ ඩීර් එසෝර් මුදාගැනීමේ මෙහෙයුමට සහභාගී වූ අණදෙන නිලධාරීන් සහ සිරියානු සෙබලුන් සමග අණදෙන මුරපොළක සිටි අවස්ථාවකය.

    රුසියානු මාධ්‍යවලට අනුව ඇසපොව් යනු ඩීර් එසෝර් සහ රක්කා පළාත්වල රුසියානු හමුදාවල අණදෙන නිලධාරියෙකි.

    ReS4ud0.jpg
    රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව්​

    එදිනම CNN නාලිකාව එක්සත් ජනපද නිලධාරියෙක් උපුටා දක්වමින් කියා සිටියේ සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා,රුසියානු හමුදාවේ ස්ථානගත වීම් සම්බන්ධව නිරීක්ෂණ කටයුතු ඉහල දමා තිබෙන බවයි.ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය හරහා රුසියා-සිරියා අණදෙන ස්ථාන සම්බන්ධව තොරතුරු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ලැබෙන්නට ඇතැයි කටකතා පැතිර යයි.

    zNGGLTO.jpg
    ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා ඒකක ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශයක ස්ථානගත වී සිටින අයුරු පෙන්වන රුසියාව විසින් මුදා හරින ලද ඡායාරූප​

    ඩීර් එසෝර් ආසන්නයේ ISIS ත්‍රස්තවාදීන්ගේ බලකොටුවල එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකා ස්ථානගත වී සිටින අයුරු(මුර සංචාර පවා නොමැතිව)දැක්වෙන ගුවන් ඡායාරූප පෙළක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

    "එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකා ඒකක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලකොටුවල රැදී සිටින අයුරු මෙම ඡායාරූපවල පැහැදිලිවම පෙනෙන්නට තිබේ.එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ත්‍රස්තවාදීන් සමග සටන් කල බවට හෝ ගුවන් ප්‍රහාර එල්ල කල බව එම ප්‍රදේශවල කිසිදු සාක්ෂියක් නොමැත.

    එක්සත් ජනපද හමුදා ස්ථානගත වී සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශවල වුවද ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් අවට ප්‍රදේශයේ කිසිදු මුර සංචාරය නොයෙදෙන බවත් පෙනෙන්නට තිබේ.මින් පැහැදිලි වන්නේ එක්සත් ජනපද සෙබලුන් ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශවල සුරක්ෂිත බවයි."
    රුසියානු ආරක්ෂ අමාත්‍යාංශයේ ප්‍රකාශය.


    ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා ඒකක ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශයක ස්ථානගත වී සිටින අයුරු පෙන්වන රුසියාව විසින් මුදා හරින ලද ඡායාරූප

    Qo3JCjy.jpg


    SpJR9XY.jpg


    Nlk1Czs.jpg


    JFWnlns.jpg


    JSqqWdj.jpg


    UXmejCy.jpg


    රුසියාව මෙම තත්ත්වය හමුවේ ඩීර් එසෝර් හි බෝම්බ හෙළීම් වාර ගණන වැඩි කර තිබේ.තවද කෲස් මිසයිල යොදාගෙන ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහර දෙන්නටද පියවර ගෙන ඇත.

    drpnXK5.jpg
    2017 සැප්තැම්බර් 22දාට අදාල ඩීර් එසෝර් පළාතේ යුද සිතියම​

    අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඡායාරූප,වීඩියෝ පටවලට අනුව ඩීර් එසෝර් පළාතේ ඉදිරි මෙහෙයුම් සඳහා රජයේ හමුදා යුද ටැංකි,PMM-2M self-propelled කාලතුවක්කු සහ BMK-MO බෝට්ටු යොදා ගැනීම ඉහළ නංවා තිබේ.

    සැප්තැම්බර් 17-24 යන සතියක කාලය තුල සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම් වයඹදිග ඩීර් එසෝර් හි දැවැන්ත ප්‍රගතියක් අත්කර ගන්නට සමත් විය.එහිදී ඔවුන් මාඩන් නගරය මුදාගැනීමට සමත් විය.නමුත් ඒ අතරවාරයේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර වෙරළේ සැලකිය යුතු ප්‍රගතියක් ලගා කරගන්නට ඔවුන්ට නොහැකිව තිබෙන්නේ ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන ප්‍රතිරෝධය වැඩි නිසාය.


    එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ඉබ්සාහ් සහ ටයිබාහ් තෙල් බිම්වල බලය තහවුරු කර ගත් අතර දැන් ජෆ් රා තෙල් බිම දෙසට ගමන් කරමින් සිටියි.ඔවුන්ගේ ඉලක්කය අල්-සුවාර් නගරයයි.


    සැප්තැම්බර් මස 22දා කළු මුහුදේ රුසියානු නාවික බල ඇණියේ වෙලිකි නොව්ගොරොඩ් සබ්මැරීනයෙන් සිරියාවේ අල් නුස්රා ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි.


    ඩීර් එසෝර් හි විරෝධී සටන් සඳහා රුසියාවේ නිෂ්පාදිත BM-27 Uragan මල්ටි බැරල් රොකට් විදින භාවිතා කරන අයුරු දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ දැකගත හැකි විය.මෙම රොකට් විදිනවල ඵලදායි ප්‍රහාරක පරාසය කි.මී. 35කි.

    e83njc3.jpg


    JFOwIiJ.jpg

    ඉරානය ඔවුන්ගේ Shahed-129 නම් ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් යොදාගෙන සිරියානු කාන්තාරයේ ISIS ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ දැකගත හැකි විය.එහිදී ISIS ත්‍රස්තවාදීන්ට අයත් මූලස්ථාන 3ක්,යුද ටැංකියක් සහ තෙල් සැපයුම් ස්ථානයක් ඩ්‍රෝන් යානයෙන් එල්ල කරන ප්‍රහාර හමුවේ විනාශ වේ.ඉරාකය සහ ජෝර්දානය යන රටවල් ආසන්න සිරියානු දේශසීමාවේ සිටින සිරියානු අරාබි හමුදාවට සහාය වනු පිණිස ඉරානය සන්නද්ධ ඩ්‍රෝන් යානා යොදාගන්නා බව කියවේ.


    රුසියාව සතු අද්මිරාල් ග්‍රිගොරොවිච් යුද නෞකාව රුසියාවේ සෙවස්ටොපොල් වරායේ සිට මධ්‍යධරණී මුහුද දෙසට යාත්‍රා කරමින් සිටි බව සැප්තැම්බර් 25දා වාර්තා විය.ISIS ප්‍රහාරයකින් සිරියාවේ සිටි රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව් මරණයට පත් වීමත් සමග මෙම නෞකාව සිරියාව දෙසට එවන්නට පියවර ගෙන තිබේ.කෲස් මිසයිල වලින් සන්නද්ධ නෞකාව ඉදිරියේදී ISIS ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට යොදාගනිවි යැ‍යි විශ්වාස කෙරේ.

    fjjj3ZM.jpg
    අද්මිරාල් ග්‍රිගොරොවිච් යුද නෞකාව​




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Hora_Nariya

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    සුපිරි පුළුවන් නම් ඊලඟ පෝස්ට් එකේදි සිරියාවේ සම්පූර්න සිතියමක් දාන්න
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    සිරියාවෙ යුද්දෙන් පස්සෙ මට/අපිට තේරුනේ ලංකාවෙ යුද්ධයේදී අපිට වුන අඩුපාඩුකම් ගැන. අපිට හරියට ආයුධ ගන්න සල්ලි තිබුනත් දැනීමක් තිබුනෙ නැහ. අපිට ඒ දවස් වල ගන්න තිබුනෙ Su-25 කියන ප්‍රහාරක යානා. ඒත් අපි ගියේ Mig-27 වැනි අසාර්ථක දේවල් පස්සෙ. ඒ විතරක් නෙමෙයි, මල්ටි බැරල් ඒ දවස් වල අපිට ලොකු දෙයක් වගේ දැක්කෙ. 1955 ඉදන් මල්ටි බැරල් තිබ්බ දේවල්

    SU-25
    Su-25_93_red_%284524872585%29.jpg
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    සිරියාවෙ යුද්දෙන් පස්සෙ මට/අපිට තේරුනේ ලංකාවෙ යුද්ධයේදී අපිට වුන අඩුපාඩුකම් ගැන. අපිට හරියට ආයුධ ගන්න සල්ලි තිබුනත් දැනීමක් තිබුනෙ නැහ. අපිට ඒ දවස් වල ගන්න තිබුනෙ Su-25 කියන ප්‍රහාරක යානා. ඒත් අපි ගියේ Mig-27 වැනි අසාර්ථක දේවල් පස්සෙ. ඒ විතරක් නෙමෙයි, මල්ටි බැරල් ඒ දවස් වල අපිට ලොකු දෙයක් වගේ දැක්කෙ. 1955 ඉදන් මල්ටි බැරල් තිබ්බ දේවල්

    Kohomda bn ehema kiyanne, uba kiynne air force army eke ewn owa gan dan na kiyalada.