සිරියාවේ මොකද වෙන්නේ-19

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-19

    YJGR6Ae.jpg

    සිරියානු ප්‍රජානන්ත්‍රික බලකාවල නිල ඇඳුමෙන් සැරසී පැමිණි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 100ක් තමන්ට ප්‍රහාර එල්ල කල බව එම බලකාවල ප්‍රධාන අණදෙන්නෙක් වන රොජ්ඩා ෆෙලාට් විසින් සැප්තැම්බර් 27දා වීඩියෝ පටයකින් අනාවරණය කරන ලදි.මෙම ප්‍රහාරය එල්ල වූයේ යැ‍යි ඔවුන් චෝදනා කරන්නේ සැප්තැම්බර් මස 26දාය.ISIS ත්‍රස්තවාදීන් ප්‍රහාරය සඳහා පැමිණියේ සිරියානු රජය හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල සිට බවයි ඔහු පවසන්නේ.ප්‍රහාරය සඳහා සිරියානු රජයේ හමුදාව උදව් කල බවට එය සාක්ෂියක් යැයි රොජ්ඩා ෆෙලාට් පවසයි.මෙම ප්‍රහාරයෙන් තමන්ගේ සෙබලුන් 28ක් මිය ගියේ යැ‍යි ෆෙලාට් එහිදී සඳහන් කලාය.


    ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා ඒකක කිසිදු අපහසුවකින් තොරව ISIS ත්‍රස්තවාදීන්ට අයත් ප්‍රදේශවල රැදී සිටින අයුරු දැක්වෙන ඡායාරූප සහ එම ප්‍රදේශවල ISIS ත්‍රස්තවාදීන් සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා අතර සටන් නොපවතින බවට තොරතුරු රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ විසින් එළිදරවු කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශය නිකුත් කරන ලදි.

    o3bJCxM.jpg
    රොජ්ඩා ෆෙලාට්​

    ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා අල්-සුවර් නගරය ආසන්නයේ ISIS ත්‍රස්තවාදීන් සමග සටන් වැදී සිටියි.

    LP7HuKE.jpg

    රක්කා නගරයේ අල්-සිනා සහ අල්-මෂ්ලෙබ් ප්‍රදේශවලට එල්ල වූ ISIS ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සමත් වූවද සටන් වලින් සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සෙබලුන් 45ක් පමණ මිය ගිය බව වාර්තා වේ.

    එක්සත් ජනපදය ඩීර් එසෝර් පළාතේ සිටි ISIS ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන ගොස් වෙනත් ප්‍රදේශවල සටන් සඳහා යොදවා ඇතැයි සිරියානු විදේශ අමාත්‍ය වලිඩ් මුල්ලෙම් ලෙබනන් පුවත් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදි.

    mv4XiEv.jpg

    සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සන්ධානය ඩීර් එසෝර් වෙත අමතර බල ඇණි ගෙන එමින් ඇතැයි වාර්තා වේ.එහි අරමුණ ඉරාක දේශසීමාව දෙසට මෙහෙයුම් ව්‍යාප්ත කිරීමයි.

    සිරියානු රජයේ හමුදාව යුප්‍රටීස් ගංගාව හරහා දෙවන පාලම ඉදිකිරීමට සූදානම් වන බවට වාර්තා පලවේ.පළමු පාලම රුසියානුවන් විසින් සැප්තැම්බර් මාසයේ අවසන් සතියේ මුලදී ඉදි කරන ලදි.

    සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඩීර් එසෝර් හි උතුරු ප්‍රදේශයේ අල්-සුවර් නගරයෙන් 50% ප්‍රතිශතයක් අල්ලාගත් බව සැප්තැම්බර් 27දා නිවේදනය කරන ලදි.සටන් වලින් ISIS ත්‍රස්තවාදීන් 5 දෙනෙක් මිය ගොස් තිබේ.පහත දැක්වෙන්නේ ISIS ත්‍රස්තවාදීන් සතුව තිබූ යුදෝපකරණයි.

    JIORraV.png


    VJgPazO.png


    CjWGlAE.png


    අල්-සුවර් නගරයට දකුණින් පිහිටි අල්-සාඩ් ගම්මානයේ සිටි සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ඉලක්ක කරගෙන ISIS ත්‍රස්තවාදීන් සාර්ථක ප්‍රහාරයක් එල්ල කලේ යැ‍යි ඔවුන්ගේ පුවත් සේවයක් වන Amaq පවසයි.Amaq පුවත් සේවයට අනුව මරාගෙන මැරෙන මෝටර් රථ ප්‍රහාරයක් එල්ල කල ඉන්පසු ගම්මානයට ඇතුල්වූ සන්නද්ධ ISIS ත්‍රස්තවාදීන් අවම වශයෙන් සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සෙබලුන් 11ක් මරා දමා ඇත.පහත දක්වා තිබෙන්නේ එම සිදුවීමට අදාල ඡායාරූපයි.


    ප්‍රහාරය සඳහා සූදානම් වන ISIS ත්‍රස්තවාදීන්

    Vd6JpYV.jpg


    වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දෙන සේ ලෝහ තහඩු යොදා ආරක්ෂාව වැඩි කල රථ මේ සඳහා යොදා ගැනේ.​

    hYzxbtF.jpg



    එවැනි රථයක නැගී ගම්මානය දෙසට ගමන් කරන ISIS ත්‍රස්තවාදීන්

    ftYhsxZ.jpg



    මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල ISIS ත්‍රස්තවාදියා ප්‍රහාරයට පෙර

    SpdlyBz.jpg



    මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල රථය

    np7fYd8.jpg



    මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට මොහොතකට පෙර,ප්‍රහාරය එල්ල කල රථය කොළ පැහැයෙන්ද ඉලක්කය රතු පැහැයෙන්ද දක්වා තිබේ.

    13OTrww.jpg


    මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා බෝම්බය පුපුරවා ගැනීම​

    UuZ5COJ.jpg


    මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් නගින දුම් වලාව ඈත දිස්වේ.දෙවන ප්‍රහාරය සඳහා ඉලක්කය දෙසට ඇදෙන ආයුද සන්නද්ධ ISIS ත්‍රස්තවාදීන් පිරිස​

    uXmcdl3.jpg


    බෝම්බ ප්‍රහාරයෙන් පසුව පලා යන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සෙබලුන් රතු පැහැයෙන් පෙන්වා තිබේ​

    zDfMpli.jpg



    සෙබලුන් දෙසට සුලු අවි ප්‍රහාර එල්ල කරන ISIS ත්‍රස්තවාදීන්

    GbbziHg.jpg


    3zKpGAw.jpg



    සිරියානු යුද වාර්තාව - 2017 සැප්තැම්බර් 28





    Source:southfront.org

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: hasini9303