සිරියාවේ මොකද වෙන්නේ-23
නැගෙනහිර සලාමියාහි ISIS පොකට්ටුවේ අක්ෂ්,ජබෙරියාහ්,වඩිහි සහ නෂිමි යන ගම්මාන අල්ලා ගැනීමෙන් පසුව එය පොකට්ටුව දෙකඩ කිරීමට සිරියානු රජයේ හමුදාව සමත්විය.දැන් හමුදාවට සහ අනෙක් රාජ්‍ය පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම්වලට ISIS ඒකක එකිනෙක පරාජය කිරීමට අවස්ථාව ලැබේ.
සැප්තැම්බර් මාසයේ අග පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය ආසන්න අල්-ෂුලාහ් ගම්මානයේදී රජයේ හමුදා සහ ISIS ත්රස්තවාදීන් අතර ඇතිවූ ගැටුම්වලදී අල්ලා ගත්තේ යැයි කියන රුසියානුවන් දෙදෙනා ISIS ත්රස්තවාදීන්ගේ Amaq පුවත් ආයතනය විසින් නිකුත් කල වීඩියෝවක පෙන්වා තිබිණි.
මෙම වීඩියෝ පටයට අනුව අත් අඩංගුවට පත් වූ රුසියානුවන් දෙදෙනාගේ නම් වන්නේ රෝමන් සැබොලොට්නි(උපත-1979)සහ ග්‍රිගොරි සර්කනොව්(උපත-1978)ය.කෙසේවෙතත් ඔවුන්ගේ පෙනුම රුසියානු සෙබලුන් මෙන් නොව අතර සිරියාවේ මෙහෙයුම් සඳහා යොදවා සිටින රුසියානු හමුදා සෙබලුන්ගේ වයස් මට්ටමට වඩා වයසින් වැඩි බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.ඔවුන් දෙදෙනා රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් /කුලී හේවායන් හෝ රාජ්‍ය පක්ෂපාති කණ්ඩායමක සාමාජිකයන් විය හැකිය.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, ISIS සංවිධානයේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර අත් අඩංගුවට පත්ව තිබෙන සිරකරුවන් තම හමුදාවේ සාමාජිකයෝ නොවන බව කියයි.
ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ඊසානදිග ඩීර් එසෝර් හි වසියාහ්,ජිරියාහ් යන ප්‍රදේශ ISIS ග්රහණයෙන් මුදා ගැනීමට සමත්ව තිබේ.දෙපාර්ශ්වය අතර සටන් බඩාවි අල් ජසිර් යන ප්‍රදේශය ආසන්නයේ සිදුවෙමින් පවතියි.
සිරියානු යුද්ධයේ වසර 6කට පසුව තත්ත්වය ඊශ්‍රායලය අපේක්ෂා කල පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් යුදෙව්වන් බරපතල පසුතැවිල්ලකින් පසුවන බව ඔවුන්ගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාප වලින් මනාව පැහැදිලි වේ.
ඔක්තෝම්බර් 3දා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිඩෝර් ලීබර්මන් Israel’s Walla news නම් වෙබ් අඩවියට පවසා තිබුණේ ජනපති අෂාඩ් ජයග්‍රහණය කරමින් සිටින සිරියාවට එක්සත් ජනපදයේ මැදිහත් වීම වඩාත් අවශ්‍ය බවයි.
"මධ්‍යස්ථ සුන්නීන්(තුර්කිය..),බටහිර රටවල්(ප්‍රංශය.. )ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව අෂාඩ්ට ආශා කිරීමට පටන් ගෙන තිබෙනවා මට පෙනෙනවා.හදිසියේම සියලුදෙනාම අෂාඩ් වෙත සමීප වීමට අවශ්‍යව සිටියි.මෙය පෙරනොදුටුවිරූ දෙයකි.මන්ද අෂාඩ් දැන් ජයග්‍රහණය කරමින් සිටියි,සියලුදෙනාම එක පෙළට සිටියි." -ඇවිඩෝර් ලීබර්මන්
ඊශ්‍රායලය දැන් රුසියාව,ඉරානය සහ තුර්කීන්,හිස්බුල්ලා යන බලවේගවලට මුහුණ දෙමින් සිටියි.සමාජය සියල්ල නොදනියි,එය හොඳ දෙයක්.නමුත් එය ආයෝජනයක් සහ දවසේ පැය 24ක් සතියේ දවස් 7ක් කරන උත්සාහයකි යැයි ඔහු තවදුරටත් පැවසීය.
ඔක්තෝම්බර් මස 4දා නැගෙනහිර හමා හි අල්-සුක්නාහ් නගරය සහ ටයිබ් ගම්මානය අතර මාර්ගයේ ස්ථාන 4ක් අල්ලා ගැනීමට ISIS ත්රස්තවාදීන් සමත් විය.ඔවුන්ගේ ප්‍රහාරවලින් සිරියානු අරාබි හමුදාවට අයත් යුද ටැංකියක් සහ රථයක් විනාශ වී තිබේ.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ISIS ත්රස්තවාදීන් අල් සුක්නාහ් නගරයේ බටහිර ප්‍රදේශයේ හයිල් ගෑස් බිම යළි අත්පත් කර ගැනීමට සමත්ව ඇත.තවද ඔවුන් සුක්නාහ් නගරය නැගෙනහිර,බටහිර සහ දකුණු ප්‍රදේශවලින් වටලා ඇත.ඊට අමතරව අල්-සූක්නාහ් -ඩීර් එසෝර් මාර්ගයේ අල්-ෂුලා ගම්මානය යළිත් වරක් ISIS සංවිධානය අතට පත් විය.
සිරියානු අරාබි හමුදාව දියත් කල ප්‍රති-ප්‍රහාර සමග ප්‍රදේශ රැසක සටන් ඇවිලී ඇත.
රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව විශේෂ මෙහෙයුම් ඒකක සහ 4 වන සන්නාහ සේනාංකය ඇතුලු විශාල පිරිස් බලයක් නැගෙනහිර හමා ප්‍රදේශයේ අල්-සුක්නා නගරයේ තවත් ප්‍රතිප්‍රහාරයක් සඳහා කැඳවා තිබේ.
Source:southfront.org
-HarshaLulzSec-

නැගෙනහිර සලාමියාහි තත්ත්වය - 2017 ඔක්තෝම්බර් 03
සැප්තැම්බර් මාසයේ අග පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය ආසන්න අල්-ෂුලාහ් ගම්මානයේදී රජයේ හමුදා සහ ISIS ත්රස්තවාදීන් අතර ඇතිවූ ගැටුම්වලදී අල්ලා ගත්තේ යැයි කියන රුසියානුවන් දෙදෙනා ISIS ත්රස්තවාදීන්ගේ Amaq පුවත් ආයතනය විසින් නිකුත් කල වීඩියෝවක පෙන්වා තිබිණි.
අත්අඩංගුවට පත්වූයේ යැයි කියන රුසියානුවන් දෙදෙනා
මෙම වීඩියෝ පටයට අනුව අත් අඩංගුවට පත් වූ රුසියානුවන් දෙදෙනාගේ නම් වන්නේ රෝමන් සැබොලොට්නි(උපත-1979)සහ ග්‍රිගොරි සර්කනොව්(උපත-1978)ය.කෙසේවෙතත් ඔවුන්ගේ පෙනුම රුසියානු සෙබලුන් මෙන් නොව අතර සිරියාවේ මෙහෙයුම් සඳහා යොදවා සිටින රුසියානු හමුදා සෙබලුන්ගේ වයස් මට්ටමට වඩා වයසින් වැඩි බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.ඔවුන් දෙදෙනා රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් /කුලී හේවායන් හෝ රාජ්‍ය පක්ෂපාති කණ්ඩායමක සාමාජිකයන් විය හැකිය.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, ISIS සංවිධානයේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර අත් අඩංගුවට පත්ව තිබෙන සිරකරුවන් තම හමුදාවේ සාමාජිකයෝ නොවන බව කියයි.
ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ඊසානදිග ඩීර් එසෝර් හි වසියාහ්,ජිරියාහ් යන ප්‍රදේශ ISIS ග්රහණයෙන් මුදා ගැනීමට සමත්ව තිබේ.දෙපාර්ශ්වය අතර සටන් බඩාවි අල් ජසිර් යන ප්‍රදේශය ආසන්නයේ සිදුවෙමින් පවතියි.
සිරියානු යුද්ධයේ වසර 6කට පසුව තත්ත්වය ඊශ්‍රායලය අපේක්ෂා කල පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් යුදෙව්වන් බරපතල පසුතැවිල්ලකින් පසුවන බව ඔවුන්ගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාප වලින් මනාව පැහැදිලි වේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිඩෝර් ලීබර්මන්
ඔක්තෝම්බර් 3දා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිඩෝර් ලීබර්මන් Israel’s Walla news නම් වෙබ් අඩවියට පවසා තිබුණේ ජනපති අෂාඩ් ජයග්‍රහණය කරමින් සිටින සිරියාවට එක්සත් ජනපදයේ මැදිහත් වීම වඩාත් අවශ්‍ය බවයි.
"මධ්‍යස්ථ සුන්නීන්(තුර්කිය..),බටහිර රටවල්(ප්‍රංශය.. )ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව අෂාඩ්ට ආශා කිරීමට පටන් ගෙන තිබෙනවා මට පෙනෙනවා.හදිසියේම සියලුදෙනාම අෂාඩ් වෙත සමීප වීමට අවශ්‍යව සිටියි.මෙය පෙරනොදුටුවිරූ දෙයකි.මන්ද අෂාඩ් දැන් ජයග්‍රහණය කරමින් සිටියි,සියලුදෙනාම එක පෙළට සිටියි." -ඇවිඩෝර් ලීබර්මන්
ඊශ්‍රායලය දැන් රුසියාව,ඉරානය සහ තුර්කීන්,හිස්බුල්ලා යන බලවේගවලට මුහුණ දෙමින් සිටියි.සමාජය සියල්ල නොදනියි,එය හොඳ දෙයක්.නමුත් එය ආයෝජනයක් සහ දවසේ පැය 24ක් සතියේ දවස් 7ක් කරන උත්සාහයකි යැයි ඔහු තවදුරටත් පැවසීය.
සිරියාවේ තත්ත්වය-2017 ඔක්තෝම්බර් 04
ඔක්තෝම්බර් මස 4දා නැගෙනහිර හමා හි අල්-සුක්නාහ් නගරය සහ ටයිබ් ගම්මානය අතර මාර්ගයේ ස්ථාන 4ක් අල්ලා ගැනීමට ISIS ත්රස්තවාදීන් සමත් විය.ඔවුන්ගේ ප්‍රහාරවලින් සිරියානු අරාබි හමුදාවට අයත් යුද ටැංකියක් සහ රථයක් විනාශ වී තිබේ.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ISIS ත්රස්තවාදීන් අල් සුක්නාහ් නගරයේ බටහිර ප්‍රදේශයේ හයිල් ගෑස් බිම යළි අත්පත් කර ගැනීමට සමත්ව ඇත.තවද ඔවුන් සුක්නාහ් නගරය නැගෙනහිර,බටහිර සහ දකුණු ප්‍රදේශවලින් වටලා ඇත.ඊට අමතරව අල්-සූක්නාහ් -ඩීර් එසෝර් මාර්ගයේ අල්-ෂුලා ගම්මානය යළිත් වරක් ISIS සංවිධානය අතට පත් විය.
සිරියානු අරාබි හමුදාව දියත් කල ප්‍රති-ප්‍රහාර සමග ප්‍රදේශ රැසක සටන් ඇවිලී ඇත.
රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව විශේෂ මෙහෙයුම් ඒකක සහ 4 වන සන්නාහ සේනාංකය ඇතුලු විශාල පිරිස් බලයක් නැගෙනහිර හමා ප්‍රදේශයේ අල්-සුක්නා නගරයේ තවත් ප්‍රතිප්‍රහාරයක් සඳහා කැඳවා තිබේ.
සිරියානු යුද වාර්තාව-2017 ඔක්තෝම්බර් 04
Source:southfront.org
-HarshaLulzSec-