සිරියාවේ මොකද වෙන්නේ-5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-5

    7A7gSZJ.jpg

    සිරියානු යුද්ධයට 2016 වර්ෂය සුවිශේෂී එකක් වුයේ රාජ්‍ය විරෝධී සටන්කාමීන්ගේ ග්‍රහණයේ තිබූ ඇලැපෝ නගරය රජයේ හමුදා අතට පත්වීම නිසාය.2016 දෙසැම්බර් 30 දා පටන් රුසියා-තුර්කි එකඟතාවයෙන් සිරියාව පුරා සටන් විරාමයක් ක්‍රියාවට නංවන ලදි.පසුගිය කාල සීමාවේ ඇලැපෝ,හමා,ඩරා සහ ක්වීට්‍රා යන පළාත්වල ගැටුම් අවම වී තිබේ.ගැටුම් නොනවත්වා සිදුවන්නේ නැගෙනහිර ගුටා සහ ඩැමැස්කස් ආශ්‍රිත වඩි බරාඩා යන ප්‍රදේශවලය.මෙම ප්‍රදේශවල සිටින සටන්කාමීන් කණ්ඩායම් මත තුර්කියේ බලපෑම අවම නිසා,ඇන්කාරා රජයට සිරියානු විරුද්ධ පක්ෂයේ(මධ්‍යස්ථ පක්ෂය-නිදහස් සිරියානු හමුදාව)මධ්‍යස්ථ පක්ෂයට ජබාත් ෆාටාහ් අල්-ෂාම් හෙවත් කලින් ජබාත් අල්-නුස් රා ත්‍රස්තවාදීන්ගෙන් වෙන් වන්නට බලපෑම් කල නොහැකිය.ඒ නිසා මෙම ප්‍රදේශ සිරියානු රජයට අතිශය වැදගත් වේ.මේ තත්ත්වය නිසා සටන්කාමීන් සහ රජයේ හමුදා අතර එකිනෙකාට එරෙහි සටන් දිගින් දිගටම සිදුවෙමින් තිබේ.

    සිරියානු රජයේ හමුදා සහ එහි මිත්‍රයන් දැන් වැඩි අවදානයක් දී තිබෙන්නේ වඩි බරාඩා ප්‍රදේශය මුදාගැනීමටයි.එය සාර්ථක වුවහොත් සිරියානු අගනගරයේ ජල සැපයුම සුරක්ෂිත කල හැකි බවයි වාර්තා වන්නේ.

    ඒ අතරතුර තුර්කි සන්නද්ධ හමුදා සහ තුර්කියේ සහාය ලබන සටන්කාමීන් කණ්ඩායම් උතුරුදිග සිරියාවේ අල්-බාබ් නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට දිගින් දිගටම උත්සාහ දරමින් සිටියි.නමුත් අල්-බාබ් නගරය වෙනුවෙන් කරන සටනේදී තුර්කියට හිමිවූ දෙයට වඩා අහිමිවූ දේ වැඩිය.නගරය තවමත් අර්ධ වශයෙන් වටලා තිබේ.නමුත් තුර්කි රජයේ හමුදාවලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළලු බිදගෙන යෑමට තවමත් හැකියාව ලැබී නැත.නමුත් ඔවුන්ට නිරන්තරයෙන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර වලට මුහුණදීමට සිදුව තිබේ.පසුගිය බදාදා බටහිර අල්-බාබ් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් තුර්කි සෙබලෙක් මියගොස් 4 දෙනෙක් තුවාල ලබා තිබේ.

    අල්-බාබ් නගරයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන තුර්කි-රුසියා ඒකාබද්ධ ගුවන් ප්‍රහාර එල්ල කරන බව තුර්කි මාධ්‍ය වාර්තා කලද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එම කරුණ නිල වශයෙන් තහවුරු කර නොමැත.

    රජයේ හමුදාවල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර හමුවේ බටහිර පැල්මයිරා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පසුබැස ගිය බව වාර්තා වේ.ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදුව තිබේ.රජයේ හමුදා සතුව තිබෙන ටයාස් ගුවන් හමුදා කඳවුර අල්ලා ගැනීමට දියත් කල මෙහෙයුම් හමුවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 250 කට අධික පිරිසක් මියගොස් යුදෝපකරණ ඒකක 40ක් පමණ විනාශ වූ බව වාර්තා වේ.

    කුර්දි හමුදා එක්සත් ජනපදයේ ගුවන් ප්‍රහාරක ශක්තිය ඇතිව රක්කා හි වයඹදිග ප්‍රදේශයේ මෙහෙයුම් දිගටම කරගෙන යයි.ඔවුන්ගේ අරමුණ වන්නේ දකුණුදිය සහ ගිණිකොන දිග ප්‍රදේශවල ඉදිරි මෙහෙයුම් සඳහා ඉදිරි ආරක්ෂක පෙරමුණ කෙළින් කිරීමයි.

    සිරියානු යුද්ධය දැන් එහි අතරමැදි අවස්ථාවේ පවතින අතර බොහොමයක් දෑ කසක්ස්ථානයේ අගනුවර වන අස්ථානාහි පැවැත්වෙන සාම සාකච්ඡා සහ රුසියා-තුර්කි-සිරියා-ඉරාන මුල පිරීම මත ප්‍රධාන බටහිර මැදිහත්කරුවන් දක්වන ආකල්පය මත රදා පවතියි.




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Sai_baba