සිරියාවේ මොකද වෙන්නේ?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ?

    maXLkZe.jpg

    සිරියාවේ ඇලැපෝ නගරය අල්ලාගැනීම සඳහා සිරියානු රජයේ හමුදාව සූදානම් වන සමයේ ඇතිකරගත් රුසියා-ඇමෙරිකා සටන් විරාමය අසාර්ථක එකක් බවට පත්විය.සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ගුවන් හමුදාව සිරියානු රජයේ හමුදාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඉන්පසු මානුෂීය ආධාර රැගෙන ගිය රථ පෙළකට ගුවන් ප්‍රහාරයක් එල්ල විය.එහි චෝදනාව එල්ල වූයේ රුසියානු පාර්ශ්වයටයි.ඔක්තෝම්බර් මස 3 වනදා සිරියාවේ ඩැමැස්කස් නගරයේ රුසියානු තනාපති කාර්යාලයට මෝටාර් ප්‍රහාර එල්ල වූයේ අල්-නුස් රා පෙරමුණ සහ ෆායිලාක් අල්-රහ්මන් සටන්කාමීන් විසින් පාලනය කල ප්‍රදේශයකින් බව හෙළිවිය.මෙම මෝටාර් ප්‍රහාරවලින් තානාපති කාර්යාලයේ කිසිවෙකුට හානියක් සිදුවූයේ නැත.සිරියානු අර්බුදය තවත් නරක අතට ගෙන යෑමට මෙම ප්‍රහාරය හේතුවේ යැයි රුසියාව කියා සිටියි.ප්‍රහාරකයින් ඇමෙරිකානු සහාය ලබන පාර්ශ්වයක් බව සඳහන් වේ.

    7pNjTVp.jpg
    ඩැමැස්කස් හි රුසියානු තානාපති කාර්යාලය​



    සිරියාවේ වර්තමාන තත්ත්වය

    nSwS6w0.png

    රතු:සිරියානු රජය, කොළ:සිරියානු විරුද්ධ පක්ෂය, කහ:කුර්දි හමුදා ,අළු:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් , සුදු:ජබහත් ෆටෙහ් අල්-අෂාම්​

    ඒ අතරතුර රුසියාව තවත් බෝම්බ හෙළන යානා සිරියාවට යවා ඇතිබව සඳහන් වේ.යවා ඇති යානා ප්‍රමාණය තවමත් හෙළිව නැතත් නුදුරේදීම ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට මෙන්ම ඇමෙරිකානු සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වලට පෙර නොවූ විරූ ගුවන් ප්‍රහාර මාලාවකට මුහුණ දීමට සිදුවනු ඇත.ඇමෙරිකාවද ඔවුන් විසින් මෙහෙයවන සිරියානු කැරලිකාර කණ්ඩාම්වලට රුසියානු ගුවන් තර්ජන මැඩලීමට වැඩි වැඩියෙන් ගුවන් යානානාශක අවි ලබාදෙන බව වාර්තා වේ.

    ISdEB3j.jpg
    S-300 පද්ධතියක මිසයිල දියත්කරන රථ දෙකක්​

    රුසියාව සහ ඇමෙරිකාව අතර විරසකය මෙලෙස ලියලා වැඩෙද්දී රුසියාව එස්-300 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සිරියාවට යවන බව වාර්තාවේ.රුසියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මෙලෙස සිරියාවට ගෙන්වන්නේ එස්-300 වී එම් නම් නවීකරණය කල මොඩලයේ මිසයිල පද්ධතීන්ය.මේවා සිරියාවේ ටර්ටස් නම් වරාය නගරය ආශ්‍රිතව දියත් කෙරෙන බව සඳහන් වේ.ටර්ටස් වරායේ කොටසක් රුසියානු නාවික හමුදාවට භාවිතා කිරීමට ලබාදී තිබේ.එය රුසියානු මර්මස්ථානයක් නිසාම මෙම ආරක්ෂක පියවර ගෙන තිබේ යැ‍යි සිතිය නොහැකිය.පසුගියදාක ඇමෙරිකාව සිරියානු රජයේ හමුදාවට එල්ල කල ගුවන් ප්‍රහාරය,රුසියාවේ මෙම ක්‍රියාමාර්ගයට හේතුවක් වේ.එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය මීට පෙර සිරියාවේ දියත් කෙරුණේ 2015 වර්ෂයේදී තුර්කිය විසින් රුසියානු බෝම්බ හෙළන යානයක් බිම හෙළීමෙන් පසුවයි.

    VK81r2p.jpg
    ටර්ටස් වරාය​

    ටර්ටස් වරාය සහ මධ්‍යධරණී මුහුදේ රුසියානු බල ඇණිය මෙම මිසයිල ආරක්ෂණ පද්ධති ඔස්සේ ආවරණය කෙරේ.එම නිසා යම් කිසි අයුරකින් ඇමෙරිකාව සිරියානු සහ රුසියානු ගුවන් තොටුපොල සහ ගුවන් හමුදාවන්ට එරෙහිව කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල හොත් ඒවා නිෂේධනය කිරීමේ හැකියාව එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය සතු බව කියවේ.කලක පටන් සිරියාවේ "පියාසර නිෂේධන කලාපයක්" ඇතිකිරීමට ඇමෙරිකාව දරන උත්සාහය රුසියාවේ මෙම ක්‍රියාමාර්ගය හමුවේ බරපතල ලෙස අවහිර වන ලකුණු පහළ වී තිබේ.



    1cyOoj5.png

    ඩැමැස්කස් නගරය ආශ්‍රිත තත්ත්වය:රතු:සිරියානු රජය, කොළ:සිරියානු විරුද්ධ පක්ෂයඅළු:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්​



    ඩැමැස්කස් රජයේ අවසරය සහිතව මෙම මාසයේදී රුසියාව දහස් ගණනක විශේෂ බලකා සෙබලුන් සහ තවත් ඒකකවල නිලධාරීන් සිරියාවට එවීමට සැලැස්මක් තිබෙන බවත් වාර්තා වේ.



    FDnIwxV.png

    ඇලැපෝ නගරය ආශ්‍රිත තත්ත්වය:රතු:සිරියානු රජය, කොළ:සිරියානු විරුද්ධ පක්ෂය, කහ:කුර්දි හමුදා ,අළු:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් , සුදු:ජබහත් ෆටෙහ් අල්-අෂාම්​


    සිරියාවේ ඩීර් එස්සොර් ප්‍රදේශය මේවන විට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් වටලා තිබේ.එහි කුඩා බිම්කඩකට කොටුවී සිටින සිරියානු රජයේ හමුදාවට පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ගුවන් හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.එහි අරමුණ වූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඉදිරියට ඇදීමට සහාය දීම හැර වෙනත් දෙයක් නොවන බව 100%ක් පැහැදිලිය.ප්‍රහාරය සඳහා පොස්පරස් බෝම්බ භාවිතා කර තිබේ.ඉරාකයේ බටහිර සීමාවේ සිට පැමිණි ඇමෙරිකානු ගුවන් යානා 4ක් ප්‍රහාරය එල්ල කරන ලදි.මෙය කිසිවිටක අත් වැරදීමක් වන්නට හැකියාවක් නොමැත.වසර ගණනක් තිස්සේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරන බව ලෝකය ඉදිරියේ මහ ඉහළින් ප්‍රකාශ කරන ඇමෙරිකානුවන්ගේ සැබෑ මුහුණුවර මෙම ප්‍රහාරයෙන් හෙළිව තිබේ.මෙම වසරේදී ඩීර් එස්සෝර් ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාවට ඇමෙරිකානු ගුවන් හමුදාව එල්ල කල දෙවන ගුවන් ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.රුසියාව සමග ඒකාබද්ධව සිරියානු අර්බුධයට විසඳුමක් සෙවීමේ සැබෑ උවමානවක් ඇමෙරිකාව නොමැතිබව බව ඔවුන්ගේ පාර්ශ්වයම සටන් විරාමය උල්ලංඝණය කිරීම හරහා පැහැදිලිවම ඔප්පු කර පෙන්වා තිබේ.

    vkm17Sd.png

    ඩීර් එස්සෝර් ප්‍රදේශය වර්තමාන තත්ත්වය: රතු:සිරියානු රජය,කහ:කුර්දි හමුදා ,අළු:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්​

    සිරියානු හමුදාවට එරෙහිව ඇමෙරිකානු පාර්ශ්වයෙන් කෙරෙන ප්‍රහාරවලට රුසියාවෙන් සමාවක් නොමැති බව ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ.සිරියාවෙන් රුසියාව ඉවත් කිරීමේ දැඩි උවමනාවක් ඇමෙරිකාවට තිබෙන සැබෑය.දැන් දැන් ඔවුන් ඒ සඳහා මහා පරිමාණයෙන් සැරසෙන අයුරක් පෙනෙන්නට තිබේ.නමුත් ඇමෙරිකාවේ අවශ්‍යතාවය ලබාගැනීමට නම් රුසියාව සමග උග්‍ර සටනකට යෑමට සිදුවේවි.





    රුසියානු එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය

    K3aE4qU.jpg
    එස්-300 වී එම්(S-300VM) ගුවන් ආරක්ෂණ පද්ධතිය​

    සිරියානු යුද්ධය නිසා මේවන විට රුසියානු-ඇමෙරිකා සම්බන්ධතාව පිරිහෙමින් තිබේ.රුසියාව එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධති සිරියාවට ඒවීමේ තීරණය ස්ථිර කර තිබෙන්නේ මෙවැනි පසුබිමක් යටතේය.

    "එස්-300 යනු සම්පුර්ණයෙන්ම ආරක්ෂණ පද්ධතියක් සහ කිසිවෙකුට තර්ජනයක් නොවේ.අපගේ බටහිර සගයින්,එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධති යෙදවීම සම්බන්ධව මෙතරම් තැතිගැන්මකින් සිටින්නේ මන්දැයි අවබෝධ කරගැනීම දුෂ්කරය".යනුවෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යය ප්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් විසින් එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය සම්බන්ධව අදහස් දක්වා තිබේ.




    මොකක්ද මේ එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය ?

    4YBmmt1.gif
    S-300 ගුවන් ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වන අයුරු​

    එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධති යනු රුසියාව සතු මිසයිල පද්ධතියකි.ඒවාට නිපදවා තිබෙන්නේ සතුරු මිසයිල සහ සතුරු ගුවන් යානා විනාශ කිරීමටය.මේවා ගොඩබිම සිට ගුවනට දියත් කරන මිසයිල වේ.සෝවියට් දේශය පැවති සමයේ නිෂ්පාදනය කල මෙම මිසයිල පද්ධතිය 1979 වර්ෂයේ දී පළමුවරට සේවයේ යොදවන ලදි.සිරියාවට යවන බව සැලකෙන්නේ එස්-300 වී එම් නම් සංස්කරණයයි.නේටෝ සංවිධානය මෙම මිසයිල පද්ධතිය එස් ඒ-23 යන කේත නාමයෙන් හඳුන්වයි.ලෝකයේ තිබෙන දියුණුතම ගුවන් යානා නාශක සහ මිසයිල නාශක මිසයිල පද්ධතියක් ලෙස එස්-300 වී එම් සැලකේ.එහි අණදෙන රථයක්,මාර්ගෝපදේශනය ලබාදෙන රේඩාර්,ඔත්තුබලන රේඩාර් සහ මිසයිල දියත්කරණ 6ක් ඇතුලත් වේ.එක් මිසයිලයකට සැතපුම් 160ක දුරක් ආවරණය කල හැකිය.

    ZSAshmq.jpg

    ගුවන් යානා 24ක් දක්වාද බැලස්ටික් මිසයිල 16ක් දක්වා හෝ ඒවායින් දෙකකට එරෙහිව සමකාලීනව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම මිසයිල පද්ධතිය සතුබව සඳහන් වේ.එක විට වර්ග දෙකක ඉලක්ක වලට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ලොව පළමු ගුවන් යානානාශක සහ මිසයිල නාශක පද්ධතිය වන්නේද එස්-300 වී එම් මිසයිල පද්ධතියයි.

    3Ei7I9i.jpg
    ඇමෙරිකාවෙන් සෘජුව එල්ල විය හැකි තර්ජන මැඩලීම පිණිස S-300VM මිසයිල පද්ධති සිරියාවේ ස්ථානගත කෙරෙනු ඇත.​

    ZDBsGPD.jpg
    මිසයිලයක් දියත් කරන අවස්ථාවක්​

    සිරියානු ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ කෙසේද යන්න පිළිබදව එකිනෙකා සමග සන්නිවේදනය කිරීම(ඇමෙරිකාව සහ රුසියාව අතර)ඔක්තෝම්බර් මස 3 වනදා පටන් ඇමෙරිකාව විසින් නවතා දමන ලදි.ඊට ප්‍රතිචාර ලෙස වසර 17 පැරණි රුසියා-ඇමෙරිකා "ප්ලූටෝනියම් කලමනාකරණය සහ පිළියෙල කිරීමේ ගිවිසුමෙන්" ඉවත් වීමට රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් තීරණය කරන ලදි.මෙය න්‍යෂ්ඨික අවි අවම කිරීමේ ගිවිසුමකි.

    R9JL25u.jpg
    විලැඩ්මීර් පුටීන්​

    සිරියාවේ වර්තමාන තත්ත්වයට හේතුව රුසියානුවන්ගේ පැමිණීම බව දැන් ඇමෙරිකාව චෝදනා කරයි යන්න රුසියාවේ විශ්වාසයි.නමුත් සිරියාවට අද අත්ව තිබෙන ඉරණමට වග කිවයුත්තේ කවුරුන්දැයි ලෝකයම දනියි.පසුගිය මාසයේදී සටන් විරාමයකට එකඟ වූ රටවල් දෙක මේවන විට දැඩි විරසකයකින් පසුවේ.දෙරට අතර දැන් ඇතිව තිබෙන අවිනිශ්චිතභාවය සීතල යුද්ධය සමාන බවයි විශේෂඥයින්ගේ මතය.සිරියානු යුද්ධය එක්සත් ජනපදය සහ රුසියාව අතර ප්‍රතියුක්ත යුද්ධයක සිට තුන්වන ලෝක යුද්ධයක් දක්වා ලෝකය ගෙන යාවි යැයි සමහරු බිය පළකරයි.මෙය බිය හේතුවක් නොමැතිව ඇතිවූවක් නොවේ.බටහිරින් එල්ල විය හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයකට රුසියානු ජනතාව සූදානම් කරවීමක් සම්බන්ධව පසුගියදාක පළවූ වාර්තා ඊට හේතුවන්නට ඇති.දැනට රුසියාව සතුව මිලියන 12ක ජනතාවකට න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ආරක්ෂා විය හැකි භූගත පහසුකම් තිබෙන බව සඳහන් වේ.මෙවැනි භූගත නගර ජාලයක් බොහෝකාලයක පටන් එක්සත් ජනපද විසින්ද රහසිගතව නිර්මාණය කරන බව හෙළිව තිබේ.

    512WEqF.jpg





    Source:Multiple sources

    -HarshaLulzSec-
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    .එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය මීට පෙර සිරියාවේ දියත් කෙරුණේ 2015 වර්ෂයේදී තුර්කිය විසින් රුසියානු බෝම්බ හෙළන යානයක් බිම හෙළීමෙන් පසුවයි.

    S400
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Great analysis. Ela machan. Mamath saahenna mee gena touch eke hitiya. Uba kiyana eka hariyata hari.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    පට්ටයි මචන්.
    සුපිරි විස්තරේ.


    උබට සලකන්න නම් සෑහේන්න අමාරුයි.

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.