සිරියාවේ රුසියානු විශේෂ බලකා
සිරියාවේ පැල්මයිරා නගරය අල්ලාගැනීමේදී තීරණාත්මක සාධකය වූයේ සිරියානු සෙබලුන් සමග සිටි ස්පෙට්නාස් කොමාන්ඩෝ භටයන් බව රුසියාව පවසා තිබේ.අපේක්ෂා කරන පරිදි ස්පෙට්නාස් සෙබලුන් ගොඩබිම් මෙහෙයුම්වලට එක්ව සිටින්නේ සතුරු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට රුසියානු බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලට පණිවුඩ ලබාදීමටයි.එසේම ඔවුන් තම ඔත්තු බැලීමේ හැකියාව යොදාගෙන ISIS ත්රස්තවාදීන්ගේ ඉලක්ක සොයාගෙන ඒවාට පහරදෙන්නට සිරියානු හමුදා හෝ ප්‍රහාරක යානා කැඳවයි.ස්පෙට්නාස් සෙබලුන්ගේ වීරත්වය හෙළිවන සිද්ධියක් පසුගිය සමයේදී වාර්තා විය.ඒ ISIS ත්රස්තවාදීන්ට කොටුවූ ස්පෙට්නාස් සෙබලෙක් ගැලවීමක් නැතිබව දැන තමන් සිටින ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නට දැනුම් දීමයි.මෙහිදී රුසියානු විශේෂ බලකා භටයා ඇතුලු අවට සිටි ත්රස්තවාදීන් මරණයට පත්විය.මෙවැනි සිද්ධීන් 1980 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ සහ 1990 දශකයේදී චෙච්නියාවේ ද සිදුවූ අතර ආගමික උමතුවෙන් සිටි ඉස්ලාමීය ත්රස්තවාදීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කරන්නට ස්පෙට්නාස්වරුන් ක්‍රියා කලේය.නමුත් සිරියාවේ සිටින ස්පෙට්නාස් සෙබලුන්ගේ කාර්යය ඊට වඩා වෙනස්ය.මන්ද ඔවුන් යොදවා තිබෙන්නේ සතුරන් හා මුහුණට මුහුණ සටන් වදින්නට නොවේ.ස්පෙට්නාස් සෙබලුන්ගේ බටහිර පිටපත් මෙන් ඔවුන්ව ඔත්තු බැලීම සඳහා පුහුණු කර තිබේ.ඔවුන් සතුරාගේ භූමියේ ඇතුලටම ගොස්,අතිශය වැදගත් පුද්ගලයින් හෝ උපකරණ ගැන තොරතුරු ලබාදෙයි.අවශ්‍ය නම් එවැනි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටමඟ පෙන්වයි.මෙවැනි මෙහෙයුම් ඇෆ්ගන් යුද්ධයේදී සහ 1990 දශකයේ අග භාගයේදී කොකේසියානු ප්‍රදේශවල සිදුකරන ලදි.නමුත් එවැනි මෙහෙයුම් සිරියාවේදී සිදුකරන්නට රුසියාව අකැමැතිවන්නේ සිදුවිය හැකි හානි ගැන සලකා බලාය.
රුසියානු ස්පෙට්නාස් කොමානාඩෝ භටයන් සිරියාවේ සිටින්නේ නිල වශයෙන් 2015 ඔක්තෝම්බර් මාසයේ පටන් වන අතර නිල නොවන වශයෙන් වසරකට පමණ පෙර සිටය.සාමාන්‍යයෙන් විශේෂ මෙහෙයුම් සඳහා යොදවන මෙම බලකාය සිරියාවේ කරමින් සිටින්නේ කුමක්දැයි රුසියාව එතරම් තොරතුරු හෙළිකර නැත.ඔවුන්ගේ ප්‍රාථමික කාර්යය වන්නේ සිරියාවේ සිටින රජයේ හමුදාවලට ISIS ත්රස්තවාදීන්ගේ නායකයින් සොයා ඝාතනය කරන ආකාරය සම්බන්ධව පුහුණුව ලබාදීමයි.නමුත් මෙවැනි මෙහෙයුම් ඔස්සේ ලබාගන්නා කිසිදු සාර්ථකත්වයක් ප්‍රසිද්ධ කරනු නොලැබේ.මන්ද මේවා ඉතා රහසිගත කොමාන්ඩෝ මෙහෙයුම් නිසාය,නමුත් සිරියානු හමුදාවල හැකියාව ඉහළ නැංවීමට ලබාදෙන ස්පෙට්නාස්වරුන්ගේ සහාය සඟවා සිටීම අමාරුය.
මොවුන්ගේ මෙහෙයුම් දීර්ඝ කාලීන වන අතර ජීවිත කාලය කෙටිය.චෙච්නියාවේ සිදුකල සෑම සංචාරයකදීම ස්පෙට්නාස්වරුන්ට 10% හානියක් සිදුවිය.චෙච්නියා යුද සමයේ සිටියේ සියගණනක ස්පෙට්නාස් කොමාන්ඩෝ භටයන් පිරිසකි.නමුත් චෙච්නියාවට සිදුවූ හානියෙන් 80%කට වගකිව යුත්තේ රුසියානු ස්පෙට්නාස් සෙබලුන්ය.චෙච්නියාව සහ යුක්රේනය තුල යෙදවූ ස්පෙට්නාස් සෙබළුන්ට පැවරුණේ ප්‍රධාන වශයෙන්ම සටන්කාමීන්ගේ කඳවුරු,ඔවුන්ගේ ගමන් මාර්ග ,දෛනික චර්යාව සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කිරීම සහ වාර්තා කිරීමයි.නමුත් සැබෑ ප්‍රහාරය එල්ල වූයේ අදාල තොරතුරු ඔස්සේ ලබාදුන් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර හෝ කාලතුවක්කු ඔස්සේය.ස්පෙට්නාස් සෙබළුන් සටන්කාමීන්ගේ ඒකක වෙත දිවයද්දී ඔවුන් සිදුකරන හානියට වඩා වැඩි හානියක් සිදුවේ.ස්පෙට්නාස් සෙබළුන් යනු බලහත්කාරයෙන් එම කාර්යය කිරීම සඳහා යොදාගන්නා පිරිසකි.චෙච්නියාවේ සහ යුක්රේනයේ යෙදවූ ස්පෙට්නාස් සෙබලුන්ගේ කණ්ඩායම්වලින් සෙබලුන් තිදෙනෙක්වත් ඒ සඳහා බලහත්කාරයෙන් යොදාගත්ත වූන්ය.ඔවුන්ට සැපයෙන්නේ ලොව සිටින කිසිදු විශේෂ බලකායකට ලබානොදෙන තරමේ අතිශය දුෂ්කර පුහුණුවකි.නමුත් සිරියාව තුල යෙදවූ ස්පෙට්නාස් සෙබලුන් අතර බලහත්කාරයෙන් බඳවා ගත් නැති බව කියවේ.මෙවැනි හමුදා කණ්ඩායම්වල සෙබලුන් 8-10 පිරිසක් සිටින අතර සිරියාවට ගිය සමහර කණ්ඩායම්වලට විශේෂයෙන් රුසියානු බස හැසිරවිය හැකි සිරියානු විශේෂ බලකා සෙබලුන් යොදවා තිබේ.
නියම ස්පෙට්නාස් කොමාන්ඩෝවරු සංවිධානය වී සිටින්නේ SAS හෙවත් බ්‍රිතාන්‍ය කොමාන්ඩෝවරුන් මෙන් විශාල කණ්ඩායම් ලෙසයි.ස්පෙට්නාස් සේනාංකයක් සෙබලුන් 1300කින් සමන්විතය.ඔවුන් 8-10 අතර පිරිසක් සිටින කණ්ඩායම් 100කින් පමණ සමන්විත වේ.රුසියාව තුල එකිනෙකට වෙනස් ස්පෙට්නාස් සංවිධාන රැසක් තිබේ.යුද හමුදාව,නාවික හමුදාව,පොලිසිය,විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධි අංශ සතුව වෙනමම ස්පෙට්නාස් ඒකක සිටියි.ඒවාහි පුහුණුව එක හා සමාන නොවේ.ඔවුන් උභයචර මෙහෙයුම් දියත් කිරීම,තානාපතිවරු ආරක්ෂා කිරීම ආදී කාර්යයන් සඳහා පවා යොදා ගැනේ.ඔවුන් අතරේ අතිදක්ෂ ස්නයිපර්වරුන් සිටින අතර සතුරු ස්නයිපර්වරු සොයාගෙන බිම හෙළීමට හැකියාව ඔවුන් සතුය.
Source:Strategypage.com
-HarshaLulzSec-

පැල්මයිරා සටනේදී ත්රස්තවාදීන්ට කොටුවී තම සිටි ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරගෙන සමුල ඝාතනයක් සමග මරණයට පත්වූවා යැයි කියන රුසියානු විශේෂ බලකා සෙබලා
රුසියානු ස්පෙට්නාස් කොමානාඩෝ භටයන් සිරියාවේ සිටින්නේ නිල වශයෙන් 2015 ඔක්තෝම්බර් මාසයේ පටන් වන අතර නිල නොවන වශයෙන් වසරකට පමණ පෙර සිටය.සාමාන්‍යයෙන් විශේෂ මෙහෙයුම් සඳහා යොදවන මෙම බලකාය සිරියාවේ කරමින් සිටින්නේ කුමක්දැයි රුසියාව එතරම් තොරතුරු හෙළිකර නැත.ඔවුන්ගේ ප්‍රාථමික කාර්යය වන්නේ සිරියාවේ සිටින රජයේ හමුදාවලට ISIS ත්රස්තවාදීන්ගේ නායකයින් සොයා ඝාතනය කරන ආකාරය සම්බන්ධව පුහුණුව ලබාදීමයි.නමුත් මෙවැනි මෙහෙයුම් ඔස්සේ ලබාගන්නා කිසිදු සාර්ථකත්වයක් ප්‍රසිද්ධ කරනු නොලැබේ.මන්ද මේවා ඉතා රහසිගත කොමාන්ඩෝ මෙහෙයුම් නිසාය,නමුත් සිරියානු හමුදාවල හැකියාව ඉහළ නැංවීමට ලබාදෙන ස්පෙට්නාස්වරුන්ගේ සහාය සඟවා සිටීම අමාරුය.
ඇෆ්ගන් යුද්ධයට සහභාගී වූ සෝවියට් විශේෂ බලකා සෙබලුන්