සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    4,025
    3,191
    113
    Ratnapura
    සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු

    f.jpg

    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ප්‍රබල ලෙස ඉස්මතු වූ සමයේදී ලොව සතර අතින් ඊට ස්වේච්චාවෙන් පුද්ගලයෝ එකතු වන්නට විය.යුරෝපා රටවල සිටින අන්තවාදී අදහස් දරන ඉස්ලාමීකයෝද ඒ අතර විය.ස්කැන්ඩිනේවියානු රටවල ඉස්ලාම් නොවන පුද්ගලයෝ සිරියාවට පැමිණ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් වදින්නේ යැයි කටකතා පැතිර ගියේය.

    සිරියාවේ ත්‍රස්ත විරෝධී සංග්‍රාමයට එක් වූ ස්කැන්ඩිනේවියානුවෙක් සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවක් 2018 අප්‍රේල් මස 18දා 'ස්කැන්ඩිනේවියානු නිදහස - Skandinavisk Frihet' නම් වෙබ් අඩවියේ පළ කර තිබිණි.ස්වීඩනය මුල් කරගත් අන්ත දක්ෂිණාංශික සංවිධානයක් වන 'ස්කැන්ඩිනේවියානු ලීගය' සම්බන්ධ යැයි පැවසෙන මෙම වෙබ් අඩවිය 2018 පෙබරවාරි මාසයේදී ස්ථාපිත කරන ලද්දකි.කෙසේවෙතත් සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණු ස්කැන්ඩිනේවියානු ජාතිකයෝ 'ස්කැන්ඩිනේවියානු නිදහස' නම් සංවිධානයේ සාමාජිකයන් යැ‍යි සඳහන් වේ.ඔවුහු සිරියාවේ සටන් වැදී තිබෙන්නේ 2017 වර්ෂයේදීය.

    ස්කැන්ඩිනේවියානු නිදහස නම් සංවිධානය සතුව 'නෝඩික් යූත්' නමින් තරුණ පෙරමුණක් සිටියි.එය නව-නාසි හෙවත් නට්සිවාදයේ නූතන අනුගාමිකයන්ගෙන් සමන්විත අතර යුක්‍රේනයේ රුසියානු සහාය ලබන බෙදුම්වාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා යුක්‍රේන රජයේ පාර්ශ්වයෙන් සටන් වැදීමට විදේශීය සටන්කරුවෝ සැපයූ බවට ප්‍රසිද්ධය.නෝඩික් තරුණ පෙරමුණ පසුගිය වසර කිහිපය තුල යුරෝපයේ අවධානය දිනා ගත්තේ සංක්‍රමණිකයන් බිය ගැනීමත්,ස්ටොක්හෝම් නගරයේ පැවති සමලිංගික පෙළපාලියක් කඩාකප්පල් කිරීම ආදී සිද්ධීන් නිසාය.

    දැන් ලිපියේ මාතෘකාව දෙසට හැරෙමු.වෙබ් අඩවියේ පළවූ වාර්තාවට අනුව ස්කැන්ඩිනේවියානු රටවලින් පැමිණි සටන්කරුවෝ සිරියාවේදී රුසියානුවන් සමග තාවකාලිකව සහයෝගයෙන් කටයුතු කර තිබේ.මෙම සටන්කරුවන්ගෙන් වැඩි පිරිසක් නෝවීජියානුවන් වන අතර ඔවුන් ත්‍රස්ත විරෝධී සංග්‍රාමයේදි රුසියාවේ විධාන මත පිහිටා සටන් වැදිණි.සටන්කරුවන් ඒකේ-74 රයිපල් සහ නෝර්වීජියානු ධඡය ඇතිව සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.මෙලෙස සිරියාවට පැමිණි ස්කැන්ඩිනේවියානු සටන්කරුවෝ 'තෝර්බ්‍රෑන්ඩ්' යන කණ්ඩායමට අයත් වේ.

    QJDzaKY.jpg
    සිරියාවේ සිටි ස්කැන්ඩිනේවියානු සටන්කරුවෝ​

    ඔවුන් 2017 වර්ෂයේ ශීත ඍතුව,වසන්ත කාලය සහ ග්‍රීෂ්ම ඍතුවේදී සිරියාවේ මෙහෙයුම් වල නිතරව ඇත.සිරියාවේදී මෙම සටන්කරුවෝ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මුහුණට මුහුණ සටන් වැදී ඇති අතර 2017 වසන්ත කාලයේදී ත්‍රස්තවාදීන්ට එරෙහි ආක්‍රමණයක් සඳහාද සහභාගී වී තිබේ.ඔවුහු දිවා-රාත්‍රී දෙකෙහිම මෙහෙයුම්වල නිතර වූ බව සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කරයි.

    "අපගේ ඒකකය තාවකාලිකව රුසියානු හමුදා සමග එක්ව කටයුතු කල.රුසියාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සටනට සහභාගී වන්නට සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ්ගෙන් ඉල්ලීමක් කලේ 2015 වර්ෂයේදීය.එවැනි විශාල රටක් සංග්‍රාමයට එක් වූ පසු ලෝකය දකින්නේ ත්‍රස්තවාදයට එරෙහිව සැබෑ සටනකි.2016 වසන්ත කාලයත් 2017 වර්ෂයේ අවසානයත් සමග සංග්‍රාම භූමිය සම්පුර්ණයෙන්ම වෙනස් විය.රුසියාව සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කොදුනාරටිය බිදීමට සමත් වූ අතර අපේ සෙබලුන්ද උරෙනුර ගැටී සටන් වැදිණි." - උපුටා ගැනීම

    AT98M1w.jpg
    ස්කැන්ඩිනේවියානු සටන්කරුවන්ගේ තාවකාලික කඳවුරක්​

    තෝර්බ්‍රෑන්ඩ් යනු මූලික වශයෙන් යාන්ත්‍රික පාබල හමුදා ඒකකයකි.නමුත් ඔවුන්ට යුද ටැංකි සහ බර අවිවලට ප්‍රවේශ වීමේ අවස්ථාවද ලබා දී තිබිණි.මෙම ඒකකයේ ස්වේච්ඡා සෙබලුන් බොහොමයක් යුරෝපා ජාතිකයෝ වූහ.

    සිරියාවේ ගත කල පළමු මාස තුන තුල තෝර්බ්‍රෑන්ඩ් ඒකකය ආක්‍රමණ සඳහා සහභාගි විය.රාත්‍රී කාලයේ ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශවලට රහසේ ඇතුලු වී සතුරන්ගේ ස්ථානගත වීම,සංඛ්‍යාව සහ එම ප්‍රදේශයේ ඔවුන් භාවිතා කරන සංග්‍රාමික උපක්‍රම ආදිය සම්බන්ධව ඔත්තු බැලීමට මෙම කණ්ඩායම ක්‍රියා කරන ලදි.ඒ සඳහා ඩ්‍රෝන් යානා භාවිතා කර තිබේ.ඉන්පසු ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සැපයුම් ස්ථාන විනාශ කරන අයුරු සැලසුම් කෙරිණි.ග්‍රීෂ්ම ඍතුවේදී තෝර්බ්‍රෑන්ඩ් ඒකකයට වෙනත් කාර්යයන් පැවරිණි.ඉන්පසුව ඔවුහු නිතරම සංග්‍රාම භූමිය තුල ඇවිද යමින් එහි බිම්බෝම්බ වැළලීමේ යෙදිණි.එහි අරමුණ වූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අදාල ප්‍රදේශවල නිදහසේ ගමන් කිරීම ඇති හැකියාව අඩාල කිරීමයි.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පසුබැස යද්දී එම ප්‍රදේශ අත්පත් කර ගත්තේ එලෙසයි.

    තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ නායකත්වය දරන්නේ නෝර්වීජියානු ජාතිකයෙක් වන 'නෝර්මන්' නැමැත්තාය.ඒකකයේ බොහොමයක් සාමාජිකයෝ නෝර්වේ,ස්වීඩනය සහ අයර්ලන්තය ආදී රටවලින් පැමිණි අයයි.

    Nor%C3%B0ma%C3%B0r-860x924.jpg
    තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ ප්‍රධානියා යැ‍යි සැලකෙන නෝර්වීජියානුවා​

    ත්‍රස්තවිරෝධී සංග්‍රාමයේදී තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ සාමාජිකයෝ අහිමි වූයේ දැයි ඇසූ ප්‍රශ්නයට සම්මුඛ සාකච්ඡාවේදී පිළිතුරක් ලබා නොදීමට වග බලාගෙන තිබේ.සිරියාවේදී මෙම සටන්කරුවන්ට කාළගුණය සහ රළු පරිසර තත්ත්වය අවාසියක් වූ බව සඳහන් වේ.ශීත ඍතුවේ රාත්‍රියේදී දැඩි ශීතලකටද,වසන්ත කාලයේදී දැඩි උණුසුමක් තිබේ.චණ්ඩ මාරුත සහ දූවිලි කුණාටු සහිත අවස්ථාවන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිය වාසිය පිණිස යොදා ගන්නා අතර එවැනි කුණාටු අතරතුර ත්‍රස්තවාදීන් අනපේක්ෂිත ප්‍රහාර දියත් කරන බවද තෝර්බ්‍රෑන්ඩ් සාමාජිකයා හෙළි කලේය.

    ග්‍රීෂ්ම ඍතුවේදී මෙම සටන්කරුවන්ට සෙල්සියස් අංශක 60 ක තරම් දැඩි උෂ්ණත්වයක් යටතේ මෙහෙයුම් කිරීමට සිදුවිය.එය ගුවන් යානයක ජෙට් තලබමරය යට සිටීමට සමාන යැ‍යි තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ සාමාජිකයා විස්තර කර තිබිණි.සිරියාවේ කාලගුණය ඔවුන් සිතා සිටියාට වඩා කර්කශ එකක් විය.ඊට අමතරව විෂ සහිත කෘමීන්,උරගයන් ආදි සතුන්ගෙන්ද කරදර පැමිණියහ.

    axSeYCq.jpg
    තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ සටන්කරුවන් විසින් සොයාගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රචාරක පත්‍රිකා​

    තෝර්බ්‍රෑන්ඩ් ඒකකය සිරියානු සිවිල් වැසියන් සමග පවත්වන සම්බන්ධතා ඉතා අවමය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට පවා සිවිල් වැසියන් ලෙස වෙස් වලාගෙන සිටීමට ඇති හැකියාව නිසා සෑම සිවිල් වැසියෙක්ම මෙම සංග්‍රාමයේදී සතුරෙක් වීම සම්භාවිතාවයක් තිබේ යැයි සම්මුඛ සාකච්ඡාවට එක්වූ සටන්කරුවා කීය.

    "මධ්‍යම ගිම්හාන කාලයේ එක් දිනක තෝර්බ්‍රැන්ඩ් ඒකකය සතුරු බල ප්‍රදේශයකට ඇතුල් විය.අපි රාත්‍රී කාලයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කඳවුරක් අසල සැඟවී සිටියා.අපිට පැවරී තිබූ කාර්යය වූයේ එහි සිටින්නේ කවරාකාරයේ සන්නද්ධ හමුදාවක්ද සහ ඔවුන්ගේ පිරිස් බලය කොතරම්ද යන්න සොයා ගැනීමයි.කාලතුවක්කුවලින් සන්නද්ධ රුසියානු හමුදාවල ප්‍රහාරක පරාසය තුල මෙම ත්‍රස්ත කඳවුර පිහිටා තිබිණි.කඳවුර ත්‍රස්තවාදීන් 50කට,යුද ටැංකි සහ යුද රථ සඳහා ප්‍රමාණවත් එකක් විය.ඒකකයේ අණදෙන්නා කඳවුරට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නට තීරණය කලා.සියල්ල ඉතා නිශ්ශබ්දව පැවතුණිද එම ස්වභාවය වහා වෙනස් විය.කඳවුරට කාලතුවක්කු ප්‍රහාර එල්ල වන අයුරු අපි දුටුවා.ටික වෙලාවකට පසු කඳවුර මුලුමනින්ම විනාශ වී ගිනි ගනිමින් තිබුණා.වාහන ගිනිගෙන පුපුරා ගියා.උණ්ඩ තිබූ පෙට්ටි පුපුරා සතර අත විසිරී ගියා.කෙසේවෙතත් ත්‍රස්තවාදීන්ගෙන් භාගයක් පමණ ප්‍රහාරවලින් දිවි ගලවා ගත්තා.ත්‍රස්තවාදීන් ප්‍රදේශයෙන් පසුබැසීමට උත්සාහ කලද තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ අණදෙන්නාගේ නියෝගය පරිදි ඉතිරිවූ සියලු ත්‍රස්තවාදීන් මරාදමන ලදි." - උපුටා ගැනීම

    t4g3mRXl.jpg
    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කඳවුරක් රාත්‍රී කාලයේදී තෝර්බ්‍රෑන්ඩ් ඒකකයේ නිරීක්ෂණයට ලක්වන අයුරු,2017 මැයි 31.​

    EAYQrYJl.jpg
    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ කඳවුරකට පිටතින් ඊට ආරක්ෂාව සලසන ත්‍රස්තවාදියෙක් නයිට් විෂන් කැමරාවක නිරීක්ෂණයට ලක්වන අයුරු.​

    තෝර්බ්‍රෑන්ඩ් ඒකකය විසින් සපයා දුන්නේ යැ‍යි සැලකෙන ඡායාරූප කිහිපයක්ද skandinaviskfrihet.se වෙබ් අඩවියේ පළ කර තිබේ.ඡායාරූපවල මෙටා ඩේටා වලට අනුව ඒවා 2017 අප්‍රේල් සහ මැයි මාසවල ලබා ගත් බව පෙනේ.ස්කැන්ඩිනේවියානු සටන්කරුවන් සිරියාවේ රැදී සිටියේ යැ‍යි සඳහන් කරන කාල සමය සමග එම දත්ත ගැලපේ.නමුත් සෙබලුන් පමණක් සිටින ඡායාරූපවල මෙටාඩේටා මකා දමා ඇතැයි කියවේ.

    ''නෝර්වීජියානු පුරවැසියන් විදේශීය හමුදා මෙහෙයුම් සඳහා සහභාගී වන්නේ නම් එය නීතිවිරෝධීය.'' යැයි නොර්වේ රාජ්‍යයේ පොලිස් ආරක්ෂක සේවාව පවසා තිබේ.



    Source:skandinaviskfrihet.se


    කාලෙකට පස්සේ ෆෝරම් එකට ආවේ.කිහිපදෙනෙක්ම බ්ලොග් එකක් ලියන්න කියපු නිසා 2017 අවුරුද්දේ මුලදී බ්ලොග් එකක් පටන් ගත්තා.කැමති අය බලන්න.

    සංග්‍රාම භූමිය :www.unofficialbattlefield.blogspot.com
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    26,244
    39,367
    113
    අඩෝ මචෝ හුගාක් කාලෙකින් නේද ?
    කොහෙද ගිහින් ඉදියෙ ?
    ඇයි නාවේ මේ පැත්තෙ..
    උබට පීඑම් නුත් දැම්මා, බඩු නෑනේ ඉදියේ හොයාගන්න..
    මොකෝ උනේ ම්චන් ?
    happy to see u again bro