සිරිලංකාවේ කිරිකැට්..................................... ..... ........

ක්‍රිකට් ක්‍රීඩකයෝ වනාහි අහසින් වැටෙන්නට තතනන දිය බිඳුවක්ම වෙත්ද? ඉහළ නඟින ජල වාෂ්ප වර්ෂාවක් ලෙස පතිත වන්නේ කෙසේදැයි ඉගෙනගත් අපි, ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහලම තලය වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අහසින් ඇද නොවැටී සිටින්නට දරන උත්සාහය දෙස බලා සිටින්නෙමු.
පරාජයේදී දොස් නැගීම ඉත පහසු කරුණකි. මේ මෑත කාලයේ ක්‍රිකට් ගැන මට දැනුනු අදහස් උදහස් ලිවීමක් පමනක්ම බව කිය යුතුය.
ජාතිය ආගම කුළය උස්කම් මිටිකම් බලපාන ක්‍රිකට්වලට ඉහටත් වඩා උඩින් ක්‍රීඩකයින්ගේ කළමණාකරුවන් වැජබෙන බව අසා ඇති අතර ඒ කතාව සත්‍යයක්ම වන බව ඇස් පනාපිට පැහැදිලිවම රූපවාහිනියේ තරඟ නරඹද්දී අවබෝධ වූ බව කිව යුතුය.
ට්20 ලෝඉ කුසලාන තරඟාවලියේදී කුලසේකර හා සචිත්ර බංකුවේ සිටියදී දසුන් ශානක හා වැන්ඩර්සෙය් ක්‍රීඩා කලේය. ඊටත් එහා මතකය ගෙන යද්දී මතක් වන්නේ ජයසූරිය සංගා සමග දුවන්නට ගොස් රනවුට් වූ ලෝක කුසලානයයි. ඒ කලුවිතාරනව හලා ඒ ස්ථානයට සංගාව ගත් ආකාරයයි. එසේම ජෙහාන් මුබාරක් උඩපන්දු රැකගත් ආකාරයද පෙනී නොපෙනී යයි.
මොනම හෝ ප්‍රධාන තරඟාවලියකදී චෙස් ඇදීම පසෙක තබා දාම් අදින්නට අපේ උන් කැමති බව කාටත් පෙනුනු දෙයකි.
මෙවර දකුණු අප්‍රිකා ටී20 යේදී තරඟාවලියම දිනා දෙන්නට සමත් වූ සීක්කුගේට වඩා වැන්ඩර්සෙය් හොඳ වූයේ කෙසේදැයි අසන්නට කෙනෙක් නැත. ඇසුවද කියන්නේ පරාජයේදි එවැනි ප්‍රශ්න එන බවක් පමනි.
කෙසේ කුමක් උවත් අවසානයේදි නිදි මරාගෙන ජාත්‍යාලය පෙරට ගෙන මැච් බැලූ උන් හූල්ලද්දී උන් උන්ගේ ගාන හොයාගත් බව පමණක් පෙනී යයි. කළමනාකරුවන්ට කුට්ටිය දී ටීම් එකට ඒමටත් මැච් එකක හෝ ක්‍රීඩා කිරීමටත් අව්ස්ථාව ලැබෙන්නේ ඊට ඉහලින් ඉන්න උන්ද ඒ කුට්ටිය මතම යැපෙන නිසාම නොවේද? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොතනද යන්න දැන දැනත් ක්‍රිකට් බලන අපි අපිටම මඩු වලිගයකින් තලා ගත්තාට කමක් නැතැයි නොහිතෙන්නේ මොන කරුමයක් නිසාදැයි නොතේරෙයි. හේතුව ඊලඟ ඕස්ට්‍රේලියා මැච් බලන්නටද දත කට මදිමින් සිටින නිසාය.
[තමන්ගේ පාසලේය ප්රදේශයේය ආගමේය කුළයේය කියා ක්‍රීඩකයින් බෙදාගෙන කෑගසන උන්ට මේ කතාව දිරවන්නේ නැති බවද අපි දන්නවාය.]