සිරිලක ජනප්‍රවාද

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරිලක ජනප්‍රවාද

    වැලිගම හා බැදුන ජනප්‍රවාද.
    කතරගම දෙවියන්ගේ එක් භාර්යාවක්වන වල්ලිඅම්මා මෙහි සිට ඇති බවත් එනිසා වල්ලිගාම, වැලිගම වු බව මෙහි වැඩිහිටියන් කියයි.වල්ලිඅම්ම ඇතුලූ පෙර රජ

    දරුවන් දිය නෑම පිනිස භාවිත කල “මහනැවියා පොකුන.”දැනට මුහුදටයටව පවති.මෙහි රජවරුන් දිය නෑ රත්ත්‍රන් සෙම්බුව හා එය ගැට ගැසුරන් දම් වැලක්

    කාලයකට මුහුදෙ පාවෙන බවත් එය ගැනිමට යන අය දියෙ ගසා ගෙන යන බවත් පැරැන්නො කියයි.

    කුශ්ඨරාජගල හා අග්‍රබොධිය හා බැදුන ජනප්‍රවාද

    ජය ශ්‍රි මහා බොධියෙන් හට ගත් බොපැල 32 රටේ විවිධ තැන් වල රෝපනය කරමින් යන විට මෙ ප්‍රදෙශයෙදි රෑ බොවි ඇති නිසා මෙහ්හි රැයගත කිරිමට තිරනය

    කර ඇත.උදේ අවදිවි බලන විට පුදුමයකි එක් බොධියක් ගැලවිමටවත් නොහැකි ලෙස මුල් අල්ලා ඇත.කෙසේවත් ගැලවිමට නොහැකිවිට දේවානම්පිය තිස්ස

    රජතුමාගෙ උපදෙස් පිට එය මෙහිම රෝපනය කොට අග්‍ර වු බෝධිය හෙවත් අග්‍රබොධි නමින් විහාරයක් කරවීලු.
    එක් කලකදි මෙහි පාලනය ගෙන ගිය රජකෙනකුට දරුනු කුශ්ඨ රෝගයක් සෑදි ඇති අතර කෙසේවත් සුව නොවු තැන අග්‍රබොධියට භාරයක් වීලු.එම භාරයනම්

    තමාගෙ රෝගය සුවවුවහොත් තමාගෙ රැපයමෙන් රැපයක් ගලක කොටන බවයි.ඉන් පසුව රජතුමගෙ රෝගය සුව වි ඇති අතර පසුව භාරය කියු ලෙසම ඉටු කර

    ඇත.එයනම් අද අපි දකින කුශ්ඨරාජගලයි.මෙහි ගල ඇතුලත වටිනා වස්තුව තැන්පත් කර ඇතිබවත් යාග හෝම බිලි පුජාකර මෙහි ඇති ගල් දොර විවුර්ත කර

    ඇතූලට ගියවිට මෙහි ඇති වස්තුව නිසා ඇතිවන ආසාව නිසා එමගල්දොර වැසෙන බව ජනප්‍රවාදයයි.කෙසේනමුත් උගතුන්ගෙ අදහස කුශ්ඨරාජගලේ ඇත්තේ

    අවලෝකිතේශ්වර බොසත් රැවක් බවයි.
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තුම්පනේ හා බැදුන ජනප්‍රවාද

    මේ ගමේ මිනිස්සු ඉස්සර ඉදන්. ඒ කියන්නේ රජ කාලෙ ඉදන් ජයටම කෙරුනු වෙලදාමක් තමය් පුවක් වෙලදාම. මේ මිනිස්සු ගමේ තියෙන ගස්වල පුවක් කඩාගෙන

    ඇවිත් ගමේ තියලම තවත් මොනාහරි දේකට හුවමාරු කරනවා. ඉස්සර තිබ්බේ භාන්ඩ කිරීමේ ක්රමයක් නේ.

    මේ කට්ටිය පුවක් වෙලදාම් කලාට මොකෝ හරියට ගනින්න දන්නෙ නැතිලු. ඒ කිව්වේ එයලා ගනින්න දන්නේ පනහට විතරය් ලූ. දවසක් පුවක් ගන්න ආ මිනිහෙක්ට

    පුවක් ටික ගැනලා පනහේ ගොඩවල් ගහලා තිබ්බලු.

    මේ මිනිහා අහුවලු පුවක් කොච්චර තියෙනවද කියලා. පුවක් වෙලෙන්දා කිව්වලු තුන් පනහක් (ඒ කියන්නේ එකසිය පනහක් කියන එකනේ. ) තියෙනවා කිව්වලු. එදා

    කියපු තුන් පනහා තුන්පනේ උනා කියලා තමය් ජනප්රවාදයේ තියෙන්නේ.

    අංගමුව හා බැදුන ජනප්‍රවාද

    අතිතයේ එම ගම් පියසෙහි මෙල්ල කළ නොහැකි කුළු මීමකු සිටි අතර විටින්විට එම කුළුමීමාගෙන් එම ගමෙහි සිටි ගැමියන්ට කරදර සිදු විය.එම සිදුවූ කරදර වලට

    විසඳුමක් ලෙස එම ගම් පියසෙහි සිටි ජව සමිපන්න පුරුෂයකු එම කුළුමීමා මෙල්ල කොට එම කුළුමීමාගේ විශාල අං තට්ටුව ගලවා අතට ගත් බැවින් එම ගමට

    (අංගත් පුරය) ලෙස නම ප‍ට බැඳිනි.
     
    • Like
    Reactions: genius89 and thilzz

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යාපනය හා බැදුන ජනප්‍රවාද

    ඈත අතීතයේ ඉන්දියාවේ අති දක්‌ෂ සංගීතඥයකු ජීවත් වී ඇත. ඔහු ජීවත් වුණේ දකුණු ඉන්දියාවේය. ගාන්ධර්වයකු වුවත් ඔහු අන්ධයකු විය. රූමත් තරුණියක සමග

    ජීවත් වූ මේ ගාන්ධර්වයාගේ අන්ධ බව රූමත් තරුණිය විශ්වාස කළේ නැත. ඇය ඔහුගේ කර්ණ රසායන සංගීතයෙන් අන්ධ වී සිටියාය. ඇය ගාන්ධර්වයාට

    බෙහෙවින් පෙම් කළාය. ආලය අන්ධ යෑයි කියමනක්‌ ද තිබේ.

    කල්යත්ම ගෙදර අගහිඟකම් වැඩි වන්නට විය. සංගීත අභ්‍යාසවල යෙදෙනවා වීනා ගාන්ධර්වයා ගෙදර අගහිඟකම් ගැන සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැත. ආදරය

    අනාදරයට පෙරළෙමින් ගාන්ධර්වයා හා රූමත් තරුණිය අතර ආරවුල් ඇති වන්නට විය.

    මේ රූමත් තරුණියගේ ගෙදර අගහිඟකම් ගැන ගෝරනාඩුව ගාන්ධර්වයාට අවසානයේ මහා කන්දොස්‌කිරියාවක්‌ විය.

    "මම උඹට කරදරයක්‌ බරක්‌ වෙන් නැතුව ලංකාවට යනවා"

    අවසානයේ ගාන්ධර්වයා පවසන්නට විය. රූමත් තරුණිය ගාන්ධර්වයාගේ එම කතාවට පිළිතුරු දුන්නේ අවඥ සහගත සිනාවකිනි.

    "තමුසෙ ලස්‌සන ලංකාවට යන්නේ සරුසාර වතුත් එක්‌ක දළ ඇත්තු ගන්නදැයි" තරුණිය ගාන්ධර්වයාගෙන් ඇසුවේ අපහාසාත්මකවය.

    දමිළයන් පස්‌දෙනකු ලංකාව පාලනය කළ යුගයක්‌ ගැන ඉතිහාසයේ සඳහන් වේ. එවකට වළගම්බා රජු සිට ඇත්තේ වනගතවය. මේ ගාන්ධර්වයා ලංකාවට පැමිණ

    ඇත්තේ ඉහත වකවානුවේ විය යුතු බවට සාක්‌ෂි ඇත. තමා රජු ළඟට රැගෙන යන ලෙස කිහිප දෙනකුට කීවත් කිසිවකු ඔහුගේ කීම ගැන තැකීමක්‌ කළේ නැත.

    අන්ධයකු රජුට මුණ ගැස්‌වීම අසුබ නිමිත්තක්‌ වීම මීට හේතු විය.

    ගාන්ධර්වයාගේ අතීත කතාව ඉතා අද්භූත එකක්‌ විය. ඔහුගේ සංගීත නිපුණත්වය ගැන ටික දිනක්‌ යන විට රජතුමාගේ කනට ද ගියේය. ගාන්ධර්වයා අන්ධයකු බව රජු

    දැන සිටියේ නැත. ඔහුගේ වීණා වාදනයක්‌ ඇසීමට රජුටද අවශ්‍ය විය. රජු හමුවට ගෙන යන බවක්‌ නොකියා රජුගේ චරපුරුෂයන් ගාන්ධර්වයාව රජ මාළිගාවට

    ගෙන යන්නට විය. රජ වාසලේ කාමරයක්‌ මැදින් තිරයක්‌ ඇද වෙන්කරන ලදී. තිරයෙන් එහා සිට වීණා වාදනය කරන්නට ගාන්ධර්වයාට නියම විය. නමුත් තම ඉමිහිරි

    වීණා වාදනය තිරය අනෙක්‌ පැත්තේ සිට රජතුමා අසා සිටින බව ඔහු දැන සිටියේ නැත.

    ගාන්ධර්වයාගේ සංගීත නිපුණත්වයත් කාව්‍යකරණයේ දක්‌ෂතාවයත් ගැන පිරික්‌සීමට රජුට අවශ්‍ය විය.

    රජ ඇඳුම් පසෙකලු රජු නියම දුනු හේවායකු මෙන් ඇඳුම් ආයිත්තම් වෙනස්‌ කොට දුන්නත් ඊයත් අතට ගත්තේය. තිරය අනෙක්‌ පැත්තේ සිටියද ගාන්ධර්වයාට මේ

    වෙනස වැටහුණි. ගාන්ධර්වයාට තිබුණේ පුදුම ඉවකි. රාමා දුනු හී භාවිතයට ශූරයකු වූ බව ඉතිහාසයේ සඳහන් ය. රාවණා පැරදවූ රාමාට රජතුමා සමාන කරමින්

    ප්‍රශස්‌තියක්‌ ලෙස ගාන්ධර්වයා හිටවන කවියක්‌ කියන්නට විය.

    ප්‍රශස්‌තිය අසා රජු මහත් ප්‍රීති වන්නට විය. රජු ඊළඟට තම බිසොවගේ ඇඳුම් ආයිත්තමින් සැරසෙන්නට විය. මේ වන විට තිරයෙන් අනෙක්‌ පැත්තේ සිටින්නේ කවුදැයි

    ගාන්ධර්වයා ඉවෙන් මෙන් දැන සිටියේය. බිසොවගේ ඇඳුම් ඇඟලාගත්තද රටේ පාලකයා ගැන ප්‍රශස්‌තියක්‌ ගාන්ධර්වයා වීණාව වයමින් ගායනා කරන්නට විය.

    මේ අරුම පුදුම සංගීතයේ අසාමාන්‍ය කුසලතාව දැක විමතියට පත් රජතුමා ගාන්ධර්වයාට ප්‍රශංසා කොට වටිනා තෑගි බෝග දීමට රජවාසල ඇත්තන්ට නියම

    කළේය. ඒ වන විට දකුණු ඉන්දියාවේ සිටි ඔහුගේ තරුණ රූමත් බිරිය ගාන්ධර්වයාට ලැබුණු තෑග්ග අසා පුදුමයට පත්විය.

    රජු මොහුට දුන් දැවැන්ත තෑග්ග කුමක්‌දැයි ඔබටද ප්‍රශ්නයක්‌ පැන නඟිනු නියතය. එම තෑග්ග ඔබද මවිතයට පත්කරන්නක්‌ විය හැකිය. රජු මොහුට දළ ඇතෙකු සමග

    ලංකා ධරණීතලයේ මුළු උතුරුකරයම පූර්ණ අයිතිය ගාන්ධර්වයාට පවරා දුන්නේය.

    රජතුමා ගාන්ධර්වයාට ඇතෙකු තෑගි කළද ඌට කිතුල් කොට ගෙනත් දිමටවත් වත්කමක්‌ නොවීය. ඒ වකවානුවේ උතුරේ වාසය කොට ඇත්තේ ස්‌වල්ප දෙනෙකි.

    උතුරු අර්ධද්වීපය එකම වැලි ගොඩක්‌ විය. තම දකුණු ඉන්දීය ඥතීන්ට එහි පැමිණ පදිංචි වීමට අවසර දෙන ලෙස අවසානයේ ගාන්ධර්වයා ඉල්ලන්නට විය.

    තමන්ගේ රජ වූ සංගීතඥයාගේ ඉල්ලීම පිට බොහෝ දෙනකු උතුරුකරයට සංක්‍රමණය වන්නට විය. උතුර ක්‍රමයෙන් සශ්‍රීක වන්නට විය. ගාන්ධර්වයා එම ප්‍රදේශයට

    "යාල්පානම් නාඩු" ලෙස නමක්‌ තැබීය. "යාල්" සංගීත භාණ්‌ඩයේ නම මුලට යෙදූ "පානම්" කෙනෙක්‌ "කවියා" එයට එක්‌කොට "යාල්පානම්" නාමය සකස්‌ කොට

    තිබුණි. තවමත් මේ ප්‍රදේශවාසීන් "යාල්පානම්" නමින් හැඳින්වුවද ලංකාවේ ඉංග්‍රීසි පාලනයත් සමගම එය "යාපනය" බවට පත්විය.

    යාල්පානම් අවසානයේ ඉතා බලසම්පන්න ප්‍රදේශයක්‌ විය. කල්යත්ම ඉන්දියාවෙන් සංක්‍රමිකයන් පැමිණ ලංකාවේ වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වන්නට විය.

    යාපනයත්, අනුරාධපුරයත් අතර බිම්තීරය වන්නියාර්වරු විසින් පාලනය කළ කාලයක්‌ද ඉතිහාසයේ තිබේ. වර්තමාන "වන්නිය" වශයෙන් සැලකෙන්නේ

    වන්නියාර්වරු සිටි එම ප්‍රදේශයයි.

    උපුටා ගැනීම
    mgdmadu.wordpress.com
    namals.schblogs.lk
    janathakshan.com
    www.sl-spirit.com

    හොද නම් ඉතින් rep++ ඕන
     
    • Like
    Reactions: රඹා

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    මේක නම් LTTE කාරයෙක් ලියපු සුරOගනා කතාවක්...
    :eek::eek:
    හීනෙන් තමයි..
    අනෙක්වා හොඳයි..
    :cool::cool: