සිරි යහනේ ලණු ඇහරි වදේ ගහන රෑ

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    සිරි යහනේ ලණු ඇහරි වදේ ගහන රෑ

    “මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අපි ගොඩක් ආදරෙන් ඉන්නෙ. ඒත් ලංකාවෙ තාම අපි වගේ අයට කිසිම පිළිගැනිමක් නැ. මම ඔයාට වහනෙකුත් අරන් දෙන්නම්. අනේ ප්ලීස් ඩිවෝස් වෙන්න ඕන කියල නම් කියන්න එපා.”

    මං කසාද බැන්දෙ ගෙදරින් ගෙනාපු යෝජනවාකට. අර හැමෝම බත් ඔතන්න ගන්න පත්තරේ මංගල දැන්වීම් තියෙන්නෙ. අන්න ඒක බලලා. එයා වැඩකරේ දුරකතන සමාගමක. කොණ්ඩෙ වවලා කරාබුවකුත් දාලා. හරි පුදුම කතා අනේ එයා කියන්නේ ගෑනුන්ගේ පතිවත කියන්නේ රෙපයාර් කරන්න පුළුවන් එකක්ලු. මට නම් ලැජ්ජාවේ බෑ චීයා කියන කතා. කවුද මනුස්සයකුගෙ නමක් කියල කිව්ව එයා කියල තියෙනවලු පිරිසිදු රෙද්දක් අපිරිසිදු වූ කල පිරිසිදුයි කියන දේට තමයි පතිවත කියන්නේ කියලා. ආ තව කිව්ව පිරිමින්ගෙන් රුකගෙන පිරිමින්ටම පුදන දේ කියලත්. අපේ ඔෆිස් එකේ අය නම් කියන්නේ “ සුභා ඔයාගෙ බෝයි නම් පට්ට රැඩිකල් ඩයල් එකක්” කියලා.
    “ ඔයා කොල්ලෝ කී දෙනෙක් එක්ක යාළු වෙලා හිටියද කියලා මට දැනගන්න ඕනෙ නෑ. හැබැයි ඔයා එකම කොල්ලෙක් එක්ක හරි යාළු වෙලා ඉඳල නැත්නම් ඔන්න මට නම් ඔයාව එපා.” මාරයි අනේ ඔයා කියන කතා. මට නම් හිතෙන්නෙ අපේ මැරිච්ච තාත්ත මං ගැන අනුකම්පා කරල හොඳම කෙනෙක් හොයලමයි කියල. කොහොමින් කොහොමහරි අපේ කසාදෙට දිනත් ළං වුණා. අපි හනිමූන් යන්න දාගෙන හිටියෙ හුන්නස්පෝල්ස් හොටෙල් එකට.
    “ සුභා ඔයා එළියට රැඩිකල්කම් පෙන්නන්න සමහර එවුන් ඇතුළෙන් හරි ගොබ්බයි හොඳේ. බලාගෙන හැමදේම එකපාරට වමාරන්න එපා.” මාගෙ හොඳම යාළුවා නිලු හැම වෙලාවෙම ඔය කතාව කියනව. ඇත්තටම වෙලාවක මට ඒක වදයක් වුණා.
    අපේ වෙඩින් එක ජයටම තිබුණා. යාළුවො, නෑඣීයෝ පිරිල. හනිමූන් යන්න පිටත් වෙනකොට එයාගෙ යාළුවො ඇවිත් මාව විල්බැරෝ එකක දාගෙන පුදුම වදයක් දුන්නෙ අප්පා.
    හවස හත විතර වෙනකොට අපි හොටෙල් එකට ආව. කාර් එකේ හැමතැනම උපත් පාලන ඒව එල්ලල. සිග්නල් වලින් අනම් මනම් ලියල. කාන්දුවට තීන්දුව, නිදි නැති දවස වගේ දේවල්. ලැජ්ජාවේ බෑ එයාට නම් හිනා. කාමරේට ඇවිල්ල මම ඉස්සෙල්ල වොෂ් එකක් දාගෙන ඇවිත් ඇඳට වෙලා ෆෝන් එක ඔන් කරගෙන යාළුවො එවපු එස්.එම්.එස්. කියෙව්ව. ඇත්තටම දැන් නම් මට බයයි. අර බූරු දීප්තීය මට මේ අපරාධෙ නොකර හිටියනම්.
    චණ්ඩිය වගේ ඉන්න තිබුණ. ඒත් නිලූ මං කියන්නේ ඩොක්ටර් අපි වගේ අසරණ වුණ කෙල්ලො ගොඩකගෙ ජිවිත හරිගස්සල දුන්න කියල. ඩොක්ටර් ඒ ඔපරේෂන් එකට රුපියල් අසූදාහක් ගත්ත. දීප්ත කාගෙන්ද ණයක් අරගෙන තමයි සල්ලි ගෙව්වේ. ඒත් අනේ මේ ඔපරේෂන් එක සාර්ථක නෑ කියල බලන්න වෙන්නෙ අද රෑටම තමයි. නිකමට හරි වැඩේ අවුල් වෙලා තිබුණොත්.” පර බැල්ලි තෝ මාව රැවට්ටුව. දැන් කොහොමද මං රටට ලෝකෙට මූණදෙන්නෙ. පත්තිනි අම්ම වගේ හිටියට තෝ වත්ත වටේම ගිහින් වගේ නේද?”
    “ අනේ මේ අහන්න. මම ජරා ගෑනියෙක් නෙවෙයි. ඉස්කෝලේ යන කාලෙ ජිම්නාස්ටික් කාළා.”
    “ තොට බෑ මාව තම්බන්න. අන්න ඒක මතක තියාගනින්. හෙට උදේට ඇඳුම් ටිකත් අරගෙන ගෙදර පලයන්. හොම්කමින් නෙවෙයි හෝම්ගොයින්”
    “ එහෙම කතා කරන්න එපා. ගමේ ඕන කෙනෙක්ගෙන් අහල බලන්න අපි බොහොම වැදගත් මිනිස්සු”
    “ වැදගත් මිනිස්සු. වැදගත් මිනිස්සු. මගෙන් අහගන්න එපා උඹලගේ පවුලේ වැදගත්කම. මට දුක උඹ අපේ අහිංසක අම්මව රවට්ටපු එකට.”
    නෑ.නෑ. එහෙම වෙන්න විදියක් නෑ.මේ ඔපරේෂන් එක සාර්ථක වෙච්ච හුඟක් අය අද හොඳට ඉන්නේ. මට විතරක් අවුල් වෙන්න විදියක් නෑනෙ.
    “ මට නම් මේ වගේ ගොන් ආතල් ඕන නෑ. අද වගේ ලස්සන දවසකත් අපේ සමාජෙ එවුන් බලන්නේ හරිද වැඩේ කියන අදහසින්නෙ.”
    “ ඒක නම් ඇත්ත.මට ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුණ එක ගැන ගොඩක් සතුටු වෙනව.”
    “ මට හිනා යන වැඩේ තමයි සමහර කෙල්ලෝ හතර වටේට රෙද්ද උස්සල අන්තිමට ඔපරේෂන් එක කරලා ආපහු හදාගන්නවා. බැඳපු දවසට කොල්ල හිිතන්නෙ මගේ මැණිකෙට මැස්සෙක්වත් වහල නෑ කියලා.”
    “එහෙමත් පුළුවන්ද අනේ? “
    “ඔයා මේ රටේ ලෝකේ වෙන දේවල් ගැන මොනවද දන්නේ.අපේ ලංකාව භෞතිකව මොන තරම් සංවර්ධනය වුණත් අනික් පැත්ත නම් බින්දුවයි. දන්නවද කෙල්ලෝ දාහකට එක්කෙනෙකුට මේ කන්‍යාභාවය පිහිටල නෑ කියල.”
    “ඉතින් ඒ කෙල්ල පව්නේ” මමත් ගොනා සහ පිදුරු වගේ තොඳොල් වෙනව.
    “ පවු රත්තරන්. මෝඩ තකතීරු පිරිමි නිසා අහිංසක කෙල්ලො ජිවිත කාලෙම දුක් වෙනව.”
    “ අපරාධෙ දීප්තගෙ රුපියල් අසූදාහ. පව් අහිංසකය, අක්කගෙ මාලෙ හොරකම් කරලනෙ සල්ලි හොයල දුන්නෙ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. බබා වගේ මොකුත් නොදන්න තාලෙට ජිවත් වෙනව. ඒක තමයි හොඳම ඳේ”
    මට එකපාරටම මගේ හොඳම යාළුවා නිලූ කියපු දේ මතක් වුණා.මගේ එකත් ගොබ්බ සිමයියෙක්ද කවුද දන්නෙ.
    “මගෙ සුදු මැණික. මම දැනගෙන හිටිය ඔයා පිරිසිදු කෙල්ලෙක් කියල. අපේ නැන්ද මේ රෙද්ද දැක්කාම ගොඩක් ආදරේ කරයි ඔයාට”
    “ මම මගේ ගෞරවය නැති කරගත්තේ නෑ නවදාවත් “
    “ මම දන්නවා පැටියෝ. ඔයා වගේ ගුණ යහපත් කෙල්ලෙක් බඳින්න ලැබුණ එක මගේ වාසනාව”
    “ ඇත්තටම ඔයා එහෙම හිතනවද?”
    “ ඔව් මගේ පණ”
    අපි ආදරෙන් ගොඩක් වෙලා තුරුල් වෙලා හිටිය. මූට නම් කෙල්ලෙක් ඇඟේ ගෑවිලාවත් නෑ වගේ හරියට කතාව.හොඳ වෙලාවට ඔපරේෂන් එක කරගත්තේ. නැත්නම් සදා අනාථයි.එහෙම වුණා නම් මම දීප්තව මරන් මැරෙනව මට කරපු අපරාධෙට.
    මම මේ දේවල් කල්පනා කර කර ඉන්නකොට එයා බාතෘඋම් එකේ ඉඳල එළියට ආව.දැන් මට ෂුවර් මම හිතපු ඒවයින් එකක් ඊළඟට සිදුවීමේදි වෙනව කියල.
    “ මොනවද සුභා ඔයා කල්පනා කරන්නෙ.අනේ අනේ ඔයා බය වෙලා නේද ඉන්නේ?”
    “නෑ . ඇයි මම බය වෙන්නේ.බය වෙන්න දෙයක් මගේ අතීතෙ නෑ.”
    “හරි . හරි මම එහෙම හිතල කිව්ව නොවෙයි.ඒක නොවෙයි සුභා මට ඔයාට කියන්න වැදගත් කතාවක් තියෙනවා.”
    “ ඒ මොකක්ද?”
    “ මට සමාවෙන්න. කවදාවත් මට කෙල්ලෙක් ගැන හිතේ අදහසක් ඇතිවෙලා නෑ.”
    “ ඉතින් හොඳයිනේ. පළවෙනියටම හිතේ ආදරයක් ඇත්වුනේ මං ගැන.”
    “නෑ. එහෙස දෙයක් ඇතිවෙලත් නෑ.මම පොරොන්දු වෙනව ඔයාට කන්න, අඳින්න, හැමදේකින්ම කිසිම අඩුවක් මම කරන්නේ නෑ කියලා.”
    “මට මේ මුකුත් තේරෙන්නේ නෑ.”
    “ඇත්තටම මම ඔයාව බැනදෙ අපේ පවුලෙ ගෞරවය ගැන හිතල. නිකමට හරි මගේ ඇත්ත තත්වෙ ආරංචි වුණොත් බෙල්ලේ වැල දාගෙන මැරෙන්න වෙන්නෙ මට.”
    “මොකක්ද ඔය කියන ඇත්ත තත්වෙ?”
    “මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.අපි ගොඩක් ආදරෙන් ඉන්නෙ.ඒත් ලංකාවෙ තාම අපි වගේ අයට කිසිම පිළිගැනිමක් නැ. මම ඔයාට වහනෙකුත් අරන් දෙන්නම්.අනේ ප්ලීස් ඩිවෝස් වෙන්න ඕන කියල නම් කියන්න එපා.”
    මේ වෙලාවෙ මම දෙන්න ඔන උත්තරේ මොකක්ද කියලා මමවත් දන්නේ නෑ.
    හොටෙල් එකේ පල්ලෙහා කට්ටියක් ගිටාර් ගහ ගහ සින්දු කියනවා මට ඇහුණා.මං වෙනුවෙන් ඒ අය සින්දු නොකිව්වත් ඒ සින්දුව මට ගැළපුණා.
    මංගල මධු සමයේ රෑ …….
    මුහුණ වසාගෙන කඳුලු සලන්නට එපා.
    කිසි දිනෙක සොඳුරියේ…..


    කතාව ගැන ඔබේ අදහස කියපල්ලෙකා බලන්න බම්ප් ඒකකින් හරි
    CAGjwIy.png
     
    Last edited:

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    Melo rahak nathi sinduwakata wada Lassana kathawak machan :yes:

    ලස්සන කතාවක් කියනවට වඩා දැන් සාමාන්යෙන් වෙන අැත්ත තත්වෙ ඔ්ක බං... අවසාන ටික ගැන නෙමෙයි මං කියන්නෙ... කෙල්ලගෙ කතාව... හොදට නටපු නැට්ටිච්චියො හනිමූන් දවසෙ හස්බන්ඩ්ව අන්දන්න කරන දේවල් තමා... බොරුවකින් අාරම්භ වන විවාහ ජීවිතය :lol: ඔපරේෂන් ඒකකට වහල් වූ පතිවත :rofl::rofl::rofl: