සිරි_ලංකන්ස්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිස් පුරවන්න හදපු පොත් රාක්කය හිස් කරපු හිත් නැති මිනිස්සු..!



    “කුරුණෑගල දුම්රිය ස්ථානයේ මගී පොත් රාක්කය දකින්න ලැබුණේ පහුගිය අගෝස්තු 6 වෙනිදා.හරියටම වැඩේ පටන් අරගෙන දවස් තුනකින්. ඒ වෙනකොටත් නවකතා, පරිවර්තන , චරිත කතා, ළමා පොත් වගේ පොත් 35 ක් විතර තිබුණා.

    නිතරම දුම්රියෙන් ගමන් නොකලත් මේ වැඩේ වටිනාකම දන්න නිසාම එදා හවස කොළඹින් එනකොට පොත් රාක්කයට ලංකාවේ පළමු නවකතාව වුණ ‘මීනා’ ත් මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ‘ඉස්කෝලේ හංදිය’ පොතකුත් දීලා ෆේස්බුක් සටහනකුත් තිබ්බේ කුරුණෑගල දුම්රිය ස්ථානය හරහා එදිනෙදා ගමන් කරන අයට පුලුවන් නම් මේ රාක්කය පුරවන්න එකතු වෙන්න කියලා.

    41991578_530647000691287_2402467382393044992_n.jpg

    නිතරම දුම්රියෙන් ගමන් නොකලත් මේ වැඩේ වටිනාකම දන්න නිසාම එදා හවස කොළඹින් එනකොට පොත් රාක්කයට ලංකාවේ පළමු නවකතාව වුණ ‘මීනා’ ත් මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ‘ඉස්කෝලේ හංදිය’ පොතකුත් දීලා ෆේස්බුක් සටහනකුත් තිබ්බේ කුරුණෑගල දුම්රිය ස්ථානය හරහා එදිනෙදා ගමන් කරන අයට පුලුවන් නම් මේ රාක්කය පුරවන්න එකතු වෙන්න කියලා.

    ඒකට බොහෝ අය මගෙන් පුද්ගලිකව විමසීම් කලා කොහොම ද පොත් දෙන්නේ කියලා.අපිට ඒ ගැන සමාජ කතිකාවක් හදන්න පුලුවන් වුණා.ඕපාදූප නැතුව පොත් කියවන්න හුරු ජාතියක් හදන්න පොඩි උත්සාහයක් එක්ක.

    ඒත් ඒ සටහනින් මාසෙකට පස්සේ පහුගිය දවසේ දුම්රිය ස්ථානය ට ගියහම පොත් රාක්කය දැක්කේ මේ විදිහට.

    42211150_530646887357965_1716584895045697536_n.jpg

    රාක්කය හිස් වෙලා. සටහනක් තියෙනවා ” ඔබ ගෙනියන පොත් දින තුනක් ඇතුලත ගෙනත් දෙන්න ” කියලා.
    රාක්කය පැත්තක පොත් 96 ක ලැයිස්තුවක්.

    පොත් 35 ක් විතර වුණ රාක්කය පොත් 96 වෙනකම් දියුණු වෙලා ළමා පොත් ටිකකට විතර සීමා වුණේ කොහොම ද කියලා පොඩි ඉගියක් ආපු නිසාම යාබද කාමරේ මෙහෙයුම් ස්ථානාධිපතිතුමා ගෙන් විමසුවා.

    ” අපිත් මේ බලන් ඉන්නේ ඒක තමයි.සතියක් විතර වෙනවා.පොත් ගෙනියලා ගේන්නේ නෑ, මේ මිනිස්සු ගැන කලකිරෙනවා මහත්තයෝ ” ඔහුගේ ඇතුලු එහි සිටි සේවකයින්ගේ පිළිතුර වුණා.

    ඇත්තටම කලකිරෙනවා.ඔය පොත් ටික අරන ගිහින් ගෙනත් නොදීපු අයගෙන් කීයෙන් කී දෙනෙක් නම් මහලොකුවට ආණ්ඩුව වලටයි දේශපාලකයින්ට යි බැන බැණ දේශප්‍රේමයයයි රටේ සංවර්ධනය , පරිහානියයි යගැන නම් විවේචනය කරනවා ඇති ද ?

    ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි නිකන් ලැබෙන දේ තව කෙනෙක් ට ප්‍රයෝජනයක් වෙන විදිහට වැඩ කරන්නේ නැති , ඒකත් විනාශ වෙන්න අරින , විනාශ කරන සමාජයක ඉදන් අපි රට සිංගප්පූරුවක් වෙනකම් බලන් ඉන්නවා.

    මේ ගැන බොහෝ දේ ලියන්න හිතුනත් අවසානයේ පොඩි ඉල්ලීමකින් මේ සටහන ඉවර කරනවා.
    ” පින් ඇති නෝනා , මහත්වරුනි, කුරුණෑගල දුම්රිය මගී පොත් රාක්කයෙන් අරන් ගිහින් අමතක කර දාපු පොත් ටික ගෙනත් තියන්න.ඒ හොදටෝම ඇති ”



    42254127_530646837357970_8163032860165406720_n.jpg


    Source:Aperata
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ලංකාවේ උන් ගැන දැන දැන ඔයවගේ වැඩ කරන උන්ට හොදවැඩේ...
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ගොන් යක්කු ටිකක්. කියෙව්වානම් ආපහු ගෙනත් තියන්නත් දැන ගන්න ඕනා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මේ රටේ නිකං දෙන දේවල් වල වටිනාකමක් නැහැ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    පොත් සහ බිරිදව share කරගන්න එපා කියල තමයි පෙර පඩිවරු කියල තියෙනවා