සිරීපාදෙටත්_හරි වගේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Aniwaaaaa:angry::angry::angry::angry::angry:

    demotivational_nid_229.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    විශ්වාස කරනවා නමුත් ඉස්ලාම් දර්මයේ තියන සර්ව බලදාරී දෙවි කෙනෙක් නෙවේ. ඔන කෙනෙක්ට දෙවි කෙනෙක් වෙන්න පුලුවන් බුද්ධ දර්මයට අනුව. ඔයාට උනත් පුලුවන්. නමුත් දිවය්‍ය ආයුශ ගෙවිල ඉවර උනාම අයෙම පහලට වැටෙනවා. එකියන්නේ මනුස්ස් ලොකෙට හෝ අපායට වෙන්නත් පුලුවන්. බුදු දහමට අනුව කර්මය මත තමා ඊලග උප්පතිය ලබන විදිය තීරනය වෙන්න. මේක චක්‍රයක්. ඉපදෙනවා මැරෙනව.

    මෙහෙම විස්තර කරන්න අමාරුයි නමුත් තෙරෙන්න ඇති කියලා හිතනවා.

    මිත්‍රයා මම මේ ත්‍රෙඩ් එකට ආයි සැරයක් ආවා කියලා තරහා වෙන්න එපා! ඔයාගේ පිළිතුර නිසා ප්‍රශ්න රාශියක් මගේ සිත තුල මතු වෙච්ච නිසයි මම ආයි ආවේ! උතුම් වූ බුදු පියාණන්ට මම හදවතින් ගරු කරනවා. මං ගැන වැරදියට හිතන්න එපා.

    හොඳයි අපි එහෙනම් ප්‍රශ්නෙට යමු! බුද්ධ ධර්මයට අනුව මිනිස්සු දෙවියෝ වෙනවා කියලා කොතනද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ? අඩුම තරමේ ත්‍රිපිටකේ වත් එහෙම තියෙනවද ? දෙවි වරු වෙන්නේ කොහමද කියන එක මොහතකට අමතක කරලා දාලා අපි බලමුකෝ ඇයි ඔයගොල්ලෝ සමන් දෙවියන්ට වඳින්න යන්නේ කියලා ? මම අහන්නේ බුද්ධාගමට අනුව දෙවි වරු වඳින්න පුලුවන්ද කියන එකයි. දැන් ඔයා අපාය සහ මනුෂ්‍යය ලෝක ගැන කතා කරපු නිසා මට ඒ ගැනත් අහන්න වෙනවා. බුද්ධාගමට අනුව අපාය කියන සංකල්පය පිළිගන්නවද ? මට දැන ගන්න ඕන ඇයි සමහරක් බෞද්ධයෝ හිංදු භාක්තිකන්ගේ දෙවි වරුන්ට වඳින්නේ කියලා ? මම හිතන විදිහට බුද්ධාගමේ මිත්‍යාවට ඉඩක් නැහැ! සමහරක් වෙලාවට මට හිතෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බුද්ධ දර්ශනයට හින්දු සංකල්ප එකතු කරලා කියලා .

    Last edited:

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    ඔව් 3න් වතාවක් බුදුන් ලංකාවට වැඩම කරා.එකර සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම මත තමා සිරිපතුල පිහිටවුවේ

    තුන් වතාවක් ආවා කියලා මහාවංශයේ සටහන් වෙලා තියෙනවා කියලයි බොහෝ දෙනාගේ මතය! දැන් අපි බලමු මහාවංශයේ සටහන් ලිපි කොයි තරම් දුරට පිළිගන්න පුලුවන්ද කියලා. මහාවංශයේ සටහන් වෙලා තියෙනවා සිංහල ජාතිය ඇති වුනේ මානව කුමරියක් සිංහයෙක් සමග එක් වීමෙන් කියලා. මෙය මිත්‍යාවක් බව අද ලෝකේ වෛද්‍ය තාක්ෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පොත් වල සටහන් වෙලා තියෙන දේවල් ඇත්තටම පිළිගන්න පුළුවන්ද ? මේ කතාවේ ඇත්ත නැත්ත ගැන දැන ගන්න මම රෙඩිට් වෙබ් අඩවියේ "ආසක් හිස්ටෝරියන්ස්" පිටුවට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා.

    මෙන්න මේකයි මට හම්බ වෙච්ච පිළිතුර.

    "That question cannot be answered with any degree of certainty, as there are abselutely no certain facts about the Buddha. It's not even certain that he is a historical figure. Even the years of his (alleged) birth and death are disputed by several hundred years (560 - 480 b.c. or 623 – 543 b.c. or 958 – 878 b.c.), and the legend was problably first written 200 or so years b.c."

    දැන් අපි කතා කරමු ශ්‍රී පාදේ ගැන! මේ ත්‍රෙඩ් එකේ මූලික මාතෘකාවත් ඒකනේ! ශ්‍රී පාදේ තියෙන පා සටහන ඔය තරම් විශාල වුනේ කොහමද ? ඔය තරම් විශාල පා සටහනක් තියන්න පුළුවන් බුදුවරෙක් මේ ලෝකේ ඉන්නවා නම් බුදු පියාන්ගේ අව්කන පිළිමෙට වඩා එතුමා විශාල වෙන්න ඕනේ නේද ? මට දැන් අහන්න තියෙන්නේ ඇයි ඔයගොල්ලෝ පා සටහනකට වඳින්න යන්නේ කියලා ? මෙවැනි ක්‍රියා බුද්ධ දර්ශනයට පටහැනි නැද්ද ?

    බුදු පියාණන් ඇත්තටම ලංකාවට ඇවිල්ලා තියෙනවාම් ඒ ගැන පළමුවෙන්ම සතුටු වෙන්නේ මම. එවැනි බුදු වරයෙක් ලංකාව වගේ පුංචි දිවයිනකට පැමිණීම උතුම් දෙයක්! බුදු පියානන් මුළු ලෝකයකටම ධර්මය ඉගැන්නුවා. හැබැයි බුදු රජාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කර ගන්න හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. මාත් ධර්මයට ලැදි පුද්ගලයෙක්. බුද්ධාගම දර්ශනයක් නිසා ඕනෙම කෙනෙකුට බුද්ධාගමේ කියලා තියෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. බුද්ධාගම බෞද්ධයන්ට විතරක් අයිති ධර්ශන්යක් කියලා මම හිතන්නේ නැහැ.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Mchn Meh dewal walata gatila wadak na !!! Meka tamai budda darshanaya siyalla anithayai... mehema dewal nownoth thamai buddagama boru wenne.. meh dewal sidda wenawa kiyala Awrudu 2600 issellai buduhamuduruwo deshaana kale, apita mewa nawaththanna ba ban,,,

    Api karanna one puluwan tharam ikmanata sathara apayen midiena ekai meh wena dewal kamatahan lesa aragena. Meh sansara gamana nawaththanawa wina meh wena sidu weema apita nawaththanna ba!!

    Siyalla anithayai!!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    මිත්‍රයා මම මේ ත්‍රෙඩ් එකට ආයි සැරයක් ආවා කියලා තරහා වෙන්න එපා! ඔයාගේ පිළිතුර නිසා ප්‍රශ්න රාශියක් මගේ සිත තුල මතු වෙච්ච නිසයි මම ආයි ආවේ! උතුම් වූ බුදු පියාණන්ට මම හදවතින් ගරු කරනවා. මං ගැන වැරදියට හිතන්න එපා.හොඳයි අපි එහෙනම් ප්‍රශ්නෙට යමු! බුද්ධ ධර්මයට අනුව මිනිස්සු දෙවියෝ වෙනවා කියලා කොතනද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ? අඩුම තරමේ ත්‍රිපිටකේ වත් එහෙම තියෙනවද ? දෙවි වරු වෙන්නේ කොහමද කියන එක මොහතකට අමතක කරලා දාලා අපි බලමුකෝ ඇයි ඔයගොල්ලෝ සමන් දෙවියන්ට වඳින්න යන්නේ කියලා ? මම අහන්නේ බුද්ධාගමට අනුව දෙවි වරු වඳින්න පුලුවන්ද කියන එකයි. දැන් ඔයා අපාය සහ මනුෂ්‍යය ලෝක ගැන කතා කරපු නිසා මට ඒ ගැනත් අහන්න වෙනවා. බුද්ධාගමට අනුව අපාය කියන සංකල්පය පිළිගන්නවද ? මට දැන ගන්න ඕන ඇයි සමහරක් බෞද්ධයෝ හිංදු භාක්තිකන්ගේ දෙවි වරුන්ට වඳින්නේ කියලා ? මම හිතන විදිහට බුද්ධාගමේ මිත්‍යාවට ඉඩක් නැහැ! සමහරක් වෙලාවට මට හිතෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බුද්ධ දර්ශනයට හින්දු සංකල්ප එකතු කරලා කියලා .

    කර්මානුරූපිව හිතකට ඉහල බ්‍රහ්ම,දේව,මනුෂ්‍ය,තිරිසන් සහ අමනුෂ්‍ය කියන තල වල උපදින්න පුළුවන්. එක බුද්ද දේශනාවේ කර්මය පිලිබඳ මුලික පැහැදිලි කිරීම් වල තියනවා.

    බුදුදහමට අනුව දෙවියන් යදිම වැඳීම කිසිම තැනක "තහනම්" කරලා නැහැ. එත් බුදුන් කියනවා දෙවියන් වැඳීමෙන් නිර්වානගාමී මාර්ගයට කිසිම පලක් නැහැ කියල. බෞද්දයන්ට දේව වන්දනාව බොහොම ලාමක නොදියුණු දෙයක් විදිහට තමා දක්වල තියෙන්නේ. මොකද දෙවියෝ කියන්නෙත් අපි වගේම සත්තු කොට්ටාශයක් විතරයි. අපිට වඩා පින් වලින් , බලයෙන් උසස්.

    සමන් දෙවියන්ට මිනිස්සු වඳින්නේ ගරු කිරීමක් හැටියට. මොකද සුමන කියන ප්‍රාදේශීය නායකයා නිසා තමයි බුදුරදුන්ගේ පාද ලාංචනය ඔතන පිහිටෙව්වා කියන්නේ.

    ශ්‍රී ලංකික ථෙරවාද බෞද්ද දර්ශනයට හින්දු මත එකතුවෙලා තියනව. එහෙම වෙලා විවිද මත හැදිලා තියනවා. හින්දු විතරක් නෙවි තවත් රටවල විවිද ඉන්ෆ්ලුවන්ස් මත මහායානය, සෙන්, වජ්‍රයාන යන විවිද කොටස් හැදිලා තියනවා. හරියට ආබ්‍රහමික ආගම් තුනක් හැදිලා පස්සේ එකෙන් ලාබාලම එක වෙන ඉස්ලාමය අද ෂියා, සුන්නි, සුෆි, අහමදියා සහ හැඩිත් ප්‍රතික්ෂේප කරන කුරානිසම් වගේ විවිද කොටස් වලට කැඩිලා ගියා වගේ.
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    මිත්‍රයා මම මේ ත්‍රෙඩ් එකට ආයි සැරයක් ආවා කියලා තරහා වෙන්න එපා! ඔයාගේ පිළිතුර නිසා ප්‍රශ්න රාශියක් මගේ සිත තුල මතු වෙච්ච නිසයි මම ආයි ආවේ! උතුම් වූ බුදු පියාණන්ට මම හදවතින් ගරු කරනවා. මං ගැන වැරදියට හිතන්න එපා.

    හොඳයි අපි එහෙනම් ප්‍රශ්නෙට යමු! බුද්ධ ධර්මයට අනුව මිනිස්සු දෙවියෝ වෙනවා කියලා කොතනද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ? අඩුම තරමේ ත්‍රිපිටකේ වත් එහෙම තියෙනවද ? දෙවි වරු වෙන්නේ කොහමද කියන එක මොහතකට අමතක කරලා දාලා අපි බලමුකෝ ඇයි ඔයගොල්ලෝ සමන් දෙවියන්ට වඳින්න යන්නේ කියලා ? මම අහන්නේ බුද්ධාගමට අනුව දෙවි වරු වඳින්න පුලුවන්ද කියන එකයි. දැන් ඔයා අපාය සහ මනුෂ්‍යය ලෝක ගැන කතා කරපු නිසා මට ඒ ගැනත් අහන්න වෙනවා. බුද්ධාගමට අනුව අපාය කියන සංකල්පය පිළිගන්නවද ? මට දැන ගන්න ඕන ඇයි සමහරක් බෞද්ධයෝ හිංදු භාක්තිකන්ගේ දෙවි වරුන්ට වඳින්නේ කියලා ? මම හිතන විදිහට බුද්ධාගමේ මිත්‍යාවට ඉඩක් නැහැ! සමහරක් වෙලාවට මට හිතෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බුද්ධ දර්ශනයට හින්දු සංකල්ප එකතු කරලා කියලා .

    ඇයි බන් ඕන තරන් තියනවා මිනිස්සු විතරක් නෙවේ සත්තු පවා දෙවි වරු උනා කියලා සදහන් වෙනවා. කන්ථක දෙව්යන්, මන්ඩුක දෙවියන් වගෙ කතා වල තියනවා. බුදුහාමුදුවෝ වෙනම කාලයක් වෙන්කරල් තිබ්බා දෙවියන්ගේ ප්‍රශ්න නිරාකරන කරගන්න. ඔව් අපාඅය කියන සන්කල්පේ පිලිගන්නවා. මනුස්සයෙක්ක් හො සතෙක් මැරුනම ඉපදෙන්න පුලුවන් ලොක 31 තියනවා කියලා බුදු දහමේ සදන් වෙනවා. එකෙන් 4ක් අපායවල්. අපේ ඇසට පෙන්නේ තිරිසන් අපාය විතරයි ඒ කියන්නේ සත්තු.අනිත් අපායවල් තමා අසුර හා ප්‍රෙත ලොක අසුර ලෝක සහ නිරය. ඔවා තවත් ගොඩක් විස්තර කරලා තියනවා ඒව විස්ත්‍ර කරන්න අමාරුයි ගොඩක් තියනවා. ඉන්ටර්නෙට් එකේ අපාය කියල ගහල කියවලා බලන්න.

    ඔව් ඒක හරි ගොඩක් හින්දු ආබාශය සින්හල සමාජෙට එකතුවෙලා තියනවා ඒකට ප්‍රදානම හෙතුව ඉන්දියානු ආක්‍රමන සහ ලන්කාවේ අන්තිම රජවරු ඔක්කොම වගේ දෙමල වීම. ඊට අමතරව දෙමල අය බුදුහාමුදුරුවන්ට වදිනවා විශ්නු දෙව්යන්ගේ 9 වෙනි අවතාරය කියලා ඒවා අපිට වෙනස් කරන්න බෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තුන් වතාවක් ආවා කියලා මහාවංශයේ සටහන් වෙලා තියෙනවා කියලයි බොහෝ දෙනාගේ මතය! දැන් අපි බලමු මහාවංශයේ සටහන් ලිපි කොයි තරම් දුරට පිළිගන්න පුලුවන්ද කියලා. මහාවංශයේ සටහන් වෙලා තියෙනවා සිංහල ජාතිය ඇති වුනේ මානව කුමරියක් සිංහයෙක් සමග එක් වීමෙන් කියලා. මෙය මිත්‍යාවක් බව අද ලෝකේ වෛද්‍ය තාක්ෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පොත් වල සටහන් වෙලා තියෙන දේවල් ඇත්තටම පිළිගන්න පුළුවන්ද ? මේ කතාවේ ඇත්ත නැත්ත ගැන දැන ගන්න මම රෙඩිට් වෙබ් අඩවියේ "ආසක් හිස්ටෝරියන්ස්" පිටුවට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා.

    මෙන්න මේකයි මට හම්බ වෙච්ච පිළිතුර.

    "That question cannot be answered with any degree of certainty, as there are abselutely no certain facts about the Buddha. It's not even certain that he is a historical figure. Even the years of his (alleged) birth and death are disputed by several hundred years (560 - 480 b.c. or 623 – 543 b.c. or 958 – 878 b.c.), and the legend was problably first written 200 or so years b.c."

    දැන් අපි කතා කරමු ශ්‍රී පාදේ ගැන! මේ ත්‍රෙඩ් එකේ මූලික මාතෘකාවත් ඒකනේ! ශ්‍රී පාදේ තියෙන පා සටහන ඔය තරම් විශාල වුනේ කොහමද ? ඔය තරම් විශාල පා සටහනක් තියන්න පුළුවන් බුදුවරෙක් මේ ලෝකේ ඉන්නවා නම් බුදු පියාන්ගේ අව්කන පිළිමෙට වඩා එතුමා විශාල වෙන්න ඕනේ නේද ? මට දැන් අහන්න තියෙන්නේ ඇයි ඔයගොල්ලෝ පා සටහනකට වඳින්න යන්නේ කියලා ? මෙවැනි ක්‍රියා බුද්ධ දර්ශනයට පටහැනි නැද්ද ?

    බුදු පියාණන් ඇත්තටම ලංකාවට ඇවිල්ලා තියෙනවාම් ඒ ගැන පළමුවෙන්ම සතුටු වෙන්නේ මම. එවැනි බුදු වරයෙක් ලංකාව වගේ පුංචි දිවයිනකට පැමිණීම උතුම් දෙයක්! බුදු පියානන් මුළු ලෝකයකටම ධර්මය ඉගැන්නුවා. හැබැයි බුදු රජාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කර ගන්න හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. මාත් ධර්මයට ලැදි පුද්ගලයෙක්. බුද්ධාගම දර්ශනයක් නිසා ඕනෙම කෙනෙකුට බුද්ධාගමේ කියලා තියෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. බුද්ධාගම බෞද්ධයන්ට විතරක් අයිති ධර්ශන්යක් කියලා මම හිතන්නේ නැහැ.

    මම හිතන්නේ මේක තමා ඔය කියන ත්‍රෙඩ් එක
    http://www.reddit.com/r/AskHistorians/comments/2dq4iu/did_the_buddha_visit_sri_lanka/

    රෙඩිට් එකේ කමෙන්ට් සෙක්ෂන් එක ෆැක්ට්ස් නෙවි ඔපිනියන් (හරියට මේ එළකිරි එකේ මේ ත්‍රෙඩ් එකේ අපි කියන දේවලුත් හරිහමන් සාදක නැතිව තමන්ගේ බුද්ධියට වැටහෙන්නේ නැතුව පිළිගන්න හොඳ නැහැ වගේ)

    ශ්‍රී පදය පිහිටෙව්වා කියන්නේ නිල් මැණිකක් උඩ. ඉතින් ඔයාට ඕක ආරක්ෂා කරන වගකීම දුන්නොත් ඕක එළියෙන් පෙන්න දාලා තියනවද? අද විස්වාශ කරන විදිහට ඒ මැණික ඔතන යට කරලා ඊට උඩින් ගල් තියල තමා ඔය උඩ මලුව ඉදිකරලා තියෙන්නේ. උඩින් කොටලා තියෙන්නේ ලස්සනට කැටයම් දාපු ශ්‍රී පතුලක්. නැතිව බුදුන්ගේ පා සලකුණ නෙවෙයි.

    වඳින්න යාම: ඔතනදි බුදුන් කිව්වේ මාව හොයන්න එපා මගේ දර්මය හොයන්න කියල. එහෙත් ඔයදෙවල් ඇති වුනේ සිංහල බෞද්ද සංස්කෘතිය හරහා. එතනිනුයි බුදුදහම ඉදිරියට පැවතගෙන යන්නේ. ඒවගේම ඒ සිංහල බෞද්ද සංස්කෘතිය බොහොම වටින සමාජයට යහපතක් කරන සැම ජිවයකටම සෙතක් සලසන සංස්කෘතියක්. ඉතින් ඒවගේ දෙයක වැරද්දක් දකින එක නොවැදගත්.

    බුදුදහම කාටවත් අයිති නැහැ. බුදුවරයෙකුටවත් බුදු දහම අයිති නැහැ. බුදුදහම කියන්නේ මේ ලෝකයේ සියල්ල සිදුවෙන ආකාරය. සොබාදහම සහ එයින් මිදීම කියල දෙන මාර්ගය. කැමති කෙනෙක්ට බුදුදහම කැමති ආකාරයකට ජීවිතේට ගන්න පුළුවන්.

    Mchn Meh dewal walata gatila wadak na !!! Meka tamai budda darshanaya siyalla anithayai... mehema dewal nownoth thamai buddagama boru wenne.. meh dewal sidda wenawa kiyala Awrudu 2600 issellai buduhamuduruwo deshaana kale, apita mewa nawaththanna ba ban,,,

    Api karanna one puluwan tharam ikmanata sathara apayen midiena ekai meh wena dewal kamatahan lesa aragena. Meh sansara gamana nawaththanawa wina meh wena sidu weema apita nawaththanna ba!!

    Siyalla anithayai!!

    මේක තමයි ඇත්ත.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    තුන් වතාවක් ආවා කියලා මහාවංශයේ සටහන් වෙලා තියෙනවා කියලයි බොහෝ දෙනාගේ මතය! දැන් අපි බලමු මහාවංශයේ සටහන් ලිපි කොයි තරම් දුරට පිළිගන්න පුලුවන්ද කියලා. මහාවංශයේ සටහන් වෙලා තියෙනවා සිංහල ජාතිය ඇති වුනේ මානව කුමරියක් සිංහයෙක් සමග එක් වීමෙන් කියලා. මෙය මිත්‍යාවක් බව අද ලෝකේ වෛද්‍ය තාක්ෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පොත් වල සටහන් වෙලා තියෙන දේවල් ඇත්තටම පිළිගන්න පුළුවන්ද ? මේ කතාවේ ඇත්ත නැත්ත ගැන දැන ගන්න මම රෙඩිට් වෙබ් අඩවියේ "ආසක් හිස්ටෝරියන්ස්" පිටුවට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා.

    මෙන්න මේකයි මට හම්බ වෙච්ච පිළිතුර.

    "That question cannot be answered with any degree of certainty, as there are abselutely no certain facts about the Buddha. It's not even certain that he is a historical figure. Even the years of his (alleged) birth and death are disputed by several hundred years (560 - 480 b.c. or 623 – 543 b.c. or 958 – 878 b.c.), and the legend was problably first written 200 or so years b.c."

    දැන් අපි කතා කරමු ශ්‍රී පාදේ ගැන! මේ ත්‍රෙඩ් එකේ මූලික මාතෘකාවත් ඒකනේ! ශ්‍රී පාදේ තියෙන පා සටහන ඔය තරම් විශාල වුනේ කොහමද ? ඔය තරම් විශාල පා සටහනක් තියන්න පුළුවන් බුදුවරෙක් මේ ලෝකේ ඉන්නවා නම් බුදු පියාන්ගේ අව්කන පිළිමෙට වඩා එතුමා විශාල වෙන්න ඕනේ නේද ? මට දැන් අහන්න තියෙන්නේ ඇයි ඔයගොල්ලෝ පා සටහනකට වඳින්න යන්නේ කියලා ? මෙවැනි ක්‍රියා බුද්ධ දර්ශනයට පටහැනි නැද්ද ?

    බුදු පියාණන් ඇත්තටම ලංකාවට ඇවිල්ලා තියෙනවාම් ඒ ගැන පළමුවෙන්ම සතුටු වෙන්නේ මම. එවැනි බුදු වරයෙක් ලංකාව වගේ පුංචි දිවයිනකට පැමිණීම උතුම් දෙයක්! බුදු පියානන් මුළු ලෝකයකටම ධර්මය ඉගැන්නුවා. හැබැයි බුදු රජාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කර ගන්න හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. මාත් ධර්මයට ලැදි පුද්ගලයෙක්. බුද්ධාගම දර්ශනයක් නිසා ඕනෙම කෙනෙකුට බුද්ධාගමේ කියලා තියෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. බුද්ධාගම බෞද්ධයන්ට විතරක් අයිති ධර්ශන්යක් කියලා මම හිතන්නේ නැහැ.
    නෑ මචන් ඔබට වැරදිලා සින්හයෙක් නෙවේ සින්හ ගොත්‍රිකයෙක්. මෙහෙම හිතපන් ඊටකලින් ලන්කාවේ හිටියෙ යක්ශ නාග දේව කියලා 3න් ගොත්‍රකයන් නේ එහෙම කිවුවට එයාලා යක්ශන්වත් නාගයන්වත් නෙවේ ගොත්‍රිකයන්. ඊටත් කලින් ලන්කාවේ හිටියේ රාවනා රජතුමා
    ඇත්ත සිරිපතුල පිහිටලා තියන්නේ ගොඩක් යටින් දැනට අප්ට පෙනෙන්නේ ආරක්ශාවට හදපු ආවරනයක්.
    ඊට අමතව බුදුන්වහන්සේගේ ශ්‍රීර ලක්ශන සාමන්ය මනුස්ස්යෙක්ට වඩ ගොඩක් වෙනස් මේක කියවලා වැඩිවිස්ත්‍ර දැනගන්න
    http://www.silumina.lk/punkalasa/20100523/_art.asp?fn=ar1005238

    නිකන් වැන්දට වැඩක් නෑ බුදුන් ගැන, දරමය ගැන සිත පහදවාගේන වන්දම පින් රස්වෙනවා කියලා දර්මයෙ සද්න්වෙනවා. ඒකයි මිනිස්සු චෛත්ය්‍ය බුදුපිලිම බොධීන්වහන්සෙට වදින්නේ.
    ගෞතම බුදුන් විතරක් නෙවේ කකුසන්ධ,කොනගම, කස්සප කියන බුදුන් වහන්සේලාත් ලන්කාවට වැඩියා කියලා දර්මයේ සදන් වෙනවා ඊට අමතරවා මේ බුද්ධ ශාසනය තව අවුරුදු 2400කින් වගේ න්තිවෙලා ගිහාම ඊටපස්සේ බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවොත් ලන්කාවට වඩිනවා කියලා සදහන් වෙනවා

    උබ හරි බුද්ධාගම කියලා දෙයක් නෑ එක දර්ශනයක් බුද්ධ දරමය කියන්නේ සත්යා බුදුන් වහන්සේ ඒක ලොකෙට කියාදුන්න එක තමා කලේ එක කගෙවත් අයිතියක් නෙවේ, කැමති කෙනෙක්ට ඒ මග යන්නත් පුලුවන් නොකර ඉන්නත් පුලුවන් . කාවවත් බලෙන් තියාගෙන ඉන්නේ නෑ. එක තමා අනිත් ආගම් එක්ක බලද්දි බුද්ධ දර්මයෙ තියන වෙනස. ඔයාගේ ආගමේ වගේ ආගම අතහැරියම මරන්නෙවත්, රමසාන් උපවාසකලෙ නෑ කියල කට පුච්ච්නෙවත් නෑ.බෞද්ධවෙලා ඉපදුනත් ඕන තරන් අපරාද කරන මිනිස්සු ඉන්නවනේ. එ එක එක්කනට කැමති දේ. එයාල කරපු පවු අරන් යන්නේ ඒ අයමයි.
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    ඉවසීමෙන් පිළිතුරු ලබා දුන්නට බොහොම ස්තුතියි මිතුරනි! මෙහිදී මා හට ලබා දී ඇති පිළිතුරු සමග මා සම්පුර්ණයෙන් එකඟ නොවූවත් අර්ධ වශයෙන් එකඟ වෙමි. ලබා දී ඇති පිළිතුරු කියවාගෙන යනකොට යලි නව ප්‍රශ්න සිත තුල මතුවේ. මූලාශ්‍ර ගැනද ප්‍රශ්න කිරීමට සිතේ. මෙනිසා මෙහිදී ලබා දී ඇති සමහරක් කරුණු සමග මා සෑහීමකට පත් නොවෙමි. මෙය ගමනාන්තයක් නොමැති ගමනක් වැනිය. එක් ප්‍රශ්නෙකට ලබා දෙන පිළිතුර සමග යලි නව ප්‍රශ්න මතුවේ. කෙසේ වෙතත් මා සමග දැනුම බෙදාගත් සියලු දෙනාටම මා මේ අවස්ථාවේදී ස්තූතිය ප්‍රකාශ කරමි.
     
    • Like
    Reactions: siripaala