සිල්‍ රෙද්දේ කතාව...

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සිල්‍ රෙද්දේ කතාව...

    1. ලලිත් වීරතුංග මහතා හෝ අනූෂ පැල්පිට මහතා මුදල් වංචාවක් කර තිබේ ද?
    නැත. ඒ බව අධිකරණ තීන්දුවේම පැහැදිළි වෙයි. " විත්තිකරුවන් දෙදෙනාට සිල් රෙදි ව්යාපෘතිය සඳහා වැය කළේ යෑයි කියන රුපියල් මිලියන 600 ක මුදලින් කිසිදු ප්රතිලාභයක් පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව පෙනී යැම නිසා එවැනි ලිහිල් දඬුවමක් අධිකරණය නියම කරන්නේ ය" ලෙස සඳහන් වේ. මූලාශ්රය දිවයින පුවත්පත 2017/09/08
    2. එසේනම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්වට අධිකරණයෙන් දඬුවම් ලැබුනේ ඇයි?
    උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂයෙන් මුදල් ලබාදෙන ලෙසට දෙවන විත්තිකාර ලලිත් වීරතුංග මහතා කළ ඉල්ලීමක් අනුව පළමු වන විත්තිකාර අනුෂ පැල්පිට මහතා විසින් රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට බැරකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පැහැදිළි වූ නිසා. මූලාශ්රය: දිවයින පුවත්පත 2017/09/08
    3. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව මුදල් ලබා දී ඇත්තේ ඇයි?
    අධ්යක්ෂක මණ්ඩලයේ පිරිසක් සිටින අතර මේ සියල්ලන්ගේම අනුමැතිව සහිතව සමහර කටයුතු කිරීමට ගියහොත් බොහෝ රාජ්ය සමාගම් සහ කොමිෂන් සභා වල යම් ගොඩනැගිලි අලුත්වැඩියාවක් හෝ කිරීමට නොහැකි වෙනු ඇත. පසුගිය රජයේදී රාජ්ය පරිපාලනය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරදෘශ්ය ලෙස ඉක්මන් තීරණ ගැනීමට නිලධාරීන්ට බලය ලබා දී තිබුණි. එහිදී සිදුව ඇත්තේ එක් රාජ්ය ආයතනය මුදල් තවත් රාජ්ය ආයතනයකට බැර කිරීමයි. මේ සියල්ලම ඉතාමත් පාරදෘශ්යව සිදුකර ඇත.
    4. උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දුන්නේ ඇයි?
    2600 සම්බුද්ධත්ව ජයන්තිය සමග ඇතිවූ ආගමික ප්රබෝධයට රජය විසින් දිරිගැන්වීමක් කිරීමට ඇවැසි බව එවකට රජය ප්රතිපත්තිමය තීන්දුවක් ගත් නිසා සෑම වසරකම බෞද්ධාගමික වැඩසටහන් සිදුකෙරුණි. ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන වගන්තිය ප්රකාරව බුද්ධාගමට ප්රමුකස්ථානය දීමට රජය බැඳී සිටියි. රටේ සාමය ප්රවර්ධනය වෙන වැඩසටහනක් වන සුවහසක් ජේෂ්ඨ පුරවැසියන්ට සිල් ගැනීම දිරිමත් කිරීමට සිල් රෙදි බෙදා දීමට තීන්දු විය.
    5. සිල් රෙදි බෙදා දෙන්න රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක් අවශ්ය ඇයි?
    සිල් රෙදි බෙදා දීමට පෙර ප්රාදේශීය සභා මට්ටමෙන් සංගණනයක් කෙරුණි. පන්සල් හරහා ලබා ගත් දත්ත අනුව රට පුරා උපාසක උපාසිකාවන් ආසන්න වශයෙන් ලක්ෂ 10 ක් මූලික පොහොය දිනයන් හි සිල් සමාදන් වන බව වාර්තා විය. ඒ අනුව මීටර් 5 බැගින් සිල් රෙදි ලක්ෂ 10 ක් නියමිත ටෙන්ඩර් ක්රියාමාර්ග හරහා ඇණවුම් කෙරුණි. එක් සිල් රෙද්දකට රු 600 ක් බැගින් සිල් රෙදි ලක්ෂ 10 ටම කෝටි 60 කි. ඒ සියල්ලම මේ වන විට බෙදා දී අවසන් ය. ඒ අනුව මූල්ය වංචාවක් හෝ ටෙන්ඩර් ක්රියාමාර්ගයේ දෝශයක් සිදුවී නැති බව අධිකරණයේදීත් සනාථ විය.
    6. උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය යොදා ගත්තේ ඇයි? බුද්ධ ශාසන අමාත්යාංශයේ වැය ශීර්ෂය යොදා නොගත්තේ ඇයි?
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය තිබෙන්නේ සමාජයට සත්කාර කිරීම සඳහා ය. එය බුද්ධ ශාසනයට හැර වෙනත් සමාජ කටයුතු වලට පමණක් කියා වෙන් කර නොමැත. ඒ අනුව එමගින් බුද්ධ ශාසනය ප්රවර්ධනය කිරීම සඳහා මුදල් වැය කිරීම කිසිදු අයුරකින් සමාජ විරෝධී කටයුත්තක් නොවේ. එසේම බුද්ධ ශාසන අමාත්යාංශයේ වැය ශීර්ෂය රට පුරා පන්සල් 1000 ක් අලුත්වැඩියා කිරීමට මූලිකවම වෙන් වී තිබුණි. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම ඉදිකිරීම් විවෘත කිරීමට අදාල පන්සල් වල නායක හිමිවරුන් වරින් වර ආරාධනා කරනවා ඔබ ප්රවෘත්ති වලින් දකියි.
    7. එසේනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින්ම අදාල ව්යාපෘතිය සිදු නොකළේ ඇයි?
    රට පුරා ලක්ෂ 10 ක් උපාසක උපාසිකාවන්ව සංගණනය කර සිල් රෙදි බෙදා දීම වැනි මහා පරිමාණ ව්යාපෘතියක් මෙහයවීමට විදුලි සංදේශ නියාමන කොමිසමට නිසි නිලධාරී යාන්ත්රණයක් නොමැත. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මෙවැනි ව්යාපෘති නිතර සිදු වෙන බැවින් (උදා: ස්වභාවික ආපදාවකින් අවැතැන් වූ ජනතාවට රට පුරා සහනාධාර බෙදීම) වඩාත් පහසුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ හැකි නිසා.
    8. 2015 ජනාධිපති මැතිවරණයට දින නියම කොට ප්රකාශයට පත්කර තිබියදී සිල් රෙදි බෙදුවාද?
    සිල් රෙදි බෙදා දීම 2014 මුල් භාගයේදී සිටම වර සිදුවූ අතර ප්රාදේශීය සභා මට්ටමෙන් බෙදා දීමේදී යම් ප්රමාද ඇති විය. ඊට මූලිකම හේතුව වූයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් දීමේදී පාසල් සිසුන් කවුදැයි පහසුවෙන් සොයා ගත හැකි නමුත් උපාසක උපාසිකාවන්ව පන්සල් මට්ටමෙන් තෝරා ගැනීමේදී පහසු නොවීමයි. කෙසේ නමුත් රටේ ජනතාවට රජය මගින් ප්රතිපත්තිමය තීන්දුවක් ගෙන දීමනා දීමේදී ජනාධිපතිවරණ සමය කියා නැවැත්වීමට නොහැකියි. එසේනම් ජනාධිපතිවරණ සමයේ සමෘද්ධි දීමනා ගෙවීමට නොහැකි වෙනු ඇත. ජනාධිපතිවරණ සමයේදී වැඩිහිටි දීමනා ගෙවීමට නොහැකි වෙනු ඇත. වෙනකක් තියා පසුගිය 2014 ජනාධිපතිවරණය ආ විට ගංවතුර ආ අතර ඒ කාලයේ ගංවතුර සහනාධාර දීම සම්බන්ධයෙන් ද මෙම නීතිමය ගැටලුව ඇති වෙනු ඇත. 2014 දෙසැම්බර් මාසයේදී ගංවතුර සහනාධාර බෙදිමට අත්සන් කළ රාජ්ය නිලධාරීන් ද මේ තීන්දුවෙන් කැළඹීමකට ලක්ව සිටියි. ඒ අනුව අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් එයට එකඟ නොවන අතර ඉදිරියේදී අභියාචනා ගොනු කරනු ලැබේ.
    9. ලංකාවේ ජේෂ්ඨතම රාජ්ය නිලධාරීන් වන ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට නොකළ වරදකට මෙසේ වුණේ ඇයි?
    පසුගිය කාලයේ යමපාලකයින් විසින් පැවසූයේ රාජපක්ෂවරුන් හොරුන් බවයි. රත්තරං අශ්වයින් , ලැම්බෝගිණි, බකිම්හැං මාලිගා, හෙළිකොප්ටර් 9, ශ්රැංගිල්ලා ආදී කෙප්පරක් පච එකක්වත් ඔප්පු කිරීමට නොහැකි විය. ඒ නිසා තම පාක්ෂිකයන්ගෙන් එල්ල වෙන පීඩනය දරා ගත නොහැකිව සුළු තාක්ෂණික දෝශයක් (අධ්යක්ෂකවරුන්ගේ අනුමැතිය නොමැති වීම) මත මෙසේ එවකට රාජ්ය නිලධාරීන් 2 දෙනුට දඬුවම් කර හොරු ඇල්ලුවා කියමින් ඡන්ද දායකයින් සනසවයි. අනික අතට ලලිත් වීරතුංග යනු මානුෂික මෙහෙයුම කාලයේදී රටේ පරිපාලනයට පමණක් නොව සේනාධිනායකවරයාගේ සියලුම තීන්දු තීරණ සම්බන්ධීකරණය කළ, සේනාධිනායකවරයාගේ දකුණු අත මෙන් නිලධාරියෙකි. කොටි ඩයස්පෝරාවේ ඡන්ද කුට්ටියක් සැනසවීමට යමපාලුවන්ගේ මැතිවරණ කැම්පේන් එකට වියදම් කළ බටහිර හාම්පුතුන්ගෙන් ලැබුණ කොන්ත්රාත්තුව අනුව ලලිත් වීරතුංග මහතාගෙන් පළි ගැනීම සිදුවිය.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අනුෂ හා ලලිත්
    එදා උසාවියේදී සිදු කළ ප්‍රකාශය




    හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ වි.සං.කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනා රුපියල් මිලියන 600ක් (කෝටි 60ක්) ජනතා මුදල් අවභාවිතා කිරීමට වැරදි කරුවන් කර වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා ලක්ෂ 1040 ක දඩ මුදලක් ගෙවන්නට මහධිකරණය ලබාදුන් තීන්දුව මේ වනවිට විවිධ අර්ථ දැක්වීම් වලට ලක්ව තිබේ.
    මෙම මිලියන ගණනක මහජන මුදල් වෙන් කළේ මැතිවරණ ප්‍රචාරයට නොවන බවටත් ඒවා සමග පත්‍රිකා බෙදාහැරියේ නැති බවත් අවශ්‍ය නම් නඩු වාර්තාව කියවා තේරුම් ගන්නා ලෙසත් හිටපු ජනපතිවරයා මාධ්‍ය වෙත පෙරේදා දැනුම් දී තිබුණි.
    පහත පළවන්නේ 2016 වසරේ විභාගවූ අදාළ නඩු වාර්තාවෙන්
    ඒ කියන කරුණු සම්බන්ධයෙන් ලබාගත් උපුටනයි.

    මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සාක්ෂි විමසද්දී ලලිත් හා අනුෂ උත්තර දුන්නේ මෙසේය.


    1 වන දිනය

    විනිසුරුවරයා- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ?

    ලලිත් වීරතුංග – 2600 වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් රජය විසින් ගන්නා ලද තීරණයක්.එය හදිස්සි කටයුත්තක් නොවෙයි.

    විනිසුරුවරයා – එසේනම් සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන්න .


    ලලිත් වීරතුංග – සැලසුම් වාර්තාවක් නම් මා සතුව නැත.

    විනිසුරුවරයා – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සුබසාධන අරමුදලේ ඇස්තමේන්තු මුදල කොපමණද?

    අනුෂ පැල්පිට – මිලියන 100

    විනිසුරුවරයා – සිල්රෙදි බෙදාදීම සදහා කොපමණ මුදලක් ඔබ ලබා දුන්නාද ?

    අනුෂ පැල්පිට – මිලියන 600

    විනිසුරුවරයා -මිලියන 500ක් එම අරමුදල වැඩිකරගැනීමට හේතුව කුමක්ද ?

    අනුෂ පැල්පිට – ලක්ෂ 10ක් සදහා සිල්රෙදි බෙදීමට තිබු බැවින් සමස්ත වියදමට මිලියන 600ක් අවශ්‍ය නිසා.

    විනිසුරුවරයා – මිලියන 600ක් දක්වා අරමුදල වැඩි කරගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඔබට අනුමැතිය හිමි වුනාද ?

    අනුෂ පැල්පිට – ක්ෂණික යෝජනාවක් නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට නොහැකි වුණා.

    විනිසුරුවරයා – මිලියන 600 එම මුදල ජනාධිපති ලේකම් කාර්යාලයට මුදාහැරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තාද ?

    අනුෂ පැල්පිට – පෝය දිනය දවසේ බෙදීමට තිබෙන බැවින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට කාලය ප්‍රමාද වුණා.

    විනිසුරුවරයා – එසේනම් අඩු තරමින් මුදල් නිදහස් කරගැනීමෙන් අනතුරුවවත් අදාළ මිලියන 600ට අනුමැතිය ඔබ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ලබාගත්තාද ?

    අනුෂ පැල්පිට – කාර්යයබහුලත්වයත් නිසා බැරි වුණා.

    විනිසුරුවරයා – අද වනතුරුත් ඔබට එයට අනුමැතිය ලැබී තිබේද ?

    අනුෂ පැල්පිට – නොමැත


    2 වන දිනය

    විනිසුරුවරයා – විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ මිලියන 600ක් ඉල්ලු ව්‍යාපෘතිය සහ ලිපිලේඛන ඔබ සතුව තිබේද ?

    ලලිත් වීරතුංග – ඊ – මේල් පණිවුඩයකින් එය ඉල්ලීම් කර තිබෙනවා (ඊ මේල් පණිවුඩය උසාවියට ඉදිරිපත් කළා )

    විනිසුරුවරයා – පැල්පිට මහතාගේ ප්‍රකාශය අනුව හදිස්සියේ ගත් තීන්දුවක් බව අපට පැහැදිලියි.ක්ෂණිකව සිල් රෙදි බෙදීමට අවශ්‍යතාවය මතු වූ කාරණය කුමක්ද ? ස්භාවික ව්‍යසනයකින් උපාසක උපාසිකාවන්ගේ සිල්රෙදි විනාශ වී ඇත්ද ?

    නීතිපති දෙපාර්තමේන්තුව – ඒ කාල වකවානුවේ එවැනි දෙයක් සිදු වී නොමැත ස්වාමීනී.

    විනිසුරුවරයා – මින් පෙර මොනයම් හෝ රජයක් සිල්රෙදි බෙදා දී තිබේද ?

    නීතිපති දෙපාර්තමේන්තුව – පාසැල් නිල ඇදුම් හැරෙන්නට එවැනි දෙයක් සිදු කර නොමැත ස්වාමීනී.

    විනිසුරුවරයා – එසේනම් සිල් රෙදි බෙදාදීමට හදිසි අවශ්‍යතාවයක් පැන නැගුනේ ඇයි ?


    ලලිත් වීරතුංග – එය කළේ බුදුදහමේ පුනර්ජීවනය උදෙසා.:lol:

    විනිසුරුවරයා – මින් පෙර සමාජ සුභාසාධන අරමුදලෙන් බුදු දහමට හෝ වෙනත් ආගමික කටයුත්කට නියමිත වැය ශීර්ෂය ඉක්මවමින් අනුමැතියකින් හෝ අනුමැතියකින් තොරව මුදල් වෙන්කර තිබේද ?

    අනුෂ පැල්පිට – මා දන්නා හැටියට එවැනි වියදමක් කළ පළමු අවස්ථාව මෙයයි.

    (ලලිත් විරතුංගද එයට පිළිතුරු දෙයි)

    ලලිත් වීරතුංග – මෙවැනි සිදුවීම් මතුවෙනවා නම් කිසිදු රාජ්‍යය නිලධාරියෙක් හදිසි අපදා තත්වයකදී ක්‍ෂණික තීන්දු තීරණ නොගෙන අනුමැතියන් ලැබෙන තුරු බලා සිටිනවා.එසේ වුවහොත් ජනතාවට වන්නේ ව්‍යසනයකි.

    විනිසුරුවරයා – ජනාධිපති ලේකම්වරයා ලෙස ඔබ නොදන්නේද හදිසි අපදා තත්වයන් සදහා රාජ්‍යය සේවයේ චක්‍ර ලේඛනයක් තිබෙන බවත් ඒ අනුව රාජ්‍යය නිලධාරීන්ට කටයුතු කළ හැකි බවත්.

    ඒ අකාරයේ හදිසි සිල් රෙදි බෙදීමට රාජ්‍යය සේවයේ චක්‍ර ලේඛනයක් තිබේනම් ඉදිරිපත් කරන්න

    ලලිත් වීරතුංග – එසේ චක්‍ර ලේඛනයක් නොමැත.

    විනිසුරුවරයා – ඔබලා පිළිගන්නවාද රාජ්‍යය සේවයේ ආයතනික නීති සංග්‍රහයන් උල්ලංඝනය කරමින් ඔබේ හෝ යම් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් මත අයථා ලෙස මෙම මුදල් යෙදවූ බව ?

    විත්තිකරුවන් – දෙදෙනාම නිහඩව සිටිති.

    විනිසුරුවරයා – මැතිවරණයක් තිබෙන කාල සීමාවක් තුලදී පත්කිරීම් , අස්කිරීම් සහ මාරු කිරීම් මෙන්ම ජන්ද දායකයන්ට වරදාන වරප්‍රසාද ලබාදීම මැතිවරණ නීතියට අනුව වරදක් ලෙස පිළිගන්නේද ?

    විත්තිකරුවන් – දෙදෙනාම පිළිගනිති.

    විනිසුරුවරයා – මැතිවරණයක් සදහා රට යෙදවී තිබෙන අවස්ථාවකදී මීළගට ජනපතිවරණයෙන් ජය ගන්නා මොනයම් හෝ පුද්ගලයෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වන බැවින් ඔබේ වගකීම වනුයේ එම මොහොතේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනාගත ජනාධිපතිවරයා වෙනුවෙන් සියලු පරිපාලන කටයුතු විධිමත් කිරීම නොවේද ?එසේ තිබියදී සිල් රෙදි බෙදාහැරීම සදහා ඔබ කාලය කැපකලේ ඇයි.?

    ලලිත් වීරතුංග – එය ඇත්තටම කළේ ආගමික අවශ්‍යයතාවයක් නිසා.

    විනිසුරුවරයා – අදාළ මුදලෙන් ලබාගත් සිල් රෙදි මැතිවරණ කාලසීමාවේ යෙදුනු පොහොය දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහ ප්‍රතිපත්තීන් සමග අදාළ සිල් රෙදි බෙදා දී තිබෙන බව ඔබලා පිළිගන්නවාද ?

    ලලිත් වීරතුංග – අදාළ ජයාරූප පළකිරීම දේශපාලකයන් විසින් සිදුකර තිබෙන්නේ. එයට අපි සම්බන්ධ නෑ.

    විනිසුරුවරයා – මැතිවරණ කාල සීමාවේදී සිල්රෙදි රෙදි ලබාදීමට ඔබලා සම්බන්ධ වූ බව පිළිගන්නවාද ?

    විත්තිකරුවන් – පිළිතුරු නොමැත .

    ----------------------------------

    නඩු තීන්දුව

    විත්තිකරුවන් හට අදාළ මුදල් යොදවා ගැනීමට රාජ්‍යය යාන්ත්‍රනය තුළ කිසිදු නෛතික බලයක් නොමැති බවත් එසේ තිබු බවට ඔප්පු කර ගැනීමට නොහැකි වූ බවත් ඒ කරුණු මුලික කරගෙන චුදිතයන් වැරදිකරුවන් වී තිබේ. තවද පක්ෂග්‍රාහී ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පමණක් සහය ලබා දීමට රාජ්‍යය මුදල් භාවිතා කිරීමටද චුදිතයන් වැරදිකරුවන් වී තිබේ.



    source: **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි :baffled: එතකොට හදිස්සියෙවත් ඕක අධ්‍යක්ෂක මණ්ඩලේද මොකද්ද ඒකෙ අනුමැතිය ඇතුව අරන් තිබුන නං මේ දෙන්නේ හිරේ යන්නේ නැද්ද :oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    මහින්ද මීඩීයා වලින් අල්ලන මයික් වලටයි පන්සල්ගානේ ගිහින් වගකීම භාර ගන්න කතා කියනවට වඩා උසාවියට ගිහින් වගකීම භාරගත්තා නම් ඔය මනුස්සයො දෙන්නා හිරේ යන්නෙ නෑ. මහින්ද හිරේ යන්නෙත් නෑ.

    වගකීම භාරගන්න එක වෙනුවට මහින්ද කරේ අරුන් දෙන්නව හිරේ යවලා රනිල් එක්ක ඩීල් එකක් දාලා රෝහලට මාරු කරවලා උන්ට පොඩි සැපක් අරන් දුන්නා. ඕන් අපේ අප්පච්චිගෙ තරම.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රෙද්දේ රෙවිල ඉන්න සිරිකොතේ බුවාලට පොඩි චුන් එකක් සිල් රෙද්ද.. බැදුම්කරේ යට ගහල රෙද්ද උස්සල ගත්ත :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මහින්ද මීඩීයා වලින් අල්ලන මයික් වලටයි පන්සල්ගානේ ගිහින් වගකීම භාර ගන්න කතා කියනවට වඩා උසාවියට ගිහින් වගකීම භාරගත්තා නම් ඔය මනුස්සයො දෙන්නා හිරේ යන්නෙ නෑ. මහින්ද හිරේ යන්නෙත් නෑ.

    වගකීම භාරගන්න එක වෙනුවට මහින්ද කරේ අරුන් දෙන්නව හිරේ යවලා රනිල් එක්ක ඩීල් එකක් දාලා රෝහලට මාරු කරවලා උන්ට පොඩි සැපක් අරන් දුන්නා. ඕන් අපේ අප්පච්චිගෙ තරම.

    උපාසක අම්මලා හෙළුවෙන් සිල් ගන්න කොට බලා ගෙන ඉන්න පුළුවන් කාටද . ඒකයි ඔය සිල් රෙද්ද කඩිමුඩියෙ බෙදුවේ. නැතුව චන්දය දෙන්න කියල එහෙම නොවෙයි පොටෝ එහෙම දැම්මේ. වරදවා තේරුම් ගන්න එපා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රෙද්දේ රෙවිල ඉන්න සිරිකොතේ බුවාලට පොඩි චුන් එකක් සිල් රෙද්ද.. බැදුම්කරේ යට ගහල රෙද්ද උස්සල ගත්ත :lol:

    බැදුම්කරේ යට ගහල රෙද්ද උස්සල ගත්ත

    giphy.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    උපාසක අම්මලා හෙළුවෙන් සිල් ගන්න කොට බලා ගෙන ඉන්න පුළුවන් කාටද . ඒකයි ඔය සිල් රෙද්ද කඩිමුඩියෙ බෙදුවේ. නැතුව චන්දය දෙන්න කියල එහෙම නොවෙයි පොටෝ එහෙම දැම්මේ. වරදවා තේරුම් ගන්න එපා

    සිල් රෙද්දටත් නඩු දාපු යහපාලනේ. සාසනේට ගිය කලක් අපේ හාන්දුරුවනෙ. 2020දි සාසනේ බේරගමු අපේ හාන්දුරුවනෙ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    සිල් රෙද්දටත් නඩු දාපු යහපාලනේ. සාසනේට ගිය කලක් අපේ හාන්දුරුවනෙ. 2020දි සාසනේ බේරගමු අපේ හාන්දුරුවනෙ

    සිල් රෙද්ද විතරක් නොවෙ උපාසක අම්මලාගේ යට සාය උපාසක තාත්තලාගේ අමුඩ ලේන්සුව බෙදලා හරි මැරෙනකම් බලය ගන්න හදයි අනිවාර්යෙන්ම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    සිල් රෙද්ද විතරක් නොවෙ උපාසක අම්මලාගේ යට සාය උපාසක තාත්තලාගේ අමුඩ ලේන්සුව බෙදලා හරි මැරෙනකම් බලය ගන්න හදයි අනිවාර්යෙන්ම

    :yes::yes:
    දැන් නම් ඉතින් ජෝකර් කෙනෙක් විතරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි :baffled: එතකොට හදිස්සියෙවත් ඕක අධ්‍යක්ෂක මණ්ඩලේද මොකද්ද ඒකෙ අනුමැතිය ඇතුව අරන් තිබුන නං මේ දෙන්නේ හිරේ යන්නේ නැද්ද :oo:


    එතකොට අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ගේ බලය අභිබවා තීරණ අරන්ද බලනවා.
    අර එක පාරක් එස්බී කියපු කතාවක් මතක් උනා..

    අපි දේශපාලකයෝ. අපි වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්. එයාලා ඉල්ලන දේ වෙනුවෙන්.
    ඒවා රජයේ රෙගුලාසි වලට ගැලපෙනවද බලන්නනේ රජයේ සේවකයෝ ඉන්නෙ. ඒක නිසා රෙගුලාසි කැඩිලා නම් ඒවාට වගකියන්න ඕනේ එයාලා"

    මෙ අය කොච්චර අවංක වැඩකාරයෝ කිව්වට මොන යම් හෝ ප්‍රතිලාභයක් වෙනුවෙන් රෙගුලාසි කඩපු එක වැරදියි.
    රටේ හදිසී අවස්තාවක් නෙවෙයිනේ ඔච්චර හදිසිය. කොමන් සෙන්ස් තියෙන ඒ දවස්වල ජීවත් උනු ඕන කෙනෙකුට තේරෙනවා ඔය ඇත්තටම දන්සැල් දුන්නු රජයේ මුදල් කියලා. හොරකම් නැතිව ඕවා අල්ලනවත් නෙවෙයි ඔය. දේශපාලකයන්ව බේරලා අල්ලන්න පුලුවන් වැරදි වැඩ මේවා...

    එදා අද වෙනසක් නෑ හොරකම් ගැන හිතුවොත්. සාපේක්ෂව නිලධාරීන් හොඳ පාඩමක් ඉගෙන ගනීවී මේ නඩු තීන්දුව නිසා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world

    එතකොට අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ගේ බලය අභිබවා තීරණ අරන්ද බලනවා.
    අර එක පාරක් එස්බී කියපු කතාවක් මතක් උනා..

    අපි දේශපාලකයෝ. අපි වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්. එයාලා ඉල්ලන දේ වෙනුවෙන්.
    ඒවා රජයේ රෙගුලාසි වලට ගැලපෙනවද බලන්නනේ රජයේ සේවකයෝ ඉන්නෙ. ඒක නිසා රෙගුලාසි කැඩිලා නම් ඒවාට වගකියන්න ඕනේ එයාලා"

    මෙ අය කොච්චර අවංක වැඩකාරයෝ කිව්වට මොන යම් හෝ ප්‍රතිලාභයක් වෙනුවෙන් රෙගුලාසි කඩපු එක වැරදියි.
    රටේ හදිසී අවස්තාවක් නෙවෙයිනේ ඔච්චර හදිසිය. කොමන් සෙන්ස් තියෙන ඒ දවස්වල ජීවත් උනු ඕන කෙනෙකුට තේරෙනවා ඔය ඇත්තටම දන්සැල් දුන්නු රජයේ මුදල් කියලා. හොරකම් නැතිව ඕවා අල්ලනවත් නෙවෙයි ඔය. දේශපාලකයන්ව බේරලා අල්ලන්න පුලුවන් වැරදි වැඩ මේවා...

    එදා අද වෙනසක් නෑ හොරකම් ගැන හිතුවොත්. සාපේක්ෂව නිලධාරීන් හොඳ පාඩමක් ඉගෙන ගනීවී මේ නඩු තීන්දුව නිසා

    පැහැදිලිවම හොද නඩු තීන්දුවක්. මේ වාගේ තීන්දු පක්ෂ බේදයෙන් තොරව හැම දුෂිතයන්ටම දිය යුතුමයි. එතකොට තමයි මේ රට හදන්න පුළුවන්