සිලෝන් කිංග්ස්මන් උද්‍යානය | CEYLON KINGSMEN GARDEN

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,376
    93
    Heiyanthuduwa - Kelaniya
    2025-11-15 සෙනසුරාදා :::: අද නිවාඩු දවසේ මට ගෙදර ඉන්න කම්මැලි ඉතින් අද කොහෙ හරි යන්න හිතුවා. කලින් සැලසුමක් තිබ්බෙම නෑ. උදේ මගේ Pending Trip ලිස්ට් එක බලලා. මීගමුවට ටිකක් දුරින් තියන ලස්සන ගාඩ්න් එක බලන්න යන්න හිතුවා... උදේ 8 ට ගෙදරින් පිට වෙලා බස් එකේ කිරිබත්ගොඩ ඇවිත්, වත්තල බස් එකේ ඇවිත් මීගමුව පාරට ආවා. එතන හෝල්ට් එකේ ඉද්දි 9 ට ආපු මීගමුව යන බස් එකේ නැගලා වාඩි උනා. රු.130 ක් ටිකට් ගත්තා, මීගමුව කොප්පර හංදියට. බස් එක කදාල, ජාඇල, සීදුව, කටුනායක පසුකරමින් වේගයෙන් ගියා. උදේ 10.10 ට විතර මීගමුව කොප්පර හංදියෙන් බැහැලා පාර පැනලා මීරිගම පාරට ඇවිත් බස් හෝල්ට් එකේ හිටියා. 10.30 ට ආපු දිවුලපිටිය යන බස් එකක නැගලා වාඩි උනා. රු.55 ක ටිකට ගත්තා. මේ ගාඩ්න් එක ගැන කිව්වට කොන්දොස්තර දන්නේ නෑ. මම ගූගල් මැප් බලන් ගියා. එතැන සිට මේ ගාඩ්න් එකට කි.මි 5.7 යි දුර. මම එතැන ලං වෙද්දි නැගිටලා, 10.45 වෙද්දි ගාඩ්න් එකට ටිකක් මෙහායින් බැස්සා. (දෙමන් හන්දියෙන් බැහැලා. ටික දුරක් ඉස්සරහට ගියාම. දකුනු අත පැත්තේ) පාර පැනලා, ගාඩ්න් එකට ඇතුල් උනා. ඇතුල් වන තැනම ටිකට් ගන්න ඔෆිස් එකක් තිබ්බා. රු.500 ක් ටිකට් එකක් ගත්තා. ( වැඩිහිටි රු.500/-, ළමයින්ට රු.200/-, පාසැල් රු.100/-). ඊට පස්සේ ලස්සන වැලි ඇතුරූ කෙටිපාර දිගේ ගස් කොලං , මල් අතරින් ඉදිරියටම ගියා. ගස් වල, පැලෑටිවල නම් ලියලා තිබ්බා. වට පිට හරි ලස්සනයි. ඇතුලේ විවිධ ආකාරයේ ලස්සන ලොකේශන් රැසක් තිබ්බා. වාඩි වෙන්න පුටුත් තිබ්බා. පහල ලින්ක් එකේ තියන වීඩියෝව බලන්න.. කපල් කීපයකුත් ඉන්නවා දැක්කා. පිහිනුම් තටාකයක් තිබ්බා. සම්පූර්න ගස් වැල් වලින් පිරි ස්ව්භාවික ආකාරයට මේ උයන හදලා තිබ්බේ. ගොඩැනැගිල්ලක් ඇතුලේ පරන ස්කූටි කලෙක්ශන් එකක්, සුරතල් මාලු ප්‍රදර්ශනයට තියලා තිබුනා. කුඩා ළමයින්ට සෙල්ලම් කරන්න ප්‍රදේශයකුත්, සෙල්ලම් උපකරණත් තියනවා. ආහාර පානාදිය කලින් ඕඩර් කරලා ගන්න පුලුවන්. රෙස්ටුරන්ට් ඒරියා තිබුනා. මෙහි හොටෙල් කොටසක් තියනවා. නැවතීමට කාමර පහසුකම් පවා තියනව. වෙඩින් පොටෝ ශූට් වලටත් ගෙවලා ගන්න පුලුවන්. ඔයාගේ පෙම්වතිය/ පෙම්වතා එක්ක ගත කරන්න හොද තැනක්. ඒවගේම පවුලේ කට්ටිය එක්ක, යාලුවෝ එක්ක ඩේ අවුට් එකකටත් හොදයි. ඉතින් මම මේ ගාඩන් එකේ තැනින් තැන විඩියෝ කරමින්(පහල ලින්ක් එකේ තියන කෙටි වීඩියෝව බලන්න)., ෆේස් බුක් දාන්න පොටෝ කීපයකුත් අරන්, පැයක් විතර ගත කරලා පාරට ආවා. දිවුලපිටියේ ඉදලා ආව බස් එකක නැගලා, මීගමුවට ඇවිත්, එතැනින් කොළඹ යන බස් එකක ඇවිත් වත්තලින් බැහැල. කිරිබත්ගොඩ ඇවිත්. හවස් වෙද්දි බස් එකේ ගෙදර අවා.
    .

    * විනාඩි 13 ක කෙටි වීඩියෝව බලන්න :


    .
    * පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>>


    * * * මේ පෝස්ට් එක දැම්මේ පුද්ගලික ආයතනයක් සතු මේ ගාඩ්න් එක ප්‍රවර් ධනය කිරීමට නොවන බව කරුනාවෙන් සලකන්න. මමත් මුදල් ගෙවා ටිකට් එකක් අරන් ගියේ. මම ලබා ගත් සතුට, අත්දැකීම ඔබ සමග බෙදා ගෙන ඔබටත් එම අත්දැකීම ලබා ගැනීමට දැනුවත් කිරීම පමනි. එයයි මා ලබන සතුට. ****