සිව්මාන ලෝක

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    හිතපං උඹට කිසිම පාලනයක් නැතුව (බස් එහෙක යනව කියල හිතපංකො) x අක්ෂය දිගේ (ඉස්සරහට කියල ගමුකො) ඒකාකාර වේගෙකිං, y අක්ෂයට අංශක n කෝණයක් ඇතුව යනව.. එතකොට බස් එක යන්නෙ උඹ ඉන්න තැන ඉඳන් තනි කෙලින් ඇඳපු ඉරකට අංශක n ගාණක් ඇලවෙන්න දකුණට.. එහෙම යන්න යන්න උඹ අර තනි කෙලින් ඇඳපු ඉරෙන් ඈත් වෙනවනෙ.. ඒ කියන්නෙ y = 0 අක්ෂයෙන් ඈත් වෙනව.. (බස් එක තනි කෙලින් x දිගේ යනව කියන්නෙ හැම තිස්සෙම y = 0) ඇලේට යන්න යන්න y අගය වැඩිවෙනව.. උඹ ඒ වැඩි ව්එලා y = 1 වෙන හැම තිස්සෙම උඹ y = 0 විදිහට x ඉර උඩට පනිනව. :) (බස් එකත් එක්කම පනිනව කියල හිතපංකො)... ඒ පැන්නාම ආයෙමත් උඹ යන්නෙ n කෝණයක් හරහට.. එහෙම ගියාම y = 1 වුන ගමං ආයෙමත් උඹ y = 0 වෙන්න එක්ස් අක්ෂෙ උඩට පනිනව.. :) ඒ කියන්නෙ උඹට හිතෙන හිතෙන වෙලාවල් වලට උඹ y අක්ෂය තරණය කරනව.. එතකොට උඹට නිකමටවත් හිතෙනවද උඹේ කොපි දෙක තුනක් y අක්ෂෙ උඩ තියෙනවනෙ කියල :D නෑනෙ.. මොකද y කියන්නෙත් x කියන්නෙත් අපිට නිදහසේ චලනය විය හැකි අක්ෂ දෙකක්.. අපි ත්‍රිමාණ ජීවින් නිසා.. ඒ විදිහටම t අක්ෂෙ ගැණ හිතපං.. :)
    මං හරිද දන්නෑ.. ඕක ගැන මට හිතෙන හැටිත් ඊලඟ කොටසකින් පැහැදිලි කරන්න හිතාගෙන ඉන්නෙ.
    uba oya kiyana widiya hari kollo.ehema hitanna puluwan.eth wenne time kiyana dimension eke apita paninna bari eka.mata hithena widiyata time kiyana dimension eke isarahata yanna witarai puluwan api hitin eke ehata mehata pannata.api ada dawal 12ta innawa.dawal 1 weddit innawa.eth dawal 12 hitapu kenai 1ta hitapu kenai dennek.apita dawal 12 hitapu kena wenna baha.ehemanam ape manussa sharire machan wenas nowi tyenna oni.ehema deyak karanna buduhamuduruwontawath oni une nane machan.enisa mama hitanne tym dimension eka gana hithana eke wadi therumak naha.habai itin nirwanaya kiyanne 4dimension thiyena deyak 1 dimension karana ekada kiyala hitanna wenawa.mokada api marunamath ape astral body ekata barak thiyenawa kiyanne api inne 3 dimension lokeka,api marunath.nirwanayen karanne eka time dimension ekata witarak gena eka kiyalai mata hithenne.budu unama labenawane athitha bhawayan gana hitanna balanna puluwan power ekak.etanadit time eka haraha pitipassata yanna bari unath pitipasse une mokadda kiyana eka gana mama hitanna yannae mata mewa hithalath dan tikak pissu wage nisa.habai mehema ekak hithenawa.ape astral body eka nikan memory card ekak wage.api birth eken birth ekata eka use karanawa.habai machan apita hidden data read karanna baha.budu una kiyanne astral body eka haduunu dawase idan aga wenakan data read karanna saha control karanna(nikan android root kara wage) puluwan hakiyawak labenawa.etanin puluwan athi kiyala hithenawa ape skandaya kiyana folder eka delete karala upatha kiyana operation/command eka nawaththanna.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,607
    5,790
    113
    එල එල, ඕක තෙමුනාම ඔහොම තමයි .. :rofl: ඉන්ටරස්ටින්ග් සබ්ජෙක්ට් එකක් .. ආතල් එකේ ලියල තියෙනව, තව දාපන් ..
    තව තවත් නෑමට හේතු වාසනා වේවා ... :lol::rofl::rofl:
    :P
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අඩෝ අහන්නත් සතුටුයි බන් මේ වගේ සබ්ජෙක්ට් ගැන. මම බන් නිව්ටන් ගේ ඉඳල අයින්ස්ටයින් ක්වන්ටම් සහ නිවන මෙ හැම දෙයක් ගැනම මාර විදියට ෆලොව් කරා. මම ඕවා ගැන හිතන්න ගිහින් මට ඩිප්‍රෙශන් ආවා බන්. ඊට පස්සේ ඩොකා කිව්ව ඕවා ගැන උබ හිතන්න යන්න එපා. උඹට පිස්සු හැදෙයි කියල. ඒත් ඉන්ඳල හිටල සෙට් උනොත් තාම ඉතින් ෆලෝව් කරනව.

    මට නම් හිතන විදියට අපි කරන්නේ අපිට ගොචර වෙන හැම දෙයකටම අපි සන්කල්ප නිර්මාණය කරන එක. පන්චේන්ද්‍රියන්ගෙ මගින් අල්ල ගන්න දේවල් වලට මනස මඟින් සන්කල්ප නිර්මාණය කරනවා. ඉතින් කොච්චර දැඟලුවත් අපිට අපේ පන්චේන්ද්‍රියන් වලින් ඉන්පුට් කරන දේවල් වලට අමතර දේවල් ලබා ගන්න බෑනේ. හැබයි මනසටත් යම් තාක් දුරකට දේව්ල් ග්‍රහණය කර ගන්න පුලුවන්. ඒකනේ වියුක්ත දැනුම් නිර්මාණය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. බටහිර විද්‍යාඥයන් කොච්චර දැනුම් හැදුවත් ඒ ගොල්ල හිතන යථාර්තයට කවදාවත් යන්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව මේ හැම දෙයක්ම මනස විසින් හදන දේවල් විතරයි. යථාර්තය කියල දෙයක් නෑ. තියෙන්නේ වෙනස්වීම. වෙනස්වීම හින්දා තමයි කාලය කියල සන්කල්පයකුත් හදාගෙන තිය්න්නේ.

    ඒ හින්දා කාලය හරහා ගමන් කිරීම කියල දෙයක් නෑ. ඒක ත්‍රිමාණ උනත් සිව්මාන උනත් බහුමාන උනත්. මොකද වෙනස්වීම කියන එක හසුර වන්න බැරි හින්දා. වෙනස්වීම හින්දා තමයි අපිට කාලය කියල දෙයක් හදා ගන්න වෙලා තිය්න්නේ. නැත්නම් කාලය නිසා වෙනස්වීම වෙනවා නෙමේ. අපිට වෙන මොකක් හරි අලුත් ඉන්ද්‍රියක් තිබුනා නම් වෙන වෙන දේ ඉන්පුට් වෙන එහෙනම් අපේ සන්කල්ප මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.

    මොනා උනත් හරියට හිතල උබත් මොනා හරි සන්කල්පය්ක් හදපන්. ඒක මාර වටිනවා ලෞකික ජීවිතේට. අනික අපේ ලන්කාවේ කවුරුත් ලෝකෙට දැනෙන්න සන්කල්ප හදල නෑනේ. අපි ඉන්දියන් උන්ට බැන්නට බින්දුවේ ඉඳල කලනය දක්වා ඕවා ඔක්කොම උන් තමයි හැදුවේ.

    මොනා උනත් උබේ සන්කල්ප අහන්න ආසයි.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ගජන්;16285002 said:
    wadakata athi deweayk dapan ban. gon athal ganne nathuwa

    උඹල වගේ ගොන්නු හිතන් ඉන්නේ කන එකයි හුකන එක්යි තමා වැදගත් කියල. අනේ හුකේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    මක්කටැයි වයස ඇහැව්වෙ o_O

    නෑ බන් නිකන් අහුවේ. මටත් ඔය වගේ දේවල් ඔය කාලේ හිතුනා, ලයිෆ් එක බිසී වෙද්දි ඔව්වා මට අමතක වෙලා ගියා, ආයි හිතන්න හම්බුනෙත් නෑ.
    ඒකයි මම උබෙන් වයස අහුවේ :)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    hm... nice thread!!!

    time is a forth dimension i think that is correct but in that case there must be some other factors also like energy !!!

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිව්මාන ලෝකය 2 කොටහ

    අපාරේට් වීමෙන් පටන් ගනිමි. අවසානයට කිවූයේ කැච් එක අතීතයට යනු දුටු දෙවන ලමයා ත්‍රිමාණ අපට x y z හරහා යන්නා සේ කාලය හරහාද ගොස් කැච් එක අල්ලාගන්නා බවය.. පෙර කියූ පරිදිම එය අපාරේට් (අපාරේට් හි තේරුම සඳහා පෙර පෝස්ටුව බලන්න) වීමක් සේ ත්‍රිමාණ අපට සිතීම සාදාරණය. මන්ද අප දකින්නේ ඉදිරියෙන් පිටුපසින් (x), වමෙන් දකුණෙන් (y) හා උඩින් යටින් (z) ඇති දේවල් පමණි. මන්ද අපේ ඇසත් ත්‍රිමාණ බැවින් හා ඇසට ගෝචර වන්නේද ත්‍රිමාණ දේය.. මෙහිදී තනි ඇසෙන් බැලූ විට ද්විමාණව පෙනෙන්නේ යැයි යමෙකුට තර්ක කල හැක.. නමුත් එය අදාල වන්නේ පෙනීමට නොව බලන වස්තුව හෝ වස්තු කිහිපයකට පමණි. තනි ඇසක් වැසුවද උඩ යට පෙනේ (z). දෙපැත්ත පෙනේ (y), ඉදිරියෙන් හා පසුපසුන්ද යම් දුරක් පෙනේ (x). නමුත් වස්තුවක කෝණ දෙකක දර්ශන නොලැබෙන නිසා x දුර ගැන අවබෝධයක් නොලැබේ. එබැවින් පෙනෙන්නේ ද්විමාන ලෙස හැඟේ. නමුත් x දුරක් පෙනෙන බැවින් තනි ඇසෙන් වුවද ත්‍රිමාණ (ත්‍රිමාණව නොවේ) පෙනේ යැයි සැළකිය හැක. ත්‍රිමාන ජීවීන්ට මාන තුනක් දැකිය හැක්කා සේ, සිව්මාන ජීවීන් ගැනද එසේ සිතුවහොත් ඔවුන්ට මාන හතරක් දැකිය හැකි වනු ඇත..

    හතරවන මානය ලෙස කාලය සලකන්නේ නම් සිව්මාන ජීවීන්ගේ ඇස් සකස් වී තිබිය යුත්තේ මාන හතරම දැකිය හැකි වන ලෙසය.. එනම් අපට ත්‍රිමාණව පෙනෙන ගහක් සිව්මාන ජීවියෙකුට සිව්මානව පෙනිය යුතුය.. එනම් දිග, පලල, ගැඹුර හා කාලය ලෙසයි.. කාලය පෙනීම යන්න තවත් පැහැදිලි කරගැනීම සඳහා ත්‍රිමාණ ජීවියෙකු මාන තුනෙන් එකක් දකින ආකාරයත් ඒ ලෙසට සිව්මාන ජීවියෙකු හතරවන මානය දකින ආකාරයත් සලකා බලමු..

    ත්‍රිමාණ ජීවියෙකු ඉදිරිය (‍x) දකියි.. ඉදිරියේ ඇති වස්තුව ඇසේ සිට යම් දුරකින් ඇත.. දුර අනුව එම වස්තුවෙහි පෙනීම රඳා පවතින්නේ එම වස්තුවේ ස්වභාවය මතය.. (ගිණි ගොඩක් නම් විශාල දුරකට පෙනේ, පුටුවක් නම් එතරම් දුරකට නොපෙනේ).. ඉදිරිය හා පසුපස යනුවෙන් ත්‍රිමාණ ජීවීන් වන අප සලකනු ලබන්නේ අප සිටින ස්ථානයට සාපේක්ශවය.. අපට කෙලින්ම බැලිය හැකි දිශාව ඉදිරිය වේ.. (+‍x). එමෙන්ම අප අනෙක් පස හැරී බැලිය යුතු දිශාව (-x) පසුපස වේ.. දෙකම එකම (x) අක්ෂය වේ..
    සිව්මාන ජීවීන් හතරවන මානය දැකිය යුත්තේද මේ අයුරිනි.. එනම් සිව්මාන ජීවීන්ටත් තම දෑස් වලිං කාලය (t) හි යම් දුරක් පෙනේ.. එය ඉදිරිය ලෙස සැලකුවහොත් අනාගතය ලෙස උපකල්පනය කර ගත හැක.. නමුත් අතීතය ලෙස උපකල්පනය කළද වරදක් නැත. මන්ද එය තීරණය වන්නේ සිව්මාන ජීවියා හැරී සිටින්නේ කාලයේ කුමන දිශාවටද යන්න මතයි.. එනම් සිව්මාන ජීවීන්ගේ දෑස් වලිං ත්‍රිමාණ අප x හි යම් දුරක් නිරීක්ෂණය කරන්නා සේ t හි යම් දුරක් නිරීක්ෂණය කල හැකි වනු ඇත.. මෙම දුර ප්‍රමාණය ගැන වෙනම දීර්ඝ විස්තරයක් ඇත.. එය පසුව සඳහන් කරමින් කාලයේ දුර පිළිබඳ යම් අදහසක් ලබාගැනීම සඳහා සිව් වන මානයෙහි යම් දුරක් සලකා බලමු.. එම දුර මාසයක් (t හිදී දුර යනු කාලය වේ) ලෙස සලකා සිව්මාන ජීවියෙකු ගසක් දකිණ ආකාරය සලකා බලමු..
    ත්‍රිමාණ ජීවියෙකු ගසෙහි දිග, පළල, ගැඹුර දකින්නාක් මෙන් සිව්මාන ජීවියෙකු ගසක් දැකිය යුත්තේ දිග, පලළ, ගැඹුර, හා කාලය ලෙසයි.. එනම් සිව්මාන ජීවියෙකුට දැකිය හැකි කාලයේ දිග මාසයක් ලෙස ගතහොත් ඔහුට ගස තවත් මාසයකින් කෙසේ වේදැයි කියාද දැකිය හැකි වනු ඇත.. ගසක් යනු කාලයෙක් කාලය වෙනස් වන දෙයකි... දැනට තත්පරයකට පෙර තිබුනු අයුරින්ම ගස ඊට තත්පරයකට පසුව නැත.. පරම සත්‍යය එයයි.. නමුත් අපට එම සත්‍යය දැකිය නොහැක.. මන්ද තත්පරයක් වැනි කෙටි කලක් තුල ගසෙහි සිදුවන්නේ ඉතා කුඩා ඇසට නොපෙනෙන වෙනසක් බැවිනි.. නමුත් තත්ත්පර කිහිපයකට වරක් එක් ඉදුනු කොලයක් ගැලවී වැටෙන්නේ යැයි සිතුවහොත් එය අපට ගෝචර වන වෙනසකි.. මෙසේ සිව්මාන ජීවියා දකින ගසෙහි විනාඩි දෙකකට වරක් ඉදුනු කොල එක බැඟින් වැටෙන්නේ යැයි උපකල්පනය කලහොත් සිව්මාන ජීවියා ගස දකිනුයේ ගසෙහි දිගත්, පළලත්, උසත් සමඟ පලවන විනාඩියෙහි කොල n ගණනක් ඇත, විනාඩි දෙකකට පසුව n-1ක් කොල ඇත, විනාඩි හතරකට පසුව කොල n-2ක් ඇත ලෙසය.. මෙය ත්‍රිමාණ අපට කාලය දැකීම යන්න සිතූ විට සිතට නැඟෙන සාමාන්‍ය සිතුවිල්ලයි.. (පළමු දින ස්නානය :P)

    ත්‍රිමාණ ජීවියෙකුට එසේ සිතීම සාදාරණය.. මන්ද ත්‍රිමාණ ජීවියෙකු කිසි දින කාලය හරහා දැක නැති බැවිනි.. නමුත් සිව්මාන ජීවියෙකුට කාලයත් මානයක් වේ නම් ඔහුට කාලය ගෝචර විය යුත්තේද ත්‍රිමාණ අපට x හෝ y හෝ z ගෝචර වන ක්‍රමයටමය.. එනම් සිව්මාන ජීවියෙකු කිසිඳු අයුරකිං පලමුවන විනාඩියේ කොල n ගණනක් ඇත.. විනාඩි දෙකකට පසුව n-1ක් ඇත.. එනම් එක් කොලයක් හැලී ඇත.. විනාඩි හතරකට පසුව n-2ක් ඇත, එනම් කොල දෙකක් හැලී ඇත ලෙස නොදකිනු ඇත.. සිව්මාන ජීවියෙකු ගසෙහි කාලය එනම් දැකිය හැකි මාසයම දකිණුයේ එක්වරමය. එනම් කොල සියල්ල ඇති අවස්ථාවද, කොලයක් හැලී ඇති විනාඩි දෙකක් ගතවූ අවස්ථාවද, කොල දෙකක් හැලී ඇති විනාඩි හතරක් ගත වූ අවස්ථාවද, කොල ගොඩක් හැලී ඇති සතියක් ගත වූ අවස්ථාවද, ඊටත් වඩා කොල ගොඩක් හැලී ඇති මාසයක් ගතවූ අවස්ථාවද යන සියළු අවස්ථාවන් සිව්මාන ජීවියෙකු එක් වර දකිනු ඇත.. (දෙවන දින ස්නානය :P) මෙය නම් සිරාම කෝලමකි.. ත්‍රිමාණ මට නං සිතෙන්නේ එසේය..

    ත්‍රිමාණ ජීවීන් මෙම සංසිද්ධිය තේරුම් ගනු ඇත්තේ වීඩියෝ එකක් ආකාරයටය.. එනම් ත්‍රිමාණ ජීවියාට ගස දුටු ගමන්ම මාසයක් දිග වීඩියෝ එකක් මැවී පෙනෙනු ඇත යන ලෙසය.. එනම් ගස දුටු වනම දැන් තත්වයත්, තවත් විනාඩි කිහිපයකින් තත්ත්වයත්, සති කිහිපයකින් තත්ත්වයත්, මසකින් තත්ත්වයත් ෆාස්ට් ෆෝවඩ් ප්ලේ වෙන වීඩියෝ එකක් ලෙස මොලයේ ප්ලේ වේ.. ජීවියාට ඕනෑම තැනක පෝස් කර ඕනෑම තැනක් ප්ලේ කර බැලිය හැකි වේ ලෙසය.. නමුත් මෙයද සත්‍ය විය නොහැක..(ස්නානය වෙමින් පවතින ඔළුවට අනුව :P )
    එය එසේ නොවිය යුත්තේ මන්දැයි යන්නද ත්‍රිමාණ ජීවියෙකු ත්‍රිමාණ වලිං එකක් දකින අයුරුත්, සිව්මාන ජීවියෙකු කාලය දැකිය යුතු අයුරුත් වෙන වෙනම සළකා බලමු...

    ත්‍රිමාණ අපට ගස පෙනේ.. ගසෙහි ගැඹුර පෙනේ.. ගැඹුර ලෙස පෙනෙන්නේ ගස x අක්ෂය ඔස්සේ (ඉදිරියට) පැතිරී ඇති ප්‍රදේශය ලෙස සැලකුවහොත් සහ එසේ පැතිරී ඇති දුර මීටරයක් ලෙස සැලකුවහොත්, අප ගසෙහි ගැඹුර දකිණුයේ මීටරයම එක් වරය.. පළමුව සෙන්ටිමීටර දහයක්ද, දෙවනුව තවත් සෙන්ටිමීටර දහයක්ද, තෙවනුව තවත් සෙන්ටිමීටර දහයක්ද ආදී ලෙස දස වතාවකට අප ගසෙහි ගැඹුර නොදකිමු.. (ද්විමාණ ජීවියෙකුට ත්‍රිමාණ ජීවීන් ගැඹුර දකින ආකාරය ගැන මේ ආකාරයට සිතිය හැක.. එය වෙනම ද්විමාණ ජීවීන් දකින ආකාරය ගැන පෝස්ටුවකින් පැහැදිලි කරමි) මීටරයම එක් වරම දකිමු.. කාලය මානයක් ලෙස ගෝචර වන ජීවියෙකු ගසෙහි මාසයක් ඈත දැකිය යුත්තේද මේ ආකාරයටමය.. එනම් ත්‍රිමාණ අප මීටරය කොටසින් කොටස නොදකින්නේ කෙසේද, එක් වරම දකින්නේ කෙසේද, සිව්මාන ජීවියා මාසයම දකිණුයේද වෙන වෙනම නොව එක් වරම එකම විට එකම ලෙසය.. වීඩියෝ ප්ලේ වීමක්, ෆාස්ට් ෆෝවර්ඩ් වීමක්, පෝස් වීමක් නැත.. මසම එක් වර දැක ත්‍රිමාණ ජීවියෙකු මීටරය තුල එක් ස්ථානයක කූඹියෙකු සිටිනවා දැක ලංවී බලන්නේ යම් සේද, සිව්මාන ජීවියාද මසම එක් වර දැක එක් අවස්ථාවක කොලයක් වැටෙන මොහොත දෙස එසේ ලංවී බලනු ඇත.. මෙහිදී කූඹියා නිරීක්ෂණයට ත්‍රිමාණ ජීවියා ලං වන්නේ x හෝ y හෝ z යන අක්ෂ ඔස්සේය. නමුත් සිව්මාන ජීවියා කොලය වැටෙන මොහොත දෙස ලංවී බලනු ඇත්තේ කාලය හරහා ඇවිදීමෙනි.. (අප ගස ලඟට ඇවිද යන්නාක් මෙන්)..

    මෙහිදී සිව්මාන ජීවියා කොලය වැටෙන මොහොතට ලංවීමට කාලය හරහා ඇවිද යාමක් ගැන කතා කලෙමු. මේ ගැන සිතීමේදී ත්‍රිමාණ ජීවීන් වන අපට මතුවන ප්‍රධානතම ගැටළුව වන්නේ කාල තරණය ගැන ත්‍රිමාණ ජීවීන් නිර්මාණය කරගෙන ඇති විරුද්ධභාස (වචනෙ හරිද දන්නේ, සිඞ්හලෙන් කියන්නෙ paradox කියල) ඇදේට හිටීමයි.. එවන් එක් පැරඩොක්ස් එකක් ගැන සළකමු.. සිව්මාන ජීවියෙක් සිටගෙන සිටී.. විනාඩියක් ගතවූ තැන ඔහු අතීතයට යා යුතුයැයි සිතා මද දුරක් x ඔස්සේ ඉදිරියට ගොස් කාලය හරහා අතීතයට විනාඩියක දුරක් ගමන් කරයි.. එවිට ඔහු සිටින්නේ මීට විනාඩියකට පෙරය.. එනම් විනාඩියකට පෙරත් ඔහු එතන සිටගෙන සිටියේය.. විනාඩියක් ගත වූ තැනදී ඔහු කාළතරණය කොට පොඩි දුරක් ඉදිරියට ආවේය.. එසේ නම් එකලඟ එකම ජීවියාගේ කොපි දෙකකි.. විනාඩියකට පෙර සිටි ඔහු විනාඩියකට පසුව සිට ආ ඔහුවම තමා ඉදිරියේ සිටගෙන සිටිනවා දකී.. මෙසේ කර කොපි බර ගාණක් පිහිටුවිය හැකි වනු ඇත..

    නමුත් මේ සියල්ල ත්‍රිමාණය සිතීමෙන් ගොඩනඟාගත් පැරඩොක්ස් වේ.. සිව්මාන ජීවින් සිටී නම්, ඔවුනට කාලය එක් මානයක් නම් මෙම paradox එක ඔවුනට අදාල නොවිය යුතුය.. එසේ නොවන්නේ කෙසේද යත්,
    අපට x y z මෙන් සිව්මාන ජීවීන්ට t යනු එක් අක්ෂයක් පමණී. අපට x y z වල ගලායාමක් කිසි විටෙක නොදැනේ.. x y z ගළා යන්නේ නැත.. එක තැන සිටගෙන සිටියහොත් එතන 0,0,0 ලෙස ගතහොත් පැයක් ගියත් 0,0,0 මය.. x අක්ෂය පොඩ්ඩක් ගලාගෙන ගොස් 1, 0, 0 ලෙස පිහිටීම වෙනස් විය නොහැක.. එසේ ගලාගෙන යන්නේ නම් ඔහු පල්ලමක රෝල් වී ඇත.. එනම් ඔහු සංචාරය කර ඇතුවා මිසක වලක්වා ගත නොහැකිව ඉබේ ගලාගෙන ගොස් නැත... (සැ. යු. මෙහිදී පෘථිවිය විශ්වයේ පට්ට දුරක් ගමන් කරන්නේය ඉතින් තැන වෙනස් වේ යන්න අදාල නොවේ. මන්ද මේ සියල්ල සලකන්නේ ත්‍රිමාණ ජීවියෙකුට හා සිව්මාන ජීවියෙකුට සාපේක්ෂවය. විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ නිරපේක්ෂව නොවේ) සිව්මාන ලොවක සිව්මාන ජීවීන්ට කාලය දැනිය යුත්තේද එසේය.. එනම් කාලය සිව්මාන ජීවියාගේ අනුදැනුමකින්, පාලනයකින් තොරව ඉබේ ගලා යා නොහැක.. සිව්මාන ජීවීන්ට කාලය යනුද ත්‍රිමාණ අපට ඉදිරිය (x) මෙන් තවත් එක් ගමන් කල යුතු දිශාවක් පමණි.. අපට x ඉබේ ගලා නොයන්නාක් මෙන් සිව්මාන ජීවීන්ට t ද ඉබේ ගලා යා නොහැක.. සිව්මාන ලෝකයක විභාගයක් පැවැත්වුවහොත් කපෝතිය.. මන්ද කාලය යනු දුරක් බැවින් අවසන් කිරීමට සීමාවක් දිය නොහැකි නිසාවෙනි :D නමුත් එයට වෙනම විසඳුමක් ඇත.. එනම් සිව්මාන ජීවීන්ටද සංචාරය කල නොහැකි පස්වන මානයක් ආදේශ කිරීමෙනි.. jajaja එය ගැන වෙනම විස්තර කල යුතුය..
    සරළවම කිවහොත් සිව්මාන ජීවියා නිශ්චලව සිටගෙන සිටීමෙදී ඔහුට විනාඩියක්වත් තත්පරයක්වත් ගත වන්නේ නැත.. ඔහුට කාලය පෝස් වී ඇත.. එනිසා විනාඩියක් ගතවී සිටි තැනට ආපසු ඒමක් සිව්මාන ලෝක වල නැත. ඇත්තේ විනාඩියක් අනාගතයට ගොස් නැවත විනාඩියක් ආපස්සට ඒමක් පමණි.. එනම් අප මීටරයක් ඉදිරියට ගොස් මීටරයක් පසුපසට එන්නාක් මෙනි.. එබැවින් කාලය තරණය කරන සිව්මාන ජීවියෙකුගේ කොපි තොගයක් ඇතිවීමට ඉඩක් නැත..

    මෙය තවත් පැහැදිලි කර ගැනීමට ද්විමාන ජීවියෙකු (x හා y හරහා පමණක් සංචාරය කල හැකි) විසින් ඔහුට ගෝචර නොවන z නම් අපට ගෝචර වන තුන්වන මානය ගැන තේරුම් ගන්නා අයුරු පැහැදිලි කරගත යුතුය.. දැනට මේ කෙටුවා ඇතිවාගේය.. ද්විමාණ ජීවියෙකු z තේරුම් ගන්නා ආකාරය ගැන හා සිව්මාන ලෝකයෙහි ආලෝකය කෙසේ විය යුතුද, කණ්ණාඩි (අර මූන බලන ඒව) කෙසේ විය හැකිදැයි ඊලග කොටසින් දොඩවමි.. :D ඉවරයි.

    (සැ. යු. මෙහි එන කිසිඳු කරුණක් පිළිගැනීමෙන් වළකින්න)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    bump
    +6
    awankawama matanam deyak theruna
    kolla kiyana de honda tharkayak thiyanawa

    තර්ක නං නොදනී :D හිතෙන දේවල් ලියමි.. ස්තූතියි !

    uba oya kiyana widiya hari kollo.ehema hitanna puluwan.eth wenne time kiyana dimension eke apita paninna bari eka.mata hithena widiyata time kiyana dimension eke isarahata yanna witarai puluwan api hitin eke ehata mehata pannata.api ada dawal 12ta innawa.dawal 1 weddit innawa.eth dawal 12 hitapu kenai 1ta hitapu kenai dennek.apita dawal 12 hitapu kena wenna baha.ehemanam ape manussa sharire machan wenas nowi tyenna oni.ehema deyak karanna buduhamuduruwontawath oni une nane machan.enisa mama hitanne tym dimension eka gana hithana eke wadi therumak naha.habai itin nirwanaya kiyanne 4dimension thiyena deyak 1 dimension karana ekada kiyala hitanna wenawa.mokada api marunamath ape astral body ekata barak thiyenawa kiyanne api inne 3 dimension lokeka,api marunath.nirwanayen karanne eka time dimension ekata witarak gena eka kiyalai mata hithenne.budu unama labenawane athitha bhawayan gana hitanna balanna puluwan power ekak.etanadit time eka haraha pitipassata yanna bari unath pitipasse une mokadda kiyana eka gana mama hitanna yannae mata mewa hithalath dan tikak pissu wage nisa.habai mehema ekak hithenawa.ape astral body eka nikan memory card ekak wage.api birth eken birth ekata eka use karanawa.habai machan apita hidden data read karanna baha.budu una kiyanne astral body eka haduunu dawase idan aga wenakan data read karanna saha control karanna(nikan android root kara wage) puluwan hakiyawak labenawa.etanin puluwan athi kiyala hithenawa ape skandaya kiyana folder eka delete karala upatha kiyana operation/command eka nawaththanna.

    :) ඕක ගැන මට හිතෙන හැටි ලිව්ව.. :D කියෝල බලපං :D උඹට හිතෙන හැටිත් ලියපං.. ස්තූතියි ! :D

    gud thrd mchn

    Thanks

    එල එල, ඕක තෙමුනාම ඔහොම තමයි .. :rofl: ඉන්ටරස්ටින්ග් සබ්ජෙක්ට් එකක් .. ආතල් එකේ ලියල තියෙනව, තව දාපන් ..
    තව තවත් නෑමට හේතු වාසනා වේවා ... :lol::rofl::rofl:
    :P

    එකෙන්ම නාන එක ආයෙ නෑ නානව මාස ගානකට ඇතිවෙන්න :P ස්තූතිය

    අඩෝ අහන්නත් සතුටුයි බන් මේ වගේ සබ්ජෙක්ට් ගැන. මම බන් නිව්ටන් ගේ ඉඳල අයින්ස්ටයින් ක්වන්ටම් සහ නිවන මෙ හැම දෙයක් ගැනම මාර විදියට ෆලොව් කරා. මම ඕවා ගැන හිතන්න ගිහින් මට ඩිප්‍රෙශන් ආවා බන්. ඊට පස්සේ ඩොකා කිව්ව ඕවා ගැන උබ හිතන්න යන්න එපා. උඹට පිස්සු හැදෙයි කියල. ඒත් ඉන්ඳල හිටල සෙට් උනොත් තාම ඉතින් ෆලෝව් කරනව.

    මට නම් හිතන විදියට අපි කරන්නේ අපිට ගොචර වෙන හැම දෙයකටම අපි සන්කල්ප නිර්මාණය කරන එක. පන්චේන්ද්‍රියන්ගෙ මගින් අල්ල ගන්න දේවල් වලට මනස මඟින් සන්කල්ප නිර්මාණය කරනවා. ඉතින් කොච්චර දැඟලුවත් අපිට අපේ පන්චේන්ද්‍රියන් වලින් ඉන්පුට් කරන දේවල් වලට අමතර දේවල් ලබා ගන්න බෑනේ. හැබයි මනසටත් යම් තාක් දුරකට දේව්ල් ග්‍රහණය කර ගන්න පුලුවන්. ඒකනේ වියුක්ත දැනුම් නිර්මාණය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. බටහිර විද්‍යාඥයන් කොච්චර දැනුම් හැදුවත් ඒ ගොල්ල හිතන යථාර්තයට කවදාවත් යන්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව මේ හැම දෙයක්ම මනස විසින් හදන දේවල් විතරයි. යථාර්තය කියල දෙයක් නෑ. තියෙන්නේ වෙනස්වීම. වෙනස්වීම හින්දා තමයි කාලය කියල සන්කල්පයකුත් හදාගෙන තිය්න්නේ.

    ඒ හින්දා කාලය හරහා ගමන් කිරීම කියල දෙයක් නෑ. ඒක ත්‍රිමාණ උනත් සිව්මාන උනත් බහුමාන උනත්. මොකද වෙනස්වීම කියන එක හසුර වන්න බැරි හින්දා. වෙනස්වීම හින්දා තමයි අපිට කාලය කියල දෙයක් හදා ගන්න වෙලා තිය්න්නේ. නැත්නම් කාලය නිසා වෙනස්වීම වෙනවා නෙමේ. අපිට වෙන මොකක් හරි අලුත් ඉන්ද්‍රියක් තිබුනා නම් වෙන වෙන දේ ඉන්පුට් වෙන එහෙනම් අපේ සන්කල්ප මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.

    මොනා උනත් හරියට හිතල උබත් මොනා හරි සන්කල්පය්ක් හදපන්. ඒක මාර වටිනවා ලෞකික ජීවිතේට. අනික අපේ ලන්කාවේ කවුරුත් ලෝකෙට දැනෙන්න සන්කල්ප හදල නෑනේ. අපි ඉන්දියන් උන්ට බැන්නට බින්දුවේ ඉඳල කලනය දක්වා ඕවා ඔක්කොම උන් තමයි හැදුවේ.

    මොනා උනත් උබේ සන්කල්ප අහන්න ආසයි.

    :O අම්මට හුඩු.. එහෙනං කොයි වෙලේ හරි මටත් නාන කාමරේ ඉඳන් එලියට එන්න ව්එන්නෙ පිස්සෙක් වෙලා.. :O අවුලක් නෑ බං.. ඩිප්‍රෙශන් හැදුනත් මොකද දෙයක් හිතල :) දැන් කාලෙ උන්ට ඩිප්‍රෙසන් හැදෙන්නෙ ලව් නිසානෙ,, :) එහෙම ඩිප්‍රෙසන් හැදෙන උන් අතරේ මේ වගේ දෙයක් හිතල ඩිප්‍රෙසන් හදාගන්න තියෙනවනං කොච්චර දෙයක්ද :D
    සිරාවටම මේ පහටම වඩා ව්එනස් තව එක ඉන්ද්‍රිය කෑල්ලක් තිබ්බනං විජ්ජාවට මොනා වෙයිද කියල හිතාගන්නත් බෑ.. පහක් විතරක් තියාගෙන හය මොන වගේ වෙයිද කියල හිතන එකත් සෑහෙන ගේමක් :( වෙලාවක ඕකත් හිතල බලන්න ඕනෙ.

    නෑ බන් නිකන් අහුවේ. මටත් ඔය වගේ දේවල් ඔය කාලේ හිතුනා, ලයිෆ් එක බිසී වෙද්දි ඔව්වා මට අමතක වෙලා ගියා, ආයි හිතන්න හම්බුනෙත් නෑ.
    ඒකයි මම උබෙන් වයස අහුවේ :)

    :( එහෙනං මටත් ඔය සෙතේම වෙයිද දන්නෙ නෑ..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :O අම්මට හුඩු.. එහෙනං කොයි වෙලේ හරි මටත් නාන කාමරේ ඉඳන් එලියට එන්න ව්එන්නෙ පිස්සෙක් වෙලා.. :O අවුලක් නෑ බං.. ඩිප්‍රෙශන් හැදුනත් මොකද දෙයක් හිතල :) දැන් කාලෙ උන්ට ඩිප්‍රෙසන් හැදෙන්නෙ ලව් නිසානෙ,, :) එහෙම ඩිප්‍රෙසන් හැදෙන උන් අතරේ මේ වගේ දෙයක් හිතල ඩිප්‍රෙසන් හදාගන්න තියෙනවනං කොච්චර දෙයක්ද :D
    සිරාවටම මේ පහටම වඩා ව්එනස් තව එක ඉන්ද්‍රිය කෑල්ලක් තිබ්බනං විජ්ජාවට මොනා වෙයිද කියල හිතාගන්නත් බෑ.. පහක් විතරක් තියාගෙන හය මොන වගේ වෙයිද කියල හිතන එකත් සෑහෙන ගේමක් :( වෙලාවක ඕකත් හිතල බලන්න ඕනෙ.

    මෙහෙමයි බන් හැම එකාටම එහෙම ඩිප්‍රෙශන් හැදෙන්නේ නෑ. ඒක එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනව. මම සාමන්යෙන් දෙයකට බැස්සම ඒකේ අන්තය දක්වාම යනවා. ඒකයි සීන් එක. නැත්නම් ඉතින් අයින්ස්ටයින් වගේ පොරවල් වලටත් ඩිප්‍රෙශන් හැදෙන්න එපයි.

    එල එල උඹවත් මොනා හරි තියරි එකක් හදපන්. වෙලාව හම්බුනාම අපිත් අදහස් දෙන්නම්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙමයි බන් හැම එකාටම එහෙම ඩිප්‍රෙශන් හැදෙන්නේ නෑ. ඒක එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනව. මම සාමන්යෙන් දෙයකට බැස්සම ඒකේ අන්තය දක්වාම යනවා. ඒකයි සීන් එක. නැත්නම් ඉතින් අයින්ස්ටයින් වගේ පොරවල් වලටත් ඩිප්‍රෙශන් හැදෙන්න එපයි.

    එල එල උඹවත් මොනා හරි තියරි එකක් හදපන්. වෙලාව හම්බුනාම අපිත් අදහස් දෙන්නම්.

    :( තියරි හදන්න විද්‍යාව ගැනයි ගණිතය ගැනයි දැනුමක් තියෙන්න එපෑ බං. ඒ එකක්වත් නෑනෙ.. ඉතිං මොන තියරිද...
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,591
    113
    එක තැනක නෑ
    පට්ට මචන්. මට නම් වැඩි දැනුමක් නැහැ මේ සම්බන්දව. කොහොමහරි මමත් පට්ටම ආසම සබ්ජෙක්ට් එකක් මේක. තව ලියපන්. කියවන්ඩ ගොඩක් එවුන් ඉන්නවා, මේකේ කමෙන්ට් කරේ නැතුවට. ඒ නිසා සේරම ලියපන්. ඔහොම ගිහින් දවසක හොඳ තියරියක් අවුට් කරපන්. ජය වේවා මලේ. රේප් +
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ද්විමාණ ජීවියෙකු z තේරුම් ගන්නේ කෙසේද ?

    ද්විමාණ ජීවියෙකු z තේරුම් ගන්නේ කෙසේද ?

    අවසානයට නතර වූයේ එතැනිනි.. මෙහි විස්තර කෙරෙන්නේ ත්‍රිමාණ අප සිව්වන මානය තේරුම් ගැනීම හා ද්විමාණ ජීවීන් තුන්වන මානය තේරුම් ගන්නා ආකාරය පිළිබඳවය.. ඊට පෙර ද්විමාණ ජීවීන් යනු මොන වගේ සත්තු ජාතියක්දැයි තේරුම් ගත යුතුය.. ද්විමාණ ජීවීන් යනු ද්විමාණ ලෝක වල ජීවත් විය යුතු ජීවීන් ජාතියකි.. ත්‍රිමාණ ජීවීන් වන අපට මාන තුනක් ගෝචර වන්නා සේ ද්විමාණ ජීවීන්ට ගෝචර විය යුත්තේ මාන දෙකකි.. ඒ මාන දෙක කුමක්දැයි නිවැරදිව කිව නොහැක.. x y z t යනුවෙන් මාන හතරක් ඇත්නම් මින් ඕනෑම දෙකක් ද්විමාණ ජීවීන්ට ගෝචර වනවා වීමට පුළුවන.. එසේ ගෝචර වන මානයන් දෙක x හා y ලෙස ගතහොත් ද්විමාණ ජීවියෙකුට z යනු අමුතුම සංකල්පයකි.. එවන් ජීවියෙකුට z මාණය ඔස්සේ කිසිඳු ආකාරයකින් සංචාරය කල නොහැක.. ඔවුන්ගේ ලෝකය පවතින්නේ x හා y යන මාණ දෙක මතම පමණි.. ඔවුන් ලෝකය තේරුම් ගත යුත්තේද මේ මාණ දෙකෙන් පමණි.. නමුත් ත්‍රිමාණ අපට සිව්වන t මාණයෙහි සැරිසැරිය නොහැකි වුවද ඉබේ ගලා යන සංචාරය කළ නොහැකි සංකල්පයක් සේ සේ ගෝචර වේ.. ද්විමාණ ජීවීන්ට z මාණයද ගෝචර විය යුත්තේ එසේය.. ද්විමාණ ජීවීන්ට z යනු ඔවුනට හරහා සංචාරය කළ නොහැකි, අපට කාලය මෙන් ඉබේ ගලා යන සංකල්පයක් විය හැකිය.. සරලවම සිතුවහොත් ද්විමාණ ජීවීන්ගේ ආයුකාලය අප විසින් මනින්නේ නම් මැණිය යුත්තේ අවුරුදු සති මාස දින වලිං නොව මීටර් සෙන්ටිමීටර් මිලිමීටර් කිලෝ මීටර් වලිනි.. සිරාවටම මෙයත් සුපිරිම විකාරයකි.. ආයුකාලය මීටර් වලිං මැනීමට ආයුකාලයට උසක් දිගක් පළලක් ඇද්දැයි ප්‍රශ්නයක් මතුවීම සාදාරණය.. මන්ද මීටර් ඒකකය තනා ඇත්තේ ත්‍රිමාණ ලොවක ත්‍රිමාණ ජීවීන් විසින් ත්‍රිමාණයන්ගෙන් මාණ එකක් හෝ කිහිපයක් ඔස්සේ දුරක් ලකුණු කිරීම සඳහාය. එබැවින් මීටර් යනු සම්පූර්ණයෙන්ම ත්‍රිමාණ ඒකකයක් වේ.. සිව්මාන ලෝකයකට හෝ ද්විමාණ ලෝකයක මිනුම් සඳහා කිසිසේත්ම ත්‍රිමාණ ඒකක භාවිත කිරීමට ක්‍රමයක් නැත..

    නැවතත් ද්විමාණ ජීවීන්ගේ ආයුකාලය දෙසට යොමුවන්නේ නම්, ආයු කාලය යනු ජීවියෙකු ජීවත් වන කාල පරාසය වේ.. ආයු කාලය යන අදහසද අප තේරුම් ගණුයේ ත්‍රිමාණ ලොවකට සාපේක්ෂව බැවින් එය වෙනත් මාන වලදීද සාදාරණව සිතිය හැකි ලෙස පැහැදිලි කරගත යුතුය.. ත්‍රිමාණ ජීවියෙකු උපන් දා සිට මියයන තෙක් යම් කාලයක් ගත වේ.. සිව්වන මානයේ සිට දකින්නේ නම් t අක්ෂය ඔස්සේ ඉබේම පාවේ.. ත්‍රිමාණ ජීවියෙකුට කාලයෙහි කිසිඳු පාලනයක් නැත.. කිසිම අයුරකින් t ඔස්සේ කිසිඳු දිශාවකට සංචාරය කල නොහැක.. ත්‍රිමාණ ජීවියෙකුගේ ආයුකාලය යනු ඔහු උපන් දා සිට මියයන මොහොත දක්වා t අක්ෂය ඔස්සේ ඉබේම පාවී ගිය දුරයි.. ත්‍රිමාණ ඒකක වලිං කාලය මැනිය නොහැකි නිසා එයට වෙනම ඒකකයක් දී ඇත.. නමුත් සිව්මාන ජීවීන්ට x y z ඔස්සේ මනින ඒකක වලිංම සිව්වන මානයද මැනීමට හැකිවනු ඇත.. එය තනිකරම සිව්මාන ඒකකයකි.. ඔවුන් කාලය හරහා සංචාරය කරනු ඇත්තේද, x ඔස්සේ සංචාරය කරනු ඇත්තේද මේ සිව්මාන ඒකක වලිං යම් දුරකි.. එනම් සිව්මාන ජීවීන්ට කාලය මැනීම සඳහා ත්‍රිමාණ ජීවීන්ට මෙන් චලිතයන් අවශ්‍ය නොවේ.. (ඔරලෝසු වලින් කාලය මැනීමෙන් සිදු කරන්නේද ඒකාකාර චලිතයක් මඟිනි.. කම්පනයක් යනුද චලිතයකි.. ඩිජිටල් ඔරලෝසු වල සර්කිට් එක දිගේ විදුලියත් චලිත වේ).. අප මීටර දහයක් කෝදුවකින් මනින්නාක් මෙන් සිව්මාන ජීවීන්ට කෝදුවකිං කාලය මැනිය හැකි වනු ඇත.. එම කෝදුවද ත්‍රිමාණ අප දකින කෝදුවට සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය යුතුය..

    මේ අයුරින්ම ද්විමාණ ලෝක ගැන සැළකුවහොත් ද්විමාණ ජීවීන්ට වෙන් වූ වෙනම ද්විමාණ ඒකක තිබිය යුතුය.. එනම් x දිගේ හා y දිගේ පමණක්ම මැනිය හැකි ඒකකයකි.. මෙහිදී x යනු පෙර පරිදිම ඉදිරිය හා පසුපසට දිවෙන අක්ෂයද, y යනු වමට හා දකුණට දිවෙන අක්ෂයද ලෙස සැලකුවහොත් එම අක්ෂ දෙක ඔස්සේ ඕනෑම දුරක් මීටර් නම් ත්‍රිමාණ ඒකකයෙන්ද මැනිය හැක.. එනම් ද්විමාන ජීවීන්ටද මීටර් භාවිතා කිරීමට හැකිවිය යුතුය.. ත්‍රිමාණ ජීවියෙකුට අනිවාර්යයෙන්ම එසේ සිතිය යුතුය.. නමුත් එය නිවැරදි නොවේ.. අනිවාර්යයෙන්ම මීටර් නම් ත්‍රිමාණ ඒකකය භාවිතයෙන් ද්විමාණ ලෝකයක ගසක ප්‍රමාණය මැනිය හැකිය.. නමුත් එසේ මැනීම සාදාරණ නොවේ.. එය පැහැදිලි කරගැනීමට සිව්මාන ජීවියෙකු ත්‍රිමාණ ලොවක් නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ සිව්මාණ ඒකකයකින් ත්‍රිමාණ ලොව මනින්නේ කෙසේදැයි සලකමු...

    සිව්මාණ ඒකකයකට x y z ඔස්සේ දුර යනුද, t ඔස්සේ කාලය යනුද එක සමාන දිශා පමණක් වෙනස් වූ ඒකක වේ.. ත්‍රිමාණ ලොවක පෙට්ටියක් සැලකුවහොත් සිව්මාණ ජීවියෙකුට පෙට්ටියෙහි දිගත්, පළලත්, ගැඹුරත් සිව්මාණ ඒකකයෙන් මැනිය හැක.. එම ඒකකය q ලෙස සලකමු.. සිව්මාණ ජීවියාට පෙට්ටියේ දිග ලෙස q නම් ඒකකයෙන් ඒකක 2ක්ද, පළල ලෙස q ඒකකයෙන් 1ක්ද, ගැඹුර q නම් ඒකකයෙන් 2ක්ද ලෙස මිනිය හැක.. ඒ අතරම පෙට්ටිය නිශ්පාදිත දිනයේ සිට මාසයක් පැවතුනේ නම් q නම් ඒකකයට එයටත් යම් අගයක් ලබා දිය හැක.. නමුත් ත්‍රිමාණ ලොවකට සාපේක්ෂව එසේ මිනුම් ගැනීම සාදාරණ නොවේ.. ද්විමාණ ලොව ගැන ත්‍රිමාණ අප සිතන්නේද එසේ විය හැක.. අපට මීටර් මඟින් ද්විමාණ පෙට්ටියක දිග, පළල, එය පවතින කාලය මැනිය හැක.. ද්විමාන ජීවීන්ට මෙහිදී කාලය යනු අපට ද්විමාණ ජීවියා z අක්ෂය ඔස්සේ පාවී ගිය දුරයි..

    ද්විමාණ ලෝකය කඩදාසියක ඇති චිත්‍රයක් ලෙස සැලකුවහොත් චිත්‍රයකට z ඔස්සේ දුරක් නැත.. ඇත්තේ x හා y ඔස්සේ දිගක් හා පළලක් පමණි.. ද්විමාණ ලොවට කාලය යනු ලොවම z ඔස්සේ ගමන් කළ දුරයි. (ත්‍රිමාණ අපට සාපේක්ෂව) ත්‍රිමාණ අපට තේරෙන අයුරින් එය සැලකුවහොත් චිත්‍රය ඇඳ ඇති කඩදාසිය z අක්ෂය ඔස්සේ ඒකාකාර වේගයකින් චලනය වේ.. සරලවම පැහැදිලි කලහොත් චිත්‍රය ඇඳි කඩදාසිය නූලක එල්ලා ඒකාකාර වේගයකින් බිම සිට ඉහලට අදියි.. එවිට සිදුවන්නේ චිත්‍රය ඒකාකාර වේගයකින් z ඔස්සේ චලනය වීමයි.. එම චිත්‍රය ද්විමාණ විශ්වල ලෙස ගතහොත් ද්විමාන විශ්වයේ සිටින ජීවීන්ට එම විශ්වයේ x හා y අක්ෂ ඔස්සේ නිදහසේ සැරිසරණ අතරේ එම ජීවීන්ගේ කිසිඳු පාලනයකින් තොරව එම සියළූම ජීවීන්වද රැගෙන මුළු ද්විමාණ විශ්වයම තුන්වන z මාණය ඔස්සේ ඒකාකාරව චලනයක් සිදු කරයි.. ත්‍රිමාණ අප සිදු කරන්නේද මෙයයි.. අප x y z ඔස්සේ නිදහසේ සැරිසරණ අතරවාරයේ t ඔස්සේ අපගේ කිසිඳු පාලනයකින් තොරව අපව ගමන් කරයි.. සිව්මාන ජීවියෙකුට t යනු තවත් එක් දුරක් පමණක් වුවද, අප ඒ ඉබේ පාවී යන t දුර අපට දැනෙන්නේ වෙනම මානයක් ආකාරයටය.. ද්විමාණ ජීවියෙකුට තුන්වන z මාණය දැනෙනු ඇත්තේද ඒ ආකාරයටමය.. එනම් ද්විමාණ ජීවීන් ආයුකාලය මනිනුයේ කාලයෙන් නොව z අක්ෂයෙනි..

    සිව්මාන ජීවීන් වස්තූන් දකින්නේ කෙසේදැයි යන්න පිලිබඳව මෙතෙක් විස්තර කරනු ලැබු‍යේ ඔවුන් දිගක්, පළලක්, ගැඹුරක් සහ කාලයක් දකිබව බව පමණි. නමුත් ඉන්ද්‍රියයක් තිබුනු පළියට ත්‍රිමාණ අපටද කිසිවක් පෙනෙන්නේ නැත. කාලය හරහා පෙනීම ගැන කීමට තවත් කරුණු කිහිපයක් ඇත.. ඊලඟ කොටසින් ඒ පිලිබඳ පැහැදිලි කරමි..
     
    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    උඹ වැඩිය නොනා ඉන්දහන් !!! :D

    wihiliwata ehema kiwwata sirawatama honda oluwak. oken loku wedak ganda puluwan. hariyata bhawitha kaloth. Jaya!
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    pisso godaak inna lokeka ,pissu nathi tika denaawa anith pissonta penne pisso wage.

    eka ekaa kiyana ewa ganan ganna epa machan. digatama liyahan!