* ත්‍රිමාණ ලෝකෙන් එහාට ගිය ලෝකයක් ගැන තියෙන සුරංගනා කතාවක්. හෙන දිගයි. සිව්මාන ලෝක වලට ආසනම් කතන්දරේ කියවහල්ල නැත්තං නිකා ඉඳහල්ල
*
කාලය තවත් එක් දෛශිකයක් වූ ලොවක..
_____________________________________
මේ සියල්ල මහා රාත්තිරී දොලහට එකට පමණ ස්නානය කරද්දී පහළ වුනු අදහස් වේ. මෙහි සත්‍යාසත්‍ය තාවය ගැන මා වග නොකියන බව කරුණාවෙන් සලකන්න..
මෙම පෝස්ටුව නිර්මාණය කිරීමේදී කිසිඳු සත්වයෙකුට හෝ මිනිසෙකුට හිංසාවක් සිදුවී නොමැත ▬ ඇමරිකන් හියුමේන් ඇසෝසියේශන්..
මාක් සකර්බර්ග් කෝලං ප්‍රිසෙන්ට්ස්..
අප ජීවත් වන්නේ ත්‍රිමාණ ලොවකය.. එනම් අපට සැබෑවටම අත්විඳිය හැක්කේ මාන තුනක් පමණි.. එනම් x අක්ෂය, y අක්ෂය හා z අක්ෂයයි.. අප ඇඳගන්නා ඛණ්ඩාංක තලයක අප එදිනෙදා ජීවිතයේදී දකින පුටුව මේසය ෆෑන් එක ඕනෑම කෙහෙම්මලක ඕනෑම ස්ථානයක් x y z ඛණ්ඩාංක භාවිතයෙන් ලකුණු කල හැක. ඉන් එහා කිසිවක් අපට ගෝචර නොවේ. අප ජීවත් වන ලොවෙහි ජීවත් වන ඕනෑම ජීවියෙකු සිටිනා තැනද x y z ඛන්ඩාංක ඇසුරෙන් කිව හැක. (විශ්වයට ආදේශ කිරීමේදී මෙය 100%යක් ප්‍රායෝගික හා සාර්ථක නොවූවද හිතෙන් හෝ ඕනෑම දෙයක ස්ථානයක් x y z ඇසුරෙන් පැහැදිය හැක)
නමුත් අපට ගෝචර වන්නේ මෙම මාන තුන පමණක් වීමෙන් මෙම මාන තුන මත පදනම් වූ ලෝක පමණක් විශ්ව පමණක් තිබෙනවායැයි කීම සම්ප්‍රදායෙහිම ඇලීමක් වනු ඇත. එසේ නොවන ලෝක තිබෙනා බවක් සාක්ෂි සහිතව පෙන්වා දීමට නොහැකි වීමෙන් පමණක් එසේ ලෝකවල් නොතිබෙනවා යැයි නොසිතා මාන තුනකින් එහාට ගිය ලොවක් ඇතැයි සැලකුවහොත් එහි ජීවිතය මොන වාගේ වේවිදැයි මාගේ ස්නානය වෙමින් පවතින ඔළුවට ආ අදහස් කීපයකි මේ..
x y z ලොවක ජීවත් වන අපට x y z අක්ෂ ඔස්සේ ඕනෑම දුරක් යා හැකිය. x යනු ඉදිරිය හා පසු පසට දිවෙන අක්ෂය ලෙසද, y යනු වම් පසට හා දකුණු පසට දිවෙන අක්ෂය ලෙසද, z යනු ඉහලට හා පහලට දිවෙන අක්ෂය ලෙසද සැලකුවහොත් (තමාට සාපේක්ෂව) අපට x දිගේද y දිගේද ගුවන් යානයක් හෝ රොකට්ටුවක් භාවිතයෙන් හෝ ඉනිමඟක් භාවිතයෙන්, යටට යන්නේ නම් පතලක් හාරගෙන හෝ z දිගේ නිදහසේ යා හැක. ඕනෑම වස්තුවක පිහිටීම x y z ඇසුරෙන් ප්‍රකාශ කල හැක.
නමුත් මේ මාන තුනෙන් වියුක්ත වූ තවත් මානයක් ඇතැයි සැලකුවහොත් එහේ මෙහේ වෙසෙන බොහෝ වූ විද්‍යාඥයන්ට අනුව ඒ හතරවන මානය කාලය විය හැක. අපට කාලය දැනේ> මනසේ නිර්මාණයක් ලෙස හෝ දැනේ. එක් එක් අයට වෙන් වෙන් විදිහට දැනේ. නමුත් අපට x y z අක්ෂ ඔස්සේ හිතේ හැටියට ඇවිදින්නාක් මෙන් කාලය හෙවත් t අක්ෂය දිගේ හිතේ හැටියට යා නොහැක. කාලය යනු ත්‍රිමාන ලොවක වෙසෙන අපට ඉබේ ගලායන්නා වූ දෙයකි. අපට කලහැක්කේ ත්‍රිමාණ ලොවට ගැලපෙන චලිතයක් ඇසුරෙන් කාලය මැන ගැනීම පමණකි.. මෙහිදී එක් අක්ෂයකට පමණක් සිදුවන චලිතයක්ද, අක්ෂ දෙකකට සිදුවන චලිතයක්ද, අක්ෂ තුනටම සිදුවන චලිතයක්ද ඇසුරෙන් අපට කාලය මැන ගත හැක. එහිදී අප සිදු කරන්නේ අපට නිදහසේ සැරිසැරිය හැකි හා වෙනත් වස්තූන් නිදහසේ සැරිසැරවිය හැකි මාන තුන භාවිතයෙන් අපට නිදහසේ සැරිසැරිය නොහැකි මානයේ ගලායෑම ගැන නිරපේක්ෂ (මෙහිදී නිරපේක්ෂ බවත් පුද්ගලයාට සාපේක්ෂ වේ, එනම් ස්කන්ධයන් නිසා සිදුවන වෙනස් වීම් නොසලකා හරිනු ලබයි) අදහසක් ලබාගැනීමයි.
නමුත් සිව්මාන ලොවක් යනු මීට වෙනස් ලොවකි. එහි සිටින ජීවීන්ට අපට x y z මෙන් t (කාලය) යනුද තවත් එක් අක්ෂයක් පමණි. අපට x y z ඔස්සේ නිදහසේ සැරිසැරිය හා වස්තු සැරිසැරිය හැකි වන්නා සේ ඔවුන්ට x y z හා t යන අක්ෂ හතරම ඔස්සේ නිදහසේ සැරිසැරිය හා සැරිසැරවිය හැකි විය යුතුය. (මාගේ ස්නානය වෙමින් පැවතුනු හිසට අනුව) එනම් x y z ලොවක ජීවත් වන අපට බෝලයක් x y z දිශා වලිං ඕනෑම දිශාවකට යන සේ විසික් කල හැක. මන්ද අප ජීවත් වන්නේ x y z ලොවක බැවිනි. එම තර්කයම සිව්මාන t අක්ෂය ඔස්සේත් නිදහසේ සැරිසැරිය හැකි ලොවකට ආදේශ කරන්නේ නම්, සිව්මාන ලොවට ලමයෙකුට බෝලයක් ඉදිරියට හා පිටුපසට (x), වමට හා දකුණට
, ඉහලට හා පහලට (z), මෙන්ම අතීතයට හා අනාගතයටද (t හෙවත් කාලය ඔස්සේ) විසික් කල හැකි වනු ඇත. සැබවින්ම මෙය යම්තාක් දුරට වියුක්ත වූ සඞ්කල්පයකි.
තවත් ඉතා සරලව පැහැදිලි කලහොත් කැච් ඇල්ලීමක් ගැන සිතන්න (මෙහිදී කැච් යන වචනයෙහි තේරුම යකාට ගියාවෙ. මෙය සිඞ්හල හෝ ඉඞ්ග්‍රීසි බස ගැන ලිපියක් නොවේ). ඉදිරියෙන් සිටින ළමයා බෝලය z අක්ෂය දිගේ (උඩට) ඉහලට චලනය වීගෙන ගොස් නැවත z අක්ෂය දිගේම පහලට චලනය වන ලෙසට හා, ඒත් සමඟම ඉදිරියෙන් සිටින්නා සිටින්නේ (0, 0) ඛණ්ඩාංකයට සාපේක්ෂව ඒකක
(5, 5) ක දුරකින් යැයි සැලකුවහොත් {(0, 0) ලෙස ගෙන ඇත්තේ බෝලය යවන ළමයා සිටින x, y ඛණ්ඩාංක වේ} x හා y ඛණ්ඩාංක දිගේ ඒකාකාර වේගයෙන්ද (වා ප්‍රතිරෝදය යකාට ගියාවෙ. මෙය චලිතය ගැන ලිපියක්ද නොවේ) බෝලය යවයි......
මෙය දකින අනෙක් ළමයාට නිදහසේ x දෙසට (ඉදිරියට හා පසුපසට) දුවගොස්ද, y දෙසට (වමට හෝ දකුණට) දුව ගොස්ද, අවශ්‍ය නම් z දෙසට (උඩට පැන හෝ වලක් හාරාගෙන පොලොවට බැස) ගොස්ද කැච් එක අල්ලා ගත හැක.. එය ත්‍රිමාණ ලමයා තමාට චලනය විය හැකි දිශා ඔස්සේ ගොස් සිදු කල කැච් එක අල්ලාගැනීමකි.
නමුත් සිව්මාන ලොවක හෙවත් කාලයත් එක් අක්ෂයක් එක් මානයක් වූ ලොවක කැච් ඇල්ලීමකදී එක් ළමයෙකු බෝලය විසික් කරනුයේ ත්‍රිමාණ ලොවක මෙන් ඉහලට ගොස් පහලට වැටෙනා ගමන් ඉදිරියට හා වමට හෝ දකුණට යන ලෙස නොවේ. එහිදී සිව්මාන ළමයා විසින් බෝලය ත්‍රිමාණව චලනය වන අතරතුරේදීම බෝලය අතීතයට විසික් කරනු ඇත.. ඉදිරියෙන් කැච් එක අල්ලාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ලමයා එය දැක (දැකීම ගැන පසුව ලියමි) වමට දකුණට, ඉදිරියට පිටුපසට, උඩට පහතට චලනය වන අතරතුරේදීම කාලය හරහාද ගොස් කැච් එක අල්ලාගනු ඇත. එය නම් සිරාම කැච් ඇල්ලීමක් වනු ඇත. මෙහිදී ළමයා කැච් එක අල්ලාගැනීමට අතීතයට යෑම පිට්ටනියේ බෝලය යැවූ ළමයා ඉදිරියෙන් සිට එක් වරම අපාරේට් වෙන්නාක් මෙන් (apparate ගැන නොදන්න අයට: අපාරේට් යනු හැරී පෝට කතාවෙන් උපුටා ගත් වදනකි. එහිදී සිදුවන්නේ ව්ක් වරම අතුරුදහන් වී වෙනත් තැනකට යාමයි. 6 වන කතාවෙහි හැරී පෝට විසින් ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ ගේ අතින් ඇල්ලූ විටම අතුරුදහන් වී වෙනත් තැනකට යන්නේ ඒ apparate ය) ඔබට සිතිය හැක. එසේ සිතීම සාමාන්‍යය. මන්ද යත් ත්‍රිමාණ ජීවින් සිතන්නේද තමා අත්විඳින ත්‍රිමාණ ලොවට සාපේක්ෂව බැවිනි. නමුත් එය එසේ විය නොහැක. (මෙය දෙවනි දින ස්නානයේදී පහල වුනු අදහසකි). මන්ද යත් සිව්මාන ජීවීන් සිතන්නේද, චලනය වන්නේද, දකින්නේද ත්‍රිමාණ ලොවක් නොව සිව්මාන ලොවක් බැවිනි.. එය එසේ වන්නේ කෙසේදැයි මේ ලිපියෙන්ම පැහැදිය නොහැක. ඒක ගැන මට හිතුනේ කෙසේදැයි ඊලඟ කොටසින් කොටමි. >>
*කාලය තවත් එක් දෛශිකයක් වූ ලොවක..

තැන කියපං.. මටත් හිතුන කවුරු හරි ඔහොම කියයි කියල.. මට ලිවීමේ හැකියාවක් නෑ.. ඊලඟ එකේ උපරිම පහදන්න උත්සාහ කරන්නම්.. ස්තූතියි..
Ekama minihekge eka eka welawal wala awasthaa laksha gaanak idiy t=0 awasthawedi. Time eka variable ekak unaama oka thama wenne. Oluwath ridenawa mewwa tika therena widihakata kiyanna gihin 

දැනගන්න ආස වුනත් ඒව තේරුම් ගන්න ගණිතමය දැනුමකුත් නැත
eth kohomada ehema karanne...