සිව් බුදුවරුන් වැඩ සිටි හෙලදිව.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිව් බුදුවරුන් වැඩ සිටි හෙලදිව.

    "කකුසද කෝනාගම පෙරමුනිවර"
    කාස්සප ගෞතම මුනිදු අදර කර"

    මෙලෙස නම් සදහන් වන්නේ වැඩ සිටි සිව් බුදුවරුන් පිලිබදවය.

    ගෞතම බුදුන්වහන්සේ පමනක් නොව අතීත බුදුවරුන්වහන්සේලා ද මේ ජන්බුද්වීපයේ වැඩ සිටි බවට සාධක ඇත. ඉන්කීපයක් පමනක් සදහන් කිරීමට සිත්විය.

    කාශ්‍යප බුදුන්වහන්සේ ගැන මතක් කිරීමේදී අමතක කල නොහැකි සූත්‍ර දේශනාවක් ලෙස ලංකාවතරන සූත්‍ර දේශනාව ගත හැක. සම්ප්‍රදායික පිලිගැනීම අනුව ලංකාවතරන සූත්‍රය යනු මහායානික සූත්‍රයක් නිසා එහි සම්පූර්න සිංහල දේශනාවක් දැනට සොයා ගත නොහැක. මෙහි එම චීන භාශාවෙන් රචිත මුල් පිටපත් දැක්වේ. ඉන් සිංහලට පරිවර්තනය කල සුලු කොටසක් මෙසේ දැක්විය හැක.

    ලංකාවතරන සුත්‍රය
    ""මා විසින් මෙසේ අසන ලදි, අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්ව වරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරයේ කදු මුදුනේ පිහිටි, නොයෙක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දීරයේ වැඩ වසනලදි. මහා මථී(මහා ප්‍රඥාවන්ත) බෝධිසත්වයන් විසින් නායකත්වය සපයන ලද මෙම බෝධිසත්ව-මහාසත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද, දසවිධ ආත්ම දමනයන්ගෙන්ද, දස බලයන්ගෙන්ද, අධ්‍යාත්මික ශක්තීන් 6කින්ද, සමන්විත වූවන් වූ අතර, මෙම බෝධි සත්වයන් වහන්සේලා සියළු බුදු වරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ.
    හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මැනවින් වටහාගෙන සිටයහ. උන් වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය, ඉගැන්වීම හා විනයානූ කූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන් , විඥානයන් අටක මැනවින් දක්ෂයන් විය.
    ඒ සමයේදී, සත් දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කළ නොහැකි තරම්ව සිටි ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා, මලය කදුකරයේ ලංකාව දෙස බලා සිනාහ පළ කරමින් මෙසේ වදාළ සේක...""

    "“අධ්‍යාත්මික ඥානයෙන්, දැනුම, විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තාථාගතයන් වහන්සේලා විසින්, දාර්ශනිකයන්ගේ දැනුමින්, ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන්(දැනීමෙන්) එහා ගිය ඉතා ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලය කදුකරයේ පිහිටි ලංකා මන්දීරයේදීය. එලෙසම මමත්, යක්ෂ ගොත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි.“"

    මේ දේශනව සිදු කරන්නේ රාවනා රජතුමාටය. යක්ශ ගෝත්‍රයේ රාවනා රජපරපුරේ රාවන රජ කෙනෙකු තම පුශ්පක යාන්යෙන් කාශ්‍යප බුදුන්වහන්සේව තම රාජධානියට වැඩම්වූ බවත් එම රජුට කදු මුදුනේදීම ලංකාවතරන සූත්‍ර දේශනා කල බවත් ඉතිහාසයේ දැක්වේ.

    එසේම බුදුන්වහන්සේට වැඩ සිටීම සදහා රාවණා රජ කෙනෙකුගේ දුවක් වන ශොහලි ලෙනක් පූජා කල බව දැක්වේ. එහි සෙල්ලිපියේ ඇත්තේ මෙසේය."රවණ ඣිත ශොහලි ලෙණ ශගසි"
    ලෙසය.

    ඒ වාගේම මාදුරුඔය ප්‍රදේශයෙන් හමු වූ සෙල්ලිපියක '....කශබ බුදහ මඩිමතයෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කශබ බුදහ' යනු කාශ්‍යප බුදුන් වහන්සේ ය.
    කාශ්‍යප බුදුන්වහන්සේගේ බුද්ධ කාලයේ මූලාශ්‍ර පවා තවමත් මේ බුදුවරු පහල වෙන ජන්බුද්වීපයේ පවතී.

    කකුසඳ බුදුන් වහන්සේගේ ධර්මය ලංකාවේ තිබුණු බවට සහ ඒ කාලයේදී පවා ලංකාවේ අක්ෂර කලාව පැවති බවට සාක්ෂි 'පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......' යනුවෙන් සඳහන් වෙනවා.
    මෙම සෙල්ලිපියේ කකුසද යන නම සදහන්ව ඇති බව පැහැදිලිය.


    මීට අමතරව ගල්ගමුව ප්‍රදේශයේ තියෙන තවත් සෙල්ලිපියක '....පරුමක ශමුදහ ලෙණෙ කොනගම නම කරපිති අදකරකෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කොනගම' යනු කෝණාගම බුදුන්වහන්සේ යැයි කිව හැක.

    ගෞතම බුදුන්වහන්සේ පමනක් නොව පෙර බුදුවරුන් වැඩ සිටි බවට සාධක ඇත. උන්වහන්සේලාට පූජාකරන ලද පැරනි ලෙන් හා සෙල්ලිපි මේ හෙලදිව තිබුනත් හෙලදිවට අක්ශර එන්නේ පසුකාලීනව යැයි කියනා ඇතමුන්ට ඒවා නොපෙනෙන්නේ ඇයිදැයි ගැටලුවකි.

    එමෙන්ම පෙර බුදුසමයන් වලදී ජන්බුද්වීපය හැදින්වීමට යොදාගත් නම් සදහන්ව ඇත.
    ඔජදිප = කකුසද බුදුන් සමයෙ
    වරදිප = කොණාගම බුදුසමයෙ
    මන්ඩදිප = කෂ්‍යප බුදුන් සමයෙ


    පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශනයක් වන "පුරාණ අනුරාධපුරය" ලියූ අභාවප්‍රාප්ත මහාචාර්ය සෙනෙවිරත්නයන් අනුරාධපුරයේ ථූපාරාමය ඉදිරිපිට ඇති පදලාංඡන චෛත්‍යය ගැන ලියා තැබුවේ මෙසේය.

    "ථූපාරාමයට කෙලින්ම ඉදිරියෙහි දකුනු දෙසින් නැගෙනහිරට මුහුන ලා පදලාංඡන චෛතය පිහිටියේය. මෙකී චෛත්‍යය මෙම කල්පයෙහි බුද්ධත්වයට ලද "සිංහල බුදුවරුන්ගේ" පා සටහන් තබන ලද ස්ථානයක් ස්මරණය පිනිස ඉදි කරන ලද චෛත්‍ය සතරින් එකකැයි විශ්වාස කෙරේ. මෑතක් වනතුරු මෙය සංඝමිත්තා චෛත්‍ය ලෙස වරදවා නම් කොට තිබිනි.(පි‍ටුව 102)

    මෙම කල්පයෙහි බුද්ධත්වය ලැබුවේ බුදුවරුන් සතර නමකි. උන්වහන්සෙලා සිංහල බුදුවරුන් යයි පවසන්නට කුමක් හෝ පැරණි හෙල අ‍ටුවාවක් හෝ සාධකයක් එතුමට දැකගන්නට ලැබෙන්නට ඇතැයි විශ්වාසය. මේ කල්පයේ බුදුවරුන්ට "සිංහල බුදුවරුන්' යැයි පවසා ඇත්තේ උන්වහන්සේලා මේ හෙලබිම තුල පහල වූ නිසා නොවේද?


    තවත් වැදගත් කරුනක් වන්නේ අනාගතයේ පහලවන මෛත්‍රීය බුදුන්වහන්සෙගේ සාසනය උදෙසා පහල වන ශ්‍රාවකයන් වහන්සේලා ලෙස සන්නස්වලට අනුව විවරණ ලබා ඇත්තේ මේ හෙලදිව
    ජීවත් වූ පින්වතුන්ය. එමෙන්ම සක්විති රජවරුන් පහල වී ඇත්තේද මේ හෙලදිව තුල බව සැවොම දන්නා කරුනකි. සක්විති රජ වරුන් වෙන භූමිවලදී පහල නොහැකි බවද ඒ සදහා යම් සාධක ඇති බවද දන්නවා ඇතැයි සිතමි. එනිසා අනාගතයේ චක්‍රවර්තී රජවරුන් පහල වන්නේද මේ හෙලදිව තුලය.

    දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රය දේශනාවේ මෙසේ දැක්වේ.
    ´´මේ දඹදිව උනවනයක්, බටවනයක් මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති වන්නේය. කේතුමතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාරදහසක් නගරයෝ වහළෙන් වහළට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ.´´
    ´´මහණෙනි, මිනිසුන් අතර අසුදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කේතුමතී නම් නුවර ධාර්මික වූ සංඛ නම් චක්‍රවර්තී රජෙක් වන්නේය. ඒ රජ තෙමේ දඬුවම නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.´´
    ´´එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, සර්ව සම්පූර්ණ වූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නේය.´´(උපුටා ගැනීම අවසන්)
    එසේනම් මෛත්‍රී බුදුන්වහන්සේ පවා පහලවන්නේ චක්‍රවර්තී රජවරුන් පහල වන මේ හෙලදිව තුල නොවේද?

    සක්වල යතුර(STAR GATE)
    සියලු බුදුවරයන් වහන්සේලා වැඩ සිටිබවට හා අනාගතයේ පහලවන්නේ මේ හෙලදිව බවට සාක්සි ඇත. එහෙත් ආකෘති ඉතිහාසයකට දබදිව කියා ඉන්දියාවේ වන්දනා යන්නවුන්ට සිව් බුදුවරුන්ගේ මූලාශ්‍ර විනා සිදුහත් කුමරු උප්පත්තිය ලද ලුම්බිනිය නිවැරදිව තහවුරු කර ගැනීමට නොහැකිව ඇත. බුදුන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ජීවමාන කාලයේ ඉදිකල එකම ලෙනක්,ආරාමයක් හෝ ඉන්දියාවෙන් සොයා ගත් නොහැකිව අශෝකගේ පසුකාලීන නිර්මාන පමනක් පෙන්වමින් සිටින විට අප මේ හෙලදිවෙන් සිව් බුදුවරුන් වැඩ සිටි ස්ථානද සොයාගෙන අවසානය.

    වන්දනා චාරිකා මුදලාලිලාගෙන්, ඔවුන්ට කඩේ යන මාධ්‍යන්ගෙන් හා ඇතැම් හිමිවරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත.
    "මෙසේ කල සොයාගැනීම් වැරදි කියා ප්‍රසිද්දියේ සාධක සහිතව සනාථ කිරීම් නොකරන්නේ මන්ද? පක්ශපාතීව,ජන්බුද්වීපයට අදාල නොවන දේ ප්‍රසිද්ධ කරමින් ඒ කෙරේ ජනතා අප්‍රසාදය ඇති කරවා මිනිස්සුන්ව රවට්ටන මාධ්‍ය වැඩසටහන් පමනද ඔබලාට කල හැක්කේ?
    මෙසේ මිනිස්සුන් රවට්ටමින් සිටින්නේ ඔබලාගේ ව්‍යාපාර බංකොලොත්වන නිසා නොවේද?"
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    බුදුවරයෙක් පහල වෙන්නනේ කොච්චර කාල පරතරයක් ඇතුවද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    එතකොට ගෞතම බුදුන්ට පෙර සිටී බුදුන් පහල උනා කියන කාලයේ පෘතුවියේ ජීවීන් ඇති වෙලත් නෑ :baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    Budwarayek pahala wenne aurudu kiyakata sarayak wageda bn.?
    එහෙම කාලයක් කියන්ඩ බැ බන් බුධාගමේ හැටියට.බුද්ධ ශුන්‍ය කල්ප තමා ගොඩක් තියෙන්නේ
    ඒ කියන්නේ කල්ප ගානකට බුදුවරු පහල වෙන් නැ.
    (කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා දන්නවා ඇතිනේ)

    අපි මේ ඉන්නේ භද්‍ර කල්පයක මේකෙදි තමා වැඩිම බුදුවරු ප්‍රමාණයක් පහල වෙන්නේ ඒ කියන්නේ
    මේ කල්පයේ බුදුවරු පස් නමක් පහල වෙනවා. මේ කල්පයේ තව මෛත්‍රී බුදුන් විතරයි පහල වෙනඩ ඉන්නේ.

    මේ අවසාන කල්ප සියයකට බුදුවරු සය නමයි පහල වෙලා තියෙන්නේ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එතකොට ගෞතම බුදුන්ට පෙර සිටී බුදුන් පහල උනා කියන කාලයේ පෘතුවියේ ජීවීන් ඇති වෙලත් නෑ :baffled:

    ඒ කාල පරතරයේ ලෝකය කිහිප වාරයක් ඇති වෙලා, නැති වෙලා තියනව. ඒ කාල පරතය එච්චර ලොකුයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කාල පරතරයේ ලෝකය කිහිප වාරයක් ඇති වෙලා, නැති වෙලා තියනව. ඒ කාල පරතය එච්චර ලොකුයි.

    ලෝකය කිහිප වාරයක් ඇති වෙලා, නැති වෙලා තියනව, othana lokaya kiyala adahas karanne, wenath solar system wala planet da.? nathtan ape earth ekema jiwin wada wela nawatha athi una kiyana ekada.?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කාලයක් කියන්ඩ බැ බන් බුධාගමේ හැටියට.බුද්ධ ශුන්‍ය කල්ප තමා ගොඩක් තියෙන්නේ
    ඒ කියන්නේ කල්ප ගානකට බුදුවරු පහල වෙන් නැ.
    (කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා දන්නවා ඇතිනේ)

    අපි මේ ඉන්නේ භද්‍ර කල්පයක මේකෙදි තමා වැඩිම බුදුවරු ප්‍රමාණයක් පහල වෙන්නේ ඒ කියන්නේ
    මේ කල්පයේ බුදුවරු පස් නමක් පහල වෙනවා. මේ කල්පයේ තව මෛත්‍රී බුදුන් විතරයි පහල වෙනඩ ඉන්නේ.

    මේ අවසාන කල්ප සියයකට බුදුවරු සය නමයි පහල වෙලා තියෙන්නේ

    oya buduwaru "සය නම"ma pahala wela thiyenne ape lokemada(earth).?
     

    DMPST1

    Member
    Feb 10, 2015
    13
    1
    0
    බුදු හාමුදුරුවෝ පහල උනු තැන හොය හොයා යන්න එපා,උන්වහන්සේ අෆ්‍රිකාවේ ඉපදුනත් කමක් නැ,උන්වහන්සේ දෙශනා කරලා තියන දෙය එ විදියට ටිකක් හරි අනුගමනය කරන්න බලන්න,මෙකේ උන් කරන්නෙ නැත්තෙත් එකයි,බොරු මගුල් හොයන්න එපා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හාමුදුරුවෝ පහල උනු තැන හොය හොයා යන්න එපා,උන්වහන්සේ අෆ්‍රිකාවේ ඉපදුනත් කමක් නැ,උන්වහන්සේ දෙශනා කරලා තියන දෙය එ විදියට ටිකක් හරි අනුගමනය කරන්න බලන්න,මෙකේ උන් කරන්නෙ නැත්තෙත් එකයි,බොරු මගුල් හොයන්න එපා.

    :yes::yes::yes: