කලින් ආන්ඩුව ගෙනාවේ, බැසිල්ගේ බල්ක් බදවා ගැනීම්. පුදුම ගේමක් දීලා නතර කරගත්තේ. ඔකේ දෙපැත්තක් තියෙනවා. උපාදිදාරීන්ට රැකියා දෙනවා කියලා සංවර්දන නිලදාරී කියලා බදවාගෙන ප්‍රාලේකම් කාර්‍යාලවලට දැම්මා. සමහරු ඉස්කෝලවලට දැම්මා. එයාල දැනටත් උගන්නවා. එයලා අහන්නේ දැන් කරන ජොබ් එක කරන්නම ඇයි එක්සෑම් එකක් කරන්නේ කියලා.කොලිෆිකේශන් ඔක්කොම දැනට තියෙනවා. අනිත් පැත්ත මේක. එක්සෑම් එක තියෙන එක හොදයි කියන එක තමයි මම නන් කියන්නේ.
මචන් ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය අනුව ගුරුපත්වීමක් දෙනවනම් , අනිවාර්යයෙන්ම බඳවා ගැනීමේ විභාගයක් තියලා ඒකෙන් පාස් වන අය තමයි ගුරුවරු විදියට පත්වීම් දෙන්නේ , මේ විභාගය සෑම පළාතකම සහ ජාතික මට්ටමෙන් පවත්වනවා (ඕකට අදාලව ශේෂ්ටධිකරණ තීන්දු තියෙන නිසා උල්ලංගනය කරන්න බෑ) .
මේ වනවිට පහුගිය අවුරුදු 10 ඇතුලත අඩුම ගානේ අවස්ථා 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඉහත සඳහන් විභාගයට (පළාත් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් ) පෙනී ඉඳලා ගුරුවරයෙක් වෙන්න, පුළුවන් උන් හැමෝම Exam කරලා ගුරුසේවට ගියා , බැරි උන් තමයි දැන් ඉතිරිවෙලා ඉන්නේ
10 ඇතුලත අඩුම ගානේ අවස්ථා 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබිලාත් ඉහත සඳහන් විභාගය පාස්වෙන්න බැරිනම් එයා ගුරු සේවයට කොහොමත් ගැලපෙන්නේ නෑ , මොකද ඔයතරම් සරල විභාගයක් පාස්වෙන්න බැරි කෙනෙක් දරුවන් විභාගයක් පාස් වෙන්න සුදානම් කරන්නේ කොහොමද ?
මොකක් හරි උපාධියක් තිබුනා කියලා ළමයින්ට උගන්වන්න දෙන්න බෑ , ඉස්සර එහම කරපු නිසා තමයි ලංකාවේ ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහිලා තියෙන්නේ
දැන්වත් ඒ වැරැද්ද නිවැරදි කරන්න තමයි පත්වීම දෙන්නේ උගන්වන විෂයට අදාලව , මොකද තමන් උගන්වන විෂය ගැන ප්‍රමාණික දැනුමක් තියෙන්න ඕන ,
දැනට DO ලා විදියට ඉතුරු වෙලා ඉන්න අයගෙන් 99%ක් ම GAQ කරපු අය , ඉතිං උන්ට උගන්වන්න පුලුවන් සිංහල ඉතිහාසය වගේ විෂයන් කීපයක් විතරයි . නමුත් පද්දතියට ඒ විෂයන් උගන්වන ගුරුවරු අවශ්‍ය නෑ මොකද අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්න නිසා