සිසිලන පද්ධතියක් සහිත නවතම ඇඳුමක්

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    සිසිලන පද්ධතියක් සහිත නවතම ඇඳුමක්

    ව්‍යායාම් කටයුතු වල නිරත වෙලා ඉන්න කොට ශරීරයේ උෂ්ණත්වය ඉහළයාම සාමාන්‍යය සිදුවීමක්. මේ උෂ්ණත්වය පාලනය කර ශරීරයට සැහැල්ලුවක් ලබාදිය නව රෙදි විශේෂයක් (smart fabric) නිර්මාණය කිරීමට ෆින්ලන්තයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වෙලා තියනවා. මේ නව smart fabric එකේ අන්තර්ගත වන ජල සිසිලන පද්ධතිය (water cooling system) ශරීර උෂ්ණත්වය ඉහල යන විට ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙනවා. මෙහිදී සිදුකෙරෙන්නේ රෙදි මතට ඉතා සිහින් මයික්‍රෝ චැනල අන්තර්ගත කිරීමයි. මේ ඉතාමත් සිහින් මයික්‍රෝ චැනල තුලින් සිසිල් හෝ උණුසුම් දියර ගලායාමේ හැකියාව පවතිනවා. මෙවැනිම තාක්ෂණයක් මේ වන විටත් භාවිතා වන්නේ ගඟනගාමින්ගේ අභ්‍යාවකාශ ඇඳුම් කට්ටල වල උෂ්ණත්වය පහල අගයක පවත්වා ගැනීමටයි.

    මෙවැනිම තාක්ෂණයක් මීට පෙර අවස්ථා වලත් භාවිතා කර කර තිබෙන අතර එහි නිෂ්පාදනය එතරම් ව්‍යාප්ත නොවුයේ එහි නිෂ්පාදන වියදම ඉතා ඉහල අගයක පවතින නිසයි. ඒ වගේම මේ චැනල වල ප්‍රමාණය ඉතා කුඩා වීමත් මේ කාර්ය පහසුවෙන් කිරීමට ඇති තවත් බාධාවක්. කොහොම වුනත් ෆින්ලන්තයේ VTT තාක්ෂණික පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මෙයට විසඳුමක් නිර්මාණය කිරීමට සමත්වෙලා තියනවා.

    මේ නව තාක්ෂනය ඇඳුම් මත වගේම ඝන ප්ලාස්ටික් මතුපිටක් මත සුවඳ විලවුන්හෝ ඖෂධ වැනි යමක් යැවීමට වගේම ආපනශාලා වල කුළුබඩු වැනි දෑ අවශ්‍ය ප්‍රමාන වලින් භාවිතා කිරීමටත් මේ තාක්ෂනය යෝදාගත හැකි බව පැවසෙනවා.

    VVT ආයතනය මේ තාක්ෂනය වාණිජකරණයට ලක් කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා.

    This-smart-fabric-comes-with-built-in-water-cooling-660x400.jpg


    ඉස්සුවෙ මෙතනින්.
     
    • Like
    Reactions: chethana kalan

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔෆිස් යනකොට අදින්න පුලුවන් විදිහේ වර්ෂන් එකක් ආවානම් මරු