සිසිලියෙන් ඇරඹුණු ඉතාලියානු මාෆියාව

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    සිසිලියෙන් ඇරඹුණු ඉතාලියානු මාෆියාව

    සිසිලියෙන් ඇරඹුණු ඉතාලියානු මාෆියාව

    1006463-i_020.jpg

    ඉතාලිය කියන්නේ ලෝකයේ පැරණිතම අපරාධ කල්ලි වල නිජබිම කිව්වොත් නිවැරදියි. ඉතාලියේ දේශපාලනය, ව්‍යාපාර තුළ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම වැනි අපරාධ ක්‍රියා වලට ඉතාලි මාෆියාව සම්බන්ධ වෙලා තියෙනවා. මේ අපරාධ කල්ලි ඉතාලිය තුළ වගේම වෙනත් රටවල් වලටත් පැතිරිලා ගිහින් අවසන්. Cosa Nostra, කැමෝරා ප්‍රමුඛ කරගත් ප්‍රධාන අපරාධ කල්ලි කිහිපයක්ම ඉතාලිය තුළ ක්‍රියාත්මකයි.

    image-12-701x692.jpg


    සිසිලියානු මාෆියාව – La Cosa Nostra

    logo.jpg

    සිසිලියානු මාෆියා සංවිධානය ලෝකයේ පැරණිතම හා බිහිසුණුම සංවිධානාත්මක අපරාධ කල්ලියක් බව ඔබ අසා ඇති. ගෝඩ්ෆාදර් ච්ත්‍රපට මාලාව නරඹා තිබේ නම් ඔබ ඔවුන් ගැන යම්තරමකින් දන්නවා ඇති. ඉතාලිය තුළ බහුතර බලයක් හිමි මෙහි බලය කොතෙක්දැයි කිවහොත් ඉතාලියානු මාෆියාව ලෙස හැඳින්වෙන අති බහුතරය අයත් වෙන්නේ මෙයටයි.

    සිසිලියානු මාෆියාව හෙවත් La Cosa Nostra මුලින්ම ඉතාලියේ සිසිලි දූපත කේන්ද්‍රකරගෙන 19 වන සියවසේ ගොඩ නැගුණු සංවිධානයක්. සිසිලි ගොවියන් ආරක්ෂා කරගැනීමට සහ වංශවතුන්ගෙන් සිසිලි වැසියන්ට සිදුවන කෙණෙහිලිකම් වලට එරෙහිව නැගීසිටීමට ආරම්භ වූ මේ සංවිධානය 1865දී නිල වශයෙන් අපරාධ කල්ලියක් බවට ඉතාලි රජය පිළිගෙන තිබෙනවා. අද වන විට ඇමරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක් පුරා පැතිරී ඇති සිසිලියානු මාෆියාව ලෝකයේ ඉතා දරුණු අපරාධ කල්ලියක් බවට ලෝකයම පිළිගන්නවා. ඒ වගේම Cosa Nostra සංවිධානය ඉතාමත් රහස් සංවිධානය නිසා ඔවුන් පිලිබඳ තොරතුරු සොයාගැනීමට මෑතක් වෙනතුරු කිසිවෙකුට හැකිවී නැහැ. මොවුන්ගේ වාර්ෂික ආදායම යූරෝ බිලියන විස්සක් පමණ වන බව වාර්ථා වෙනවා.

    8a5e3c5b195a00ce5660ac5787661a16.jpg



    Cosa Nostra සංවිධානයේ ආකෘතිය

    Cosa Nostra ගොඩනැගී තියෙන්නේ විවිධ සංවිධාන හා පවුල් (Familia) සියයක පමණ එකතුවක් ලෙස යි. මේ එක් එක් කණ්ඩායම් විවිධ ප්‍රදේශ වල බලය පතුරවාගෙන සිටිනවා.

    මෙම කණ්ඩායමක නායකත්වය දරන නායකයා හඳුන්වන්නේ ක’පොෆමිලිගා (Capofamiliga) නමින්. ඔහු යටතේ තවත් උප නායකයන් දෙදෙනෙක් බොහෝ විට සිටිනවා. ඔවුන් හඳුන්වන්නේ ක’පොබස්ටෝන් (Capo bastone) නමින්. නායකයන්ට උපදෙස් සැපයීමට උපදේශකයන් (Consigliere) කිහිප දෙනෙක්ම සිටිනවා. අවසාන කොටස වෙන්නේ සොල්දාදුවන් ( Soldati). නායකයා තෝරාගන්නේ අවුරුද්දක් පාසාම පැවැත්වෙන ඡන්දයකින්.

    මේ කණ්ඩායම් සියල්ලගේ ම නායකයා Capo di tutti capi හෙවත් නායකයන්ගේ නායකයා නමින් හදුන්වනවා. කැලොගේරෝ විසීනි, සැල්වටෝර් රීනා මෙවැනි පුද්ගලයන් දෙදෙනෙක්.

    latest

    Example mafia family tree


    Cosa Nostra සංවිධානයට බඳවා ගැනීම

    සිසිලියානු මාෆියාවට බදවා ගන්නේ ඉතාලි, විශේෂයෙන් සිසිලියානු සම්භවයක් ඇති අය පමණයි. කිසිදු සාමාජිකයෙකුට පොලීසියේ සම්බන්ධයක් තිබිය නොහැකියි. තෝරාගැනීමෙන් පසුව සාමාජිකයන් පුහුණුවකට වගේම විවිධ පරීක්ෂණ වලට යොමු කෙරෙනවා. ඉන් පසුව තමයි omertà කියන මාෆියා කල්ලියේ ප්‍රතිඥාව ලබාගෙන සාමාජිකයාව නිල වශයෙන් පිළිගන්නේ.

    ප්‍රතිඥා දහය​

    1) කිසිම සාමාජිකයෙක් තමා විසින්ම තවත් සාමාජිකයෙකුට හඳුන්වාදිය නොහැකියි.

    2) සාමාජිකයන්ගේ බිරින්දෑවරු සමඟ සම්බන්ධතා ඇති කරගැනීම වරදක්.

    3) පොලීසිය සමඟ ගනුදෙනු කිරීම තහනම්.

    4) නාට්‍යශාලා හා සමාජශාලා තහනම්.

    5) බිරිඳට දරු ප්‍රසූතියක් තිබුණත් මාෆියා කණ්ඩායමේ වැඩකටයුතු වලට සහභාගී විය යුතුයි.

    6) සාමාජිකයාගේ තනතුරේ වැඩකටයුතු අකුරටම ඉටුවිය යුතුයි.

    7) කාන්තාවන්ට ගෞරවයෙන් සැලකිය යුතුයි.

    8) සෑම විටම සත්‍ය කතා කළ යුතුයි.

    9) අනුන්ගේ මුදල් (වෙනත් මාෆියා සාමාජිකයන්ගේ) සොරකම් නොකළ යුතුයි.

    10) නීති කඩකරන අයට දඩුවම් කිරීමට සහ නරක අයුරින් හැසිරෙන සාමාජිකයන්ට දඬුවම් කළ යුතුයි.


    මේ නීති මාලාව කඩකරන සාමාජිකයන්ට ඉතා දරුණු ආකාරයෙන් සලකන බව තමයි අසන්නට ලැබෙන්නේ.

    omertà – නිහඬතාවයේ දිවුරුම

    10914380_553757851427952_61828483_n.jpg

    Cosa Nostra හි රහසිගත භාවය රැඳී තිබෙන්නේ මේ මත යි. මේ නීතිය කඩකරන අයගේ පවුල් වලින් පවා දරුණු අන්දමට පලිගන්නවා. මේ නීතිය කඩකල එක් මාෆියා පවුලක නායකයෙකුගේ පවුලේ අය වගේම සුරතලුන් පවා ඔහු ඉදිරියේම වධදී මරා දැමූ අවස්ථාවක් වාර්තාවෙලා තියෙනවා.

    අපරාධ ජාලය

    අනෙක් අපරාධ කල්ලි එක්ක සංසන්දනය කරද්දි හොද අධ්‍යාපනයක් ලැබූ අය බොහෝ පිරිසක් ඉන්න අපරාධ කල්ලියක් තමයි Cosa Nostra කියන්නෙ.ඔවුන්ට ඉතාලියේ බොහෝ ව්‍යාපාර වල අයිතිය තියෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට, දේශපාලකයන්ට වගේම සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව ලබා දීමත් ඔවුන් සිදුකරනවා. ඒ අතරම මුදල් වංචනික ලෙස ප්‍රවාහනය, මැතිවරණ වංචා කිරීම, ණය ලබාදීම, හොරබඩු ප්‍රවාහනය වගේ ආදායම් මාර්ගත් ඔවුන් සතුව තිබෙනවා.

    ඒ වගේම ඔවුන්ට තහනම් වූ අපරාධ කොටසකුත් තිබෙනවා. මංකොල්ලකෑම, සොරකම් කිරීම සහ පුද්ගලයන් පැහැරගෙන කප්පම් ගැනීම සාමාජිකයන්ට තහනම්. මේ වගේ දේවල් සිදුකරන සාමාජිකයන්ට දඩුවම් කරන බව තමයි කියවෙන්නෙ.

    ඒ වගේම Cosa Nostra සාමාජිකයන් ඔවුන්ගේ ගෞරවය වගේම සමාජ පිළිගැනීම ගැන ගොඩක් සැලකිලිමත්.


    බිහිසුණුභාවය​

    Cosa Nostra සංවිධානය තුළ ම ඝාතකයන් සිටිනවා. සංවිධානයට විරුද්ධව ක්‍රියා කරන ඕනෑම කෙනෙක් දරුණු ලෙස මරා දැමීමට ඔවුන් පසුබට වෙන්නේ නැහැ. වෙඩි තැබීම් වල සිට පැහැරගෙන ගොස් වධදී පණ පිටින් ඇසිඩ් තුළ ගිල්වීම වගේ දරුණු ක්‍රම පවා ඔවුන් අනුගමනය කරනවා. මේ නිසා තවමත් FBI සංවිධානය මගින් Cosa Nostra සංවිධානය ලෝකයේ බිහිසුණුම අපරාධ කල්ලි අතරට නම් කරලා තියෙන්නෙ.

    ඉතාලි – ඇමරිකානු මාෆියාව
    ඇමරිකාව ඇතුලේ Cosa Nostra ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන පවුල් 5ක් යටතේ යි. බොනානෝ, කොලොම්බෝ, ගැම්බියානෝ, ජෙනොවෙසි, ගැලියානෝ තමයි මේ පවුල් පහ. මොවුන් ප්‍රධාන වශයෙන් නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගෙන රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇමරිකාවේ අපරාධ කල්ලි පවා ඔවුන්ට ඉතාමත් බියක් දක්වන බව තමයි කියවෙන්නේ.

    ප්‍රතිවිරුද්ධ කල්ලි


    ඉතාලිය ඇතුලේ Cosa Nostra සංවිධානයට ප්‍රබලම විරුද්ධවාදීන් කිහිපයක්ම ඉන්නවා. ප්‍රධානම විරුද්ධවාදීන් විදිහට හදුන්වන්නේ කැමෝරා කල්ලියයි. මේ කල්ලි දෙක අතරේ ඇතිවුන දරුණු සටන් වලින් බොහෝ දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.

    ප්‍රබල සාමාජිකයන්

    Cosa Nostra සංවිධානයේ ක්‍රියාත්මක වුණු ප්‍රබලම සාමාජිකයන් කිහිපදෙනෙක් :

    කොලාග්‍රෝ විසිනි – මොහු සිසිලියන් මාෆියාවේ සිටි හොඳම නායකයා ලෙස සැලකෙනවා

    සැල්වටෝර් රීනා – එදා මෙදාතුර බිහිවූ දරුණුතම මාෆියා නායකයා මොහුයි. ඔහු තනිවම මිනීමැරුම් 40කට අධික සංඛ්‍යාවක් කර තිබෙනවා.

    ජියෝවානි බෘස්කා – සිසිලියානු මාෆියා ඉතිහාසයේ දරුණුතම මිනීමරුවා වූ මොහු මිනීමැරුම් 200කට පමණ වගකිවයුතු බව කියවෙනවා. සංවිධානයට එරෙහිවූ නීතිවේදියෙක් මරා දැමීමට ටොන් බාගයක බෝම්බයක් ඇටවීමත්, ඔහුට විරුද්ධව සාක්ෂිදුන් පුද්ගලයෙකුගේ කුඩා පුත්‍රයා පැහැරගෙන ගොස් මරාදැමීමත් මොහුගේ අපරාධවලට අයිතියි.

    ඉතාලියේ ක්‍රියාත්මක වන වෙනත් අපරාධ කණ්ඩායම්

    කැමෝරා

    මෙම කණ්ඩායම Cosa Nostra හි ප්‍රධාන විරුද්ධවාදී කණ්ඩායමයි. 57000ක පමණ සාමාජික පිරිසක් ඇති මෙම කල්ලිය යුරෝපය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන කොටස්කරුවෙකි. ඇමරිකාව තුළත් මෙම සංවිධානය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතාලියේ කැම්පේනියා ප්‍රදේශය තමයි මොවුන්ගේ මූලස්ථානය වෙන්නේ.

    Ndrangheta – න්ද්‍රන්ගේටා

    සාමාජිකයින් 10000කගෙන් පමණ සැදුම්ලත් මෙම කල්ලිය කොකේන් ජාවාරම සහ කප්පම් සදහා මිනිසුන් පැහැරගැනීම් වලට වැඩි නැඹුරුවක් දක්වනවා. කැලබ්‍රියා ප්‍රදේශය තමයි මොවුන්ගේ මූලස්ථානය වෙන්නේ. මෙම සංවිධානයත් ඉතාලියේ පැවතෙන බිහිසුණු අපරාධ කල්ලියක්.

    සැක්‍රා කොරෝනා යුනිටා

    1970 දශකයේ බිහිවුණු මෙම කණ්ඩායම සාමාජිකයන් 2000 ක් පමණ බලඇණියකින් යුක්තයි. වෙනස තියෙන්නේ මොවුන් ඉතාලියේ ක්‍රියාත්මක වෙන අනිත් සංවිධානාත්මක අපරාධ කල්ලි සියල්ල එක්කම වගේ සහයෝගයෙන් කටයුතු කිරීමයි. නීතිවිරෝධී දුම්වැටි ජාවාරම තමයි මොවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය.

    Sttida

    සිසිලිය තුළ Cosa Nostra සංවිධානයට විරුද්ධව ගොඩනැගුණු සංවිධානයක්. දකුණුදිග හා නැගෙනහිර සිසිලියේ වැඩි වශයෙන් පැතිරිලා තිබෙන මේ කණ්ඩායම මෑත කාලයේ තමයි කරලියට ඇවිත් තියෙන්නේ. බොහෝ විචාරකයන් මේ කල්ලිය ඉතාලියේ පස් වෙනි බලවත්ම කල්ලිය කියා හඳුන්වනවා.

    ඒ වගේම ඉතාලි සම්භවයක් නැති රුසියානු මාෆියාව, චීන ට්‍රයෑඩ් කල්ලිය, නයිජීරියන් මාෆියාව ආදී කල්ලිත් ඉතාලිය තුළ ක්‍රියාත්මකයි.

    මේ අනුව සලකා බලනකොට ඉතාලිය තුළ අපරාධ කල්ලි සාමාජිකයන් හා අපරාධ කල්ලි සමඟ සමීපව වැඩකරන්නන් ලක්ෂ 3ක් පමණ සිටිනවා. නමුත් වෙනස තියෙන්නෙ මේ අපරාධ කල්ලි වලින් අපරාධ වගේම සමාජ සත්කාර, ආර්ථිකය ශක්තිමත් කිරීම, විපතට පත්වූ අයට සහන සැලසීම, පාසල් ගොඩනැගීම වැනි යහපත් වැඩත් කරන එක. බොහෝ ඉතාලි මාෆියා කල්ලි ඔවුන්ගේ සමාජ ගෞරවය, පිළිගැනීම ගැන හිතනවා.

    නමුත් අපරාධ අපරාධමයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන්නා සේම ඔවුන් ජීවිතය කවදා හරි සිරකූඩුවකට හරි උණ්ඩයකට හරි පූජා කරනවා.



    19ec3f46ca09b4b2e91380f7d4ee45fe.jpg



    Gangster party culture

    d7856495e1f548a80f5236729f752bf6.jpg


    Gangster Suits

    cc--01028-men_s-gangster-fancy-dress-costume-close.jpg

    Source - Internet
    Pics - by me
     
    Last edited:

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    Mama napoli inna kota 2013-2014 august wenakm cammora kiyana activities ahata dakka wagema unge haiyath dakka... tawamath run wenawa cammora kiyana eka, german, spain walata godak expand wela tyenawa dan eyalage business... cammora soldier knkta gahapu lankawe kollekta dawas3k eka diagata gahuwa, apita balagena inna withrai une, barima thana u nord walata giya, eheth inna baruwa giya, week ekak wage athulatha kakuldekatama gahala lankawata innama awa, Cammora organizzation eka gana kiyeawena supiri tv series ekak tyenawa gommora kiyala,, hamadeyakma atha,,, tawamath wenawa ea dewal, 23may mehe celebrate kra judge la denekge maranayak 25th years eyala nathi wela, reggio calabria wala une, ehe mafia eke boss knkta wiruddawa penelty ekak dipu ekakata eyala bomb tibba judge la dennage wahana walata, ekata lankawen giya tamil aya sambanda wela tyenawa, bomb eka hadanna, ltte eken berila awa aya... ea aya tawamath athule wenna oana...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    itin oka internet eke nemeda tiyenne? :rolleyes:
    එතික්ස් නොදන්නා එකෙක්ටනම් එක කියල දෙන්න ඕනි එක උගේම නමටම හානියක් නිසා උ "පොස්ට් හොරා" වෙනවා නිසා . එතකොට දවසක තමන්ගේ නිර්මනයකටත් අවශ්‍ය වටිනාකම නොලේබෙන නිසා ...අනුන්ගේ ඒවා තමන්ගේ වගේ පෙන්න ගන්න ලජ්ජා ගතියක් නැ වගේ හිතන මිනිහෙක්ටනම් ඔය එතික්ස් ගැන කියල දීල වැඩක් නැ ... තනිකරම කොපි පේස්ට් කරලා අන්තර්ජාලය ඇසුරෙන් කිව්වම හරි තමයි ඉතින් ..

    තැන්ක්ස් ෆෝ ශේයාරින්ග් කීප් ඉට් අප් බ්‍රෝ :baffled::baffled: