සිහිනය 6

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සිහිනය-6

කාණුව සෝදමින් සිටි
ඉස්පිරිතාලේ කම්කරුවාට
පඩි දෙන්නේ නැතිලු
වෛද්‍යවරු උද්ඝෝෂණයක

දිටිමි ඔවුන් කරනා අරගලය
කම්කරුවන් වෙනුවෙන්
ලෙඩ්ඩුන්ද බේරමින්
කම්කරු පඩිය වෙනුවෙන්

දැනුණි එබැවින් කම්කරුවන්ට
ඔවුන්ද රටේ කොටසක් බැව්
වෛද්‍යවරු මෙන්ම
රටට සේවය කරන

-මාලන් විදානපතිරණ