මේකෙ මෙම්බර් කෙනෙක් දාපු එකක් අහම්බෙන් දැකල මෙතන පේස්ට් කරේ. මේ වගේ විශේෂ විධි තියෙනව නම් ඔයාලත් දන්න ඒව පෝස්ට් කරන්න.
ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..
1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..
2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..
3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..
කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..