සීගිරියෙන් පනීවිද ?

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සීගිරියෙන් පනීවිද ?



    [FONT=&quot]එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්‍රමාද වූ බැවින් එදින රාත්‍රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ.[/FONT]


    [FONT=&quot]එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය.[/FONT]


    [FONT=&quot]දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.[/FONT]


    [FONT=&quot]කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී...... [/FONT]