සීගිරියේ අභිරහස්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    සිගිරිය කියල කියන්නෙ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්....

    මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක ගැන.....අපේ 1st year එකේ තිබ්බ project එකක් සම්බන්ධව දේශනයක් කරන්න ගෙන්නුව සූරිය ගුණසේකර කියල මහත්මයෙක් ...එතුමා සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්...ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා...

    z_p02-Dr.-Asela-Shanaka.jpg


    මෙතන වම් අත පැත්තේ ඉන්නෙ එතුමා තමයි

    ඒ මහත්මයල තරුණ කාලේ....ඒ කියන්නෙ එකදාස් නවසිය හට ගණන්වල සීගිරියට ගිහිල්ල තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට....එහිදී එයාල දවල්ට කන්න ගිහිල්ල තියෙනවා සිගිරිය පේන මානෙ තියෙන පුංචි කටු මැටි ගෙදරකට...ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීය කෙනෙක්.

    කෑම කාල කට්ටිය එලියට ආපු වෙලේ මෙයාල ඔය සීය එක්ක කතාවට වැටිලා...එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ල තියෙන්නෙ සිගිරිය ගැන හොයන්න කියල...ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නෙ...

    'මහත්තයල දන්නවද ....මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ....මට මෙහෙම උනේ මට මහ විසාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා"....

    මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්....

    "මොකද්ද සීයේ උනේ....?"

    මහත්තයලට කියන්න....මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්...ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු....(h.c.p. Bell කියන්නෙ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා...ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්...ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා..)

    ඉතින් ඒ කතාව සීයා එපාර කිව්වලු...

    අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා....ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා.....එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්....මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්....ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ....පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා ...ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා....

    bell01.jpg

    මේ ඉන්නෙ h.c.p.Bell

    බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාව....පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාල සම්පුර්ණයෙන් වහන්න කියල.....අපිට පුදුම හිතුන....ඒත් අපි කිව් විදියට කරා....

    එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ.....සමහරු ලෙඩ උනා...සතා සීපාවා ගහල මැරුණා....ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා....

    මෙහෙම කියපු ඒ සීය අඬන්න ගත්තලු.....

    මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න....

    හැබැයි ඇත්තටම කියනවනම්....සිගිරිය ඉහලට රජ කෙනෙකු අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ...රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි

    මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ ...ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියල....මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියල....මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා....සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්....මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නෙ....



    4249271535_f1d64f5ca0.jpg



    සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි....එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට....මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්....මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්

    ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්...ඒක හදල තියෙන්නෙ එකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට....හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව....ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නෙ....


    plan_of_sigiriya.gif


    61044332.SigiriyaWaterGarden.jpg


    ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා...ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්....මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම...

    images


    shim.gif


    අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නෙ..ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා....මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති...ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා....sigiriya village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ....අද සිගිරිය වැව.....දිය හිඳුනු නිකං නමට වැවක්.....


    1.1274346090.1_sigiriya.jpg


    සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්.... මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නෙ.....ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නෙ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි.....එනම් සංසක්ති බල.....

    විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නෙ මොනවද කියල....ඒ කියන්නෙ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල ) ...

    ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වනවා.හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම...මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්..එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා....


    sigiriya-3.jpg


    sigiriya.jpg


    මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා...

    එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු....
    සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම්....හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්...

    ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි...ස්වයන්පොෂිතයි...

    ඊළඟ පාර සීගිරියට ගියහම ආතල් එක ගන්න ගමන් මේ දේවලුත් පොඩ්ඩක් මතක ඇතිව හොයන්න :):):):)

    සිගිරිය ගැන කතා කරන්න පුළුවන් දේවල් එමටයි....මමත් ඕව ගැන සහ ශ්‍රී රාවණ ගැන හොයන කැහිල්ලක් තියෙන පොරක් තමයි...

    අවසාන වශයෙන් කියන්න ඕන කාශ්‍යප රජ්ජුරුවෝ මියගිය අවාසනාවන්ත විදිය.....

    මුගලන් සීගිරියට සේනාවක් එක්ක ආපු වෙලාවේ කාශ්‍යප රජ්ජුරුවෝ මංගල හස්තියා උඩ නැගිලා...තමන්ගේ සේනාව පෙරමුණේ ගියාලු....මෙහෙම යනකොට සීගිරියේ ජල උද්‍යානයේ තියෙනවා වගුරු ප්‍රදේශයක්...මේක mud mort එකක් හෙවත් ආරක්ෂක උපක්‍රමයක් විදියට මඩ සහිතව හදපු අගලක්....මංගල හස්තියා මේක දැකල...රජුව පිටේ තියාගෙන මඩ වගුරු වල යන එක ඒ අහිංසක සතා හිතල තියෙන්නෙ රජුට කරන අගෞරවයක් විදියට ...ඒ නිසා ඌ මඩ නැති පාරකින් එන්න ඉක්මනට ආපහු හැරිලා එන්න ගත්තලු....මේක දැකපු කාශ්‍යප සේනාව හිතල තියෙන්නෙ මුගලන්ව දැකල රජ්ජුරුවෝ බයේ හැරිලා එනවා කියල උන් රජුව දාල දුවල....මේ නිසා සතුරු සේනාව ඉක්මනින් කාශ්‍යප රජුව වට කරල....හතුරන්ට අහු වෙනවට වඩා හොඳයි කියල එතුමා තමන්ගේ කඩුවෙන්ම ජීවිතය අවසන් කරගත්තලු......ලංකා ඉතිහාසයේ මතු නොව ලෝක ඉතිහාසයේම විසූ විශිෂ්ටයකුගේ අවසානය එහෙමලු වුණේ.....


    3028759473_a4e85bb5d7.jpg


    :):):) හොඳනම් කියන්න :):):)

    සීගිරිය කියන්නේ විශ්මිත නිර්මාණයක් ඒකේ කතා දෙකක් නෑ හොඳ ලිපියක්
    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා concrete දාන්න අණ කරපු H.C.P Bell ව අන්ධ වෙන්නේ නැතුව අණ පිලිපැදපු සීයව අන්ධ උනේ ඇයි ???
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    නියම කතාවක් මචෝ..සීයාගෙ කතාව ඇත්ත වෙන්නත් පුලුවන්
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම අහලා තියෙනවා සිගිරිය තියෙන්නේ ලෝකේ හරියටම මැද කියල..

    thurkiya thama loke madha thiyena rata dan pawichchi karana world map eka anuwa :)
    habai loke wena angle ekakin balala sigiriya loke madhata gannath puluwan :)
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    good post

    patta pata pata.

    සීගිරිය කියන්නේ විශ්මිත නිර්මාණයක් ඒකේ කතා දෙකක් නෑ හොඳ ලිපියක්
    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා concrete දාන්න අණ කරපු H.C.P Bell ව අන්ධ වෙන්නේ නැතුව අණ පිලිපැදපු සීයව අන්ධ උනේ ඇයි ???

    අපි දන්නේ කතාවෙ බොහොම පොඩ්ඩයි නේ මචන් :yes:

    ela machan...

    Bump brow!!!!
    😊😊😊

    නියම කතාවක් මචෝ..සීයාගෙ කතාව ඇත්ත වෙන්නත් පුලුවන්

    bump

    +

    rep++++

    fatta machn supiri 5+

    පරණ උනත් සුපිරි ත්‍රෙඩ් එකක්!!
    ++

    Iye peredha sigiriye giya aya nam seethale yanna athi :P

    thurkiya thama loke madha thiyena rata dan pawichchi karana world map eka anuwa :)
    habai loke wena angle ekakin balala sigiriya loke madhata gannath puluwan :)

    රෙප් කමෙන්ට් වලට බොහොම ස්තුති :)
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    මමත් ඕව ගැන සහ ශ්‍රී රාවණ ගැන හොයන කැහිල්ලක් තියෙන පොරක් තමයි...:yes::yes::yes:
    රෙප් ඇඩඩ් බ්‍රෝ 3+++
     
    • Like
    Reactions: kaushala1988

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වටිනවා මචන් . අවුරුදු 10කට විතර කලින් තමා අන්තිමට ගියේ සීගිරියේ . දැන් ළඟදීම යන්න හිතන් හිටියේ ,මේක කියෙව්වම එකේ ආසාව තවත් වැඩි වුන .

    රේප් 16++++
     
    • Like
    Reactions: kaushala1988