මේ thread එක මරු. වෙෙරයයි, අාදරයයි අතර තියෙන්නෙ කෙස් ගසක වෙනසක් කියනවානෙ. සමහරු දැනෙන අාදරේ යටපත් කරගන්න ප්රසිද්ධියේ වෙෙර කරනවා. තව සමහරු වෙෙරය සන්සිඳුවා ගන්න අාදරේ කරනවා. සේරම එකිනෙකට conflict වෙන මිනිස් හැඟීම්.
අර හිරු TV tag line එක වගේ සියල්ලන්ම ඉහළින්, සියල්ලම දකිමින් මාත් ඉතින් කූඹි Farm එකක් දිහා වගේ උපේක්ෂාවෙන් මේවා දිහා බලාගෙන ඉන්නවා. එක IQ level එකක් ඉක්මවා ගියාට පස්සෙ අැත්තටම මතුපිට කියවෙන දේවල්වලින් එහාට සෑහෙන දේවල් දකින්න පුළුවන්. මාත් ඕක කාලයක් පාවිච්චි කරේ technology පැත්තට විතරයි. හැබැයි මිනිස්සු study කරන්නත් එ්ක මරු.
මම හිතන්නෙ බුදු දහමෙ මනස දියුණු කරනවා, විවිධ ඥාණ පහළ වෙනවා කියල කියන්නෙත් එක අතකට බුද්ධිය වර්ධනයක් වෙන්න ඇති. අැත්තටම අනාගතය දකිනවා කියන්නෙත් අපි හිතන විදිහෙ මැජික් එකක් වෙනුවට වර්තමානය ගැන සෑහෙන පුළුල්ව බලලා, සුදුසු දේ තෝරලා කරන අපෝහනයක් කියල වෙන්න පුළුවන්.
හැබැයි එ්කට බුද්ධිය දියුණු කරගන්න ඕන. Simulation එකක් run කරන්න super computer ම ඕන නෑ. හොඳ මොළයක් ප්රමාණවත්. එකම දේ එ්ක තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න අමාරුයි.