කලින් ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා සීතල යුද්ධයේ තවත් කතාව අරන් ආවා ඔන්න.මේක නම් කලින් එක වගේ දිග හෑල්ලක් නෙමෙයි.
U-2 ඔත්තු බලන ප්ලේන් එක ගැන කතා කරද්දී මේ සුපර් සොනික් ඔත්තුකරුවා ගැනත් කිව්වා.ඒ තමයි SR-71 බ්ලැක් බර්ඩ් යානය.සුපර් සොනික් කිව්වේ බ්ලැක් බර්ඩ් යානයට යන්න පුලුවන් උපරිම වේගය ශබ්දයේ වේගය වගේ තුන් ගුණයත් පහු කරලා යන හින්දා.කාලයක් යනකම් මේ යානයට ලං වෙන්න පුලුවන් ජෙට් යානයක් හදන්න සෝවියට් දේශයත් බැරි වුනා.
ඔන්න ඉන්නවා සෙට් එකම එකම තැන.දකුණු කෙලවරේ ඉන්නේ පවුලේ පොඩිම සහෝදරයා වෙච්ච D-21 කියන සුපර් සොනික් ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානය.
SR-71 බ්ලැක් බර්ඩ් යානයේ පුරෝගාමියා වෙන්නේ සීඅයිඒ ඔත්තු සේවය වෙනුවෙන් හදපු A-12 කියන යානය.A-12 කියන ප්ලේන් එක හදනවා කියන්නේ 1962 අවුරුද්දේ.මිසයිල ප්‍රහාරයකින් U-2 ඩ්‍රැගන් ලේඩි ඔත්තු බලන යානයක් සෝවියට් අහසේදී විනාශ වෙන්නේ 1960 අවුරුද්දේදී.ඩ්‍රැගන් ලේඩි යානයේ වේගය යන්තම් ශබ්දයේ වේගය ඉක්මවා ගියා.ඒත් ඒ යානයේ උපරිම වේගයේදී.හැබැයි අඩි 70,000 විතර උසින් පියාසර කලේ.
ඔය වම් පැත්තේ තියෙන්නේ මේ පවුලේ තවත් යානයක්.නම YF-12 .සතුරු යානා හඹා ගිහින් පහරදෙන්න හදපු මිග්-31 වගේ ඉන්ටර්සෙප්ටර් වර්ගයේ සුපර්සොනික් යානයක්
ඒ තරම් උසකට ගහන්න පුලුවන් මිසයිල සෝවියට් හමුදාවට තියෙනවා කියලා දැන ගත්තට පස්සේ ඇමෙරිකාව වෙනුවට බ්ලැක් බර්ඩ් යානය කරළියට ගේනවා.බ්ලැක් බර්ඩ් යානයට කලින් එළිබහින්නේ සීඅයිඒ එක වෙනුවෙන්ම හදපු A-12 යානය.මේ යානා දෙක බැලූ බැල්මෙන් සමානයි.ඒත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
1962දී නේ යානය ඔත්තු බලන්න යවන්නේ.1968 දී තමයි යානය විශ්‍රාම යවන්නේ.මේ ව්‍යාපෘතිය නිල වශයෙන් හෙළිකරන්නේ 1990 දශකයේදී..ඒක හදන එක භාර වෙන්නේ ලොක්හීඩ් මාර්ටීන් සමාගම යටතේ තියෙන ස්කෘන්ක් වර්ක්ස් කියන සමාගමකට.මේ ප්ලේන් ඩිසයින් එක හදන්නේ කෙලී ජොන්සන් කියන ඉංජිනේරුවා.U-2 යානයේ ඩිසයින් එකත් හදන්නේ මෙයාම තමයි.
මේ ඩිසයින් එක සීඅයිඒ එක අනුමත කරන්නේ 1959 අවුරුද්දේදී.ඒ ඩ්‍රැගන් ලේඩි යානය වෙනුවට ඔත්තු බැලීමේ යානයක් විදියට.මේ තීරණය ගන්නේ U-2 යානයක් මුලින්ම බිම දාන්න කලින්.ඒ වෙද්දී සෝවියට් දේශය SA-75 ඩිවිනා කියන සෑම් සිස්ටම් එක පාවිච්චි කරන්න පටන් අරන් තිබ්බේ.ඇමෙරිකාව මේ අලුත් සෑම් මිසයිල පද්ධතියේ හැකියාව හරියට දැන ගන්නේ 1960 අවුරුද්දේදී.
මේ තියෙන්නේ සෝවියට් S-75 සෑම් සිස්ටම් එකක්.මේවායින් තමයි 70 ගණන්වලදී උ.වියට්නාම හමුදාව ඇමෙරිකන් B-52 යානා බිම දැම්මෙත්
ඉතින් මේ අලුත් මිසයිල පද්ධතියට අභියෝගයක් කරන්න පුලුවන් ඔත්තු බලන යානයක් හදන්න පටන් ගන්නවා ඇමෙරිකාව.ඒ ප්‍රොජෙක්ට් එකට "ඔක්ස්කාර්ට්" කියන නම දෙනවා.
සෝවියට් එයාර් ඩිෆෙන්ස් නෙට්වර්ක්ස්වලට ඔච්චම් කල ජර්මනියේ මතායිස් රස්ට් සෙස්නා ගුවන් යානයක් මොස්කව් රතු චතුරස්රයට බස්සවා විවේකයෙන් සිටින හැටි
සෝවියට් එයාර් ඩිෆෙන්ස් සිස්ටම්ස් කාලයත් එක්ක සෑහෙන්න දියුණු වුනා.ඇමෙරිකාවේ ඔත්තු බැලීම්වලට වදයක් වුනා මේක.සෝවියට් දේශයේ අධි ආරක්ෂිතම කලාපයක් වුනේ මොස්කව් නගරය.මේ නගරයේ ආරක්ෂාවට ගුවන් යානා නාශක අවි.මිසයිල බර ගානක් ස්ථානගත කරලා තිබ්බා.ඇමෙරිකාවේ සීඅයිඒ ඔත්තු සේවය,මේවා ගැන දැනගන්න පුදුම කෑදරකමක් තිබ්බේ.ඉතින් සීඅයිඒ එකෙන් හදනවා අමුතු ඔත්තු බැලීමේ උපාංගයක්.ඔය තියෙන්නේ ඒ ඩිවයිස් එක.
පිටත පෙනුම
බැලූ බැල්මට කපලා දාපු කොටයක් වගේ නේද.මේක හංගලා තිබිලා තියෙන්නේ මොස්කව් ආසන්නයේ ගස් කොළන් බහුල පැත්තක.ඒ කිට්ටුවම තිබිලා තියෙන්නේ ගුවන් හමුදා කඳවුරක්.මේ කඳවුරුවල තමයි සෝවියට් දේශයේ හොඳම සෑම් මිසයිල් සිස්ටම් රදවලා තියෙන්නේ.මිසයිල පද්ධතියක වැදගත්ම දේ තමයි රේඩාර්.රේඩාර් සිස්ටම් එකක් නැතුව සතුරු යානයක් මිසයිලයක් ට්‍රැක් කරන්න බෑනේ.කොටය අස්සේ හංගලා තිබ්බ ඔත්තු බැලීමේ උපාංගයට පැවරිලා තිබ්බේ මේ රේඩාර් සහ මිසයිල කොන්ට්‍රෝල් සිස්ටම්වල සංඥා ග්‍රහණය කරගෙන චන්ද්‍රිකාවලට යවන එක.
මේ ඩිවයිස් එක රේඩියෝ ස්ටේශන් එකකින් සහ සූර්ය කෝෂවලින් සමන්විත වුනාලු.මේ ඩිවයිස් එකට ඉහලින් ඇමෙරිකන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ගමන් කරද්දී හරි,ඒ ලග පාරකින් ඇමෙරිකන් එම්බසියේකාර් එකක් යද්දී,එකතු කරගත්තු තොරතුරු ඒවාට සම්ප්‍රේෂණය කරනවා.
පිට ආවරණය ගැලෙව්වට පස්සේ
ලේසියකට හොයන්න බැරි මේ ඩිවයිස් එක කේජීබී එකෙන් හොයා ගත්තේ කොහොමද කියලා දැන් කට්ටිය හිතනවා ඇති නේ.මේක ගැන අනාවරණය කරලා තියෙන්නේ සී අයි ඒ එක වෙනුවෙන් ඔත්තු බලපු ඩයල් එකක්ම තමයි.මේ සිදුවීම 1970 දශකයේ අග භාගයේදී වෙච්ච එකක්.අපේ කතාවට මේකේ සම්බන්ධයක් නම් නෑ.
එහෙනම් ආයෙත් අපේ කතාවට යමු.
A-12 යානය වෙනුවෙන් අලුත් තාක්ෂණයන් රැසක් නිර්මාණය කරනවා.ඒවායි සමහරක් අදත් පාවිච්චි කරනවා.මේ ප්‍රොජෙක්ට් එකේදී ඉංජිනේරුවන්ට මූණ දෙන්න වුන ලොකුම ප්රශ්නය ටයිටේනියම් ලෝහය එක්ක වැඩ කරන එක.
ඒ වෙද්දී ඇමෙරිකාව සතුව තිබ්බේ ටයිටේනියම් ලෝහ සංචිත සීමා සහිත ප්‍රමාණයක්.අනික ඔවුන් හදන්න බලාපොරොත්තු වුනේ යානා එකක් නෙමෙයි.ඒ හින්දා වෙන රටකින් ටයිටේනියම් ගෙන්න ගන්න සිද්ධ වුනා.හිතන්න පුලුවන් ද ඒ රට මොකක්ද කියලා.සී අයි ඒ ඔත්තු සේවය මේ වැඩේට තෝර ගත්තේ තමන්ගේ සතුරා වුන සෝවියට් දේශයයි.මේ වගේ රහස් ව්‍යාපෘතියකට ටයිටේනියම් බර ගානක් මිලදී ගන්න කොට ඒක ලේසියෙන්ම කේජීබී ඔත්තු සේවයට මාට්ටු වෙනවා කියලා අමුතුවෙන්න කියන්න ඕනේ නෑනේ.ඇමෙරිකන්කාරයෝ ඒකට ක්‍රමයක් හොයා ගත්තා.සීඅයිඒ එක තුන්වන පාර්ශ්වය සහ බොරු සමාගම් හරහා තමයි සෝවියට් දේශයෙන් ටයිටේනියම් ගෙන්න ගත්තේ.තමන්ගේ රටේ ඔත්තු බලන්න හදන ගුවන් යානයක් හදන්න තමන්ගේම රටේ ටයිටේනියම් මොන තරම් ප්‍රයෝජනවත් වුනාද කියලා රුසියාව පවා දැන ගන්නේ පස්සේ කාලෙදී.
A-12 යානය හදන්න කලින් ටයිටේනියම් පාවිච්චි කරන්නේ ජෙට් යානාවල පිටාර වාතය එලියට යන තැන්වලට,ඉහළ උෂ්ණත්වය තියෙන කොටස්වලට විතරයි.ඒත් A-12 යානය මුලිකවම හදන්නේ ටයිටේනියම්වලින්.මේ යානය ගමන් කරන වේගයත් එක්ක උපදින තාපයෙන් ඇලුමිනියම් පවා උණු කරනවා.ඝර්ෂණය නිසා යානයේ කොටස්වල ඇති වෙන උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුලුවන් ටයිටේනියම් වගේ ලෝහයකට විතරයි.
U-2 යානයෙන් A-12 යානයට එද්දී ඇමෙරිකන්කාරයෝ කරපු තව දෙයක් තමයි,රේඩාර් තරංග පරාවර්තනය අවම කරන විදියට යානය සැලසුම් කිරීම.රේඩාර් පද්ධතියකින් නිකුත් කර සංඥා යානයේ වැදිලා ආපහු රේඩාර් මධ්‍යස්ථානයට ගියොත් තමයි යානය තිරයේ දිස් වෙන්නේ.හැබැයි අපිට පුලුවන් වුනොත් ඒ තරංග පරාවර්තනය වෙන දිශා වෙන කරන්න? එතකොට රේඩාර් මධ්‍යස්ථානයෙන් එවන සංඥාවලින් වැඩි හරියක් ආපහු මධ්‍යස්ථානයට යන්නේ නෑ.ඒකෙන් වෙන්නේ තිරය මත දිස්වෙන යානයේ ප්‍රමාණය අඩු වෙනවා.A-12 ඩිසයින් එකෙත් මේ ලක්ෂණ තියෙනවා.
මේ ස්ටෙල්ත් ගතිය ගන්න තව ක්‍රමයක් තියෙනවා.ඒ රේඩාර් තරංග උරාගන්න එක.A-12 යානයේ ඒ වැඩේ කරන්නේ කොම්පොසිට් අමුද්‍රව්‍යවලින්.රේඩාර් තරංග උරාගත්තම රේඩාර් මධ්‍යස්ථානයට ආපසු යන තරංග ගාණ අඩු වෙනවා.
විශ්‍රාම යවපු A-12 යානයක්
නිල වාර්තාවල හැටියට A-12 යානයට උපරිමව අඩි 90,000ක් උඩින් පියාසර කරන්න පුලුවන්.SR-71 යානයේ මේ උස අඩි 85,000ක්ලු.ඒ කියන්නේ ආසන්න වශයෙන් කි.මී. 26-27 ඉහළින් යන්න පුලුවන් සීඅයිඒ එකේ A-12 යානයකට.
ඔව් A-12 යානය හැදුවේ සීඅයිඒ ඔත්තු සේවය වෙනුවෙන්.ඒකේ ගියේ එක නියමුවෙක් විතරයි.ඒ නියමුවෝ හැමෝම සීඅයිඒ එකේ නියමුවෝ.
දකුණේ A-12 යානය ,වමේ SR-71 යානය
A-12 යානයේ පුත්‍රයා වෙච්ච SR-71 යානය හැදුවේ ඇමෙරිකන් ගුවන් හමුදාව වෙනුවෙන්.ඒකේ නියමුවෝ දෙන්නෙක් ගියා.හැබැයි මේ යානයේ ගෙනියන්න පුලුවන් ආම්පන්න වල බර A-12 යානයට වඩා ටිකක් වැඩියි.යන්න පුලුවන් දුරත් වැඩියි.
කලින් S-75 කියන සෑම් සිස්ටම් එක ගැන කතා කලා මතක ඇතිනේ.60 දශකය වෙද්දී S-75 මිසයිල පද්ධතියට ලගා වෙන්න පුලුවන් උපරිම උස අඩි 82,000ක්.ඒ කියන්නේ කි.මී. 25ක් වගේ.මීටත් ඉහලින් සීඅයිඒ එකේ A-12 යානයට යන්න පුලුවන් කියලා කියන්නේ.හැබැයි 60 දශකයේදී S-75 මිසයිල සිස්ටම්ස් සෝවියට් දේශය පුරාම රදවලා තිබ්බේ නෑ. එහෙම කියලා ඇමෙරිකන්කාරයෝ අවදානමක් අරන් සෝවියට් දේශය මැදින් පියාසර කරන්න ගියේ නෑ,හරියට අවුරුදු ගානක් u-2 යානය කලා වගේ.
සෝවියට් දේශයෙන් ගත්තු ටයිටේනියවල පිහිටෙන් ඇමෙරිකාව A-12 යානා 15කුත්,SR-71 යානා 32කුත් හදනවා.මේ යානා දෙක යොදාගෙන 1998 වෙනකම් සෝවියට් දේශයෙයි,රුසියාවෙයි ඔත්තු බලනවා.හැබැයි කවදාවත් රට හරහා යන්නේ නෑ.බෝඩරේ වටේ කරක් ගහන එක තමයි කරන්නේ.1968 දී A-12 යානය විශ්‍රාම යවනවා. 80 දශකයේ අග වෙනකම් SR-71 යානය පාවිච්චි කරනවා.ආයෙත් 90 දශකයේදී ඒක ඇක්ටිවේට් කරනවා.SR-71 යානය අවසන් වතාවට විශ්‍රාම යවන්නේ 1998 අවුරුද්දේදී.
1988 අවුරුද්දේ බ්ලැක් බර්ඩ් යානයක් එංගලන්තයට ඉහල අහසේ
ඒ වෙනකම් කිසිම රටකට SR-71 යානයක් බිම දාන්න හම්බ වෙලා නෑ.හැබැයි SR-71 යානයට අභියෝගයක් දෙන්න පුලුවන් සටන්කරුවෙක් එලියට එනවා 1980 දශකයේදී.අන්න ඒ සටන්කරුවා නිසා තමයි SR-71 යානය 80 දශකයේ අගදී විශ්‍රාම යවන්නේ.ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාරයක් තිබ්බොත් ඒ ගැනත් කියන්නම් පස්සේ.

මේ පවුලේ යානාවල වෙනස පහසුවෙන් හඳුනගන්න පුලුවන් නහයේ හැඩයෙන්