සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) පස්වරුවේ ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
බ්‍රැන්ඩික්ස් (Brandix) ආයතනය ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත වේ. එක්වර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානය සතුය. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කිරීම ද විශේෂත්වයකි. රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවෝ පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කළහ.
ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතය. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.
copied