සීනි සියාගේ මාරි සියා...

2016 රවී විසින් සීනි බද්ද සත 25 කොට සතියෙන් දෙකෙන් හකුළා ගන්නා විට අනුර උසාවි ගියේ නැත.
2014 වනතෙක් ලාබ ලැබූ රජ්‍ය අධිකාරිය වූ සතොස යහපාලනය තුලම පාඩු ලබද්දී අනුර ජොන්ස්ටන් වෙනුවෙන් උසාවි ගියා විනා බදුර්දීන් වෙනුවෙන් කටක් ඇරියේ නැත. ( non-confidence 2019 හැර )
යහපාලනය තුලම මිලියන ගණනින් පාඩු ලැබූ ලංකා සීනි සංස්ථාව 2020 මිලියන 1400ක් ලාබ ලබද්දී අනුර කටක් හෙල්ලුවේ නැත.
2020 සැප්තැම්බර් රටතුල සීනිමිල පාලනයට රජය බදු සහන දෙද්දී,මහ බැංකු හොරකමටත් වඩා හොරකමක් වෙලා යනුවෙන් පමණක් අනුර සමාජගත කළේය. නමුත් එදාම කී අනෙක් බොරුව (සැමන් ) ආපහු මැතිරුවේ නැත.
කුමද්ද මේ බදු සහනය..
රජය අතවශ්‍ය භාණ්ඩ රාශියක මිල පාලනය සදහා 2020 ඔක්තොම්බර් 13 විශේෂ බදු සහනයක් ලබා දුනි.
ඒ මගින් සීනි, පරිප්පු, සැමන්, ළුණු ඇතුළු අතවශ්‍ය භාණ්ඩ කිහිපයක් සදහා සහන හිමි උනි.
බදු සහනය ඉවරද දැන්..
නැත. රජය එම සහනය තව මාස 3ක් සදහා දීර්ග කර ඇත.එමගින් කිසිවෙක් තොග ගබඩා කර වැඩි මිලට විකිණීම සිතුවානම් එය පාලනය වී ඇත.
කීයද සීනි එතකොට දැන්..
2021/03/12 මහබැංකු daily report එකට අනුව අද සිල්ලර මිල රු 110ක් හා තොග 104ක් වේ.සතොස තුල 99ක් හා රු 115ට අඩුවෙන් රටතුල මිල පාලනය වී ඇත.
කීයක් වෙනවද එතකොට සීනි 1 kg ක් රටට එද්දී...
රැ 72 සිට රු 90 දක්වා (CIF) මිලදී ගැනීම, නැව් ගාස්තු හා අනෙකුත් වියදම් සහිතව මිලක් 1kg සදහා මිල වැඩි වී ඇත.බදු සහන නොතිබුණි නම් අදවන විට රු 150 -175 kaට වඩා මිලකට සීනි මිල ඉහත යා හැකිව තිබුණි.
එතකොට මොකද්ද මේ බිලියන 15.9...
රටේ මතයක් ගොඩනැගීමත් සමග අනුර යාපා මැතිතුමා විසින් මේ පිළිබද විමසීමක් මහබැංකුවෙන් සිදු කර ඇත.ඒ අනුව මාස 4ක් තුල රටට පැමිණි කිලෝ මිලියන 300ක් සදහා රු 49.75ක් බැගින් මෙම ඇස්තුමේන්තුව පැමිණ ඇත.
මෙම රජය අනෙකුත් වැට්, සෙස් ඇතුළු බදු සහන ලබා දීමෙන් බිලියන 1000 ක් පමණ රාජ්‍ය ආධායම් නැති කරගත්හ.
ගජ මිතුරෝද සීනි ගෙනත් තියෙන්නේ..
සීනි ආනයනය කරන සමාගම් 6ක් රටතුල ඇත. මේ කාලය තුල 39%ක් ප්‍රමාණයක් ආනයනය කල විල්මා සමාගම පමණක් අනුරගේ ඇසට ගොනු වී ඇත. එම සමාගම මගින් රටේ ප්‍රමුකතම සුපර මාකට් ජාල සදහා සීනි අලෙවි කරයි.එම ආයතන වල දැනටත් මිල ගණන් සසදා බැලිය හැක.
එලෙසම දැනටත් සීනි ආනයනය කල හැක. ඒ මගින් කිසිවෙකු විල්මා සමාගම අභිබවා යා යුතුනම් තවම අවස්ථාව ඇත.
කව්රු ආවත් එකයි වගේද..
ප්‍රශ්න හා තොරතුරු සමාජගත කිරීමේදී විශාල ප්‍රස්නයක් ඇත.මෙම ලියුම්කරුද මේ තාක් එම මතයේම සිටියහ.
දැන් මොකද්ද කරන්න ඕනේ..
️ ජාතික ආහාර ප්‍රතිපත්තියක් වෙනුවෙන් රටතුල සියලු ආහාර ප්‍රමාණයන් පිළිබද දත්ත පාරිබෝගික අධිකාරිය යටතට මධ්‍ය ගත විය යුතුය.
සහල්, සීනි, ළුණු ඇතුළු ප්‍රමුඛ මාතෘකා සදහා රජයට කඩිනම් පියවර ගත හැකි වේ. ලෝකෙටම app හදන ශ්‍රී ලාංකික IT තාක්ෂණය ( micro වැනි ) අපට යොදාගත හැකි වේ. එලෙසම මාස කිහිපයකින් තාක්ෂණයෙන් පරිපුර්ණ කරන සතොස මෙන්ම අනෙකුත් super market ජාලය ඒ සදහා උදව් වනු ඇත.
️ සමුපකාර ජාලය සතොස යටතටම ගෙන වඩා ක්‍රමවත් යාන්ත්‍රණයක් ගම තෙක් ගොඩ නැගීම.
️ මෙවැනි අධික සංවේදී මිලදීගැනීම් රාජ්‍ය යන්ත්‍රය යටතට ගත යුතුය. එමගින් විනිවිද හා ක්‍රමවත් වාර්ෂික මිලදී ගැනීමේ ක්‍රමයක් සකසා ගත හැක.
️ලෝක ඒක පුත්ගල සීනි පරිබෝජනය 22 kg ක් පමණ වන විට ලංකාවේ එය 33kg වේ.මෙම අධික පරිබෝජනය හා අතුරු නිෂ්පාදන වෙනුවෙන් වැඩපිළිවලක් හදුනා ගත යුතුය.සීනි පාරිබෝජනය පාලනය කල යුතුය.
️ අනුර කුමාරට රජයේ ප්‍රතිපත්ති /සාකච්චා වල පිටපත් එදිනෙදා ලබා දිය යුතුය.
වැට් බදු 15% සිට 8% දක්වා අඩුකිරීම නිසා රජයට උන පාඩුව ගැන කියල තව කෝටි 50 ඉල්ලලා නඩු දායී..